ඔබේ සුදුසුකම් පිළිබඳව ඔබ අන්‍යයන්ට ඒත්තුගන්වනවාද?
ඔබේ සුදුසුකම් පිළිබඳව ඔබ අන්‍යයන්ට ඒත්තුගන්වනවාද?
‘ඕන කෙනෙක් ඕන දෙයක් හිතාගත්තුදෙන්, මට මොකද!’ සමහරවිට කලකිරීමට හෝ කෝපයට පත් වූ මොහොතකදී ඔබත් මෙසේ පවසා ඇති. නමුත් ඔබේ චිත්තවේගයන් සන්සුන් වූ විගසම ඔබ පසුතැවෙන්න පටන්ගන්නවා. අන්‍යයන් අප ගැන සිතන ආකාරය ගැන අපි සියලුදෙනාටම ඇත්තෙන්ම තැකීමක් තිබෙන බව මෙයින් පැහැදිලි වෙනවා.
ඇත්තෙන්ම, අන්‍යයන්ගේ හැඟීම් ගැන සැලකිලිමත් වීම යහපත් දෙයක්. ඒ වගේම, අප දෙවිගේ පත් කරන ලද ක්‍රිස්තියානි සේවකයන් වශයෙන් “මුළු ලෝකයටම ප්‍රසිද්ධ ප්‍රදර්ශනයක් වී” සිටින නිසා, අන්‍යයන් අප ගැන දරන ආකල්පය ගැනද විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. නමුත් අප මේ සම්බන්ධයෙන් අන්තයට යන එක සුදුසු නැහැ. (1 කොරින්ති 4:9, NW) මේ පිළිබඳව ප්‍රේරිත පාවුල්ගේ නැණවත් උපදෙස් සලකා බැලීම යෝග්‍යයි. නව ලෝක පරිවර්තනයේ 2 කොරින්ති 6:3, 10හි අපට එය මෙසේ කියවීමට තිබෙනවා. “අපගේ සේවයට දෝෂ නොපැමිණෙන පිණිස, කිසිවකින් බාධාවීමට කිසිම ප්‍රස්තාවක් නොදී, දෙවිගේ සේවකයන් වශයෙන් අපට සුදුසුකම් ඇති බව සෑම කාරණයකදීම ඒත්තුගන්වමු.”
අන්‍යයන්ට අපේ සුදුසුකම් පිළිබඳව ඒත්තුගන්වනවා කීමෙන් අදහස් වන්නේ කුමක්ද? අප අප ගැනම වර්ණනාවක් කළ යුතුයි කියාවත්, අනවශ්‍ය ලෙස අප වෙතට අන්‍යයන්ගේ අවධානය ඇදගත යුතුයි කියාවත් මෙයින් අදහස් වේද? කොහෙත්ම නැහැ! එයින් අදහස් වන දේ පිළිබඳව 1 පේතෘස් 2:12හි අපට මෙසේ කියවීමට තිබෙනවා. ‘අන්‍යජාතීන් ඔබේ යහපත් ක්‍රියා දැක, දෙවිට ගෞරව කරන පිණිස, ඔවුන් අතරේ ඔබේ හැසිරීම ඔබින ලෙස පවත්වන්න.’ ක්‍රිස්තියානීන් අන්‍යයන්ට තම සුදුසුකම් පිළිබඳව ඒත්තුගන්වන්නේ තම යහපත් ක්‍රියා තුළින් බව මෙයින් පැහැදිලි වෙනවා. අවසාන ප්‍රතිඵලය වශයෙන් මෙතුළින් දෙවිට ගෞරවයත් ප්‍රශංසාවත් ලැබෙනවා. ඊට අමතරව, අන්‍යයන්ට ඒත්තුගැන්වීමෙන් අපත් ප්‍රයෝජන අත් කරගන්නවා. මෙලෙස ප්‍රයෝජන ලබාගත හැකි පැති තුනක් ගැන අපි දැන් සාකච්ඡා කරමු.
විවාහ කලත්‍රයෙක් සොයද්දී
නිදසුනක් වශයෙන් විවාහය ගැන සලකා බලන්න. එය “ස්වර්ගවල ද පොළොවෙහි ද සියලු පවුල්වල එපීස 3:14, නව අනුවාදය) ඔබ තනිකඩයෙක් නම් ඔබත් සමහරවිට විවාහය ගැන කල්පනා කරනවා විය හැකියි. එසේ නම්, ඔබ විවාහයට සුදුසුයි කියා අන්‍යයන්ට ඒත්තුගන්වනවාද? ඔබ ඔවුන් අතරේ මේ සම්බන්ධයෙන් හොඳ නාමයක් දිනාගෙන තිබෙනවාද?
ද ප්රභවය වන” යෙහෝවා දෙවිගෙන් ලද ත්‍යාගයක්. (ඇතැම් රටවල මෙය ඉතා වැදගත් කොට සලකනවා. ඝානාව මෙයට හොඳ නිදසුනක්. එම රටේ දෙදෙනෙක් විවාහ වෙන්න කැමැත්තක් දක්වනවා නම් ඔවුන් මුලින්ම තම දෙමව්පියන්ට ඒ ගැන දැනුම් දෙනවා. දෙමව්පියන් පවුලේ අනිත් සාමාජිකයන්ට දැනුම් දෙනවා. ඊට පස්සේ, තරුණයාගේ පවුලේ අය තරුණියගේ චරිතය ගැන සොයා බලනවා. මේ සඳහා ඔවුන් ඇයව හොඳින් දන්නාඳුනන අයගෙන් විමසා බලනවා. ඇය තමන්ගේ පුතාට සුදුසු කලත්‍රයෙක් කියා නිශ්චය කරගත් පසු, තරුණියගේ පවුලේ අයට ඔවුන් කැමැත්ත ප්‍රකාශ කරනවා. ඊට පස්සේ, තරුණියගේ පවුල තරුණයාගේ චරිතය ගැන විමසා බලනවා. මෙසේ විවාහය ගිවිසගැනීමට පෙර දෙපාර්ශ්වයම තමන් විවාහ වීමට අපේක්ෂා කරන කෙනා විවාහයට සුදුසුද නැද්ද කියා කලින්ම නිශ්චය කරගන්නවා. ඝානාවේ ආප්තෝපදේශයක මෙසේ පවසනවා. “විවාහ වෙන්න කලින් දන්නාඳුනන අයගෙන් විමසා බලන්න.”
බටහිර රටවල තත්වය කුමක්ද? සාමාන්‍යයෙන් එකිනෙකාට තම තමාගේ කලත්‍රයාව තෝරාගැනීමට නිදහස තිබුණත්, ක්‍රිස්තියානියෙක් විසින් තම අනාගත කලත්‍රයා ගැන කලින් සොයා බලන එක නුවණට හුරුයි. මේ සම්බන්ධයෙන් අනාගත කලත්‍රයාගේ දෙමව්පියගෙන් නැත්නම් මේරූයයි සැලකිය හැකි ඔහුගේ මිත්‍රයන්ගෙන් අවංක අදහස් දැනගැනීම යෝග්‍යයි. පවුල් සන්තෝෂයට රහස නමැති පොත පවසන ආකාරයට ස්ත්‍රියකට මෙවැනි තොරතුරු රැස් කරගන්න පුළුවන්. “‘ඔහු අන්‍යයන් ඉදිරියේ දිනාගෙන ඇත්තේ කෙබඳු නාමයක්ද? ඔහුගේ මිත්‍රයන් කවුද? ඔහු ආත්මදමනය විදහාපාන්නෙහිද? ඔහු මහලු අයට සලකන්නේ කෙසේද? ඔහු පැමිණෙන්නේ කිනම් ආකාරයක පවුලකින්ද? ඔවුන් සමඟ ඔහු ක්‍රියා කරන්නේ කෙලෙසද? මුදල් සම්බන්ධයෙන් ඔහුගේ ආකල්පය කුමක්ද? ඔහු මත්පැන් අනිසි ලෙස භාවිත කරන්නෙක්ද? ඔහු නිතර වෙනස් වන ගති ඇති, ප්‍රචණ්ඩකාරිත්වය පවා දක්වන පුද්ගලයෙක්ද? ඔහුට තිබෙන්නේ කුමන සභා වගකීම්ද, එමෙන්ම ඔහු ඒවා හසුරුවන්නේ කෙසේද? ඔහුට ගැඹුරු ගෞරවයක් දැක්වීමට මට හැකිද?’—ලෙවී කථාව 19:32; හිතෝපදේශ 22:29; 31:23; එපීස 5:3-5, 33; 1 තිමෝති 5:8; 6:10; තීතස් 2:6, 7.” a
ක්‍රිස්තියානි ස්ත්‍රියක් විවාහයට සුදුසුද නැද්ද කියා පුරුෂයෙකු විසින්ද මෙලෙස විමසා බැලීම යෝග්‍යයි. බෝවස් රූත්ව විවාහ කරගැනීමට පෙර මෙවැනි දෙයක් කළ බවට බයිබලය අපට ඉඟියක් දෙයි. “විදේශීවූ මා සලකන ලෙස ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබී තිබෙන්නේ මක්නිසාද”? කියා රූත් බෝවස්ගෙන් ඇසූ විට, ඔහු මෙසේ පිළිතුරු දුන්නා. ‘නුඹ කළ සියල්ල මට සම්පූර්ණයෙන් දන්වා තිබේ.’ (රූත් 2:10-12) රූත්ගේ පක්ෂපාතකම, කඩිසරකම මෙන්ම ඇය කැපවීමකින් වැඩ කළ ආකාරය ඔහු ඇස්වලින් දුටුවා පමණක් නොවේ නමුත් ඒ සම්බන්ධයෙන් අන්‍යයන්ගෙන්ද ආරංචි වී තිබුණ බවත් පැහැදිලියි.
මේ හා සමානව, විවාහය සඳහා ඔබට සුදුසුකම් තිබෙනවාද නැද්ද කියා අන්‍යයන් නිශ්චය කරගන්නේ ඔබේම හැසිරීම අනුවයි. මේ සම්බන්ධයෙන් ඔබ අන්‍යයන්ට ඒත්තුගන්වන්නේ කොහොමද?
රැකියා ස්ථානයේදී
රැකියා ස්ථානයේදීත් යහපත් හැසිරීමෙන් ප්‍රයෝජන අත් කරගත හැකියි. අප ජීවත් වන්නේ තරඟකාරි ලොවකයි. ඒ නිසා රැකියාවක් සොයාගැනීම පවා සෑහෙන දුෂ්කර කාර්යයක් විය හැකියි. ඒ වගේම, නිතරම අකීකරු වන හෝ ප්‍රමාද වී වැඩට පැමිණෙන, වංක ලෙස කටයුතු කරන සේවකයන් වැඩි කල් යන්න කලින් තම රැකියා අහිමි කරගන්නවා. සමහර සමාගම් මුදල් ඉතිරි
කරගැනීමේ අදහසින් තම අද්දැකීම් ලත් සේවකයන්ව පවා අස් කර දමනවා. සාමාන්‍යයෙන් රැකියා විරහිත කෙනෙක් රැකියාවක් සඳහා අයැදුම් කරද්දී, ඔහුගේ සුදුසුකම් නිශ්චය කරගැනීම සඳහා කලින් සේවය කළ සමාගම්වලින් ඔහු ගැන විපරම් කර බලනවා. ඔහුට තිබෙන්නේ මොන වගේ ආකල්පද, රැකියා ස්ථානයේදී හැසුරුණු ආකාරය මෙන්ම ඔහුගේ රැකියා පළපුරුද්ද පිළිබඳවද ඔවුන් සොයා බලනවා. තමන්ගේ ගෞරවනීය හැසිරීමෙන්, විනීතව ඇඳපැළඳ සිටීමෙන්, ප්‍රසන්න පෙනුමෙන් හා අනර්ඝ ක්‍රිස්තියානි ගුණාංගවලින් බොහෝ ක්‍රිස්තියානීන් තමන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් තම ස්වාමිවරුන්ට ඒත්තුගන්වා තිබෙනවා.බොහෝ රැකියා ස්ථානවලදී අගය කරන එක් ගුණාංගයක් වන්නේ අවංකකමයි. ප්‍රේරිත පාවුල් කළාක් මෙන් අපත් ‘සියල්ලේදී අවංක ලෙස හැසිරෙන්න’ වෙර දැරිය යුතුයි. (හෙබ්‍රෙව් 13:18, NW) ඝානාවේ එක් කැණීම් සමාගමක සුළු සුළු සොරකම් සිදු වන බව පෙනෙන්න තිබුණා. එම සමාගමේ එක්තරා අංශයක සේවකයන් කිහිපදෙනෙකුටම තම රැකියා අහිමි වූ නමුත් එම අංශය අධීක්ෂණය කරන සාක්ෂිකරුවෙකුට නම් එසේ සිදු වූයේ නැහැ. ඒ ඇයි? අවංකකම සම්බන්ධයෙන් ඔහු වසර ගණනාවක් පුරා දිනාගෙන තිබූ හොඳ නාමය නිසයි. ඔව්, ඔහු අධිකාරයට යටත් වන, අවංක සේවකයෙක් කියා කොයි කවුරුත් දැන සිටියා. අවංකකම අපව ආරක්ෂා කරන ආකාරය මෙයින් පැහැදිලි වන්නේ නැද්ද?
ක්‍රිස්තියානියෙකුට රැකියාවක් ලබාගැනීමේ තම ප්‍රස්තාවන් වැඩි දියුණු කරගත හැක්කේ කෙසේද? තමාට ලැබෙන ඕනෑම රැකියාවක් සම්බන්ධව තම කුසලතා දියුණු කරගැනීමෙන් තම දක්ෂතාව ගැන අන්‍යයන්ට ඒත්තුගැන්වීමෙනුයි. (හිතෝපදේශ 22:29) කඩිසරව මෙන්ම කැපවීමකින් යුක්තව වැඩ කරන්න. (හිතෝපදේශ 10:4; 13:4) ඔබේ ස්වාමියාට හා ඔබව අධීක්ෂණය කරන තැනැත්තාට ගෞරවය දෙන්න. (එපීස 6:5) අවංක, වේලාවට වැඩට වාර්තා කරන, වෙහෙසී කාර්යක්ෂම ලෙස වැඩ කරන සේවකයන් ඕනෑම ස්වාමියෙකුගේ සිත්ගනියි. ඔබ මෙවැනි ගුණාංග වර්ධනය කරගන්නවා නම් රැකියා හිඟ කාලවලදී පවා ඔබට එය උපකාරි වනවා නොඅනුමානයි.
සභා වගකීම් අත් කරගැනීමට වෙර දරද්දී
දැන් පෙර කවරදාකටත් වඩා ක්‍රිස්තියානි සභාවේ වගකීම් දරන්න පුළුවන් මේරූ සහෝදරයන්ගේ අවශ්‍යතාවක් තිබෙනවා. ඒ ඇයි? යෙසායාගේ අනාවැකියක් අපට මෙසේ පිළිතුරු සපයනවා. “නුඹේ කූඩාරම තිබෙන ස්ථානය විශාලකරන්න, ඔව්හු නුඹේ වාසස්ථානවල තිර දිගහරිත්වා.” (යෙසායා 54:2) මෙම අනාවැකියට අනුව යෙහෝවාගේ ලෝක ව්‍යාප්ත සංවිධානය දැන් දිගින් දිගටම වර්ධනය වෙමින් පවතිනවා.
ඔබ ක්‍රිස්තියානි පුරුෂයෙක් නම් සභාවේ වගකීම් දරන්න සුදුසුකම් තිබෙන බව ඔබට ඔප්පු කළ හැක්කේ කෙසේද? තරුණ තිමෝතිගේ ආදර්ශය සලකා බලන්න. “ඔහු ලුස්ත්‍රාවෙහිද ඉකෝනියෙහිද සිටි සහෝදරයන් අතරේ යහපත්යයි ප්රසිද්ධවූ කෙනෙක්ය” කියා ලූක් වාර්තා කරනවා. ඔව්, තිමෝති තම යහපත් හැසිරීම තුළින් නගර දෙකකම සිටි සහෝදරයන්ට තමන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් ඒත්තුගන්වා තිබුණා. එසේ නම්, පාවුල් තම සංචාරක සේවයට තිමෝතිව හවුල් කරගැනීම පුදුමයට කාරණයක් විය යුතුද?—ක්‍රියා 16:1-4.
දෙවි අනුමත කරන ආකාරයට ‘අවේක්ෂකකම ලබාගැනීමට’ ක්‍රිස්තියානි පුරුෂයෙක් ‘වෙර දරන්නේ’ කොහොමද? එක් එක්කෙනා වෙතට ගොස් ඔවුන්ගේ මනාපය දිනාගැනීමට සූක්ෂ්ම ව්‍යාපාරයක් දියත් කිරීමෙන් නොවේ. නමුත් එවැනි වගකීම් ඉසිලීමට අවශ්‍ය වන ආත්මික ගුණාංග වර්ධනය කරගැනීමෙනුයි. (1 තිමෝති 3:1, NW, 2-10, 12, 13; තීතස් 1:5-9) දේශනා කිරීමේ හා ගෝලයන් සෑදීමේ වැඩයට පූර්ණ සහයෝගයක් දැක්වීමෙන්ද තමා “යහපත් වැඩකට ආශා” වන බව ඔහුට පෙන්විය හැකියි. (මතෙව් 24:14; 28:19, 20) තමන්ගේ ආත්මික සහෝදරයන්ගේ අවශ්‍යතාවන් ගැන අවංක උනන්දුවක් දැක්වීමෙන්ද ඔවුන්ට මෙසේ කරන්න පුළුවන්. ප්‍රේරිත පාවුල්ගේ මෙම උපදෙස් පිළිපැදීමද යෝග්‍යයි. “ශුද්ධවන්තයන්ගේ ඕනෑකම්වලදී උපකාරකරන්න; ආගන්තුක සත්කාරයට ලැදිව සිටින්න.” (රෝම 12:13) ක්‍රිස්තියානි පුරුෂයෙක් මෙලෙස ක්‍රියා කරද්දී ඔහු ඇත්තෙන්ම ‘දෙවිගේ සේවකයෙක් වශයෙන් තමාට සුදුසුකම්’ ඇති බව ඔප්පු කරනවා.
සෑම අවස්ථාවකදීම
අප ගැන අන්‍යයන්ට ඒත්තුගැන්වීමෙන්, අප මවාපෑමක් කළ යුතුයි කියාවත් “මනුෂ්‍යයන් සතුටු කරන්නන්” බවට පත් විය යුතුයි කියාවත් අදහස් වන්නේ නැහැ. (එපීස 6:6) ප්‍රධාන වශයෙන් ඉන් අදහස් වන්නේ, අපේ සුදුසුකම් පිළිබඳව යෙහෝවාට ඒත්තුගැන්වීමයි. අප මෙසේ කරන්නේ ඔහුගේ නීති හා ප්‍රතිපත්ති සෑම එකක්ම පිළිපැදීමට වෙර දැරීමෙනුයි. ඔබේ ආත්මිකත්වය හා යෙහෝවා දෙවි සමඟ ඔබේ සබඳතාව ඔබ තවත් ශක්තිමත් කරනවා නම්, ඔබේ පවුලේ අය, ඔබ සමඟ සේවය කරන අය හා සෙසු ක්‍රිස්තියානීන් සමඟ ඔබ කටයුතු කරන ආකාරයේ යම් දියුණුවක් ඇති බව අන්‍යයන් අවබෝධ කරගනියි. ඔබ විශ්වාසය තැබිය හැකි සමබර පුද්ගලයෙක් බවත්, ඔබ වගකීම් දැරිය හැකි, යටහත් පහත් මෙන්ම හොඳ තීක්ෂ්ණ බුද්ධියක් ඇති කෙනෙක් බවත් ඔවුන්ට වැටහෙයි. මෙලෙස ඔබ ගැන අන්‍යයන්ට ඒත්තුගන්වන විට ඔබට ඔවුන්ගේ ආදරය හා ගෞරවය දිනාගැනීමට හැකි වෙයි. වඩා වැදගත් ලෙස ඔබට යෙහෝවා දෙවිගේ අනුමැතිය ලැබෙයි.
[පාදසටහන]
a Watchtower Bible and Tract Society of New York, Inc. මගින් ප්‍රකාශිතයි.
[19වන පිටුවේ පින්තූරය]
බොහෝ ක්‍රිස්තියානි දෙමව්පියන් නැණවත් ලෙස තම පුතාගේ හෝ දුවගේ අනාගත කලත්‍රයාගේ සුදුසුකම් පිළිබඳව විමසනවා
[20වන පිටුවේ පින්තූරය]
අන්‍යයන් ගැන සැලකිලිමත් වීමෙන් තමා සභාවේ වගකීම් දරන්න සුදුසුයි කියා සහෝදරයෙක් ඒත්තුගන්වයි