Skip to content

පටුනට යන්න

ඔවුන් මිතුරු බලපෑමට හසු නොවන අයුරු

ඔවුන් මිතුරු බලපෑමට හසු නොවන අයුරු

ඔවුන් මිතුරු බලපෑමට හසු නොවන අයුරු

තමන් කොන් වේවිය යන බිය නිසා බොහෝ යෞවනයන් තම මිතුරන් සිතන ආකාරයට සිතන්නත්, හැසිරෙන ආකාරයට හැසිරෙන්නත් පෙලඹෙනවා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හා ලිංගික දුරාචාරය වැනි හානිකර පුරුදුවලින් වැළකී සිටීම සඳහා විශේෂයෙන්ම යෞවනයන්ට ධෛර්යය අවශ්‍යයි. ඔවුන් මිතුරු බලපෑමට යටත් නොවන්නේ කෙසේද?

පෝලන්තයේ නව යොවුන් වියේ පසු වන තරුණියන් දෙදෙනෙක් මෑතකදී මෙසේ ලිව්වා. “අපේ යාළුවෝ හුඟදෙනෙක් ලෝකය යන අතටම යන බවයි පැහැදිලිවම පේන්න තියෙන්නේ. ඒගොල්ලෝ පාසැල් වැඩවලින් කට්ටි පනිනවා; අශික්ෂිත වචන පාවිච්චි කරනවා; අරුමෝසම් ඇඳුම් අඳින්න ආසයි; ඉවක් බවක් නැති අසභ්‍ය සංගීතයට ලැදියි. මේ වගේ, කිසිම දෙයකින් සෑහීමකට පත් නොවන කැරලිකාර නහඹරයන්ගේ බලපෑමට හසු නොවී සිටීමට උපකාරවත් වන ලිපි යෞවන අපි වෙනුවෙන්ම පළ කිරීම ඇත්තෙන්ම සතුටට කරුණක්!

“අපි වගේ යෞවන අයගේ සිත්වලට කතා කරමින් අපි වටිනා පුද්ගලයන් බවත්, අපිව අගය කරන බවත් පවසන මුරටැඹ ලිපි සඳහා අපට ඇති වන කෘතඥතාව වචනයෙන් විස්තර කරන්න බැහැ. දිගටම යෙහෝවා දෙවිව සතුටු කරවන අයුරින් පියවර මැනීම සඳහා ලැබී තිබෙන බයිබල් උපදෙස් අපිට මහත් උපකාරයක් වී තිබෙනවා. යෙහෝවා දෙවිට විශ්වාසනීය සේවයක් පිරිනමමින් ජීවත් වීම හොඳම ක්‍රමය බව අපිට ඒත්තුගිහින් තිබෙනවා.”

ඔව්, ඇත්තෙන්ම යෞවනයන්ට හැකියි මිතුරු බලපෑමට යටත් නොවී සිටින්න. ක්‍රිස්තියානි යෞවනයන් තමන්ගේ “අවබෝධාත්මක හැකියාවන්” පුහුණු කිරීමෙන් ඥානවන්ත තීරණ ගැනීමට ඉගෙනගන්නවා. එම තීරණවලින් පිළිබිඹු වන්නේ “ලෝකයේ ආත්මය” නොව ‘දෙවිගෙන් වූ ආත්මයයි.’—හෙබ්‍රෙව් 5:14NW; 1 කොරින්ති 2:12.