නව සහස්‍රයට සාමය උදා වේවිද?
නව සහස්‍රයට සාමය උදා වේවිද?
ජාත්‍යන්තර සාම සංස්කෘතික වසරක් පැවැත්විය යුතුය යන්න, 1999 සැප්තැම්බර් 14වෙනිදා පැරිස් හා නියූ යෝක් නගරවලදී පැවැත්වූ සමාරම්භක උත්සවවලදී ප්‍රකාශ කරන ලදි. තවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්ෂික සැසිවාරයේදී වසර 2000 ජාත්‍යන්තර සාම සංස්කෘතික වර්ෂයක් ලෙස නම් කරන ලදි. එපමණක් නොව “ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමයේ සංස්කෘතියක් ඇති ලොවක් බිහි කිරීම සඳහා වෙර දරන ලෙස” යුනෙස්කෝ සංවිධානයේ හිටපු අධ්යක්ෂ ජෙනරාල් වන ෆෙඩරිකො මේයර් උදක්ම ඉල්ලා සිටියේය.
“යුද්ධය ආරම්භ වන්නේ මිනිසාගේ සිතෙහි නිසා සාමය ස්ථාපිත කළ යුත්තේද මිනිසාගේම සිතෙහිය” යනු යුනෙස්කෝ සංවිධානයේ ආප්තෝපදේශය වේ. ඊට එකඟව එම සංවිධානය “අධ්‍යාපනය, සංවාදය හා සහයෝගිතාව” තුළින් සාම සංස්කෘතියක් බිහි කිරීමට අදහස් කර ඇත. “සාමය ඇති කිරීමට නම් සාමයට හිතකාමී අය වීම පමණක් ප්‍රමාණවත් නැහැ. අපි සාමය ඇති කිරීමට වෙර දැරිය යුතු” බව ෆෙඩරිකො මේයර් තවදුරටත් පැවසුවේය.
මෑත ඉතිහාසය දෙස බැලූ විට යුද්ධය තුරන් කිරීමට හා ප්‍රචණ්ඩත්වයට එරෙහිව සිටීමට මිනිසා අවංක වෑයමක් දරා ඇති බව මනාව පැහැදිලි වේ. එහෙත් වසර 2000 වන විට සාමය පේන තෙක් මානයක නොතිබීම ඛේදවාචකයක් ලෙස විස්තර කළ හැක. මෙයින් ඔප්පු වන්නේ මිනිසාගේ අසාර්ථකත්වය නොවේද?
කෙසේ වෙතත් සාමය හා අධ්‍යාපනය අතර අන්‍යෝනය සම්බන්ධතාවක් තිබීම වැදගත් කාරණයකි. මන්ද වසර 2,700කට කලින් අනාගතවක්තෘ යෙසායා පැවසුවේ මෙසේයි. ‘නුඹේ සියලුම දරුවෝද යෙහෝවා විසින් උගන්වනු ලබන්නෝ වෙති. නුඹේ දරුවන්ගේ සමාදානය මහත් වන්නේය.’ (යෙසායා 54:13, අකුරු ඇල කළේ අපය.) සියලු ජාතීන් යෙහෝවා දෙවිට එක්සත්ව නමස්කාර කිරීම සඳහාත් ඔහුගේ මාවත් ඉගෙනගැනිම සඳහාත් එක් රොක් වන බව යෙසායා තවදුරටත් පුරෝකථනය කළේය. එහි ප්‍රතිඵලය කුමක්ද? “ඔව්හු තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් තවත් යුද්ධ ඉගෙනගන්නෙවත් නැත”. (යෙසායා 2:2-4, අකුරු ඇල කළේ අපය.) තවද යෙහෝවාගේ සාක්ෂිකරුවන් එම අනාගතකීම්වලට එකඟව ලෝක ව්‍යාප්තව කරගෙන යන අධ්‍යාපනික වැඩසටහන තුළින් ජාතිභේදයකින් හා පංතිභේදයකින් තොරව මිලියන ගණන් ජනතාවගේ මනස්වලින් යුද්ධය සහමුලින්ම තුරන් කර සාමකාමී මානසිකත්වයක් ඇති කරලීමට හැකි වී ඇත.
තවද අවසානයේදී දේවරාජ්‍යය යටතේ යුද්ධය සහමුලින්ම තුරන් වී, මේ මුළු ලෝකය තුළම සාමය හා සුරක්ෂිතභාවය සදහටම පවතිනවා ඇත. (ගීතාවලිය 72:7; දානියෙල් 2:44, 45ආ) එවිට ගීතිකාකරු පැවසූ මේ වචන සම්පූර්ණ වනු ඇත. ‘යෙහෝවාගේ ක්‍රියාවන්, එනම් ඔහු පොළොවෙහි සිදු කළ විනාශයන් බලන්න. ඔහු පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වන්නේය.’—ගීතාවලිය 46:8, 9.