Skip to content

පටුනට යන්න

වෙනස් කළ යුත්තේ කුමක්ද?

වෙනස් කළ යුත්තේ කුමක්ද?

වෙනස් කළ යුත්තේ කුමක්ද?

“අපේ ප්‍රශ්න විසඳන්න ආණ්ඩුවට බැහැ. ප්‍රශ්නය ආණ්ඩුවයි.” —ඇමරිකාවේ 40වන ජනාධිපති ලෙස රොනල්ඩ් රේගන් දිවුරුම් දුන් අවස්ථාවේදී පවසන ලද්දක්.

රොනල්ඩ් රේගන් එසේ පවසා දශක තුනකටත් වඩා වැඩි කාලයක් ගත වී තිබේ. එවකට ඇමරිකාව මැදි වී සිටියේ විශාල ආර්ථික අර්බුදයකටය. ඔහු ඇමරිකාවේ තත්වය එදා විස්තර කළේ මෙලෙසයි. “අප මුහුණ දෙන්නේ ඉතිහාසයේ කිසිදාක අත් නොදුටු උද්ධමනකාරී තත්වයකටයි. එවැනි තත්වයක් මින් පෙර මෙතරම් දීර්ඝ කාලයක් පැවත නැහැ. අප පුදුමාකාර ලෙස ණය බරින් මිරිකී සිටිනවා. වර්තමානයේ යම් සහනයක් අද්දැක්කත් අප එය ලබාගෙන තිබෙන්නේ අපෙත් අපේ දරුවන්ගෙත් අනාගතය උගසට තියායි. මේ තත්වය වෙනස් නොවුණොත් රටේ ආර්ථිකයත් දේශපාලනයත් සංස්කෘතියත් පරිහානියට ලක් වෙයි.”

ඔහු සඳහන් කළ දෙය නිෂේධාත්මකයි කියා සිතුණද ඔහු තුළ ශුභවාදී ආකල්පයක් තිබුණු බව මේ වචනවලින් පැහැදිලියි. “දශක කිහිපයක් පුරා අප ආර්ථික බිඳ වැටීමට ලක් වී තිබෙනවා. නමුත් මේ තත්වය දවසින් දෙකෙන් විසඳුණේ නැතත් කවදා හෝ දවසක විසඳෙයි.”

වර්තමාන තත්වය ගැන කුමක් කිව හැකිද? එක්සත් ජනපදයේ නිවාස හා නාගරික සංවර්ධන දෙපාර්තුමේන්තුව විසින් 2009දී නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ මෙයයි. “බොහෝ අයට විදුලි බලය, වාරිමාර්ග වැනි යටිතල පහසුකම්, නිවාස හා හොඳ සෞඛ්‍ය සේවාවන් නැහැ. එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘතියකට (UN-HABITAT) අනුව ඔවුන් අනුමාන කරන්නේ ඉදිරි දශක තුනේදී පුද්ගලයන් තුන්දෙනෙකුගෙන් එක් අයෙක් සනීපාරක්ෂක හා පිරිසිදු ජලය නොමැතිකමින්, කාලගුණික ව්‍යසනවලින් හා වසංගත රෝගවලින් පීඩා විඳිය හැකි බවයි.”

සියල්ලන්ගේ අවධානයට ලක් වන දේ

ඔබ ලෝකයේ කොතැනක ජීවත් වුණද පහත සඳහන් ප්‍රශ්න ගැන සිතා බලන්න.

● මීට දශකයකට පමණ පෙර සිටියාට වඩා දැන් ඔබේ ආර්ථිකය ස්ථාවරද?

● ඔබටත් ඔබේ පවුලේ අයටත් හොඳම සෞඛ්‍ය පහසුකම් තිබෙනවාද?

● ඔබේ අවට පරිසරය පෙරට වඩා දැන් පිරිසිදුද?

● ඉදිරි වසර 10ක්, 20ක් හෝ 30ක් ඇතුළත සෑම ක්ෂේත්‍රයකම දියුණුවක් ඇති වෙයිද?

සහයෝගිතාව

බොහෝ රටවල ආණ්ඩුව හා මහජනයා අතර සහයෝගිතාවක් පවත්වාගැනීමට නීති හා වගකීම් පිළිබඳව ව්‍යවස්ථාවක් ඇත. උදාහරණයකට ආණ්ඩුව මහජනයාගෙන් බලාපොරොත්තු වන්නේ රටේ නීතියට ගරු කිරීම, බදු ගෙවීම හා පරිසරය සුරැකීම වැනි කාරණායි. අනික් අතට ආණ්ඩුවේ වගකීම වන්නේ මහජනයාට ප්‍රමාණවත් සෞඛ්‍ය සේවාවක් ලබා දීම, සැමට එක හා සමානව සැලකීම හා ආර්ථිකය ස්ථාවරයකට ගෙන ඒමයි.

මෙම කරුණු තුන සම්බන්ධයෙන් ආණ්ඩු ක්‍රියා කර තිබෙන්නේ කෙසේද? ඊළඟ පිටු තුනෙන් යම් විමසුමක් කර බලමු.

ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම්

මිනිසුන් බලාපොරොත්තු වන දේ: සැමට ලබාගත හැකි සාර්ථක ප්‍රතිකාර ක්‍රම.

යථාර්ථය:

● “පිරිසිදු ජලය, සනීපාරක්ෂක ක්‍රම නොමැතිකම නිසා ඇති වන රෝගවලින් සෑම දිනකම දරුවන් 6,000ක් මිය යනවා. සෑම තත්පර 20ක් ඇතුළත පාචනය නිසා දරුවෙක් මිය යනවා.”—World Bank.

● වර්ෂ 2008දී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මගින් කළ සමීක්ෂණයකින් හෙළි වූයේ මෙයයි. “දුප්පත් හා පොහොසත් රටවල සෞඛ්‍ය සේවාවල තත්වය අහසට පොළොව මෙනි. වෛද්‍ය පහසුකම් සියල්ලන්ට එක හා සමානව නොලැබෙන අතර නිසි ප්‍රතිකාර ක්‍රම සැමට ලබාගැනීමේ හැකියාවක්ද නැත.”

වසර දෙකකට පසු ඔවුන් සොයාගත් තොරතුරක් මෙසේ වාර්තා කරයි. “සෞඛ්‍ය සේවාවන් සැපයීම සඳහා ආණ්ඩු ලොකු සටනක යෙදෙනවා. ජනයා ක්‍රමයෙන් වියපත් වන විට ඔවුන් අද්දකින නිදන්ගත රෝගවලට නවීන ප්‍රතිකාර ක්‍රම මිල දී ගැනීමට සිදු වීම ඊට එක් හේතුවක්.”

● කලින් සාර්ථක වූ ප්‍රතිකාරවලින් දැන් නිසි ප්‍රතිඵල නොලැබේ. මිනිසුන් දහස් ගණනකගේ ජීවිත බිලිගත් ලාදුරු හා ක්ෂය රෝගය වැනි රෝග මැඩපැවැත්වීමට 1940 ගණන්වලදී ප්‍රතිජීවක ඖෂධ සොයාගනු ලැබීය. නමුත් 2011දී WHO වාර්තාවක මෙසේ සඳහන් වේ. “ප්‍රතිජීවක ඖෂධවලට ඔරොත්තු නොදෙන වයිරස් වර්ග දැන් මතු වී තිබේ. ඒවා මර්දනය කිරීමට තරම් ප්‍රබල ඖෂධ තවමත් සොයාගෙන නැත.”

ඉටු විය යුතු දේ: කිසිම කෙනෙක් “‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැත” කියා බයිබලයේ සඳහන් වන අනාවැකියේ ඉටු වීම.—යෙසායා 33:24.

සැමට එක හා සමානව සැලකීම

මිනිසුන් බලාපොරොත්තු වන දේ: සුළු ජාතීන්ටත් සමාජයේ සම තැනක් ලැබීම. කාන්තාවන්ට නිසි ගෞරවය. ඇති නැති පරතරය තුරන් කිරීම.

යථාර්ථය:

● මානව හිමිකම් පිළිබඳ සංවිධානයක් මෙසේ වාර්තා කරයි. “ඇමරිකාවේ බොහෝ පුද්ගලයන් තාඩන පීඩනවලට ලක් වන්නේ ජාතිවාදී හැඟීම්, ආගම, ස්ත්‍රී පුරුෂ භේදය වැනි දේවල් නිසයි. එය විශාල ගැටලුවක්.”—Leadership Conference on Civil Rights Education Fund.

● එක්සත් ජාතීන් ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වූයේ මෙසේයි. (Progress of the World’s Women: In Pursuit of Justice) “ලොව පුරා මිලියන ගණන් කාන්තාවන් තමන්ගේම නිවෙස් තුළ, රැකියා ස්ථානයේ හා සමාජයේ බොහෝ අඩන්තේට්ටම්වලට ලක් වෙනවා.” මීට උදාහරණ කිහිපයක් සලකා බලමු. ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ගෙන් 85%කට පමණ දරු ප්‍රසූතියේදී කිසිම වෛද්‍ය ප්‍රතිකාරයක් නොලැබේ. යේමනයේ ගෘහස්ථ හිංසනයට විරුද්ධව කිසිම නීතියක් ක්‍රියාත්මක නොවේ. කොංගෝ ජනරජයේ සෑම දිනකම කාන්තාවන් 1,000කට වඩා වැඩි පිරිසක් දූෂණයට ලක් වේ.

● ලෝකයේ පවතින ඛේදනීය තත්වය ගැන 2011 ඔක්තෝබර් මාසයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් වන බැං කි මූන් තම හැඟීම් ප්‍රකාශ කළේ මෙලෙසයි. “ලෝකයේ දක්නට තිබෙන්නේ පරස්පර විරෝධී තත්වයක්. ආහාර බහුලව තිබුණත් මිනිසුන් බිලියනයක් සාගින්නෙන් පෙළෙනවා. අතළොස්සක් සැප සම්පත්වලින් පිරි ජීවිතයක් ගත කරද්දී වැඩිදෙනෙක් අන්ත දුගීකම නිසා දුක් විඳිනවා. වෛද්‍ය ක්ෂේත්‍රයේ පුදුමාකාර දියුණුවක් ලබා තිබුණද සෑම දිනකම දරු ප්‍රසූතියේදී මවක් මිය යනවා. මිනිසුන්ට ආරක්ෂා සලසා දීම සඳහා ක්‍රියා කරනවා වෙනුවට මිනිස් ජීවිත නැති කර දැමීමට බිලියන ගණන් අවි ආයුධවලට වියදම් කරනවා.”

ඉටු විය යුතු දේ: සුළු ජාතීන්ට හා කාන්තාවන් වැනි ‘අසරණ වූ පීඩිත ජනයාට යුක්තිය ඉටු වීම.’—යෙසායා 10:1, 2.

ආර්ථිකය ස්ථාවරයකට ගෙන ඒම

මිනිසුන් බලාපොරොත්තු වන දේ: සියල්ලන්ට රැකියාවක්. ආර්ථික ස්ථාවරත්වයක්.

යථාර්ථය:

● එක් ආයතනයකින් මෙවැනි වාර්තාවක් සපයන ලදි. “ලෝකයේ ආර්ථිකය නංවාලීමට අවශ්‍ය තරම් සේවකයන් සිටිනවා. ඒත් ප්‍රමාණවත් රැකියා නොමැතිකම ගැටලුවක්. අන්තර්ජාතික කම්කරු සංවිධානයේ (ILO) ගණනයට අනුව 2010දී විරැකියාවෙන් පෙළුණු සංඛ්‍යාව මිලියන 205යි.”

● “ලෝකයේ ආර්ථිකය බිඳ වැටීම නිසා විරැකියා තත්වය තවත් වැඩි වී තිබෙනවා. එය සමාජයේ නොසන්සුන්තාවට හේතුවක්. රැකියා සැපයීමට හැකි වී තිබෙන්නේ 50%කට පමණයි. විරැකියා ප්‍රශ්නය විසඳීමට නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා පුද්ගලයන් පසු වන්නේ කෝපයෙන්. මේ නිසා සමාජයේ බොහෝ ගැටුම්කාරී තත්වයක් උද්ගත වී තිබෙන අතර මෙය විශේෂයෙන්ම දක්නට ලැබෙන්නේ යුරෝපා රටවල හා අරාබි දේශවල කියා ILO පැවසූ බව” BBC ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

● ඇමරිකාවේ “බොහෝ පුද්ගලයන් ඇමරිකානු ඩොලර් 11,000කට වඩා වැඩි මුදලක් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කිරීම නිසා ණය වී තිබෙනවා. මෙය 1990ට වඩා තුන් ගුණයකින් වැඩියි” කියා 2009 ප්‍රකාශයට පත් කළ එක් පොතක සඳහන් වේ. (The Narcissism Epidemic) බොහෝ පුද්ගලයන් ණය වී හෝ තමන් ධනවතුන් කියා මවාපායි. එම පොතේ තවදුරටත් සඳහන් වූයේ “ඇමරිකානු ජාතිකයන් නවීන පන්නයේ මෝටර් රථවලින් ගමන් කරන විට, අලුත් විලාසිතාවලින් සැරසී සිටින විට ඔවුන්ව දකින අය සිතන්නේ ඔවුන් ධනවත් අය කියාය. නමුත් සැබෑව නම් ඔවුන්ගෙන් බොහෝදෙනෙක් ණයකාරයන්” බවයි.

ඉටු විය යුතු දේ: සෑමදෙනාටම රැකියාවක් ලැබිය යුතුයි. උපයන මුදල අරපරෙස්සමින් වියදම් කිරීමට හැකි විය යුතුයි. ඒ සම්බන්ධයෙන් බයිබලයේ කදිම උපදෙසක් දී ඇත. “මුදල ආරක්ෂාවක්.” නමුත් ‘මුදල්වලට තිබෙන දැඩි ආශාව සෑම හානිකර දෙයකටම මුල් වන්නේය’ කියාද එහි සඳහන් වේ.—දේශනාකාරයා 7:12; 1 තිමෝති 6:10.

පිටු හතරේ සිට අට දක්වා සාකච්ඡා කළ තොරතුරුවලින් පෙනී යන්නේ අපේ අනාගතය එතරම් දීප්තිමත් නැති බවයි. කෙසේවෙතත් මේ ලෝකයේ තත්වය යහපත් අතට හැරෙයි යන බලාපොරොත්තුව අපට තබාගත හැකියි. නමුත් එය සිදු වන්නේ ආණ්ඩු මාර්ගයෙන් නොවේ.

[5වන පිටුවේ කොටුව/ප්‍රස්තාරය]

යෞවනයන්ට හැකියාවක් තිබුණා නම් ඔවුන් කැමති වන්නේ කුමන වෙනසක් කිරීමටද? වයස අවුරුදු හතරත් දාහතරත් අතර බ්‍රිතාන්‍යයේ දරුවන් 2,000ක් පමණ යොදාගෙන කළ සමීක්ෂණයක් ගැන එක් වෙබ් අඩවියක (4children.org) සඳහන් දෙයින් හෙළි වුණේ පහත සඳහන් දේවල් වෙනස් කිරීමට දරුවන් කැමති බවයි.

[ප්‍රස්තාරය]

(මුද්‍රිත පිටපත බලන්න)

100%

කුසගින්නට නිමාවක්

යුද්ධයට නිමාවක් දුගීකමට

අවසානයක්

75%

සැමට එක හා

ගෝලීය උණුසුමට සමානව සැලකීම

විසඳුමක්

50%

25%

0%

[5වන පිටුවේ කොටුව/ප්‍රස්තාරය]

වර්ෂ 2009දී ජර්මනියේ වයස අවුරුදු 14ත් 18ත් අතර සිටි යෞවනයන් 500ක් පමණ යොදාගෙන සමීක්ෂණයක් කළා. (Bertelsmann Foundation) ඉන් බලාපොරොත්තු වුණේ යෞවනයන් වඩාත් සැලකිලිමත් වන්නේ කුමක් ගැනද කියා සොයා බැලීමයි.

ජනගහන වර්ධනය සහ ත්‍රස්තවාදය ඔවුන්ට එතරම් ගැටලුවක් නොවෙයි. ආර්ථික බිඳ වැටීම පවා ඔවුන්ගේ මූලික අවධානයට ලක් වුණේ නැහැ. එම සමීක්ෂණය කළ අයගේ නිගමනය වූයේ එම යෞවනයන් තවමත් ඔවුන්ගේ ජීවිතයේ එවැනි දේවල් අත් නොදැකීම ඊට හේතුව කියායි.

[ප්‍රස්තාරය]

(මුද්‍රිත පිටපත බලන්න)

100%

75% දුගීකම

දේශගුණික වෙනස්කම්

ආහාර හා හා

පානීය ජල හිඟය පාරිසරික හානි

50% ලොව පුරා පැතිර ඇති වසංගත

හා ලෙඩ රෝග

25%

0%