බලාපොරොත්තු සුන් නොවන ලොවක්—ළඟදීම!
බලාපොරොත්තු සුන් නොවන ලොවක්—ළඟදීම!
ජීවිතය දැන් එන්න එන්නම කාර්යබහුල වන නිසා අප දැඩි මානසික පීඩනයකට ලක් වෙනවා. ඒ විතරක් නෙවෙයි, බලාපොරොත්තු සුන්වීමට හේතු වන තත්වයන් බොහෝමයක් අද තිබෙනවා. එවැනි තත්වයන්ට මුහුණ දෙන විට අපේ චිත්තවේගයන් පාලනය කිරීම අපහසු දෙයක් විය හැකියි. ඇත්තෙන්ම එවැනි අවස්ථාවලදී ජීවිතයට ප්‍රිය කරන අය පවා දරාගත නොහැකි වේදනාවක් අද්දකිනවා. අපි දැන් එවැනි උදාහරණ කිහිපයක් සලකා බලමු.
පුරාණයේ විසූ අනාගතවක්තෘ කෙනෙක් වන මෝසෙස් කොතරම් අධෛර්යයට පත් වුණාද කියා පැවසුවොත්, ඔහු දෙවිට මෙසේ ප්‍රකාශ කර තිබුණා. “ඔබගෙන් මට කරුණාව ලැබී තිබේනම්, වහාම මා මරන ලෙස ඔබගෙන් ඉල්ලමි; අහෝ මාගේ කාලකණ්ණිකම මට දකින්ට [නොදෙන්න].” (ගණන් කථාව 11:15) තම සතුරන්ගෙන් බේරීමට පලා යන විට එලියා මෙසේ මොරගැසුවා. ‘ඉතින් ඇති, දැන් යෙහෝවා මාගේ ප්‍රාණය ගන්න.’ (1 රාජාවලිය 19:4) අනාගතවක්තෘ යෝනා පැවසුවේ, ‘යෙහෝවා, මගේ ප්‍රාණය මගෙන් තුරන් කරන්න. ජීවත් වීමට වඩා නැසී යාම මට හොඳයි’ කියලයි. (යෝනා 4:3) කොහොම වුණත්, මෝසෙස්වත්, එලියාවත්, යෝනාවත් සියදිවි හානි කරගත්තේ නැහැ. ඔවුන් තිදෙනාම “මිනීනොමරව” යන දෙවිගේ ආඥාව හොඳින් දැන සිටියා. (නික්මයාම 20:13) දෙවි කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක් තිබූ නිසා, බලාපොරොත්තු රහිතයයි කිව හැකි කිසිම තත්වයක් නැති බවත් ජීවිතය දෙවිගෙන් ලද දීමනාවක් වන බවත් ඔවුන් වටහාගෙන තිබුණා.
අදදින අපට මුහුණ දෙන්න සිදු වන්නේ කොයි ආකාරයේ රෝම 1:28-31) දෛනික ජීවිතයේදී එවැනි අය සමඟ කටයුතු කිරීමට සිදු වන නිසා සමහරුන්ට ජීවිතය පීඩාකාරි යමක් බවට පත් විය හැකියි. එවැනි තත්වයන්ට මුහුණ දෙන අයට අවශ්‍ය සැනසීම හා සහනය ලබා දීමට අපට කළ හැක්කේ කුමක්ද?
ගැටලුවලටද? සමහරවිට අප මානසිකව බිඳ වැටෙන අවස්ථා තිබෙන්න පුළුවන්. ඒ වගේම නොයෙක් ශාරීරික ගැටලුවලටද මුහුණ දීමට සිදු වෙනවා විය හැකියි. ඊට අමතරව, පවුලේ අය, අසල්වාසීන් හා වැඩපොළේ සෙසු සේවකයන් අපට හිරිහැර කරන්නත් පුළුවන්. “සියලු අධර්මිෂ්ඨකමින්ද දුෂ්ටකමින්ද ලෝභකමින්ද නපුරුකමින්ද පූර්ණව, ඊර්ෂ්‍යාවෙන්ද මිනීමැරීමෙන්ද ඩබරයෙන්ද වංචාවෙන්ද ක්‍රෝධයෙන්ද පිරී [සිටින]” හා ‘කනට කොඳුරන්නාවූ, කේලාම් කියන්නාවූ, දෙවිට පිළිකුල් වූ, නින්දා කරන්නාවූ, උඩඟු වූ, පාරට්ටු කරගන්නාවූ, නපුරු දේවල් උපදවන්නාවූ, මවුපියන්ට අකීකරු වන්නාවූ, අඥාන වූ, ගිවිසුම් කඩ කරන්නාවූ, ජන්ම ස්නේහය හා දයා නැත්තාවූ’ අය ගැන බයිබලයේ පවසා තිබෙනවා. (සවන් දීමට සූදානමින් සිටින්න
අප පීඩාකාරි තත්වයන්ට මුහුණ දෙන විට හෝ දුක් විඳින විට අපේ මානසික සමබරතාව නැති වී යා හැකියි. ප්‍රඥාවන්ත සාලමොන් එය මෙසේ පැහැදිලි කළා. “බලාත්කාරය නිසා ප්‍රඥාවන්තයා මෝඩවන්නේය.” (දේශනාකාරයා 7:7) එමනිසා යමෙක් දිවි නසාගන්නවා කියා පවසනවා නම් අප එය නොසලකා නොහැරිය යුතුයි. ඔහු මුහුණ දෙන්නේ චිත්තවේගීය, ශාරීරික, මානසික හෝ ආත්මික ගැටලුවකට වේවා ඔහුට ඉක්මන් උපකාරය අවශ්‍ය විය හැකියි. මේ සම්බන්ධයෙන් අප මතක තබාගත යුතු කාරණයක් තිබෙනවා. එනම්, වෛද්‍යවරුන් විවිධ ප්‍රතිකාර ක්‍රම නිර්දේශ කළත්, තෝරාගන්නේ කුමන ප්‍රතිකාර ක්රමයද යන්න තීරණය කරන්නේ එක් එක් පුද්ගලයායි.—ගලාති 6:5.
දිවි නසාගැනීමට පුද්ගලයෙකුට තිබෙන හේතුව කුමක් වුවත්, පුද්ගලයාව හොඳින් තේරුම්ගන්න වෑයම් කරන, අනුකම්පාව දක්වන හා ඉවසිලිවන්තව සවන් දෙන කෙනෙකුට හැකියි ඔහුට සහනය ලබා දෙන්න. පවුලේ සාමාජිකයන්ට හා මිතුරන්ට මේ සම්බන්ධයෙන් උපකාර කරන්න පුළුවන්. බලාපොරොත්තු සුන් වී ඇති කෙනෙකුට ප්‍රේමනීය සැලකිල්ල හා කරුණාව දක්වනවාට අමතරව, ඔහුට බයිබලයෙන් ගොඩනංවනසුලු යමක් පෙන්වීමද ප්‍රයෝජනවත් විය හැකියි.
ආත්මික උපකාර
බයිබල් කියවීම කොතරම් දිරිගන්වනසුලු දෙයක්ද කියා දැනගැනීමෙන් ඔබ සමහරවිට පුදුමයට පත් විය හැකියි. බයිබලය මානසික සෞඛ්‍යය පිළිබඳ අත්පොතක් නොවුවත්, ජීවිතය අගය කිරීමට උපකාරවත් වන තොරතුරු එතුළ අඩංගුයි. සාලමොන් රජ මෙසේ පැවසුවා. “ඔවුන් තමුන්ගේ ජීවිතයේදී ප්‍රීතිවී යහපත කරගැනීමට වඩා හොඳක් ඔවුන්ට නැති බව දනිමි. තවද කොයි මනුෂ්‍යයෙක් නුමුත් කා බී තමාගේ මුළු වෑයමේදී සැප භුක්තිවිඳින්නේ නම් එය [දෙවිගේ] දීමනාවක්ය.” (දේශනාකාරයා 3:12, 13) ජීවිතයට අරුතක් එක් කර දෙන සෑහීම ගෙන දෙන වැඩවලට අමතරව, පිරිසිදු වාතාශ්‍රය, හිරු එළිය, මල්, ගස් කොළන් සහ කුරුල්ලන් වැනි සුළු දේවලින් පවා අපට ආස්වාදයක් ලැබිය හැකියි. ඇත්තෙන්ම, ඒවා අපට දෙවිගෙන් ලැබී තිබෙන දීමනාවන්.
නමුත් අපට ලොකුම දිරිගැන්වීම ලැබෙන්නේ යෙහෝවා දෙවි සහ ඔහුගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් අප ගැන සැලකිල්ලක් දක්වන බව දැනගැනීමෙනුයි. (යොහන් 3:16; 1 පේතෘස් 5:6, 7) ගීතිකාකරුගේ මෙම වචන ඉතා යෝග්‍යයි. “දවස්පතා අපේ බර උසුලන්නාවූ, අපේ ගැළවුම්කාරවූ දෙවිවූ [යෙහෝවාට] ප්‍රශංසාවේවා.” (ගීතාවලිය 68:19) අපට අප ගැනම නිෂේධාත්මක හැඟීම් හෝ නොවටිනාකමේ හැඟීම් පහළ වුණත් දෙවි ඔහුට යාච්ඤා කරන්න කියා අපට ආරාධනා කරනවා. නිහතමානීව හා අවංකව ඔහුට යාච්ඤා කරන අයව දෙවි කොහෙත්ම පහත් කොට සලකන්නේවත් ඔවුන්ගේ ඉල්ලීම් පසෙක දමන්නේවත් නැහැ.
අදදින කිසිම කෙනෙකුට ගැටලුවලින් තොර ජීවිතයක් බලාපොරොත්තු විය නොහැකියි. (යෝබ් 14:1) නමුත් අපේ ගැටලුවලට විසඳුම් ලබාගත හැකි වන්නේ දිවි නසාගැනීමෙන් නොවන බව දේවවචනය වන බයිබලයේ අඩංගු සත්‍යය ඉගෙනගන්නා බොහෝදෙනෙක් වටහාගෙන තිබෙනවා. “නින්දෙන් පිබිද, හිරගෙයි දොරවල් ඇරී තිබෙනවා දැක, හිරකාරයෝ පැනලා ගියෝයයි සිතා, කඩුව ඇදගන තමාම මරාගන්ට [හැදූ]” බියපත් වූ හිරගෙයි මුලාදෑනියෙකුට පාවුල් උපකාර කළ ආකාරය ගැන මොහොතකට සිතා බලන්න. තමාගේ කාර්යය හරි හැටි ඉටු නොකිරීම හේතුවෙන් නින්දාවක් අද්දැකීමට වඩා හෝ තම ස්වාමියාගේ අතෙන් දීර්ඝ කාලයක් පුරා දුක් විඳ විඳ මරණය අද්දකිනවාට වඩා දිවි නසාගැනීම හොඳයි කියා එම මුලාදෑනියා විගසම තීරණය කළා. නමුත් ප්‍රේරිතයා හඬ නඟා මෙසේ පැවසුවා. “නුඹට කිසි අනතුරක් කර නොගන්න. මක්නිසාද අපි සියල්ලෝම මෙහිය.” ඒ විතරක් නොවෙයි, පාවුල් හා සීලස් හිරගෙයි මුලාදෑනියාව සනසමින්, “ස්වාමිවරුනි, ගැළවෙන පිණිස මා විසින් කුමක් කටයුතුද” යන ඔහුගේ ප්‍රශ්නයට මෙලෙස පිළිතුරු සැපයුවා. “ස්වාමිවූ යේසුස් [ක්‍රිස්තුස්] කෙරෙහි අදහාගන්න, එවිට නුඹ ගැළවෙන්නෙහිය, නුඹද නුඹේ ගෙයි වැසියෝද එසේමය.” ඉන්පසුව, ඔවුන් යෙහෝවාගේ වචනය කියා දුන් අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් “ඔහුද ඔහුගේ ගෙයි වැසි සියල්ලෝද එකෙණෙහිම බව්තීස්ම” වුණා. සිරගෙයි මුලාදෑනියා සහ ඔහුගේ ගෙයි වැසියන් බොහෝ සෙයින් ප්‍රීති වූ අතර, ඔවුන්ගේ ජීවිත වඩාත් අර්ථවත් වුණා.—ක්‍රියා 16:27-35.
දෙවි දුෂ්ටකමට වගකිව යුතු නැති බව දැනගැනීම කොතරම් සහනයක්ද! ‘මුළු ලෝකයා රවටන්නේ’ දුෂ්ට ආත්ම පුද්ගලයෙක් වන ‘සාතන් නමැති යක්ෂයා’ බව දෙවිගේ වචනයේ පවසා තිබෙනවා. නමුත් ඔහුට දැන් ඇත්තේ ස්වල්ප කාලයක් පමණයි. (එළිදරව් 12:9, 12) සාතන් සහ ඔහුගේ භූතයන් මෙම පොළොවට උරුම කර දී ඇති දුක්ඛිත තත්වයන් දෙවි ළඟදීම නැති කර දමන්න යනවා. එවිට දෙවි පොරොන්දු කර ඇති ආකාරයට, බලාපොරොත්තු සුන්වීමට හා දිවි නසාගැනීමට හේතු වන දේවල් නැවත කිසි කලක මතු නොවන ධර්මිෂ්ඨ අලුත් ලොවක් බිහි වෙයි.—2 පේතෘස් 3:13.
මොරගසන සියල්ලන්ට සහනය
කලකිරුණු කෙනෙකුට දැන් පවා ශුද්ධ ලියවිල්ලෙන් සැනසිල්ලක් ලබාගත හැකියි. (රෝම 15:4) ගීතිකාකාර දාවිත් දෙවිට මෙසේ පැවසුවා. “බිඳුණාවූ තැළුණාවූ සිතක් ඔබ සුළුකොට [නොසිතන්නේය].” (ගීතාවලිය 51:17) අපිට අනිවාර්යයෙන්ම පීඩාවලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ වගේම අසම්පූර්ණකමේ ප්‍රතිඵල අද්දැකීමට සිදු වෙනවා. නමුත් අපේ ප්‍රේමාන්විත, කාරුණික හා සාධාරණ ස්වර්ගික පියා ගැන ඉගෙනගන්න ගන්න ඔහුගේ ඇස් ඉදිරියෙහි අපි අනර්ඝයි කියා අපට තව තවත් තහවුරු වෙනවා. අපට පුළුවන් දෙවිව අපේ හොඳම මිත්‍රයා හා උපදේශකයා කරගන්න. අපි යෙහෝවා දෙවි සමඟ සමීප සබඳතාවක් වර්ධනය කරගන්නවා නම් ඔහු කවදාවත් අපිට බලාපොරොත්තු කඩ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. “ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත් නුඹේ දෙවිවූ [යෙහෝවා] වන මමය” කියා මැවුම්කරු පවසනවා.—යෙසායා 48:17.
දෙවි මත රඳා සිටීම බොහෝදෙනෙකුට උපකාරයක් වී තිබෙනවා. උදාහරණයකට මාරාගේ එකම පුතා හදිසි අනතුරකින් මිය ගියා. a දිගු කාලයක් පුරා දැඩි ශෝකයෙන් පෙළුණු ඇය මානසික වශයෙන් ඉතා දුර්වල තත්වයකට පත් වුණා. පුතා මැරුණු අවස්ථාවේදී කලබල වී දිවි නසාගන්න පවා ඇය තැත් කළා. නමුත් දැන් ඇගේ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙනවා. ඇය දෛනික ජීවිතයේ වැඩකටයුතු කරගෙන යෑම සඳහා පාන්දරින්ම පිබිදෙනවා. ඇය සංගීතයට සවන් දීමෙන් ආස්වාදයක් ලබනවා. ඒ විතරක් නොවෙයි අනුන්ට උපකාර කිරීමෙන්ද ලොකු සතුටක් අද්දකිනවා. “ධර්මිෂ්ඨයන්ගේද අධර්මිෂ්ඨයන්ගේද නැවත-නැගිටීමක්” තිබෙන බව ඇය දැන් විශ්වාස කරනවා. (ක්‍රියා 24:15) එම බලාපොරොත්තුව නිසා ඇගේ ආදරණීය පුතාව අහිමි වීමෙන් ඇති වූ වේදනාව දරාගන්න පුළුවන් වී තිබෙන අතර, දෙවි කෙරෙහි ඇගේ විශ්වාසය වඩාත් ශක්තිමත් වී තිබෙනවා. මාරා ස්වර්ගයේ දේවදූතයෙක් හා සමාන වෙන්න කවදාවත් කැමැත්තක් දැක්වූයේ නැහැ. එමනිසා, “මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුමකරගන්නෝය; ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය” යන ගීතාවලිය 37:11හි වදන් ඇගේ සිතට ලොකු සහනයක් ගෙන දී තිබෙනවා.
තවත් බ්‍රසීල ජාතික ස්ත්‍රියක් වන සාන්ඩ්රාගේ අද්දැකීම සලකා බලන්න. ඇය ඇගේ දරුවන් තිදෙනාට හොඳ අම්මා කෙනෙක් වෙන්න උපරිම වෑයමක් දැරුවා. “මගේ තාත්තා හදිසියේම අන්ත්‍රා වුණා. ඒත් එක්කම මගේ පුරුෂයා වෙනත් ස්ත්‍රියක් එක්ක සම්බන්ධයක් පවත්වනවා කියලා මට දැනගන්න
ලැබුණා. ඒ වෙලාවේ මගේ ඔළුව කොච්චර අවුල් වෙලා තිබුණාද කියනවා නම්, යාච්ඤා කරලා දෙවිගෙන් උපකාර ඉල්ලන්නවත් මට මතක් වුණේ නෑ” කියා ඇය පිළිගන්නවා. කොතරම් කලකිරුණාද කියනවා නම් ඇය සියදිවි හානි කරගන්න තැත් කළා. එම තත්වයෙන් මිදෙන්න ඇයට උපකාරවත් වුණේ කුමක්ද? ආත්මික දේවලට තිබෙන අගයයි. “මම හැමදාම රෑට නිදාගන්න කලින් බයිබලය කියවනවා. බයිබලයේ එක එක චරිත ගැන කියවද්දී ඒගොල්ලන්ගේ තත්වයේ මාත් සිටියා නම් කොහොම වෙයිද කියලා මම කල්පනා කරලා බලනවා. මම මුරටැඹ හා පිබිදෙව්! සඟරාත් කියවනවා. මම හුඟක්ම කැමති ඒ සඟරාවල තියෙන ජීවිත කතා කියවන්නයි. මගේ ජීවිතය ගැන සෑහීමට පත් වෙන්න ඒවා මට හුඟක් උපකාර වෙලා තියෙනවා” කියා ඇය පැහැදිලි කරනවා. යෙහෝවා ඇගේ හොඳම මිත්‍රයා කියා ඇය දන්නා නිසා, යාච්ඤා කරන විට ඇගේ අවශ්‍යතා නිශ්චිතව සඳහන් කිරීමට ඇය දැන් පුරුදු වී සිටිනවා.අනාගතයේදී බලාපොරොත්තු සුන් නොවේ!
මිනිසා දුක් විඳින්නේ තාවකාලිකවයි කියා දැනගැනීම අපට මොනතරම් සහනයක් ගෙන දෙනවාද! අපරාධවලට, අයුක්තියට හා අගතියට දැන් ගොදුරු වී සිටින බාල මහලු සියල්ලන්ටම දේවරාජ්‍යය යටතේ ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. ගීතාවලියේ සඳහන් අනාවැකිමය වදන්වලට එකඟව, යෙහෝවා පත් කරන ලද රජ වන යේසුස් ක්‍රිස්තුස් “මොරගසන දිළිඳාද උපකාරකාරයෙක් නැති දුප්පතාද මුදාහරින්නේය. [ඔහු] දුප්පතුන් සහ දිළිඳුන් කෙරෙහි අනුකම්පාකරන්නේය, දිළිඳුන්ගේ ප්‍රාණයන් ගළවන්නේය. [ඔහු] ඔවුන්ගේ ප්‍රාණය පීඩාවෙන්ද බලාත්කාරයෙන්ද මුදන්නේය; ඔවුන්ගේ ලේ [ඔහුගේ] ඇස් හමුයෙහි අනර්ඝ වන්නේය.”—ගීතාවලිය 72:12-14.
මෙම අනාවැකියේ ඉටුවීම අත ළඟයි. එවැනි තත්වයන් යටතේ පොළොව මත සදාකාල ජීවනය භුක්ති විඳීම ඔබේ සිත්ගන්නවාද? එසේ නම් ප්‍රීතිමත් වීමටත්, ජීවිතය දෙවිගෙන් ලද දීමනාවක් වශයෙන් සලකා එය අනර්ඝ කොට සැලකීමටත් ඔබට ඇති තරම් හේතු තිබෙනවා. තවද, ශුද්ධ ලියවිලිවල සඳහන් මෙම සැනසිලිදායක පොරොන්දු ඔබ අන්‍යයන් සමඟ බෙදාගන්නවා නම්, ප්‍රේමය නොමැති මෙම කෲර ලොවේ උපකාර ඉල්ලා මොරගසන අයට සන්තෝෂය අත් කර දෙන්න ඔබටත් පුළුවන් වේවි!
[පාදසටහන]
a සමහර නම් වෙනස් කර ඇත.
[6වන පිටුවේ පින්තූරය]
අදදින සන්තෝෂ වීමට හේතු රැසක් තිබෙනවා
[7වන පිටුවේ පින්තූරය]
බලාපොරොත්තු සුන් නොවන ලොවක් ඔබ අපේක්ෂා කරමින් සිටිනවාද?