Skip to content

පටුනට යන්න

දුප්පත්කමට එරෙහි සටනින්—ජය ලබන්නේ කෙදිනකද?

දුප්පත්කමට එරෙහි සටනින්—ජය ලබන්නේ කෙදිනකද?

දුප්පත්කමට එරෙහි සටනින්—ජය ලබන්නේ කෙදිනකද?

නියූ යෝක් නුවරෙහි එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජීය මණ්ඩලය පිහිටි මන්දිරයට පැමිණි සංචාරකයෙකුගේ නෙත ගැටුණේ, මහජනයා සඳහා විවෘත කර තිබෙන ශාලාවේ, නිරාවරණය වී ඇති පයිප්ප බට සහිත සිවිලිමය. ඒ ගැන සංචාරක උපදේශිකාව පැහැදිලි කළේ “එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජීය කාර්යයන් කෙදිනකවත් අවසානයකට පත් කළ නොහැකි බවට සංකේතයක් හැටියට ‘නිම නොකළ’ මේ සිවිලිම හඳුන්වා දෙන්න පුළුවන්. මොකද ලෝක ප්‍රජාවේ ජීවන මට්ටම නිතරම ඉහළ නැංවීම සඳහා මේ අයට නිතර නිතර ප්‍රයත්න දරන්ට සිදු වෙනවා” කියාය.

තවද සියලුදෙනාටම උසස් ජීවන මට්ටමක් අත් කරගැනීම සඳහා දිරි දීමද එම මණ්ඩලයේ මූලික ප්‍රයත්නය වී ඇත. නමුත් මෙතෙක් එම කාර්යය සමාප්ත වන බවට හෝඩුවාවක්වත් දකින්ට නොමැත. එහෙත් අප පළවන ශතවර්ෂයට තියුණු බැල්මක් හෙළුවොත්, යේසුස් මේ පොළොව තුළ සේවය කළ ඒ කාලයේදී ඔහු පැවසුවේ, ‘දෙවිගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනා කිරීමට ඔහු මා ආලේප කළේය’ කියාය. (ලූක් 4:18) ඔහු දේශනා කළ ශුභාරංචිය කුමක්ද? එය නම් යෙහෝවාගේ රාජ්‍යය හා සම්බන්ධ පණිවිඩයයි. එහි රජ කිරුළ හිමි යේසුස් “දුප්පත්කම නිසා පීඩා විඳින අයට බලකොටුවක්” [NW] වනු ඇත. තවද මෙම රාජ්‍යය මගින් සිදු කරන්න යන්නේ කුමක්ද? යෙසායාගේ අනාවැකිවලට අනුව, ‘සේනාවල යෙහෝවා සියලු ජනයන්ට සාර වූ දෙයින් මංගල්‍යයක්, එනම් රසවත් මුද්‍රිකපානයෙන්ද ප්‍රණීත ආහාරයෙන්ද පෙරූ රසවත් මුද්‍රිකපානයෙන්ද මංගල්‍යයක් සාදන්නේය. ඔහු මරණය සදාකාලයටම ගිලදමන්නේය. ස්වාමි වූ යෙහෝවා සියලු මුහුණුවලින් කඳුළු පිසදමන්නේය.’—යෙසායා 25:4-6, 8.

කොයි කාටත් කිසිදු හිඟයක් නොමැති වන පරිද්දෙන්, දෙවිගේ රාජ්‍යය ‘ලෝක ප්‍රජාවේ ජීවන මට්ටම ඉහළ නංවන’ ආකාරය ගැන බයිබලය පවසන්නේ කුමක්දැයි දැනගැනීමට ඔබ කැමතිද? එසේ නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුව ගෙන්වාගැනීම සඳහා පහත සඳහන් විස්තරය බලන්න.