‘ඔවුන් කතා කරන්නේ යහපත්කම සහ ප්‍රේමය ගැනයි’
‘ඔවුන් කතා කරන්නේ යහපත්කම සහ ප්‍රේමය ගැනයි’
මෑත වසරවලදී ප්‍රංශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව අපකීර්තියට පත් කිරීමට ව්‍යාපාරයක් දියත් කර තිබේ. විරුද්ධවාදීන් විසින් මහජනයාව නොමඟ යැවීමට අසත්‍ය තොරතුරු සහ දූෂ්‍යමාන ආරංචි පතුරුවන ලදි. තම නිර්දෝෂිභාවය පෙන්වීමට 1999 වසර ආරම්භයත් සමඟම ප්‍රංශයේ සිටින සියලුම යෙහෝවාගේ සාක්ෂිකරුවන්, ප්‍රංශ ජනයෙනි, ඔබව රවටා ඇත! යන මාතෘකාවෙන් යුත් පත්‍රිකාවේ පිටපත් දශලක්ෂ 12ක් බෙදාහැරීය. මෙම පත්‍රිකාව මගින් ඔවුන්ට විරුද්ධව එල්ල කළ අපකීර්තිමත් ප්‍රකාශයන් ඔවුන් විසින් තරයේ හෙළා දකින ලදි.
මෙම ව්‍යාපාරය දියත් කර දින කීපයක් ගතවීමෙන් පසු, වෛද්‍යවරයෙක්ද හිටපු පාර්ලිමේන්තු සාමාජිකයෙක්ද වන ශොන් බොනොම්, එම රටෙහි පුවත්පතකට ලිපියක් ලීවේය. එහි මෙසේ සඳහන් විය. “ඉඳලා හිටලා යෙහෝවාගේ සාක්ෂිකරුවන් මගේ නිවසට පැමිණෙනවා. ඔවුන් මාත් එක්ක යහපත්කම සහ ජාත්‍යන්තර ප්‍රේමය ගැන කතා කරලා තියෙනවා. . . . ඔවුන් බලෙන් කතා කරන්න එන්නේ නෑ. ඉතාමත් මෘදු ලෙස තමන්ව හඳුන්වා දෙනවා. ඒ වගේම මගේ අදහස් උදහස්වලටත් කාරුණිකව සවන් දෙනවා.”
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ආත්මික මතයන් පිළිබඳ අදහස් දක්වමින්, බොනොම් මෙසේ පැවසීය. “ඔවුන්ට අමුතුම අදහස් තිබුණත්, ඔවුන් කිසි කෙනෙකුට හිංසාවක් කරන්නේ නෑ. නමුත් ඇතැම් දේශපාලනඥයන්ට තිබෙන සමහර අමුතුම අදහස්, පුරවැසියන්ගේ සමාදානයට සහ සමාජයේ එකමුතුකමට තර්ජනයක් වී තිබෙනවා.”