Skip to content

පටුනට යන්න

ඔබට මතකද?

ඔබට මතකද?

ඔබට මතකද?

මෑතකදී පළ වූ මුරටැඹ සඟරාවේ ලිපි කියවීමෙන් ඔබ දැනුමක් ලැබුවාද? එසේ නම් පහත දක්වා ඇති එම ලිපි තුළ තිබූ විශේෂිත කරුණු මගින් ඔබගේ දැනුම උරගා බලන්න:

කොරියාවට නත්තල පැමිණියේ කෙසේද?

මුළුතැන්ගෙට අධිපති දෙවියෙක් තෑගි රැගෙන දුම්කවුළුවකින් දෙසැම්බර් මාසයේදී පැමිණෙනවා කියා කොරියාවේ සහ වෙනත් රටවල පැරණි විශ්වාසයක් තිබුණා. ඒ වගේම දෙවන ලෝක යුද්ධයෙන් පසු එක්සත් ජනපදයෙහි සොල්දාදුවන් පල්ලි මාර්ගයෙන් තෑගි සහ සහනාධාර දීම නත්තල් කාලයේදී සිදුවීමත් හේතු වී තිබෙනවා.—12/15, පිටු 4, 5.

යෙසායා 21:8, ඉටුවීමක් ලෙස දෙවි අපේ කාලයේ පත් කර ඇති “මුරකරුවා” කවුද?

ආලේප ලත් ක්‍රිස්තියානීන් මුරකරු පංතිය වශයෙන් ක්‍රියා කරමින් බයිබල් අනාවැකි ඉටුවීමක් වන ලෝක සිදුවීම් කෙරෙහි මනුෂ්‍යයන්ගේ අවධානය යොමු කරවා තිබෙනවා. එවගේම ඔවුන් බයිබල් ශිෂ්‍යයන්ට ශුද්ධ ලියවිල්ලට පටහැනි ඉගැන්වීම් සහ ක්‍රියා පිළිවෙත් හඳුනාගෙන එයින් වැළකීමටද උපකාර කර තිබෙනවා.—1/1, පිටු 8, 9.

“පෝලන්ත සොහොයුරෝ” යනු කවුරුන්ද?

ඔවුන් 16වන සහ 17වන සියවසේ පෝලන්තයේ විසූ කුඩා ආගමික කණ්ඩායමක්. එම කණ්ඩායම පල්ලියේ ඉගැන්වීම් වන ත්‍රිත්වය, ළදරු බව්තීස්මය, නිරාගින්න වැනි දේ ප්‍රතික්ෂේප කළ අතර බයිබලය කෙරෙහි විශ්වාස කිරීමට දිරිගැන්වුවා. කාලයක් ගිය පසු ඔවුන්ට දරුණු ලෙස පීඩා කළ අතර වෙනත් රටවලට විසිර යෑමට සිදු වුණා.—1/1, පිටු 21-3.

අනාවැකි පළකරන්නන්ගේ හෝ ජ්‍යොතිඃ ශාස්ත්‍රඥයන්ගේ අනාවැකිවලට වඩා බයිබල් අනාගතවාක්‍යයන් විශ්වාස කළ හැක්කේ ඇයි?

අනාගතවක්තෘවරුයයි කියා සිටින මෙම මනුෂ්‍යයන් යෙහෝවා දෙවි සහ ඔහුගේ වචනය නොසලකා හැර තිබෙන නිසා ඔවුන් විශ්වාසනීය නොවන බව ඔප්පු වී තිබෙනවා. ඔබටත් ඔබේ පවුලටත් සදාකාලික ආශීර්වාද ගෙනෙමින්, සිදු වන සිදුවීම් දෙවිගේ අරමුණට ගැළපෙන ආකාරය තේරුම්ගැනීමට උපකාර කළ හැක්කේ බයිබල් අනාවැකිවලට පමණයි.—1/15, පිටුව 3.

අප අන්තිම කාලයේ ජීවත් වන බවට ඇති සමහර සාක්ෂි මොනවාද?

සාතන්ව ස්වර්ගයෙන් පිටුවහල් කිරීමේ බලපෑම් අපට දැනෙනවා. (එළිදරව් 12:9) ඒ වගේම එළිදරව් 17:9-11 දක්වා සඳහන් කර ඇති ආකාරයට අප ජීවත් වන්නේ අවසාන ‘රජුගේ’ කාලයෙයි. මහත් පීඩාව ආරම්භ වන විට පෙනෙන ආකාරයට පොළොව මත සැබෑ ආලේප ලත් ක්‍රිස්තියානීන් සිටීමට නියමිත වුණත්, ඔවුන්ගේ සංඛ්‍යාව අඩු වෙමින් පවතිනවා.—1/15, පිටු 12, 13.

හබක්කුක් පොත ලියනු ලැබුවේ කවදාද? එවගේම එහි පවසන දේ ගැන අප උනන්දු විය යුත්තේ මන්ද?

එය ලියනු ලැබුවේ පො.යු.පෙ. 628දී පමණය. යෙහෝවා විසින් පුරාණ යුදාවරුන්ට සහ බබිලෝනියට එරෙහිව ක්‍රියාත්මක කළ විනිශ්චය එහි සඳහන් වෙයි. ඒ වගේම දැන් පවතින දුෂ්ට ක්‍රමයට එරෙහිව ඉතා ඉක්මනින් ගෙනෙන දිව්‍ය විනිශ්චය ගැනද එහි සඳහන් කර තිබෙනවා.—2/1, පිටුව 8.

කාර්යක්ෂම බිරිඳක් සම්බන්ධයෙන් මවකගේ ඔවදන් බයිබලයේ සඳහන් කර ඇත්තේ කොහේද?

හිතෝපදේශ පොතේ අවසාන පරිච්ඡේදය වන 31වන පරිච්ඡේදය කදිම ඔවදන් මාලාවක් සපයනවා.—2/1, පිටු 30, 31.

යෙහෝවා අපට “ක්‍රිස්තුගේ මනස” එළිදරව් කිරීම ගැන කෘතඥපුර්වක විය හැක්කේ ඇයි? (1 කොරින්ති 2:16NW)

සුවිශේෂ වාර්තා මගින් යේසුස්ගේ සිතුවිලි, හැඟීම්, ක්‍රියාවන් සහ ප්‍රමුඛතාවන් දැනගැනීමට යෙහෝවා අපට මාර්ගයක් සලසා තිබෙනවා. මේ තුළින් විශේෂයෙන්ම ජීවිත ගළවන දේශනා සේවයේදී අප දරන වෑයම සම්බන්ධයෙන් යේසුස් මෙන් ක්‍රියා කිරීමට අපට උපකාරයක් සපයනවා.—2/15, පිටුව 25.

අදදින දෙවි යාච්ඤාවලට පිළිතුරු සපයනවාද?

ඔව්. එහෙත් බයිබලයේ පවසනවා දෙවි සෑම යාච්ඤාවකටම පිළිතුරු නොදෙන බව. නමුත් සහනයක් ලබාගැනීමට, හා විවාහ ජීවිතයේ ගැටලු විසඳාගැනීමට උපකාර ඉල්ලමින් මනුෂ්‍යයන් කරන යාච්ඤාවලට දෙවි ඇත්තටම පිළිතුරු දෙන බවට නවීන දින සාක්ෂි තිබෙනවා.—3/1, පිටු 3-7.

දෙවිගේ ශක්තිය ලබාගැනීමට අප කුමක් කළ යුතුද?

යාච්ඤාව තුළින් අපට එය ඉල්ලීමට පුළුවන්. ඒ වගේම බයිබලයෙන් ආත්මික ශක්තිය ලබාගත හැකි අතර ක්‍රිස්තියානි ඇසුර තුළිනුත් යෙහෝවා අපව ශක්තිමත් කරනවා.—3/1, පිටු 15, 16.

දරුවන්ට රැස්වීම්වලින් වැඩි ප්‍රයෝජන ලබාගැනීම සඳහා උපකාර කිරීමට දෙමාපියන්ට හැක්කේ කෙසේද?

රැස්වීමට ගෙන ඒමට පෙර ඔවුන්ට කෙටි නින්දක් ලබා දීමෙන් රැස්වීම පැවැත්වෙන විට අවදිව සිටීමට ඔවුන්ට පුළුවන් වෙයි. හුරු පුරුදු වචන සහ නම් ආදිය ඇසෙන විට “සටහන්” කරගැනීමට දරුවන්ව උනන්දු කළ හැකියි.—3/15, පිටු 17, 18.

යෝබ්ගේ ආදර්ශයෙන් අපට ඉගෙනගත හැකි සමහර දේවල් මොනවාද?

යෝබ් දෙවි සමඟ තිබූ ඔහුගේ සම්බන්ධතාවයට පළමු තැන දුන්නා. සෙසු මනුෂ්‍යයන් සමඟ අපක්ෂපාතිව කටයුතු කළා. ඒ වගේම ඔහුගේ විවාහ සහකාරියට විශ්වාසවන්ත වීමට දැරූ වෑයම, පවුලේ ආත්මිකත්වය සඳහා දැක්වූ උනන්දුව සහ පීඩා යටතේ විශ්වාසවන්තව සිටීම වැනි දේ ඇත්තෙන්ම කදිම ආදර්ශයක්.—3/15, පිටු 25-7.

අනාවැකි පළ කළ හැකි ගුප්ත පණිවුඩයක් බයිබලයේ අඩංගු වී තිබෙනවාද?

පිළිතුර නැත යන්නයි. මෙම විද්‍යාත්මක නොවන ක්‍රමය යොදාගනිමින් වෙනත් ඕනෑම පොතකින් පවා සැඟවුණු දේවල් සොයාගත හැක. පැරණි හෙබ්‍රෙව් පිටපත්වල පණිවුඩය එලෙසම පැවතුණත් අකුරෙන් අකුරට බැලූ විට එකිනෙකට වෙනස් නිසා ඇත්තෙන්ම එවන් අනාවැකි නිෂ්ඵලයි.—4/1, පිටු 30, 31.