ඔබට මතකද?
ඔබට මතකද?
මෑතකදී පළ වූ මුරටැඹ සඟරාවේ ලිපි කියවීමෙන් ඔබ අවබෝධයක් ලැබුවාද? එසේ නම් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමෙන් ඔබේ දැනුම මැන බලන්න.
• යෙසායා 65:17-19හි පුරෙකථනය කළ ‘අලුත් අහස හා අලුත් පොළොව’ පිළිබඳ අනාවැකියේ ඉටුවීම, යුදෙව්වන්ගේ වහල්භාවයෙන් මිදීමට වඩා වැඩි යමක් කියා අපට නිසැක විය හැක්කේ මන්ද?
ප්‍රේරිත පේතෘස් සහ යොහන් පො.යු. මුල් සියවසේ මේ ගැන ලියද්දී අනාගත ඉටුවීමකට යොමු දැක්වූ නිසාය. එහිදී, අනාගතයේ තවත් ආශීර්වාද අත් වන බවත් ඔවුහු පැවසූහ. (2 පේතෘස් 3:13; එළිදරව් 21:1-4)—4/15, 10-12 පිටු.
• ප්‍රචණ්ඩකාරි අඩ දෙවිවරුන් පිළිබඳ පුරාණ ග්‍රීසියේ ප්‍රචලිත වූ ප්‍රබන්ධ කථාවල සුල මුල කුමක් විය හැකිද?
ජලගැල්මට පෙර දේවදූතයන් මනුෂ්‍ය ශරීරවලින් මූර්තිමත් වී පොළොවට පැමිණ පොළොව ප්‍රචණ්ඩකාරිත්වයෙන් හා දුරාචාරයෙන් පිරවූ ආකාරය යම් අන්දමකින් මෙම ප්‍රබන්ධ කථා තුළින් කියාපායි. (උත්පත්ති 6:1, 2)—4/15, 27 පිටුව.
• මේරූ ක්‍රිස්තියානීන් විවාහ සාදයක් පවත්වද්දී ආරක්ෂා වන්නේ කවර අනතුරු සහිත තත්වයන්ගෙන්ද?
අනවශ්‍ය ආකාරයකින් ඝෝෂා ඇති කරමින් ප්‍රීතිවීම මඟහැරිය යුතුය. එසේ පාලනය නොකළහොත් අධික මත්පැන් පානයට හා කන් බිහිරි කරවන සංගීතයටත්, නොහොබිනා නැටුම්වලටත් මාර්ගය විවෘත විය හැක. මංගල සාදය හොඳින් සැලසුම් කරන්න අවශ්‍යයි. ආරාධනා කරන්නේ කාටද කියා පැහැදිලිව දක්වා ඇත්නම්, ඇරයුම් නොලැබූ අය සහභාගි වීමට යන්නේ නැත. ප්‍රියසාදය සාධාරණ වෙලාවකට අවසන් වන තෙක්, වගකිව යුතු ක්‍රිස්තියානීන්ව එහි රඳවාගැනීමට මනාල යුවළ වගබලා ගත යුතුය.—5/1, 19-22 පිටු.
• මනුෂ්‍යයෙකුගේ මේසය අවට සිටින පුත්‍රයන් “ඔලීව පැළ මෙන් වන්නෝය” කියා ගීතාවලිය 128:3හි සඳහන් වීමෙන් අඟවන්නේ කුමක්ද?
ඔලීව ගසේ කඳෙහි පහළින්ම ඇති කොටස එනම් මුලෙන් කුඩා පැළ හටගැනීම ඒ ගසටම ආවේණික වූ ලක්ෂණයකි. මෙසේ මහ ගසේ ඵලදාව අඩු වී යන විට, කඳ වටේ කුඩා පැළ බහුලව වැඩීමට පටන්ගනී. මේ ආකාරයෙන් දරුවන් ආත්මිකව ඵල දරමින් දෙමව්පියන් හා එක්ව යෙහෝවාට සේවය කරන විට, දෙමව්පියන්ට ඉමහත් සතුටක් භුක්ති විඳිය හැක.—5/15, 27 පිටුව.
• සුවදායක පවුල් වාතාවරණය දරුවන්ට ගෙන දෙන යහපත් ප්‍රයෝජන මොනවාද?
අධිකාරයට නිසි ගෞරවයක් දැක්වීමට, සාරධර්මවලට නිසි අගයක් පෙන්වීමට හා අන්‍යයන් සමඟ සුහද සබඳතා ඇති කරගැනීමට හොඳ පදනමක් සැපයේ. මෙලෙස පවුලේ එකිනෙකා අතර කිට්ටු සම්බන්ධතාවක් තිබීම, දෙවි සමඟද මිත්‍ර සම්බන්ධතාවක් ගොඩනැංවීමට රුකුලක් වේ.—6/1, 18 පිටුව.
• ඈත පෙරදිග රටක, සියලුම ක්‍රිස්තියානීන් සහෝදරයන්ය යන අදහස ඒත්තුගැන්වීමට කළේ කුමක්ද?
සියල්ලන්වම එක හා සමානව සහෝදරයන් ලෙස ඇමතිය යුතු බවත්, ඇතැම් අයව ගෞරවයෙන් යුතුව ඇමතීම අනවශ්‍ය බවත් සියලුම සභාවලට අවධාරණය කරනු ලැබීය.—6/15, 21, 22 පිටු.
• යෙහෝවාගේ සාක්ෂිකරුවන් ප්‍රතිකාර ලබාගැනීමේදී රුධිරයෙහි අඩංගු කොටස්වලින් සාදන ලද ඖෂධ යොදාගැනීමට ඉඩ දෙනවාද?
සම්පූර්ණ රුධිරයම හෝ එහි අඩංගු ප්‍රධාන කොටස් හතරෙන් (රතු රුධිරාණු, සුදු රුධිරාණු, පට්ටිකා සහ ප්ලාස්මාව) ඕනෑම කොටසක් තමන්ට ප්‍රතිකාර කිරීමේදී යොදාගැනීම, ‘ලෙයින් වළකින්න’ යන ප්‍රතිපත්තිය උල්ලංගනය කිරීමක් හැටියට අපි සලකන්නෙමු. (ක්‍රියා 15:28, 29) මෙම ප්‍රධාන කොටස්වලින් ලබාගත් අතුරු කොටස් සම්බන්ධයෙන් සලකා බලන කල, බයිබලය පවසන දේද දෙවි සමඟ තිබෙන සම්බන්ධතාවද සැලකිල්ලට ගෙන සෑම ක්‍රිස්තියානියෙක්ම පෞද්ගලික තීරණයක් ගනී.—6/15, 29-31 පිටු.
• අදදින සිතට සහනයක් සොයාගත හැකිද?
හැකියි. බයිබලය තුළින්, යේසුස් ක්‍රිස්තුස් ජනයාව නිර්මල නමස්කාරය නමැති මාවතට සහ යෙසායා 32:18හි සඳහන් සමාදානය අත් කරගැනීමට මඟ පෙන්වමින් සිටියි. මෙවැනි සහනයක් ලබාගන්නා අයට ගීතාවලිය 37:11, 29හි සඳහන් සදාකාලික සමාදානය මිහිපිට භුක්ති විඳීමේ අපේක්ෂාව ඇත.—7/1, 7 පිටුව.
• නූතන දිව්‍යාණ්ඩු ඉතිහාසය දෙස බලද්දී, ජෝර්ජ් යං මොන වගේ සේවයක් කළාද?
වර්ෂ 1917 සිට ඔහු විවිධ රටවලට ශුභාරාංචියේ ආලෝකය පැතිරවීමට පටන්ගත්තේය. ඔහු කැනඩාවෙන් ආරම්භ කර පසුව කැරිබියන් දූපත්වල, බ්‍රසීලයේ, දකුණු අමෙරිකාවේ සහ මධ්‍යම අමෙරිකාවේ තවත් රටවල, ස්පාඤ්ඤයේ, පෘතුගාලයේ, සෝවියට් දේශයේ හා එක්සත් ජනපදයේ සේවය කළේය.—7/1, පිටු 22-7.
• පළමුවන කොරින්ති 15:29ට [NW] එකඟව, ‘මළවුන් වීමේ අරමුණින් බව්තීස්ම කරනු ලැබීම’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
ක්‍රිස්තියානීන් ශුද්ධාත්මයෙන් ආලේප කරනු ලබන විට, මරණයට හා ඉන්පසුව ස්වර්ගික ජීවිතයක් සඳහා නැවත නැඟිටුවීමට මඟ පාදන ජීවිත මාර්ගයකට ඔවුන් ඇතුළත් වේ.—7/15, 17 පිටුව.
• පාවුල් නිහඬව සිටි බවට කියවෙන වසර කිහිපය තුළදී ඔහු කළේ කුමක්ද?
එම කාලපරිච්ඡේදය තුළදී සිරියේ හා කිලිකියේ සභාවන් පිහිටුවන්ට හෝ ශක්තිමත් කරන්ට ඇතැයි කියා සමහරු උපකල්පනය කරති. දෙවන කොරිත්ති 11:23-27හි සඳහන් ඔහු වින්ද දුෂ්කරතා රාශියෙන් බොහොමයක්ද එම කාලපරිච්ඡේදය තුළදී සිදු වන්ට ඇති. එසේ නම්, ඔහු ඉතා ක්‍රියාශීලී සේවයක් කළ බවට පැහැදිලිය.—7/15, 26, 27 පිටු.
• සාධාරණ අපේක්ෂා තබාගැනීමට අපට උපකාරවත් විය හැකි උපදෙස් මොනවාද?
යෙහෝවා සාධාරණ මෙන්ම තේරුම්ගන්නාසුලු කෙනෙක් බව අප මුලින්ම මතක තබාගත යුතුය. යාච්ඤාව අපේ සිතුවිලි ස්ථාවරව හා සමබරව තබාගැනීමට උපකාර කරයි. තවද විශ්වාසවන්ත මෙන්ම මේරූ මිතුරෙකුගේ උපකාරය ලබාගැනීමටද අපට හැකියි.—8/1, 29, 30 පිටු.