Skip to content

පටුනට යන්න

දරුවන්ට අවශ්‍ය දේ

දරුවන්ට අවශ්‍ය දේ

දරුවන්ට අවශ්‍ය දේ

● අද දරුවන් වැඩියෙන්ම අහන්නෙ දකින්නෙ දරුණු මෙන්ම සදාචාරයෙන් පහත වැටුණු දේවල්. ඒ නිසා දරුවන්ට යහමඟ කියා දී දේව භක්තියෙන් යුතුව ජීවත් වීමට උපකාර කිරීම වෙන කවරදාකටත් වඩා අත්‍යවශ්‍යයි. දෙමාපියන්ට මේ සඳහා උපකාරයක් ලබාගත හැක්කේ කොහෙන්ද? බොහෝ දෙමාපියන් පවසන්නේ වෙන කිසිම පොතකට වඩා බයිබලයේ තියෙන දැනුම මේ සඳහා ප්‍රයෝජනවත් බවයි.

දෙමාපියන්ට උපකාරයක් සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු යන පොත ප්‍රකාශයට පත් කර තිබෙනවා. පරිච්ඡේද 48කින් යුත් එම පොතේ “කීකරුකම ඔයාට ආරක්ෂාවක්,” “අපි සමාව දිය යුත්තේ ඇයි?,” “අපි බොරු කියන්න හොඳ නැත්තේ ඇයි?,” “අපිට දැනෙන භයෙන් ගොඩ ඒමට උපකාර” සහ “අපි වැඩ කරන්න ඕනෑ ඇයි?” වැනි මාතෘකා දැකගත හැකියි.

පිටු 256කින් යුත් පින්තූර සහිත මෙම ප්‍රකාශනයේ පිටපතක් ලබාගැනීමට ඔබත් කැමති නම් පහත සඳහන් කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ පස්වන පිටුවේ ඇති යෝග්‍ය ලිපිනයකට තැපැල් කරන්න.

□ මෙහි ඇති ප්‍රකාශනය පමණක් ලබාගන්න කැමතියි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමුවන්න.