Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

ලොව වටා

ඩීසල් එන්ජින්වලින් පිට වෙන කලු දුම නිසා “පෙනහළු පිළිකා වැඩි වීමේ අවදානමක් තියෙනවා.” මුත්‍රාශයේ පිළිකා වැලඳීමටත් ඉඩකඩක් තියෙනවා. එහෙම කියන්නෙ ලෝක සෞඛ්‍ය සංවිධානය.

ඇන්ටාක්ටිකාව

ගොඩබිමට ආසන්න මුහුදු පතුලෙන් උප නිවර්තන කලාපවල වැවෙන ගස් සහ තාල වර්ගයට අයිති ගස්වල ෆොසිල බවට පත් වුණ පරාග සහ බීජාණු සොයාගෙන. එයින් හෙළි වෙන්නේ මීට අවුරුදු මිලියන ගණනකට කලින් එම ගස් එහි තිබුණු බවයි. ඒ කාලයේදී “හිම මිදෙන” තරම් සීතලක් තිබිලා නෑ. සමකය ආසන්නයෙත් ධෘව ප්‍රදේශයෙත් උෂ්ණත්වයේ ලොකු වෙනසක් තිබිලත් නෑ.

අයර්ලන්තය

අයර්ලන්තයේ කතෝලික පූජකයන්ගේ සංගමය 2012දී වාර්තාවක් නිකුත් කළා. ඒ වාර්තාවට අනුව රට වැසියන්ගෙන් සියයට 87ක් කියන්නේ පූජකයන්ට විවාහ වීමට ඉඩ දිය යුතුයි කියලයි. කාන්තාවන්ටත් පූජක තනතුර දැරීමට ඉඩ දිය යුතුයි කියලා සියයට 77ක් කියනවා.

අප්‍රිකාව සහ ගිනිකොන ආසියාව

මැලේරියාවට දෙන ඖෂධ හුඟක් වෙලාවට ප්‍රමිතියෙන් බාල හෝ නියම ඖෂධ නොවන බව පරීක්ෂණයකින් සොයාගත්තා. එයින් හෙළි වුණේ අප්‍රිකාවේ සහරා කාන්තාරයට දකුණින් තියෙන රටවල දෙන ඖෂධ සාම්පලවලින් සියයට 20ක් සහ ගිනිකොන ආසියාවේ රටවල සියයට 36ක් හොර ඖෂධ බවයි. ප්‍රතිකාර සාර්ථක නොවෙන්න එය හේතුවක්.

එල් සැල්වඩෝර්

කිසිම මිනිමැරුමක් සිදු නොවුණ දවසක් අවුරුදු තුනකට පස්සෙ වාර්තා වුණා. ඒ 2012 අප්‍රියෙල් මාසයේදී. මත්ද්‍රව්‍යවලට සම්බන්ධ අපරාධ බහුල මේ රටේ 2011දී පමණක් 1,00,000කට 69දෙනෙක් ඝාතනය කෙරුණා. ඒ වසරේදී ලෝකයේ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩියෙන්ම සිදු වුණු රටවලින් මෙය එක රටක්.