ඔබ අතපසු නොකළ යුතු අවස්ථාවක්
ඔබ අතපසු නොකළ යුතු අවස්ථාවක්
“සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද” අපේ ස්වර්ගික පියාණන්, එනම් දෙවි කෙරෙන් පැමිණෙන්නේය.—යාකොබ් 1:17.
දෙවි දුන් උතුම්ම දීමනාව වන්නේ, පාපිෂ්ඨ මනුෂ්‍යයාව පාපයෙන් හා අසම්පූර්ණ තත්වයෙන් ගළවාගැනීමට තම ඒකජාතක පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්ගේ ජීවිතය පිදීමට සැලැස්වීමය. අපේ මිදුම්කරු වන යේසුස්ගේ මරණය, පාරාදීස පොළොවක සදාකාල ජීවනය ලබාගැනීමට මඟ පාදයි. ලූක් 22:19හි සඳහන් වන පරිදි, ඔහුගේ මරණය අප අනිවාර්යයෙන්ම අනුස්මරණය කළ යුතුය.
යේසුස් දුන් එම අණට කීකරු වන යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ එම අවස්ථාවට හවුල් වන ලෙස ඔබට ඉතාමත් උණුසුම් ලෙස ආරාධනා කරනවා ඇත. බයිබල් කාලවල භාවිත කළ චන්ද්‍ර මාස දින දර්ශනයට අනුව නීසාන් 14වන දිනට අනුරූප වන දිනය වන 2001 අප්‍රියෙල් 8වන ඉරිදා හිරු බැසයෑමෙන් පසුව මෙම වාර්ෂික උත්සවය පවත්වනු ලැබේ. කරුණාකර ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන්, මෙම විශේෂිත උත්සවය පවත්වන වේලාව සහ ස්ථානය හරියටම දැනගන්න.