Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන්

ජීවයේ උපත

ජීවයේ උපත

ඔබේ පිළිතුර මොකක්ද?

ජීවය ․․․․․.

  1. 1. පරිණාමය වුණා

  2. 2. නිර්මාණය කළා

ඔබ මෙහෙම හිතයි. විද්‍යාවට බර කෙනෙක් නම් “පරිණාමය වුණා” කියලා කියයි. ඒත් ආගමට බර කෙනෙක් නම් “නිර්මාණය කළා” කියලා කියයි.

ඒත් හැම තිස්සෙම එහෙම හිතන්න බැහැ.

ඇත්තටම ජීවය පරිණාමය වුණාද කියන එක ගැන සමාජයේ උගත් අය ව්තරක් නෙමෙයි සමහර විද්‍යාඥයන් පවා තවමත් ප්‍රශ්න කරනවා.

කෘමි විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ජෙරාඩ් පරිණාමය ගැන ඉගෙනගත්ත කාලය මතක් කරමින් කිව්වේ “මම විභාගවලට ලිව්වේ මහාචාර්යවරු බලාපොරොත්තු වුණු උත්තර. ඒත් ඒවා ඇත්ත කියලා මං විශ්වාස කෙරුවේ නැහැ” කියලයි.

විද්‍යා ක්ෂේත්‍රයේ ඉන්න සමහර අයට පවා ජීවය බිහි වුණේ පරිණාමයෙන් කියලා පිළිගන්න අමාරු වෙලා තියෙන්නේ ඇයි? ඒ ගැන දැනගන්න තවමත් පර්යේෂකයන් පිළිතුරු හොයන ප්‍රශ්න දෙකක් ගැන බලමු. (1) ජීවය බිහි වුණේ කොහොමද? (2) සංකීර්ණ ජීවීන් ඇති වුණේ කොහොමද?