අපේ විත්ති
අසර්බයිජානයට යමු
කොකේසස් කඳුකරයට දකුණින් පිහිටි රටවල් තුනෙන් ලොකුම රට අසර්බයිජානයයි. මීට අවුරුදු දාහකට විතර කලින් ආසියාවේ බටහිර සහ මධ්‍යම ප්‍රදේශවලින් විවිධ ගෝත්‍රවලට අයත් බොහෝදෙනෙක් මේ රටට ආවා. ඔවුන් ස්වදේශිකයන්ගේ සිරිත් විරිත් ඈඳා ගත් අතර ස්වදේශිකයෝ ගෝත්‍රිකයන්ගේ සංස්කෘතියේ සමහර අංග ඈඳා ගත්තා. ඒ නිසා ඇසබයිජානි භාෂාව, තුර්කි සහ තුර්ක්මන් භාෂාවන්ට නෑකම් කීම අරුමයක් නෙමෙයි.
අසිරිවරු (අසර්බයිජානු වැසියන්) හරිම මිත්‍රශීලී, ප්‍රබෝධමත් සෙනඟක්. පවුල් සාමාජිකයන් අතර ලොකු බැඳීමක් තියෙනවා. අමාරු කාලවලදී එකිනෙකා අතර තියෙන බැඳීම කොයිතරම් ශක්තිමත්ද කියලා හොඳින්ම දකින්න පුළුවන්.
සංගීතයට සහ කවි සීපදවලට අසිරිවරු දක්වන්නේ ලොකු ඇල්මක්. මූගාම් කියන සංගීතය ඒ රටේ හරි ප්‍රසිද්ධයි. එහිදී වාදකයා ජන සංගීත භාණ්ඩය වයන විට ගායකයා ශාස්ත්‍රීය කවි ගී පද ඒ තාලයට අනුව ගයයි. මූගාම් සංගීතයේ විවිධ තාල
මිහිරි ලෙස ගැයීමට නම් ගායකයෙකුට ඒ ගැන හසළ දැනුමක් තිබිය යුතුයි.අසර්බයිජානු ජන ජීවිතයේ තේ පානයට හිමි වන්නේ සුවිශේෂී තැනක්. තේ කඩයක් නැති තැනක් නැහැ. තේ පිළිගන්වන්නේ සීනි කැටයක් සමඟ කුඩා වීදුරුවල. තේ සමඟ පිස්ටැෂියෝ, ආමන්ඩ් සහ මුද්දරප්පලම්ද සමහර වෙලාවට සංග්‍රහ කරනවා.
රටේ නැඟෙනහිරෙන් පිහිටි කැස්පියන් මුහුදේ විශේෂ මාළු වර්ගයක් ඉන්නවා. උන්ව හඳුන්වන්නේ බෙලූගා ස්ටර්ජන් කියලා. උන් අවුරුදු 100කටත් වඩා වැඩි කාලයක් ජීවත් වෙනවා. උන්ගේ බිත්තරවලින් හදන කැවියා කියන කෑම වර්ගය ඉතා මිල අධිකයි වගේම හරි ප්‍රසිද්ධයි. මෙතෙක් අල්ලා තිබෙන ලොකුම ස්ටර්ජන් මාළුවාගේ දිග අඩි 28යි, බර කිලෝ 1,297යි!
අසිරිවරු ආගමට ලැදි දෙවියන් ගැන කතා කිරීමට කැමති සෙනඟක්. වැඩිදෙනෙක් ඉස්ලාම් භක්තිකයන්. එහි වෙනත් ආගමික කණ්ඩායම් සිටින අතර යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද 1,000කට වැඩි පිරිසක් ඉන්නවා.
ඔබ දැන සිටියාද?
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලොව පුරා සිටින ජනයාට දෙවියන් ගැන උගන්වනවා. ඒ සඳහා යොදාගන්නේ බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතයි. ඇසබයිජානි ඇතුළු භාෂා 250කට වැඩි ගණනකින් එය ලබාගත හැකියි.