Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | ජීවයේ උපත

හිතලා බලන්න වටින උත්තරයක්

හිතලා බලන්න වටින උත්තරයක්

ජීවය බිහි වුණු විදිහ ගැන සාක්ෂි හොයලා බලපු හුඟදෙනෙක් පිළිඅරගෙන තියෙන්නේ ජීවය ඉබේ ඇති වුණ දෙයක් නෙමෙයි බුද්ධිමත් කෙනෙක්ගේ නිර්මාණයක් කියලයි. දර්ශනවාදය පිළිබඳ මහාචාර්යවරයෙක් වන ඇන්තනි ෆ්ලූ අදේවවාදී අදහස් දරපු කෙනෙක්. ඒත් ජීවයේ සංකීර්ණත්වය හා විශ්වයේ ඇති භෞතික නීති ගැන හොයලා බැලුවට පස්සේ ඔහුගේ අදහස වෙනස් වුණා. අතීතයේ හිටපු දර්ශනවාදීන්ගේ අදහස් ගැන සඳහන් කරමින් ඔහු මෙහෙම කිව්වා. “යම් දෙයකට සාක්ෂි තියෙනවා නම් අපි ඒක පිළිගන්න ඕනේ. ඒක අපි බලාපොරොත්තු වන උත්තරය නොවුණත් ඒක පිළිගන්න ඕන.”

පළවෙනි ලිපියේ සඳහන් කළ ජෙරාඩ්ගේ අදහසුත් ඒ හා සමානයි. උගත් කෘමී විද්‍යාඥයෙක් වුණු ඔහු කිව්වේ මෙහෙමයි. “අජීවී දෙයකින් ජීවය ඇති වුණා කියලා කියන්න කිසිම සාක්ෂියක් නැහැ. ජීවීන්ගේ සංකීර්ණත්වය හා සැකැස්මේ තියෙන පිළිවෙළ දැක්කම මට නම් හිතෙන්නේ ඒවා සැලසුම් කරන්න හා නිර්මාණය කරන්න කෙනෙක් ඉන්න ඕන කියලයි.”

කලා කෘතියක් ගැන හොයලා බැලුවම කලාකරුවා මොන වගේ කෙනෙක්ද කියලා දැනගන්න පුළුවන්. ඒ හා සමානව අවට පරිසරය ගැන හොයලා බැලුවම ඒකේ නිර්මාතෘට තියෙන්නේ මොන වගේ ගුණාංගද කියලා තේරුම්ගන්න පුළුවන් කියලා ජෙරාඩ් කිව්වා. ඒ විතරක් නෙමෙයි නිර්මාණකරුගේ අදහස් ඇතුළත් පොත වන බයිබලයේ තියෙන දේවලුත් ඔහු හොයලා බැලුවා. (2 තිමෝති 3:16) ඒකෙන් ඔහුට මිනිසුන්ගේ මූලාරම්භය ගැන තිබුණු ප්‍රශ්නවලට උත්තරත් අද මිනිසුන් මුහුණ දෙන ප්‍රශ්නවලට හේතුත් දැනගන්න පුළුවන් වුණා. බයිබලය බුද්ධිමත් කෙනෙක්ගෙන් ලැබුණු පොතක් කියලා ඔහුට කිසිම සැකයක් නැහැ.

ජීවය බිහි වුණේ කොහොමද කියන එකට පිළිතුරු බයිබලයෙන් හොයලා බලන එක ඇත්තෙන්ම වටිනවා කියලා ජෙරාඩ් තේරුම්ගත්තා. අපි ඔබටත් දිරිගන්වන්නේ බයිබලයේ තියෙන තොරතුරු හොයලා බලන්න කියලයි.