Skip to content

පටුනට යන්න

නිර්මාණයක්ද?

ඇඟටත් නොදැනී ඉදිරියට තල්ලු වෙන ලොඩියා

ඇඟටත් නොදැනී ඉදිරියට තල්ලු වෙන ලොඩියා

● අප කොයි කවුරුත් දන්නා ජෙලිෆිෂ් හෙවත් ලොඩියා ගැනයි අපි මේ කතා කරන්නේ. සෙන්ටිමීටර් තුනට වඩා අඩු ප්‍රමාණයේ සිට මීටර් දෙකකටත් වඩා වැඩි ප්‍රමාණයෙන් යුත් විවිධ වර්ගයේ ලොඩියන් මහ සයුරේ දැකගත හැකියි. උගේ සිරුරෙන් සියයට 95ක්ම තිබෙන්නේ ජලයයි. සීනුවක හැඩය ඇති ලොඩියන් විශේෂ බොහොමයකගේ සිරුර වරෙක හැකිළී වරෙක දිගහැරෙයි. හරියට කුඩයක් අරිනවා වහනවා වගෙයි.

මේ ගැන සිතන්න: සමහර ලොඩියන්ට එතරම් වේගයෙන් පිහිනන්න හැකියාවක් නැති වුණත් උන්ට ඉදිරියට තල්ලු වීමේ හැකියාවක් තිබෙන බව වායු හා දියර සම්බන්ධයෙන් අධ්‍යයනයේ යෙදෙන විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. ලොඩියන් හැකිළෙන සෑම වාරයකදීම ජලයේ සුළියක් සෑදේ. එමගින් උන් ඉදිරියට තල්ලු වෙයි. උන් තල්ලු වෙන්නේ එම සුළියේ ඇති වන බලයේ ප්‍රතිවිරුද්ධ දිශාවටයි. හරියට ජෙට් යානාවක් ඉදිරියට තල්ලු වෙනවා වගෙයි. ජෙට් යානාවක් ඉහළට නඟින්නේ ඉන් නිකුත් වන උණුසුම් වායුවේ තෙරපුම නිසයි. එක් සඟරාවක පවසන්නේ, “ජලයේ ඇති වන එම දිය සුළිය බැලූ බැල්මට සරල දෙයක් ලෙස පෙනුණත් එය ඇති වන්නේ කෙසේද කියා සිතාගැනීමටවත් නොහැකි” බවයි.—New Scientist.

පර්යේෂකයන් ලොඩියා සතු එම හැකියාව අධ්‍යයනය කර දිය යටින් යා හැකි වාහන නිර්මාණය කිරීමට උත්සාහ කරයි. දැනටමත් එක් පර්යේෂකයෙක් තෙරපුමකින් ඉදිරියට තල්ලු වන මීටර් 1.2ක සබ්මැරීනයක් නිපදවා තිබෙනවා. සාමාන්‍ය සබ්මැරීනයකට වඩා එයට වැය වන ශක්තිය තිස් ගුණයකින් අඩුයි. හෘදය වස්තුව රුධිරය පොම්ප කරන්නෙත් සුළි ආකාරයටයි. එම සුළි ඇති වන ආකාරය මැන බැලීමෙන් හෘදයාබාධයක් සෑදීමේ ප්‍රවණතාවක් තිබෙනවාද කියා දැනගැනීමටත් හැකි වෙයි කියා ඔවුන් සිතනවා.

ඔබේ නිගමනය කුමක්ද? ලොඩියාට තෙරපුමකින් ඉදිරියට යෑමේ හැකියාව ලැබුණේ අහම්බෙන්ද? නැත්නම් බුද්ධිමත් තැනැත්තෙකු විසින් එය නිර්මාණය කළාද?

[13වන පිටුවේ පින්තූරය]

ලොඩියා ජලයේ ඇති කරන සුළියේ තෙරපුමෙන් ඉදිරියට තල්ලු වෙයි

[13වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Photo: © JUNIORS BILDARCHIV/​age fotostock; graphic: Courtesy of Sean Colin