Skip to content

පටුනට යන්න

අදෘශ්‍යමාන දෙවි කෙනෙකු වෙත ළං විය හැකිද?

අදෘශ්‍යමාන දෙවි කෙනෙකු වෙත ළං විය හැකිද?

අදෘශ්‍යමාන දෙවි කෙනෙකු වෙත ළං විය හැකිද?

‘මගේ ඇස් දෙකට දැකපු නැති කෙනෙක් එක්ක කොහොමද මම කිට්ටු සම්බන්ධයක් ඇති කරගන්නේ?’ ඔබටත් එවන් ප්‍රශ්නයක් මතු වී ඇද්ද? ඊට යම් පදනමක් ඇති බව පෙනුණද, මතු දැක්වෙන කාරණා සැලකිල්ලට ගැනීම වටී.

ප්‍රේමයෙන් පිරුණු, කල්පවතින සම්බන්ධතාවක් වර්ධනය කරගැනීමෙහිදී පෙනීම කොතරම් වැදගත්ද! කෙසේවෙතත්, පෙනීමට වඩා වෙනත් සාධක වැදගත්කමක් උසුලන බව පැවසිය යුතුය. ඒ හේතුවෙන්, ඇතැම් පුද්ගලයන් නිතරම ලිපි හුවමාරු කරගැනීම තුළින් තවත් අය සමඟ කිට්ටු සම්බන්ධතාවක් වර්ධනය කරගෙන ඇත. ලිපි තුළින් පුද්ගලයෙකුගේ රුචි අරුචිකම්, ඉලක්කයන්, ප්‍රතිපත්ති, හාස්‍ය රසය සහ වෙනත් පෞද්ගලික ගතිලක්ෂණ හෝ නැඹුරුවාවන් ප්‍රකාශ වේ.

පුද්ගලයෙකු සමඟ කිට්ටු සම්බන්ධතාවක් වර්ධනය කරගැනීමට පෙනීම අත්‍යවශ්‍යම දෙයක් නොවන බවට හොඳ සාක්ෂියකි අන්ධ අය. අන්ධ විවාහක යුවළක් වන නිමල් සහ සීතාගේ අද්දැකීම ගැන සලකා බලන්න. * නිමල් සහ සීතා මුණගැසුණේ අන්ධ විද්‍යාලයකදීය. කතාවේදී සහ හැසිරීමේදී සීතාගේ අවංකකම සහ ඇයට වැඩ සම්බන්ධයෙන් තිබුණු විශිෂ්ට ආකල්පයක් තිබීම ආදි ගුණාංග නිමල්ගේ සිත් ගත්තේය. සීතා නිමල්ට ආකර්ෂණය වූයේ මන්ද? අපි ඇයට සවන් දෙමු. “පොඩි කාලේ ඉඳන් මම වැදගත් කියලා සලකපු ගුණාංග එයාට තිබුණා.” මේ දෙදෙනා පූර්ව-විවාහ ඇසුරක නියැලුණු අතර, වසර තුනකට පසුව විවාහ දිවියට පා තැබූහ.

නිමල් මෙසේ පවසයි. “එකට ඉන්දැද්දී, කිට්ටු සම්බන්ධතාවක් ගොඩනැඟීමට අන්ධකම බාධාවක් කියල මම හිතන්නේ නැහැ. අප දෙන්නම අන්ධ අය බව නම් ඇත්තයි. හැබැයි, ආදරය කියන්නේ අන්ධ දෙයක් නොවෙයි.” දැන් වසර 57ක් ගෙවී ගොස් ඇතත්, ඔවුන් දෙදෙනා අතර තවමත් ඇත්තේ ඉතා ගැඹුරු ප්‍රේමයකි. මෙතරම් විශිෂ්ට සම්බන්ධයක් ගොඩනැඟී ඇත්තේ දේවල් සතරක් මත බව ඔවුහු පැහැදිලි කරති. ඒවා මෙසේය. (1) අනික් පුද්ගලයාගේ ගුණාංග සැලකිල්ලට ගැනීම, (2) එම ගුණාංගයන් ගැන කල්පනා කර ඒවාට ආකර්ෂණය වීම, (3) හොඳ අදහස් හුවමාරුවක් පවත්වාගැනීම සහ (4) දේවල් එකට කිරීම.

විවාහක කලත්‍රයන් අතර පමණක් නොව මිතුරන් අතර මෙන්ම වඩා වැදගත් ලෙස මිනිසා සහ දෙවි අතර පවා හොඳ සම්බන්ධයක් පවත්වාගැනීමට නම්, මෙම කරුණු සතර ඉතා වැදගත්ය. දෙවි අපගේ ඇස්වලට නොපෙනුණද, ඔහු සමඟ කිට්ටු සම්බන්ධයක් වර්ධනය කරගැනීමෙහිදී මෙම කාරණා අදාළ කරගැනීම මොනතරම් උපකාරයක් වේවිද කියා ඊළඟ ලිපියෙහි අපි සලකා බලමු. *

[පාදසටහන්වල]

^ 4 ඡේ. නම් වෙනස් කර ඇත.

^ 6 ඡේ. මිනිසුන් දෙදෙනෙකු අතර ඇති සම්බන්ධයකට වඩා, දෙවි සහ මිනිසා අතර ඇති සම්බන්ධය වෙනස්ය. එය ගොඩනැඟී ඇත්තේ දෙවි සිටින බවට තිබෙන විශ්වාසය මතය. (හෙබ්‍රෙව් 11:6) දෙවි ගැන ශක්තිමත් ඇදහිල්ලක් ගොඩනඟාගත හැකි ආකාරය විස්තරාත්මකව දැනගැනීම සඳහා ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? යන ප්‍රකාශනය කියවා බලන්න.—Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිතය.