Skip to content

පටුනට යන්න

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ—ස්ථිර විශ්වාසයෙන් යුතුව ඉදිරියටම ගමන් කරති!

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ—ස්ථිර විශ්වාසයෙන් යුතුව ඉදිරියටම ගමන් කරති!

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ—ස්ථිර විශ්වාසයෙන් යුතුව ඉදිරියටම ගමන් කරති!

වාර්ෂික රැස්වීම ඇසුරෙන් සකස් කළ වාර්තාවකි

සැකය හා අවිශ්වාසය හාත්පස පැතිරී තිබෙන මෙවැනි කාලයක ස්ථිර විශ්වාසයකින් යුතුව සිටීම සම්බන්ධයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් කැපීපෙනේ. වර්ෂ 2000 ඔක්තෝබර් 7වන සෙනසුරාදා නියූ ජ’සිහි ජ’සි නගරයේ පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ එක්රැස්වීම් ශාලාවේ පවත්වන ලද, වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් පෙන්සිල්වේනියා නමැති නීතික ආයතනයේ වාර්ෂික රැස්වීමේදී ඉහත සඳහන් කළ කාරණය පැහැදිලි කරන ලදි. a

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු මෙන්ම වාර්ෂික රැස්වීමේ සභාපති ලෙසද කටයුතු කළ ජෝන් ඊ. බා ඔහුගේ කතාව ආරම්භයේදී ප්‍රකාශ කළ දේවල් අතරට මතු සඳහන් දෙයද ඇතුළත් විය. “යෙහෝවාගේ ආදරණීය පුත්‍රයා වන ක්‍රිස්තුස් යේසුස් දැන් සිය සතුරන් මැද පාලනය කරමින් ස්වර්ගයෙහි සිංහාසනාරූඪ වී සිටින බව, පොළොව මත වාසය කරන බිලියන ගණනක් දෙනා අතරින් විශ්වාස කරන්නේ අප පමණයි.” ලොව නන් දෙසින් ලැබුණු උනන්දුව දනවනසුලු වාර්තා හයක් මගින් පැහැදිලි වූයේ, යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර එවන් ස්ථිර විශ්වාසයක් තිබෙන බවයි.

බයිබල් සත්‍යය මගින් හයිටිහි භූතවාදයේ බලපෑම්වලින් නිදහස් වීම

භූතවාදය හයිටිහි සෑම තැනකම පාහේ පැතිරී තිබේ. “සාමාන්‍යයෙන් මෙහි වාසය කරන මිනිස්සු තමන්ට ආරක්ෂාව සලසාගැනීම සඳහා වූඩෝ නමැති මන්ත්‍ර ක්‍රමය භාවිත කරති” කියා එරට ශාඛා කමිටුවේ සම්බන්ධීකරණ සහෝදරයා වන ජෝන් නෝ’මන් සඳහන් කළේය. එහි නිරත වන තැනැත්තෙකු අනතුරකට ගොදුරු වීම නිසා ඔහුගේ එක් පාදයක් අහිමි විය. මෙය ඔහු තුළ සැකයක් ඇති කළේය. ඔහු තුළ මෙවන් සිතුවිලි පහළ විය. ‘භූතාත්ම මට ආරක්ෂාව සැලසුවා නම් මේ වගේ දෙයක් මට වෙන්නේ කොහොමද?’ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ තවත් බොහෝදෙනෙකුට උපකාර කරන්නාක් මෙන් මොහුටද භූතවාදය පිළිබඳ සත්‍යය උගන්වා, එහි බලපෑම්වලින් නිදහස් වීමට උපකාර කළහ. වර්ෂ 2000 අප්‍රියෙල් මාසයේ 19වෙනිදා හයිටිහි පවත්වන ලද ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව එහි රාජ්‍ය ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාව මෙන් සිව්ගුණයක් විය. ඉදිරියේදී එහි මහත් වර්ධනයක් සිදු වේයයි අපේක්ෂා කළ හැකි බව එයින් පැහැදිලි වේ.

අතිවිශාල කොරියානු බලප්‍රදේශය තුළ ජ්වලිතය

කොරියාවේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් සියයට හතළිහක් පූර්ණ කාලීන සේවයේ නිරත වෙයි. “රාජ්‍ය ප්‍රචාරකයන්ගේ මෙම අතිමහත් සේනාව, මිනිසුන් දශලක්ෂ 47කින් යුත් අපගේ බලප්‍රදේශය මසකට පමණ වරක් ආවරණය කරයි” කියා එරට ශාඛා කමිටුවේ සම්බන්ධිකරණ සහෝදරයා වන මිල්ටන් හැමිල්ටන් සඳහන් කළේය. සංඥා භාෂාවෙන් රැස්වීම් පවත්වන සභාවල වර්ධනයද කැපීපෙනෙනසුලුය. සංඥා භාෂාව භාවිත කරන එක් චාරිකාවක නිවාස බයිබල් පාඩම් 800ක් පවත්වනු ලැබේ. මෙහි සාමාන්‍යය එක් ප්‍රචාරකයෙකුට එක් පාඩමක් වේ. ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය රක්ෂා කිරීම නිසා තරුණ සාක්ෂිකරුවන්ව සිරගත කිරීම තවමත් සිදුවීම කනගාටුවට කරුණකි. කෙසේවෙතත්, මෙම ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන්ට බලධාරීන්ගේ කරුණාව ලැබී තිබෙන අතර, විශ්වාසවන්තකම විශේෂයෙන්ම අපේක්ෂා කරන රැකියා බොහෝ අවස්ථාවලදී ඔවුන්ට ලබා දී තිබේ.

මෙක්සිකෝවේ වර්ධනය තුළින් මතු වන අවශ්‍යතා සපුරාලීම

වර්ෂ 2000 අගෝස්තු මාසයේදී මෙක්සිකෝවේ රාජ්‍ය ප්‍රචාරකයන් 5,33,665ක නව ඉහළ සංඛ්‍යාවක් වාර්තා විය. එම සංඛ්‍යාව මෙන් තුන්ගුණයකට වැඩි ප්‍රමාණයක් යේසුස්ගේ මරණය සිහි කිරීමට පැමිණියේය. “මේ අවුරුද්දේ අපේ ඉලක්කය රාජ්‍ය ශාලා 240කට වැඩියෙන් ඉදි කරන්නයි” කියා එරට ශාඛා කමිටුවේ සම්බන්ධීකරණ සහෝදරයා වන රොබට් ට්‍රෙසි සඳහන් කළේය. “ඊට වඩා තව රාජ්‍ය ශාලා බොහොමයක් අපට අවශ්‍යයි” කියා ඔහු තවදුරටත් පැවසුවේය.

මෙක්සිකෝවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර සිටින යෞවනයෝ කදිම ආදර්ශයක් සපයති. එක් තරුණයෙකු ගැන කතෝලික පූජකයෙක් මෙසේ පැවසුවේය. “මගේ පල්ලියේ අය අතරත් මේ වගේ එක්කෙනෙක්වත් ඉන්නවා දකින්න මම හරි කැමතියි. මේ තරුණ තරුණියන්ගේ දැඩි අධිෂ්ඨාන ශක්තිය හා බයිබලය නැණවත් ලෙස භාවිත කිරීම මම අගය කරනවා. මේ අය ඔවුන්ගේ ජීවිත පවා පරදුවට තබමින් දෙවි ගැන කතා කරනවා.”

සියෙරා ලියොන්හි ආරවුල් මැද පක්ෂපාතකම

සියෙරා ලියොන්හි 1991 අප්‍රියෙල් මාසයේ පටන් ඇරඹී සිවිල් යුද්ධය හේතුවෙන් මිනිසුන් දහස්ගණනක් මියගියහ. තුවාල වූහ. ආබාධිතයන් බවට පත් වූහ. “යුද්ධය හා වෙනත් දුෂ්කරතා නිසා මෙහි සිටින මිනිසුන් බොහෝ පීඩා විඳිනවා. කලින් අපේ පණිවිඩයට උදාසීන ප්‍රතිචාරයක් දැක්වූ බොහෝදෙනෙක් දැන් උනන්දුවෙන් අපට සවන් දෙනවා. දැන් මිනිසුන් ආරාධනා කිරීමක් නැතුව රැස්වීම්වලට පැමිණීම අසාමාන්‍ය දෙයක් නොවෙයි. සමහරුන් අපේ සහෝදරයන් රාජ්‍ය ශාලාවට යන විට, බොහෝ අවස්ථාවලදී ඔවුන්ගෙන් බයිබල් පාඩමක් ඉල්ලා සිටිනවා” කියා එරට ශාඛා කමිටුවේ සම්බන්ධීකරණ සහෝදරයා වන බිලි කෞඅන් සඳහන් කළේය. රටේ යම් අස්ථාවර තත්වයක් පැවතුණත්, සියෙරා ලියොන්හි දේශනා කිරීමේ කටයුතු දිගටම ඵලදායක අයුරින් කෙරීගෙන යයි.

දකුණු අප්‍රිකාවේ අතිවිශාල ගොඩනැඟීමේ වැඩපිළිවෙළක්

දකුණු අප්‍රිකානු ශාඛා කාර්යාලය යටතේ තිබෙන බලප්‍රදේශය පුරා රාජ්‍ය ශාලා දහස් ගණනක් ඉදි කිරීමේ අවශ්‍යතාවක් තිබේ. දැනටමත් රාජ්‍ය ශාලා සිය ගණනක් ඉදි කර ඇත. “කලින් වගේ ගසක් යට හෝ මඩුවක රැස්වීම් පවත්වනවා වෙනුවට දැන් අපේ සහෝදරයන්ට අසුන් ගැනීමට යෝග්‍ය ආසන තිබෙන ශාලාවක එක්රැස් වෙන්න පුළුවන්” කියා ශාඛා කමිටුවේ සාමාජික ජෝන් කිකොට් සඳහන් කළේය. “මේ රාජ්‍ය ශාලාවලින් බොහොමයක් සාමාන්‍ය තත්වයක තිබුණත්, ඒවා පිහිටා ඇති ප්‍රදේශවල තිබෙන වෙනත් ගොඩනැඟිලි සමඟ බලද්දී, මේවා ඉතා හොඳ තත්වයක තිබෙනවා. සමහර ප්‍රදේශවල රාජ්‍ය ශාලාවක් ගොඩනැඟීමෙන් පසු අවුරුද්දක් ඇතුළත රැස්වීම්වලට පැමිණෙන සංඛ්‍යාව දෙගුණයක් වී තිබෙනවා.”

යුක්‍රේනයේ සාක්ෂිකරුවන්ගේ නව පරම්පරාවක්

පසුගිය 2000 සේවා වසරේදී ප්‍රචාරකයන් 1,12,720ක නව ඉහළ සංඛ්‍යාවක් මෙම රටෙන් වාර්තා විය. මොවුන්ගෙන් 50,000කට වැඩි පිරිසක් සත්‍යය ඉගෙනගෙන තිබෙන්නේ පසුගිය අවුරුදු පහ තුළය. “යෙහෝවා ඔහුගේ නාමය ප්‍රකාශයට පත් කිරීම සඳහා යෞවනයන්ගේ නව පරම්පරාවක් බිහි කර තිබෙනවා” කියා ශාඛා කමිටුවේ සම්බන්ධීකරණ සහෝදරයා වන ජෝන් ඩීඩ පැවසුවේය. “පසුගිය අවුරුදු දෙක තුළ අපි සඟරා දශලක්ෂ 50කට වැඩියෙන් බෙදාහැරියා. මේ ගණන ඒ රටේ ජනගහනයට සමානයි” කියා ඔහු තවදුරටත් පැවසුවේය. “සාමාන්‍යයක් වශයෙන් බලද්දී සෑම මාසයකම වැඩි විස්තර දැනගැනීමට කැමැත්ත පළ කරන ලිපි දහස් ගණනක් අපට ලැබෙනවා.”

වැඩසටහනේ සිත්ගන්නාසුලු තවත් අංග

පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වන ඩැනියල් සිඩ්ලික් රැස්ව සිටි සියලුදෙනාගේම සිත් ඇඳගත් කතාවක් ඉදිරිපත් කළේය. මෙම සඟරාවේ පළ වී තිබෙන, “පාලක මණ්ඩලය නීතික සංස්ථාවකින් වෙනස් වන අන්දම” නමැති ලිපිය සකස් කර තිබෙන්නේ එම කතාවේ ඉදිරිපත් කරන ලද තොරතුරු ආශ්‍රයෙනි.

පාලක මණ්ඩලයේ සාමාජික තියඩෝ ජැරැස්, “දිව්‍යාණ්ඩුමය පත්වීමක් ලබන අවේක්ෂකයෝ සහ උපස්ථායක සේවකයෝ” නමැති මාතෘකාව යටතේ සිතුවිලි කලතන කතාවක් ඉදිරිපත් කළේය. මෙම සඟරාවේ පළ වී තිබෙන එක් ලිපියක සඳහන් තොරතුරු එම කතාව මත පදනම් වී තිබේ.

පාලක මණ්ඩලයේ සාමාජික ඩේවිඩ් ස්ප්ලෙන් 2001 වාර්ෂික පාඨය පදනම් කරගෙන ඉදිරිපත් කළ උනන්දුව දනවනසුලු කතාවද වැඩසටහනේ තවත් සිත්ගත් අංගයක් විය. ප්‍රේරිත පාවුල් පැවසූ මෙම වදන් මත වාර්ෂික පාඨය පදනම් වී තිබේ. “සම්පූර්ණවද දෙවිගේ මුළු කැමැත්ත කෙරෙහි ස්ථිර විශ්වාසයෙන්ද සිටින්න.” (කොලොස්සි 4:12NW) යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ලොව පුරා දෙවිගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරන අතර, ඉහත සඳහන් කළ පාවුල්ගේ වදන්වලට එකඟව කටයුතු කිරීමටද අදිටන් කරගෙන සිටිති.—මතෙව් 24:14.

[පාදසටහන]

a මෙම වැඩසටහන විද්‍යුත් මාධ්‍යය ඔස්සේ ස්ථාන ගණනාවකට සම්බන්ධ කරනු ලැබූ අතර, එයට සවන් දුන් මුළු ගණන 13,082ක් විය.