Skip to content

පටුනට යන්න

අපේ විත්ති

බෙලිස් රටට යමු

බෙලිස් රටට යමු

බෙලිස් කියන්නේ විවිධත්වය දෝත දරාගත් පුංචි රටක්. වනාන්තර සහ නිල්වන් කොල පැහැයෙන් දිස් වන මුහුදු තීරයකින් අලංකාර වූ එම රටට දූපත් රාශියක්ද අයිතියි.

එම රටේ සුන්දරත්වය වැඩි කරන තවත් දායාදයක් වන්නේ කුරුළු හා සත්ව සම්පතයි. දීප්තිමත් වර්ණවලින් හැඩ වුණ ටව්කාවන් (Ramphastos sulfuratus) හා රයිනෝට නෑකම් කියන දිය ගොඩ එක වගේ වේගයෙන් යා හැකි සොඬ ඌරන් (Tapirus bairdii) බෙලිස්වල දකින්න පුළුවන්. ජගුවාටත් ඒ රට කදිම නිවහනක්. ලෝකයේ පළවෙනි ජගුවා සංරක්ෂිතයට උරුමකම් කියන්නේ ඔවුන් කියා බෙලිස් වැසියන් ආඩම්බර වෙනවා.

ලෝකයේ පළවෙනි ජගුවා සංරක්ෂිතයට උරුමකම් කියන්නේ බෙලිස් රටයි

බෙලිස් රට පිහිටා තියෙන්නේ අතීත මායා ශිෂ්ටාචාරය පැතිරී තිබූ ප්‍රදේශයකයි. 16වෙනි සියවසේදී ස්පාඤ්ඤ ආක්‍රමණිකයන් එය අත් පත් කරගන්න උත්සාහ කළත් මායාවරුන්ව සම්පූර්ණයෙන්ම යටත් කරගන්න ඔවුන්ට බැරි වුණා. ඒත් 1862දී එය බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් වුණා. බෙලිස් රට නැවතත් නිදහස් රාජ්‍යයක් බවට පත් වුණේ 1981දීයි.

ඒ රටේ විවිධත්වය අවට පරිසරයට විතරක් සීමා වෙලා නැහැ. එහි වැසියන් අතරත් විවිධත්වයක් දකින්න ලැබෙනවා. ක්‍රියෝල්, ගරිෆුනා, මායා, මෙස්ටියෝ වැනි ගෝත්‍රිකයන් සහ දකුණු ආසියානු ජාතිකයන් බෙලිස් රටේ මුල් පදිංචිකරුවන් ලෙසට ගණන් ගැනෙනවා. ඔවුන් සුහද, ආචාරශීලී මිනිසුන් වන අතර දරුවන් වැඩිහිටියන්ට කතා කරන්නේ බොහොම ගරුසරු ඇතුවයි.

බෙලිස් නගරයේ වෙළඳපොළක්

එම රටේ ඇමරිකානු සංඥා භාෂාව, ඉංග්‍රීසි, ජර්මානු, බෙලිස් ක්‍රියෝල්, මැන්ඩරින් චීන, මෝපන් සහ ස්පාඤ්ඤ යන භාෂාවලින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවල රැස්වීම් පවත්වනවා. 2013දී පැවැත්වූ යේසුස්ගේ මරණය සිහි කිරීමේ අවස්ථාවට එරට වැසියන්ගෙන් 8,433දෙනෙක් සහභාගි වුණා.

ඔබ දැන සිටියාද? කිලෝමීටර් 290කට වඩා දිග බෙලිස් රටට අයිති කොරල් පරය විශාලත්වය අතින් දෙවෙනි තැන හිමි වන කොරල් පරයේ කොටසකි. විශාලතම කොරල් පරය ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරයයි.

විශාලත්වය අතින් දෙවෙනි තැන හිමි වන කොරල් පරයේ කොටසක් බෙලිස් රටට අයිතියි