Skip to content

පටුනට යන්න

ස්තුතියි කියන්න අමතක කරන්න එපා!

ස්තුතියි කියන්න අමතක කරන්න එපා!

ස්තුතියි කියන්න අමතක කරන්න එපා!

ස්තුතියි කියා සඳහන් කාඩ්පතක් අන්තිම වතාවට ඔබට ලැබුණේ කවදාද? අවසාන වතාවට ඔබ එවැනි දෙයක් කළේ කවදාද?

අද දින නොයෙකුත් ඉලෙක්ට්‍රොනික සංනිවේදන ක්‍රම තිබෙන නිසා අතින් ලියා යවන ලිපි හෝ කඩ්පත් අභාවයට ගොස් තිබෙනවා. ඒත් ස්තුතියි කියා ඔබේම අත් අකුරෙන් ලියා කාඩ්පතක් යවන විට එය ලබන තැනැත්තා ඔබ ඔවුන්ගේ කාරුණික ක්‍රියාව අගය කරන බව දැනගනියි. එවැනි කාඩ්පතකට ඇතුළත් කළ හැකි දේවල් කිහිපයක් පහත දැක්වෙයි.

1. සමීප බවක් දැනීමට ඔබේ අතින්ම ලියන්න.

2. ලබන තැනැත්තාගේ නමින් අමතන්න.

3. තෑග්ගක් ලැබුණු විට ඒ ගැනත් එය ප්‍රයෝජනයට ගන්නා ආකාරයත් සඳහන් කරන්න.

4. අවසානයේදීත් ස්තුතියි කියා සඳහන් කරන්න.

ස්තුති කර කාඩ්පතක් යවන විට එය ලබන තැනැත්තා සතුටු වෙයි.

ඊළඟ වතාවේ කෙනෙක් ඔබට කෑමකට ආරාධනාවක් කළ විට, ඔබ වෙනුවෙන් යම් කාරුණික ක්‍රියාවක් කළ විට හෝ තෑග්ගක් දුන් විට ස්තුති කර කාඩ්පතක් යැවීමට අමතක කරන්න එපා.

[28, 29වන පිටුවේ පින්තූර/කොටුව]

ආදරණීය මේරි නැන්දා වෙත, (2)

නැන්දා දීපු එලාම් ඔරලෝසුවට බොහොම ස්තුතියි. (3) මම දැන් වෙලාවට නැඟිටිනවා. නැන්දා ගිය සතියේ අපේ ගෙදර ආපු එක ගැන මම හුඟක් සතුටු වෙනවා. පරෙස්සමින් ගෙදර යන්න ඇති කියලා අපි හිතනවා. ළඟදීම දවසක අපිත් නැන්දව බලන්න එන්නම්.

නැන්දා දීපු තෑග්ගට ස්තුතියි! (4)

මීට පුතා,

ජෝන්

[පින්තූරය]

(1)

[29වන පිටුවේ කොටුව]

යෝජනා

● මුදල් ත්‍යාගයක් ලැබුණා නම් ගණන සඳහන් නොකර එයට ස්තුති කර එයින් කිරීමට අදහස් කරන දේ ලියන්න.

● ත්‍යාගය ගැන හා එය අගය කරන බව පමණක් සඳහන් කරන්න. ඔබ නිවාඩුවක් ගත කළ විදිහ හෝ අසනීප තත්වයන් වැනි පෞද්ගලික තොරතුරු සඳහන් නොකරන්න.

● තෑග්ග ගැන අගුණ කියන්න එපා. උදාහරණයකට ඔබට ලැබුණේ කේතලයක් නම් “තෑග්ගට ස්තුතියි. ඒත් ඒක මගේ කුස්සියට ගැළපෙන්නේ නැහැ” කියා සඳහන් කරන්න එපා.

[29වන පිටුවේ කොටුව]

බයිබලයේ අපට දිරිගන්වන්නේ ස්තුතිවන්ත අය වෙන්න කියායි. (ලූක් 17:11-19) දෙවිට නොකඩවා යාච්ඤා කරද්දී “සෑම දෙයක් සඳහාම ස්තුති දෙන්න” කියාත් අපට එහි දිරිගන්වා තිබෙනවා.—1 තෙසලෝනික 5:17, 18.