අධිකාරියට ගෞරවය දිය යුත්තේ මන්ද?
අධිකාරියට ගෞරවය දිය යුත්තේ මන්ද?
අපේ දේපොළට හෝ අප ප්‍රේම කරන අයට හානියක් සිදු කරන අපරාධකරුවන්ව අත් අඩංගුවට ගන්න පොලීසියට බලය තිබීම ගැන අප සතුටු වන්නේ නැද්ද? එමෙන්ම සමාජයේ ශුභසිද්ධිය තකා අපරාධකරුවන්ට දඬුවම් කිරීමට උසාවියට යම් අධිකාරියක් තිබීම ගැන අප අගය කරන්නේ නැද්ද?
ආණ්ඩු නිලධාරීන් විසින් මහජනයාගේ යහපත උදෙසා සපයන අනෙකුත් සේවාවන්ද අපේ මනසට නැඟෙයි. මහා මාර්ග අලුත්වැඩියා කිරීම, සනීපාරක්ෂාව හා අධ්‍යාපනය වැනි එම සේවාවන් සැපයීම සඳහා ඔවුහු සාමාන්‍යයෙන් බදු අය කරති. අධිකාරිත්වයක් හොබවන එවැනි නිලධාරීන්ට අප අනිවාර්යයෙන්ම ගෞරවය දිය යුතුයි. වෙන කිසිම කෙනෙකුට වඩා ක්‍රිස්තියානීහු මෙම කාරණය පිළිගනිති. නමුත් ඔවුන්ට ගෞරවය දැක්වීමේදී යම් සීමාවක් තිබේද? අපේ ජීවිතයේ කුමන පැතිවලදීද අප එවැනි ගෞරවයක් විදහා පෙන්විය යුත්තේ?
සමාජය තුළ
ඇදහිලිවන්තයන් හෝ වේවා නොඇදහිලිවන්තයන් හෝ වේවා බයිබලය සියලුදෙනාටම සපයන්නේ එකම උපදෙස්ය. එනම් සිවිල් අධිකාරීන්ට ගෞරවය දෙන්න කියායි. මෙය, ප්‍රජාවේ සියලුදෙනාටම ප්‍රයෝජන අත් කර දෙයි. ප්‍රේරිත පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ට මේ සම්බන්ධයෙන් ලියූ දේ රෝම 13:1-7හි අපට කියවීමට තිබේ. එය දැන් සලකා බැලීම ප්‍රයෝජනවත් වේ.
පාවුල් රෝම පුරවැසියෙක් වූ අතර, ඔහු ජීවත් වූයේ රෝමය ලෝක අධිරාජ්‍යය වශයෙන් පැවති කාලයකයි. පොදු යුගයේ 56දී පමණ රෝමයේ ක්‍රිස්තියානීන්ට ඔහු ලිපියක් ලියූ අතර, ඔවුන්ට අවවාද කළේ ආදර්ශවත් පුරවැසියන් වීමටයි. ඔහු මෙසේ පැවසුවේය. “සියලුදෙනාම උසස් බලධාරීන්ට යටත් වෙන්න. මක්නිසාද දෙවිගෙන් මිස කිසි අධිකාරයක් නැත්තේය. පවතින්නාවූ අධිකාරියන් දෙවි විසින් නියම කර තිබේ [NW].”
දෙවි ඒවාට පැවතීමට ඉඩ නොදුන්නා නම් මිහිපිට කිසිම මිනිස් අධිකාරියක් පවතින්නේ නැති බව පාවුල් මෙහිදී පැහැදිලි කර දුන්නේය. මින් අදහස් කරන්නේ, දෙවිගේ විධිවිධානය යටතේ උසස් බලධාරීන්ට සාපේක්ෂ වශයෙන් යම් බලයක් තිබෙන බවය. මෙම අධිකාරීන් දෙවිගේ අවසරය ඇතිව යම් බලයක් හොබවන නිසා “[ඔවුන්ට] විරුද්ධව සිටින්නා දෙවිගේ විධිවිධානයට විරුද්ධව සිටියි [NW].”
උසස් බලධාරීන් යහපත් පුරවැසියන්ට ප්‍රශංසා කළත් වරදකරුවන්ට දඬුවම් කිරීමටත් එම අධිකාරීන්ට බලය තිබෙන බව අප අමතක නොකළ යුතුයි. ‘දෙවිගේ සේවකයෙක්’ වශයෙන් ‘පළිගන්නෙක්’ සේ ක්‍රියා කිරීමට එම අධිකාරීන්ට අයිතියක් තිබේ. එබැවින්
වැරදි ක්‍රියාවල නිරත වී සිටින අය අධිකාරීන්ට භයවීමට හොඳ හේතු ඇත.පාවුල් තම අවවාදය අවසන් කරන්නේ මෙලෙසයි. “එබැවින් උදහස නිසා පමණක් නොව හෘදය සාක්ෂිය නිසාද යටත්වෙන්ට ඕනෑය. එසේය, නුඹලා සුංගම් දෙන්නෙත් මේ නිසාය; මක්නිසාද ඔව්හු මේ කාරණයෙහිම නොකඩව යෙදී සිටින්නාවූ [දෙවිගේ] සේවකයෝය.”
බදු මුදල් යොදාගන්නේ කුමකටද යන්න තීරණය කරන්නේ බදු ගෙවන අය විසින් නොව නමුත් උසස් බලධාරීන් විසිනි. එමනිසා අවංක පුරවැසියන් වශයෙන් කටයුතු කරන ක්‍රිස්තියානීන්ට පිරිසිදු හෘදය සාක්ෂියක් රැකගත හැක. උසස් බලධාරීන්ට යටත් වෙමින් නියම කරන ලද බදු ගෙවීම තුළින්, තමන් ජීවත් වන ප්‍රදේශයේ ප්‍රමිති රැකගන්නා බවත්, දෙවි ඉදිරියේ තමන්ගේ වගකීම් ඉටු කරන බවත් ක්‍රිස්තියානීන් වටහාගෙන තිබේ.
පවුල් කවය තුළ
පවුල තුළ තත්වය කුමක්ද? ළදරු අවධියේදී සමහර දරුවන් තම අවශ්‍යතාවන් සපුරාගැනීම සඳහා ඉතා කෝපයෙන් අඬන විට, නැණවත් දෙමව්පියෝ තම දරුවන්ගේ සැබෑ අවශ්‍යතාවන් කුමක්ද කියා වටහාගෙන ඒ අනුව ක්‍රියා කිරීමට වෙර දරති. එමෙන්ම ඔවුහු තම දරුවන්ගේ සෑම ඉල්ලීමකටම යටත් නොවී සිටීමට වගබලා ගනිති. නමුත් ඇතැම් දෙමව්පියෝ, තම දරුවන් ටිකෙන් ටික ලොකු වෙද්දී ඔවුන්ට රිසි පරිදි කටයුතු කිරීමට නිදහස දෙති. එවැනි දරුවෝ හරි වැරැද්ද පිළිබඳව පෞද්ගලික මත දැරීමට පෙලඹෙති. පවුලේ පමණක් නොවේ නමුත් ඔවුන් ජීවත් වන මුළු ප්‍රදේශයේම සමාදානයට විශාල තර්ජනයක් එල්ල කරමින්, අද්දැකීම් අඩු මෙම දරුවන් අපරාධ හා වෙනත් වැරදි ක්‍රියාවලට හසු වී තිබේ. මෙය බොහෝ අධිකාරීන්ගේ අවධානයට ලක් වී තිබෙන දෙයකි.
අපටම හරියන දරුවන් (ඉංග්‍රීසියෙන්) නමැති තම කෘතියේ රොසලින්ඩ් මයිල්ස් මෙසේ සඳහන් කර තිබිණ. “සාමාන්‍යයෙන් දෙමව්පියන් දරුවන්ව හික්මවන්න පටන්ගන්න විට ප්‍රමාද වැඩියි. දරුවන්ව හික්මවීමට පටන්ගත යුත්තේ ඔවුන් උපන් දා සිටමයි.” දෙමව්පියන් මුල සිටම කරුණාවන්ත මෙන්ම සැලකිලිමත් ආකාරයට තම අධිකාරිය විදහා පෙන්විය යුතුයි. එමෙන්ම තමන් ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් වෙනස් නොවනසුලු ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුයි. එවිට දරුවන් ඔවුන්ගේ අධිකාරිය හා ප්‍රේමනීය ලෙස සපයන හික්මවීම පිළිගැනීමට නැඹුරු වේ.
පවුලේ අධිකාරිය හෙබවීම පිළිබඳව බයිබලයේ තොරතුරු රැසක් සපයා තිබේ. හිතෝපදේශ නමැති පොතේ ප්‍රඥාවන්ත සාලමොන් රජ දේවභයැති දෙමව්පියන් තම දරුවන්ව හික්මවන විට විදහා පෙන්විය යුතු එක්සත්කම ගැන මෙසේ පවසයි. “මාගේ පුත්‍රය, නුඹේ පියාගේ ගුරුකම අසන්න, නුඹේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න.” (හිතෝපදේශ 1:8) දෙමව්පියන් එකම ස්ථාවරයක සිටින විට, ඔවුන් තමන්ගෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද කියා දරුවෝ තේරුම්ගනිති. සමහර අවස්ථාවලදී දරුවන් තම වාසිය තකා දෙමව්පියන්ව එකිනෙකාට විරුද්ධව උසිගැන්වීමට වෑයම් කරති. නමුත් දෙමව්පියන් එක්සත්ව තම අධිකාරිය හොබවන විට මෙසේ සිදුවීමට තිබෙන ඉඩ කඩ ඉතා අඩුය.
දරුවන්ගේ පමණක් නොව නමුත් තම භාර්යාවගේ ආත්මික අවශ්‍යතා සපුරාලීම සම්බන්ධයෙනුත් ප්‍රධාන වගකීම තිබෙන්නේ ස්වාමිපුරුෂයාට බව බයිබලයේ පැහැදිලි කර ඇත. පවුලේ මූලිකත්වය දරන්නේ ඔහුය. ස්වාමිපුරුෂයෙක් මූලිකත්වය දැරිය යුත්තේ කෙසේද? ක්‍රිස්තුස් සභාවේ හිස වන්නාක් සේම පුරුෂයා ස්ත්‍රියගේ හිස වන බව පාවුල් පෙන්වා දුන්නේය. පාවුල් මෙසේද පවසයි. “පුරුෂයෙනි, [ක්‍රිස්තුස්] සභාවට [තම ආත්මික මණාලියට] ප්‍රේමකොට, ඈ උදෙසා තමන්ම පාවාදුන්නාක්මෙන්ම, නුඹලාත් නුඹලාගේ භාර්යාවන්ට ප්‍රේමකරන්න.” (එපීස 5:25) පුරුෂයෙක් දිගටම යේසුස්ගේ ආදර්ශය අනුකරණය කරමින් ප්‍රේමනීය ලෙස මූලිකත්වය දරන විට, තම භාර්යාවගෙන් “ගැඹුරු ගෞරවය” දිනාගන්නා බවට කිසිම සැකයක් නැත. (එපීස 5:33, NW) එවැනි වාතාවරණයක් තුළ හැදී වැඩෙන දරුවන් දෙවි විසින් නියම කරන ලද අධිකාරියේ වටිනාකම අගය කරන්න පටන්ගන්නා අතර, එයට යටත් වීමටද පුරුදු වේ.—එපීස 6:1-3.
කලත්‍රයෙක් අහිමි වූ අය ඇතුළුව වෙනත් තනි මාපියන් තම අධිකාරිය හොබවන්නේ කෙසේද? පියෙක් හෝ වේවා මවක් හෝ වේවා, තනි මාපියෙකුට මතෙව් 4:1-10; 7:29; යොහන් 5:19, 30; 8:28.
යෙහෝවා දෙවිගේ අධිකාරියට යටත් වෙමින් ඔහුගෙන් පිහිට පැතිය හැක. මඟ පෙන්වීම සඳහා යේසුස් පැවසූ දේවල් සලකා බැලීමද යෝග්‍යය. මන්ද ඔහු නිතරම තම පියාගේ හා ශුද්ධ ලියවිල්ලේ මඟ පෙන්වීමට යටත් වෙමින් යම් අධිකාරියක් ඇතුව කතා කළේය.—පවුලේ අධිකාරිය හෙබවිය යුතු ආකාරය පිළිබඳව වටිනා ප්‍රතිපත්ති රැසක් බයිබලයේ අඩංගු වේ. මෙම ප්‍රතිපත්ති හඳුනාගෙන ජීවිතයට අදාළ කරගන්නවා නම්, තම දරුවන්ට ප්‍රයෝජනදායක මෙන්ම ප්‍රේමනීය අවවාද සපයා දීමට දෙමව්පියන්ට හැකි වේ. (උත්පත්ති 6:22; හිතෝපදේශ 13:20; මතෙව් 6:33; 1 කොරින්ති 15:33; පිලිප්පි 4:8, 9) දරුවන්ව පුහුණු කිරීමේදී උපකාරවත් වන බයිබලය මත පදනම් පොත් පත් කියවීමට දෙමව්පියන්ට හැක. එමගින් ඔවුන්ට ශුද්ධ ලියවිලිමය අධිකාරියට ගෞරවය දැක්වීමේ ඇති වැදගත්කම දරුවන්ට අවධාරණය කිරීම වඩාත් පහසු වේ. a
ක්‍රිස්තියානි සභාව තුළ
“මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමි; මොහුට [ඇහුම්කන් දෙන්න].” (මතෙව් 17:5) යෙහෝවා දෙවි පවසන ලද මෙම වදන්වලින්, යේසුස් දිව්‍ය අධිකාරිය ඇතුව කතා කරන බවට සාක්ෂි ලැබේ. සුවිශේෂ වාර්තා සතර කියවීමෙන් යේසුස් පැවසුවේ කුමක්ද කියා අපට දැනගත හැක.
යේසුස් ස්වර්ගයට යෑමට පෙර තම ගෝලයන්ට මෙසේ පැවසුවේය. “ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය [අධිකාරිය, NW] මට දී තිබේ.” (මතෙව් 28:18) සභාවේ හිස වශයෙන් යේසුස් තම ආලේප ලත් අනුගාමිකයන්ව දිගටම අධීක්ෂණය කරමින් සිටියි. තවද පො.යු. 33 පෙන්තකොස්ත දවසේදී ශුද්ධාත්මය වැගිරවීමත් සමඟම යේසුස් භූමියේ සිටින තම ආලේප ලත් අනුගාමිකයන්ව “විශ්වාසවූ නුවණ ඇති දාසයා” වශයෙන් පත් කර, ජනයාට සත්‍යය ප්‍රකාශ කිරීමට ඔවුන්ව යොදාගෙන තිබේ. (මතෙව් 24:45-47; ක්‍රියා 2:1-36) ක්‍රිස්තියානි සභාව ශක්තිමත් කිරීම සඳහා යේසුස් කර තිබෙන්නේ කුමක්ද? “ඔහු උසස් තැනට නැඟුණු කල්හි . . . තෑගි වශයෙන් මනුෂ්‍යයන්ව දුන්නේය.” (එපීස 4:8, NW) මෙම “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” කවුද? ඔවුන් සෙසු ඇදහිලිවන්තයන්ගේ ආත්මික අවශ්‍යතා සපුරාලීම සඳහා ශුද්ධාත්මය මගින් පත් කරන ලද ක්‍රිස්තියානි වැඩිමහල්ලන් වේ. ඔවුන්ද යම් අධිකාරියක් හොබවන බව මින් පැහැදිලිය.—ක්‍රියා 20:28.
“[දෙවිගේ] වචනය නුඹලාට කියාදුන්නාවූ නුඹලාගේ ප්‍රධානීන් සිහිකරන්න; ඔවුන්ගේ හැසිරීමේ කෙළවර බලමින් ඔවුන්ගේ ඇදහිල්ල අනුවයන්නෝ වෙන්න” යන පාවුල්ගේ අවවාදය පිළිගැනීමට අපට හොඳ හේතු තිබේ. මෙම ඇදහිලිවන්ත පුරුෂයන් යේසුස්ගේ අඩිපාර කිට්ටුවෙන් අනුගමනය කිරීමට වෙර දරන නිසා ඔවුන්ගේ ඇදහිල්ල අනුව යෑම ඇත්තෙන්ම වටියි. පාවුල් තවදුරටත් මෙසේ පවසයි. “[නුඹලා අතර පෙරමුණ ගන්නෝ, NW] ගණන්දෙන්ට සිටින්නන් මෙන් නුඹලාගේ ආත්ම ගැන රැකබලා සිටිති. ඔවුන් සුසුම්ලමින් එසේ කළොත් නුඹලාට අලාභ බැවින්, සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් එසේ කරන පිණිස ඔවුන්ට කීකරුව යටත් වෙන්න, [“ඔබ කෙරෙහි ඔවුන්ට ඇති අධිකාරිය නිරතුරුවම පිළිගන්න,” ඇම්ප්ලිෆයිඩ් බයිබල් නමැති ඉංග්‍රීසි පරිවර්තනය.]”—හෙබ්‍රෙව් 13:7, 17, NW.
මෙම උපදෙස් නොසලකා හරින විට සිදු වන්නේ කුමක්ද? පළමුවන සියවසේ සිටි ඇතැම් ක්‍රිස්තියානීන් එසේ කිරීමෙන් ඇදහිල්ලට ද්‍රෝහි විය. මෙයට උදාහරණයක් වශයෙන් හිමෙනියස් හා පිලේතස්ව සඳහන් කළ හැක. ඔවුන් සමහරුන්ගේ ඇදහිල්ල පෙරළීම සඳහා ‘අපහාසික වූ හිස් වචන’ දෙඩූ බව සඳහන් වේ. ඒ වන විටත් නැවත නැඟිටීම සිදු වී තිබූ බවට ඔවුහු තර්ක කළෝය. එම නැවත නැඟිටීම ආත්මික හෝ සංකේතාත්මක ආකාරයෙන් සිදු වී තිබුණ බවට තර්ක කළ ඔවුහු, දෙවිගේ රාජ්‍යය යටතේ අනාගත නැවත නැඟිටීමක් සිදු නොවන බවත් තරයේ කියා සිටියෝය.—2 තිමෝති 2:16-18.
කෙසේවෙතත්, පත් කරන ලද ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට මෙම තර්කය බිඳ හෙළීමට හැකි 2 තිමෝති 3:16) අදදිනත්, “සැබෑවේ කනුව සහ අත්තිවාරම” වන ක්‍රිස්තියානි සභාවේ තත්වය ඒ හා සමානයි. (1 තිමෝති 3:15) බයිබලයේ සුරක්ෂිත ලෙස තැන්පත් වී තිබෙන “සාර වූ වචනවල රටාව” පලුදු කිරීමට බොරු ඉගැන්වීමට කිසිවිටෙකත් ඉඩ නොදෙනු ඇත.—2 තිමෝති 1:13, 14; NW.
විය. යේසුස් ක්‍රිස්තුස්ගේ නියෝජිතයන් වශයෙන් ශුද්ධ ලියවිල්ලේ අධිකාරියට යොමු දැක්වූ නිසා වැඩිමහල්ලන් එම තර්ක බොරු බව ඔප්පු කිරීමට සමත් විය. (ලෝකයේ ජනයා දැන් එන්න එන්නම අධිකාරිය පහත් කොට සැලකුවත් සමාජයේ, පවුලේ හා ක්‍රිස්තියානි සභාවේ අධිකාරිය නිසි ලෙස හසුරුවන විට එය අපට ප්‍රයෝජනවත් වන බව ක්‍රිස්තියානීහු පිළිගනිති. අධිකාරීන්ට ගෞරවය දැක්වීම අපේම ශාරීරික, චිත්තවේගීය හා ආත්මික ශුභසිද්ධියට දායක වේ. දෙවි විසින් පත් කරන ලද එම අධිකාරියට යටත් වීමෙන් විශ්වයේ උසස්ම අධිකාරීන් වන යෙහෝවා දෙවි හා යේසුස් ක්‍රිස්තුස්ගෙන් අපට ආරක්ෂාව ලැබෙන අතර එසේ කිරීමෙන් අපට සදාකාලික ප්‍රයෝජන අත් වන බව නිසැකයි.—ගීතාවලිය 119:165; හෙබ්‍රෙව් 12:9.
[පාදසටහන]
a Watchtower Bible and Tract Society of New York, Inc. මගින් ප්‍රකාශිත, යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු හා පවුලේ සන්තෝෂයට රහස නමැති ප්‍රකාශන බලන්න.
[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
පවුලේ අධිකාරිය හෙබවිය යුතු ආකාරය පිළිබඳව වටිනා ප්‍රතිපත්ති රැසක් බයිබලයේ අඩංගු වේ
[6වන පිටුවේ පින්තූරය]
තනි මාපියන්ට යෙහෝවා දෙවිගේ හා යේසුස් ක්‍රිස්තුස්ගේ අධිකාරියට යටත් වෙමින් ඔවුන්ගෙන් පිහිට පැතිය හැක
[7වන පිටුවේ පින්තූර]
පවුලේ, ක්‍රිස්තියානි සභාවේ සහ සමාජයේ අධිකාරිය නිසි ලෙස හසුරුවන විට එය ඔවුන්ට ප්‍රයෝජනවත් වන බව ක්‍රිස්තියානීහු පිළිගනිති
[4වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
ඡායාරූපය Collection of the Supreme Court of the United States, Josh Mathes විසිනි