Skip to content

පටුනට යන්න

දස දෙසින්

පවුල් ගැන විපරමක්

පවුල් ගැන විපරමක්

මේ කාලේ පවුල් හුඟක් අභියෝගවලට මුහුණ දෙනවා. ඒත් බයිබලයේ තියෙන උපදෙස් අදාළ කරගන්නවා නම් ඒවාට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්.

අප්‍රිකාව

දරුවෙක් ඉපදිලා පැයක් ඇතුළත මව් කිරි දෙන්න ඕන කියලත් මාස හයක් පුරා වෙන කිසිම දෙයක් නොදී මව් කිරි විතරක් දෙන්න කියලත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරනවා. ඒත් “මව් කිරි තරම්ම ළදරු කිරි පිටිත් පෝෂ්‍යදායකයි” කියලා බොරු ප්‍රචාරණ මගින් මිනිසුන්ව නොමඟ යවනවා කියලා UNICEF ආයතනයේ පෝෂණවේදියෙක් පවසනවා.

බයිබලයේ කියන්නේ මෙහෙමයි. “අද්දැකීම් අඩු තැනැත්තා අනුන් පවසන සෑම දෙයක්ම විශ්වාස කරයි. නමුත් සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි.”—හිතෝපදේශ 14:15.

කැනඩාව

ආදරය පෙන්වන, නිසි විදිහට හික්මවන දෙමාපියන් යටතේ හැදෙන දරුවන්ට වඩා දැඩි නීතිරීති පනවන ඒ තරම් සෙනෙහසක් පෙන්වන්නේ නැති දෙමාපියන් යටතේ හැදෙන දරුවන්ට ස්ථුලතාව ඇති වෙන්න තියෙන ඉඩ කඩ 30%කින් වැඩියි කියලා මොන්ට්‍රියල් නගරයේ පර්යේෂකයන් කියනවා.

ඔබ දැන සිටියාද? දරුවන්ව හදා වඩා ගන්න හරි විදිහ ගැන සියවස් ගණනාවකට කලින් බයිබලයේ කියලා තිබුණා.—කොලොස්සි 3:21.

නෙදර්ලන්තය

රැකියාවේ වැඩයි ගෙදර වැඩයි පටලවාගන්න දෙමාපියන්ට වඩා එහෙම කරන්නේ නැති දෙමාපියන් දරුවන්ට වැඩි අවධානයක් දෙනවා කියලා ලන්දේසි පවුල් ගැන කළ අධ්‍යයනකින් හෙළි වුණා. උදාහරණයකට ගෙදර ආවට පස්සෙත් රැකියාව හා සම්බන්ධ දුරකථන ඇමතුම්වලට කාලය දෙනවා නම් දරුවන්ට අවශ්‍ය අවධානය දෙන්න බැරි වෙනවා.

ටිකක් හිතන්න. “අහස යට සිදු වන සෑම දෙයකටම නියමිත කාලයක් ඇත.”—දේශනාකාරයා 3:1.