Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරක්

ගැලවුම්කරු

ගැලවුම්කරු

ලෙඩ රෝග, දුක් වේදනා හා මරණයෙන් පීඩා විඳින මිනිසුන්ව ගලවාගන්න ගැලවුම්කාරයෙක් මේ ලෝකෙට ඇවිත් ඔහුගේ දිවි පුදනවා කියලා බයිබලයේ කියලා තිබුණා. ඒ ගැලවුම්කරු යේසුස් ක්‍රිස්තුස්ද?

ගැලවුම්කරුව මිනිස්සු හඳුනාගන්නේ කොහොමද?

බයිබලයේ තියෙන අනාවැකිවලට අනුව ගැලවුම්කරුට කාර්යයන් 2ක් ඉටු කරන්න තිබුණා. * ඔහු 1වෙනි එක ඉටු කරලා කාලයකට පස්සෙයි 2වෙනි කාර්යය ඉටු කරන්නේ. මුල් කාර්යය ඉටු කරන්න ඔහු ආවේ මනුෂ්‍යයෙක් විදිහටයි. බයිබල් ලේඛකයන් ඔහු ගැනත් ඔහුගේ සේවය ගැනත් අනාවැකි කියලා තිබුණ නිසා ඔහුව පහසුවෙන් හඳුනගන්න පුළුවන් වුණා. බයිබලයේ තියෙන අනාවැකිවල මූලික අරමුණ වුණේ ගැලවුම්කරු හෙවත් ‘යේසුස් ගැන සාක්ෂි දැරීමයි.’—එළිදරව් 19:10.

පාරාදීස පොළොවේ යේසුස් මොන තරම් දේවල් කරයිද කියලා ඔහු පොළොවේ හිටිය කාලයේදී කරපු ආශ්චර්යයන්වලින් පැහැදිලි වෙනවා

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

ගැලවුම්කරු ගැන කියූ අනාවැකි කීපයක්,

ඒ අනාවැකිත් තවත් බොහෝ අනාවැකිත් යේසුස්ගේ ජීවිතය තුළ ඉටු වුණා. ඔහු පොළොවේ ඉද්දී ලෙඩුන්ව සුව කළා. මැරුණු අයව නැඟිට්ටෙව්වා. ඒ නිසා ඔහු ගැලවුම්කරු බව ඔප්පු වුණා විතරක් නෙමෙයි අනාගතයේදී ඉටු කරනවා කියලා බයිබලයේ දීලා තියෙන පොරොන්දු අපිට විශ්වාස කරන්න පුළුවන් කියලත් පෙන්නුවා. (ලූක් 7:21-23; එළිදරව් 21:3, 4) යේසුස්ව මරණයෙන් නැවත නැඟිට්ටෙව්වට පස්සේ ඔහු දෙවෙනි කාර්යය ඉටු කරන්න අවස්ථාව එන තුරු දෙවියන්ගේ “දකුණු පැත්තේ” හිටියා.ගීතාවලිය 110:1-6.

“ඔහු කොතරම් ලකුණු සිදු කරනවාද! ඔහු ක්‍රිස්තුස්ම විය යුතුයි.”යොහන් 7:31.

ගැලවුම්කරු තමන්ගේ කාර්යය සම්පූර්ණ කරන්නේ කොහොමද?

යේසුස්ගේ කාලයේ හිටපු යුදෙව්වන් හිතුවේ යේසුස් ඔවුන්ව රෝම පාලනයෙන් ගලවාගෙන ඊශ්‍රායෙලයේ පාලකයා බවට පත් වෙයි කියලයි. (ක්‍රියා 1:6) ඒත් රජෙක් විදිහට යේසුස් පාලනය කරන්නේ ස්වර්ගයේ ඉඳන් කියලා ඔහුගේ අනුගාමිකයන් තේරුම්ගත්තේ පස්සෙ කාලෙකයි.—මතෙව් 28:18.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

දෙවෙනි කාර්යය ඉටු කරද්දී ගැලවුම්කරු කරන දේවල්.

ගැලවුම්කරු හැටියට යේසුස් ඔහුගේ පළවෙනි කාර්යය ඉටු කළා. දෙවෙනි එකත් අනිවාර්යයෙන්ම ඉටු කරයි. “මාර්ගයත් සත්‍යයත් ජීවනයත් මමයි” කියලා යේසුස් කියපු නිසා කෙනෙක්ට කරන්න පුළුවන් හොඳම දේ ඔහුව දැන හඳුනගන්න එකයි.—යොහන් 14:6.

“ඔහුගේ පාලන සමයේදී ධර්මිෂ්ඨයා සාර්ථක වන්නේය. සඳ පවතින තෙක් බොහෝ සමාදානය තිබෙන්නේය. . . පොළොවේ සියලු සීමා දක්වා ඔහුගේ පාලනය විහිදී යන්නේය.” ගීතාවලිය 72:7, 8.

^ 5 ඡේ. ගැලවුම්කරුට හෙබ්‍රෙව් බසින් “මෙසියස්” කියලත් ග්‍රීක බසින් “ක්‍රිස්තුස්” කියලත් කියනවා.—යොහන් 1:41.

^ 7 ඡේ. පළවෙනි බයිබල් පදයෙන් අනාවැකියත් දෙවෙනි එකෙන් එය ඉටු වුණු විදිහත් පෙන්නනවා.