Skip to content

පටුනට යන්න

සන්තෝෂය

සන්තෝෂය

සන්තෝෂය

Insight on the Scriptures නමැති පොතෙනි.

සන්තෝෂය යනු සාපේක්ෂ වශයෙන් දීර්ඝ කාලයක් පවතින සුවදායි තත්වයකි. ඉන් හුදෙක් සෑහීම ගෙන දෙන හැඟීමක් හෝ අතිමහත් ප්‍රබෝධයක් අද්දැකිය හැක. සන්තෝෂය දිගටම පවත්වාගැනීමට මිනිසා තුළ ස්වාභාවික ආශාවක් ඇත. එනිසා එය අහම්බෙන් අද්දකින හුදු ආස්වාදයකට වඩා වෙනස්ය.

“සන්තෝෂය” සඳහා යොදා තිබෙන හෙබ්‍රෙව් වචනය ʹඒˈෂේර් (ගීතාවලිය 40:4) වන අතර, ඊට සම්බන්ධ ක්‍රියා පදය වන ʹආ·ෂේර්ˈ යන්නෙන් අදහස් වන්නේ “සන්තෝෂයයි පැවසීම” වේ. (උත්පත්ති 30:13) මෙම හෙබ්‍රෙව් යෙදුම් භාවිත කරන්නේ මනුෂ්‍යයන් හා සම්බන්ධ ක්‍රියාවලටය. ඒවායින් බොහෝවිට ඇඟවෙන්නේ යටහත් පහත් අයට සැලකිල්ල දැක්වීම හෝ යෙහෝවා කෙරෙහි භයවීම වැනි ඒකාන්ත ක්‍රියාවක ප්‍රතිඵලයකි. (ගීතාවලිය 41:1; 112:1) “සන්තෝෂය” සඳහා යොදා තිබෙන ග්‍රීක් වචනය වන්නේ ම·කාˈරි·ඔස්ය.

ගීතාවලිය සහ හිතෝපදේශ යන පොත්වල මෙන්ම යේසුස් ක්‍රිස්තුස් තම කන්ද උඩ දේශනාවේදී විශේෂයෙන්ම කතා කළ සන්තෝෂයට සම්බන්ධ විවිධ පැති බොහෝවිට විස්තර කර ඇත්තේ “ආශීර්වාද” යන යෙදුමෙනි. නමුත් එතැනට වඩාත් යෝග්‍ය යෙදුම වන්නේ සන්තෝෂය යන වචනයයි. මන්දයත් හෙබ්‍රෙව් සහ ග්‍රීක් ලියවිලිවල “ආශීර්වාද” යන වචනය සඳහා වෙනත් වචන තිබෙන හෙයිනි. (හෙබ්‍රෙ.; බා·රාක්ˈ, ග්‍රීක්; ඉයු·ලො·ජිˈඔ). තවදුරටත් “ආශීර්වාදය” යන වචනයෙන් ආශීර්වාද කිරීමේ ක්‍රියාවලිය අර්ථවත් වන අතර, “සන්තෝෂය” යන වචනයෙන් අපේ මනසට නැඟෙන්නේ, දෙවි ආශීර්වාද කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වන සුවදායි තත්වයකි. නූතන පරිවර්තනයන් බොහොමයක් ʹආ·ෂේර්ˈ සහ ම·කාˈරි·ඔස් යන යෙදුම්වලට යොදා ඇත්තේ “සන්තෝෂය” සහ “සන්තෝෂවත්භාවය” යන වචනයි. කිං ජේම්ස් පරිවර්තනයෙහි ක්‍රියා 26:2 සහ රෝම 14:22හි ම·කාˈරි·ඔස් යන වචනය පරිවර්තනය කරන්නේ “සන්තෝෂය” කියාය.

යෙහෝවා සහ යේසුස් ක්‍රිස්තුස්. යෙහෝවා ‘සන්තෝෂවත් දෙවි’ වන අතර, ඔහුගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්ව ‘සන්තෝෂවත් එකම අධිපතියා’ ලෙස හඳුන්වා තිබේ. (1 තිමෝති 1:11; 6:15NW) ස්වර්ගයට සහ පොළොවට දුෂ්ටකම හඳුන්වා දීම තුළින් යෙහෝවාගේ නාමයට හා ස්වාධිපත්‍යයට අභියෝගයක් එල්ල වී තිබුණත් තමා අරමුණු කරන සියල්ල යෙහෝවා ඉටු කරන බව ස්ථිරයි. ඔහු අරමුණු කරන දෙය ඉක්මවා යමක් කිරීමට කිසිම කෙනෙකුට නොහැක. (යෙසායා 46:10, 11; 55:10, 11) තත්වයන් වෙනස් කිරීමට ඔහුට බලය තිබියදීත්, එය පැවතීමට ඉඩ දීමෙන් ඔහු පෙන්වන දිගුකල් ඉවසීමට නිශ්චිත අරමුණක් හා ඉලක්කයක් ඇත. එහෙයින් ඔහු සන්තෝෂවත්ය. මේ ගැන ප්‍රේරිත පාවුල් මෙසේ ලියයි: ‘දෙවි තමන්ගේ උදහස පෙන්වන්ටත් තමන්ගේ බලය ප්‍රකාශ කරන්ටත් කැමතිව, විනාශයට සූදානම් කරන ලද උදහසේ භාජන ගැන බොහෝ ක්ෂාන්තියෙන් ඉවසා, මහිමය පිණිස පූර්වයෙන් තමන් විසින් සූදානම් කරන ලද දයාවේ භාජන . . . කෙරෙහි, තම මහිමයේ සම්පත ප්‍රකාශ කරන්ට කැමති වූයේ නම් කිමෙක්ද?’—රෝම 9:22-24.

එහෙයින් ගීතිකාකරු හඬ නඟා මෙසේ පවසයි: ‘යෙහෝවාගේ මහිමය සදාකල් පවතීවා; යෙහෝවා ස්වකීය කර්මාන්ත කෙරෙහි සන්තෝෂ වෙත්වා.’ (ගීතාවලිය 104:31) ඔහු ශ්‍රේෂ්ඨතම මෙන්ම උත්තරීතරම සපයන්නා වන අතර, තම මැවිලි කෘතඥතාවක් නොපෙන්වන නිසා ඔහුගේ ත්‍යාගශීලීභාවය සහ දයාන්විත, ප්‍රේමනීය ආකල්පය ඔහු වෙනස් කරගන්නේවත්, ඒ ගැන කලකිරෙන්නේවත් නැත. “සෑම යහපත් දීමද, සෑම සම්පූර්ණ දීමනාවද කිසි වෙනස්වීමක්වත් හැරීමේ ඡායාවක්වත් නැත්තාවූ ආලෝකවල [පියාණන්] කෙරෙහි ඉහළින් බැස එන්නේය.” (යාකොබ් 1:17) තම පියාණන් කෙරෙහි පූර්ණ විශ්වාසය තබන එමෙන්ම සැමවිටම ඔහුව සතුටු කිරීම සඳහා දේවල් කරන ඔහුගේ පුත් යේසුස් ක්‍රිස්තුස් සන්තෝෂවත්ය. (යොහන් 8:29) පරීක්ෂා හා පීඩාවලට මුහුණ දුන් විටදී පවා යේසුස්ට අභ්‍යන්තර ප්‍රීතිය තිබිණ.—හෙබ්‍රෙව් 12:2; සසඳන්න මතෙව් 5:10-12.

සැබෑ සන්තෝෂයට පදනම කුමක්ද?

බයිබලයේ පොරොන්දු වෙන සන්තෝෂය රඳා පවතින්නේ දෙවිත් සමඟ තිබෙන නිසි සබඳතාව මතයි. එම සන්තෝෂය යථාර්ථයක් බවට පත් වන්නේ දෙවිට තිබෙන ප්‍රේමය සහ ඔහුට පිරිනමන විශ්වාසවන්ත සේවය මගිනුයි. යෙහෝවාට පක්ෂපාත නොවී සැබෑ සන්තෝෂය අත් කරගත නොහැක. එය ඔහුගේ ‘යහපත් දීමේ’ හා ‘සම්පූර්ණ දීමනාවේ’ එක් අංගයක් නිසා, සැබෑ සන්තෝෂය ලබාගැනීම සඳහා ඔහුගේ ආශීර්වාදය අත්‍යවශ්‍යයි.

මහත් ධන සම්භාරයකින් හෝ බලයකින් සන්තෝෂය ලැබෙන්නේ නැත. “ගැනීමට වඩා දීම ආශීර්වාදයක් [සන්තෝෂයක්, NW]” බව යේසුස් පැවසීය. (ක්‍රියා 20:35) එනිසා යටහතුන්ට සැලකිල්ල දක්වන අය, දීමෙන් ලබන සන්තෝෂය භුක්ති විඳින බව මෙලෙස පොරොන්දු වී තිබේ. එනම් ‘යෙහෝවා ඔහුව රක්ෂා කරන්නේය. ඔහුගේ දිවි රකින්නේය. ඔහු පොළොවෙහි ආශීර්වාද ලද්දෙක් [සන්තෝෂවත් කෙනෙක්, NW] වන්නේය’ කියායි. (ගීතාවලිය 41:1, 2) සැබෑ සන්තෝෂයට දායක වන දේවල් වන්නේ යෙහෝවා සම්බන්ධයෙන් ඇති දැනුම, ඔහුගෙන් පැමිණෙන ප්‍රඥාව මෙන්ම ඔහු ලබා දෙන නිවැරදි කිරීම සහ හික්මවීම යනාදියයි. (හිතෝපදේශ 2:6; 3:13, 18; ගීතාවලිය 94:12) සැබවින්ම සන්තෝෂවත් පුද්ගලයෙක් යෙහෝවා කෙරෙහි විශ්වාසය තබයි (හිතෝපදේශ 16:20). ඔහුගේ ව්‍යවස්ථාව ගැන ප්‍රීති වන අතරම එය පිළිපදියි (ගීතාවලිය 1:1, 2; 112:1). යුක්තිගරුකව ක්‍රියා කරයි (ගීතාවලිය 106:3). එමෙන්ම දෙවි කෙරෙහි බියක් විදහාපෙන්වයි (ගීතාවලිය 128:1).

සන්තෝෂවත් ජාතියක්. ජාතියක් තම දෙවි ලෙස යෙහෝවාව ඇත්තටම අනුගමනය කළහොත් සහ ඔහුගේ අණ පනත්වලට කීකරු වුවහොත් මුළු ජාතියටම හෝ ජන කොටසටම සන්තෝෂය අත් විය හැකියි. (ගීතාවලිය 33:12; 144:15) දාවිත්ගේ ධර්මිෂ්ඨ පාලනයෙන් පසුවත් සාලමොන් රජ යෙහෝවාගේ ව්‍යවස්ථාව පැවැත්වූ කාලය අතරතුරේදීත් ඉශ්‍රායෙල් ජාතිය සුරක්ෂිතභාවයත් සන්තෝෂයත් අද්දුටුවෝය. එය මෙසේ විස්තර කර ඇත: ඔවුහු “මුහුදු වෙරළේ වැලි මෙන් ගණනින් අධිකව සිටියෝය. ඔව්හු කමින් බොමින් ප්‍රීතිවෙමින් පසුවූහ.” (1 රාජාවලිය 4:20, 25; 10:8; 2 ලේකම් 9:7) ජාතියක් කෙරෙහි ධර්මිෂ්ඨ පාලනයකට ඇති කළ හැකි බලපෑම මෙමගින් මනාව පිළිබිඹු වේ. (හිතෝපදේශ 29:2, 18 සසඳන්න.) තමන් ආබ්‍රහම් හා යාකොබ්ගෙන් මාංසිකව පැවත එන්නන් නිසා ‘යෙහෝවා ස්වකීය දෙවි කොට සලකන සන්තෝෂවත් ජාතිය’ තමන්යයි සිතා සිටි ජාතිවාදී යුදෙව්වරුන්ට, ජාතියක් හැටියට සන්තෝෂයෙන් සිටීම සඳහා අවශ්‍ය කරන දේ යේසුස් අවධාරණය කරන්ට විය. (ගීතාවලිය 33:12) දෙවිගේ රාජ්‍යය ඔවුන්ගෙන් අහක් කොට එය “ඵල උපදවන ජාතියකට දෙනු [ලබන]” බව ඔහු පැහැදිලිවම ඔවුන්ට පැවසීය. (මතෙව් 21:43) ප්‍රේරිත පාවුල් “ජාතිය” යන යෙදුම පසු කාලයකදී යේසුස් සමඟ එකමුතුව කටයුතු කරන ආත්මික පුද්ගලයන්ට අදාළ කර දැක්වීය. “අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් [තැනැත්තාගේ] උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද [දෙවි] සන්තක සෙනඟක්ද වන්නහුය” කියා ඔහු පැවසීය.—1 පේතෘස් 2:9.

සන්තෝෂය පිළිබඳ යේසුස්ගේ උපදෙස. යේසුස් තම කන්ද උඩ දේශනාව බලපෑමෙන් යුතුව ඇරඹුවේ සන්තෝෂයේ විවිධ ස්වරූපයන් නවයක් ගැන සඳහන් කරමිනි. එනම් ස්වර්ග රාජ්‍යය උරුම කරගැනීමේ අපේක්ෂාව ඇතුව කෙනෙක්ව, දෙවිගේ අනුග්‍රහය ලබාගත හැකි තත්වයට ගෙන එන ගුණාංග සඳහන් කරමිනි. (මතෙව් 5:1-12) සඳහන් කළ මෙම සන්තෝෂයේ විවිධ ස්වරූපයන්, කාලය සහ අනපේක්ෂිත සිදුවීම් හේතුවෙන් පුද්ගලයෙක් තුළ ක්ෂණිකව හටගන්නා තත්වයකින් හෝ මානව හිතවාදී ක්‍රියාවන් පමණක් කිරීමෙන් හෝ ලැබෙන්නේ නැති බව සැලකිල්ලට ගන්න. නමුත් සැබෑ සන්තෝෂය පැමිණෙන්නේ ආත්මිකත්වය, දෙවිට නමස්කාර කිරීම සහ දෙවිගේ පොරොන්දු ඉටුවීම යන කාරණා තුළිනි. උදාහරණයකට, යේසුස් මෙසේ පවසයි: “ආත්මිකව දිළිඳු අය ආශීර්වාද ලද්දෝය.” (කිං ජේම්ස්) නැතහොත් වඩා පැහැදිලිව එය මෙසේ ප්‍රකාශ කර ඇත: “තම ආත්මික අවශ්‍යතා ගැන සාවධානව සිටින අය සන්තෝෂවත්ය; මක්නිසාද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේය.” (මතෙව් 5:3NW) තවදුරටත් ඔහු මෙසේ පවසයි: “ශෝකවන්නෝ ආශීර්වාදලද්දෝය [සන්තෝෂවත් වන්නෝය, NW]; මක්නිසාද ඔව්හු සනසනු ලබන්නෝය.” (මතෙව් 5:4) මෙසේ පවසන විට ඔහු කතා කරමින් සිටින්නේ ඕනෑම හේතුවක් වෙනුවෙන් ශෝක වන සෑම කෙනෙක් ගැනම නොවන බව පැහැදිලියි. ඔවුන් ශෝක වන්නේ තමන්ගේ දුර්වල ආත්මික තත්වය, තම පව්කාර තත්වය සහ මනුෂ්‍ය පව්කාරකම නිසා ඇති වී තිබෙන කලකිරුණු ස්වභාවය වගේම ධර්මිෂ්ඨකම සඳහා ඔවුන්ට ඇති කුසගින්න සහ පිපාසය ගැනයි. “ඔව්හු තෘප්තියට පැමිණෙන්නෝය” කියා යේසුස් පැවසූ ආකාරයටම, දෙවි එවැනි ශෝක වන්නන්ව හඳුනාගෙන තෘප්තිමත් කරවන ආත්මික ආශීර්වාදවලින් ඔවුන්ට අනුග්‍රහය දක්වයි.—සසඳන්න 2 කොරින්ති 7:10; යෙසායා 61:1-3; එසකියෙල් 9:4.

එළිදරව් නමැති පොතේ දේවදූත පණිවුඩකරුවෙක් මාර්ගයෙන් යේසුස් ක්‍රිස්තුස් සන්තෝෂයේ පැතිකඩවල් හතක් ප්‍රකාශයට පත් කරයි. (එළිදරව් 1:3; 14:13; 16:15; 19:9; 20:6; 22:7; 22:14) එම පොතේ හැඳින්වීමේ මෙසේ සඳහන් වේ: “මේ අනාගතවාක්‍යයේ වචන කියන්නාද ඒවා අසන්නෝද එහි ලියනලද කාරණා පවත්වන්නෝද ආශීර්වාදලද්දෝය, [සන්තෝෂවත් අය වෙති, NW]. මක්නිසාද කාලය ළඟය.” (එළිදරව් 1:3) එමෙන්ම එහි අවසානයේ සඳහන් වන්නේ මෙයයි: “ජීවන-වෘක්ෂයට පැමිණෙන්ට අයිතිවාසිකම ලැබෙන පිණිසත් දොරටුවලින් නුවරට [නව යෙරුසලමට] ඇතුල්වන්ට පුළුවන්වන පිණිසත් තමුන්ගේ සළු සෝදාගන්නාවූ තැනැත්තෝ ආශීර්වාදලද්දෝය [සන්තෝෂවත් අය වෙති, NW].”—එළිදරව් 22:14.

යෙහෝවා කෙරෙහි ප්‍රීති වන්න. සාරංශයක් ලෙස ගත් විට සැබෑ සන්තෝෂය අත් කරගැනීමට යන්නේ දෙවිගේ “ශුද්ධවූ ජාතිය” (1 පේතෘස් 2:9) සහ යෙහෝවාට මුළු හදින්ම සේවය කරමින් හා ඔහුට කීකරු වෙමින් එම ජාතිය සමඟ ඇසුරු කරන අනිත් සියල්ලන් බව පැහැදිලියි. ගීතිකාකරු මෙසේ පවසයි: “ධර්මිෂ්ඨයෙනි, [යෙහෝවා] කෙරෙහි ප්‍රීතිවව්; [ඔහුගේ] ශුද්ධවූ නාමයට ස්තුතිකරව්.” (ගීතාවලිය 97:12) ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානි සභාවට ලියද්දී මෙම උපදෙස ප්‍රතිනාද වීමට සලස්වයි: “[ස්වාමීන්] තුළ නිතරම ප්‍රීතිවෙන්න. ප්‍රීතිවෙන්නැයි නැවතත් කියමි.” (පිලිප්පි 4:4) එනිසා කෙනෙක්ට සන්තෝෂය අත් කරගත හැක්කේ ඔහුගේ ධනය හෝ ප්‍රඥාව තුළින්වත්, ඔහු ඉටු කරගෙන තිබෙන දේවල් තුළින්වත් නොවන බව පැහැදිලියි. එය අත් වන්නේ යෙහෝවා සම්බන්ධයෙන් ඇති දැනුම තුළිනුයි. එහෙයින් දෙවි මෙසේ උපදෙස් දෙයි: “ප්‍රඥාවන්තයා තමාගේ ප්‍රඥාව ගැන පාරට්ටුකර නොගනීවා, බලවන්තයාද තමාගේ බලය ගැන පාරට්ටුකර නොගනීවා, වස්තුකාරයා තමාගේ වස්තුව ගැන පාරට්ටුකර නොගනීවා. නුමුත් පාරට්ටුකරගන්නා පොළොවෙහි කරුණාවත් විනිශ්චයත් ධර්මිෂ්ඨකමත් පවත්වන [යෙහෝවා] මමයයි තේරුම්ගෙන, මා දැනගැනීම නම්වූ කාරණය ගැනම පාරට්ටුකරගනීවා. මක්නිසාද මා ප්‍රියවෙන්නේ මේ දේවලටය.”—යෙරෙමියා 9:23, 24.

it-1 1032-3 HAPPINESS

[31වන පිටුවේ කොටුව]

2000 “දෙවිගේ වචනය පිළිපදින්නෝ” දිස්ත්‍රික් සමුළු පවත්වන ස්ථාන

අගෝස්තු 4-6

කොළඹ (සිංහල, දෙමළ, ඉංග්‍රීසි සහ සංඥා භාෂාව), ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ

අගෝස්තු 18-20

යාපනය (දෙමළ භාෂාවෙන් පමණයි) වීරසිංහම් ශාලාව (වෙනස් විය හැක), යාපනය