මුල් පිටුවෙන්
බයිබලය අදටත් ගැළපෙනවාද?
“මගේ ජීවිතේ ගැන මට දැන් සතුටු වෙන්න පුළුවන්.”
හිල්ටන් බොක්සිංවලට ගොඩක් කැමතියි. බොක්සිං ගහන්න පටන්ගද්දී එයාට අවුරුදු හතයි. ටික ටික ලොකු වෙද්දී එයා යාළුවෝ එක්ක එකතු වෙලා හැම තිස්සෙම බැලුවේ කා එක්ක හරි රණ්ඩුවට පැටලෙන්නයි. ඒ කාලේ ගැන ඔහු මෙහෙම කිව්වා. “මම හොරකම් කළා, සූදු ගැහුවා, නරක චිත්‍රපටි බැලුවා, ගැහැනු අයට හිරිහැර කළා. අම්මට තාත්තාට නරක වචනවලින් බැන්නා. මම කොච්චර නරකද කියනවා නම් එයාලා හිතුවේ මං කවදාවත් හැදෙන එකක් නෑ කියලයි. ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ මම ගෙදරින් ගියා.”
අවුරුදු 12කට පස්සේ හිල්ටන් ගෙදර ආවම අම්මලාට එයාගේ වෙනස අදහාගන්න බැරුව ගියා. ඔහු තැන්පත්, ඉවසන හා අනිත් අයට ගෞරවයෙන් සලකන කෙනෙක් වෙලා තිබුණා. ඔහු වෙනස් වුණේ කොහොමද? ගෙදරින් ගියාට පස්සේ, ජීවිතය කොහෙන් කෙලවර වෙයිද කියලා ඔහු හිතුවා. ඒ නිසා බයිබලයටවත් ඔහුගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන්ද කියලා හොයලා බැලුවා. ඒ ගැන හිල්ටන් කියන්නේ මෙහෙමයි. “මම බයිබලයේ කියලා තියෙන විදිහට ජීවත් වෙන්න පටන්ගත්තා. ඒ කියන්නේ මගේ නරක පුරුදු අයින් කරලා බයිබලයේ එෆීස 6:2, 3 කියන විදිහට දෙමව්පියන්ට කීකරු දරුවෙක් වෙන්න උත්සහ කළා. මගේ ජීවිතේ ගැන මට දැන් සතුටු වෙන්න පුළුවන්. අම්මලත් මං ගැන ගොඩක් සතුටු වෙනවා.”
බයිබලයේ තියෙන උපදෙස් මොන තරම් කාලෝචිතද කියලත් යහපත් ගුණාංග ඇති කරන්න බයිබලයට මොන තරම් බලයක් තියෙනවාද කියලත් හිල්ටන්ගේ අද්දැකීමෙන් පැහැදිලි වෙනවා. (හෙබ්‍රෙව් 4:12) එවැනි ගුණාංග කීපයක් වන අවංකකම, තමාව පාලනය කරගැනීම, විශ්වාසවන්තකම සහ ප්‍රේමය ගැන දැන් අපි බලමු.