Skip to content

පටුනට යන්න

රුධිරය රහිත සැත්කම් සඳහා—“ඉල්ලුම වැඩි වේ”

රුධිරය රහිත සැත්කම් සඳහා—“ඉල්ලුම වැඩි වේ”

රුධිරය රහිත සැත්කම් සඳහා—“ඉල්ලුම වැඩි වේ”

“‘රුධිරය රහිත’ සැත්කම්” යන මාතෘකාව යටතේ මැක්ලීන්ස් සඟරාවේ පළ වූ ලිපියක සඳහන් කළේ, “පසුගිය වසර පහ තුළ නව තාක්ෂණික ශිල්ප ක්‍රම උපයෝගි කරගනිමින් රුධිරය රහිත සැත්කම් පිළිබඳව විවිධ අත්හදා බැලීම්” කැනඩාවේ වෛද්‍යවරුන් විසින් සිදු කළ බවත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් රුධිරය රහිත සැත්කම්වලට ‘දැන් සෑහෙන ඉල්ලුමක් තිබෙන’ බවත්ය. විනිපෙග් නගරයෙහි සෞඛ්‍ය විද්‍යා මධ්‍යස්ථානයේ සාමාජිකයන් අතරින් එවැනි අත්හදා බැලීම් කළ එක් අයෙකි නිර්වින්දක විශේෂඥයෙකු වන බ්‍රයන් මුරිහේඩ්. ඔහු රුධිරය රහිත විකල්ප ප්‍රතිකාර ක්‍රම සෙවීමට මේ තරම් උනන්දු වූයේ ඇයි?

වර්ෂ 1986දී වෛද්‍ය මුරිහේඩ්ට, ආමාශයේ දරුණු තුවාලයක් තිබූ 70 වියැති යෙහෝවාගේ සාක්ෂිකරුවෙකුව සැත්කමකට භාජනය කිරීමට සිදු විය. සාක්ෂිකරුවාගේ බයිබල් ප්‍රතිපත්ති මත පදනම් විශ්වාසයන් නිසා එම සැත්කම රුධිර ප්‍රවේශනයකින් තොරව කිරීමේ අභියෝගය පැනනැඟිණ. (ක්‍රියා 15:28, 29) වෛද්‍ය මුරිහේඩ් “රෝගියාගේ රුධිර පීඩනය නියත මට්ටමේ තබාගැනීම සඳහා වැඩිය ප්‍රචලිත නොවූ ක්‍රමයක් වන දිගටම සේලයින් ශරීරගත කිරීම අත්හදා බැලීය” කියා මැක්ලීන්ස් සඟරාව වාර්තා කරයි. මෙම “අත්හදා බැලීම සාර්ථක වූ අතර ‘වෛද්‍යවරුන් අනවශ්‍ය ලෙස රුධිර ප්‍රවේශනයන් දෙන බවටත්, ඒ වෙනුවට විකල්පයන් සොයන කාලය එළඹී ඇති බවටත්’ වෛද්‍ය මුරිහේඩ් දැරූ මතය තහවුරු කිරීමටද එය මඟ පෑදීය.”

“අනාගතයට අවශ්‍ය ප්‍රමාණයට රුධිරය පරිත්‍යාග කරාවිද යන සැකය හා රුධිර ප්‍රවේශන තුළින් වෛරස් ආසාදන ඇතිවීම පිළිබඳ බිය” රුධිරය රහිත සැත්කම් ගැන පර්යේෂණ කිරීමට තුඩු දී ඇත. මෙම පර්යේෂණවලින් යෙහෝවාගේ සාක්ෂිකරුවන් පමණක් නොව අනෙක් අයත් ප්‍රයෝජන ගන්න නිසා පර්යේෂණ පවත්වන අලුත් අදහස් ඇති වෛද්‍යවරුන්ට ස්තුතිවන්ත විය යුතුයි. “රුධිර රහිත සැත්කම්වලින් රුධිර ප්‍රවේශන ලබා දීමේ අවශ්‍යතාව බොහෝදුරට අඩු කරගත හැකි අතර එමගින් දූෂිත රුධිරය නිසා ආසාදනයන් ඇතිවීමේ අවදානමද අඩු කරගත හැකි” යයි මැක්ලීන්ස් සඟරාව තවදුරටත් පවසා ඇත. එහෙත් “පිරිසිදු” රුධිරය ගැනීමෙන් පවා රෝගීන් ආසාදනයන්ට ගොදුරු වීමේ අවදානමක් ඇති වන්නේ එය ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය තාවකාලිකව අඩාළ කරන නිසාය.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් රුධිරය රහිත ප්‍රතිකාරයන් ලබාගැනීමට හේතුව කුමක්ද? ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථිර විශ්වාසය කුමක්ද? ඔබේ ජීවිතය ගැලවීමට රුධිරයට හැක්කේ කෙසේද? නමැති විවරණිකාව කියවීමට ඔබ කැමති නම් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔබට එය ලබා දෙන්න සතුටු වේ.