Skip to content

පටුනට යන්න

අපේ විත්ති

හොන්ඩ්‍යුරාස්වලට යමු

හොන්ඩ්‍යුරාස්වලට යමු

හොන්ඩ්‍යුරාස් කියන ස්පාඤ්ඤ වචනයේ තේරුම ගැඹුර කියන එකයි. ක්‍රිස්ටෝෆර් කොලොම්බස් ඒ රට අවට අත්ලාන්තික් මුහුදේ ගැඹුර විස්තර කරන්න ඒ වචනය පාවිච්චි කරන්න ඇති. ඒ රටට හොන්ඩ්‍යුරාස් කියන නම පටබැඳුණේ ඒ විදහටයි කියලා සමහරු කියනවා.

ඔවුන්ගේ පවුල්වල ලොකු බැඳීමක් තියෙනවා. සැමියයි බිරිඳයි නිතරම වැඩ කරන්නේ එකමුතුවයි. උදාහරණයකට පවුලේ වියහියදම්, දරුවන්ගේ අධ්‍යාපනය වගේ දේවල් ගැන තීරණ ගන්නේ සැමියා හා බිරිඳ එකතු වෙලයි.

එහි ජීවත් වෙන හුඟදෙනෙක් මෙස්ටිසෝ ජාතිකයන්. ඔවුන් යුරෝපීයන් හා ඒ රටේ ආදිවාසීන්ගෙන් පැවතෙන අයයි. චොටි වගේ සමහර ආදිවාසී කණ්ඩායම් තවමත් ඒ රටේ ඉන්නවා. ඊට අමතරව ගරිෆුනා ජාතිකයන්ද ඉන්නවා.

ගරිෆුනා බෙර වාදකයෙක්

අප්‍රිකානු හා කැරිබියානු ජාතිකයන්ගෙන් පැවතෙන ගරිෆුනා ජාතිකයන් මුලින් හිටියේ සාන්ත වින්සන්ට් දූපතේයි. ඒත් 1797දී ඔවුන් හොන්ඩ්‍යුරාස් අසල පිහිටි දූපත්වල පදිංචියට ආවා. ඉන් ටික කාලෙකට පස්සේ කැරිබියානු වෙරළ තීරයේ පිහිටා තිබෙන මධ්‍යම ඇමරිකානු රටවල්වල ඔවුන් පදිංචි වුණා. එතැනින් මධ්‍යම ඇමරිකාවේ වෙනත් රටවල්වලට හා උතුරු ඇමරිකාවට ඔවුන් සංක්‍රමණය කළා.

ලී බෙරවලින් නැඟෙන තාලයට අනුව නටන්න ගරිෆුනා ජාතිකයන් උපන් හපන්නු. වර්ණවත් ඇඳුම් පැළඳුම්වලට ආසාවක් දක්වන ඔවුන් කතන්දර කියන්නත් හරිම රුසියෝ. මඤ්ඤොක්කා පිටිවලින් හදන රොටි වර්ගයක් වන “ඉරෙබා” ඔවුන්ගේ ප්‍රියතම ආහාර වර්ගයක්.

ඒ රටේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභා 400ක් විතර තියෙනවා. ඒවායේ ඉංග්‍රීසි, ගරිෆුනා, මැන්ඩරින් චීන, මිස්කිටෝ, ස්පාඤ්ඤ මෙන්ම හොන්ඩ්‍යුරාස් සංඥා භාෂාවෙන් රැස්වීම් පවත්වනවා.

මඤ්ඤොක්කා පිටිවලින් හදන “ඉරෙබා” රොටි