රාජ්‍යයේ ආශීර්වාද ඔබ සතුද?
රාජ්‍යයේ ආශීර්වාද ඔබ සතුද?
ක්‍රිස්තියානියෙකු වූ ප්‍රේරිත පාවුල්ට එකල තිබූ ප්‍රධාන භාෂා කීපයක්ම චතුර ලෙස කතා කිරීමට හැකියාව තිබිණ. ඔහු ලබා තිබුණේ අදදින ලැබෙන සරසවි අධ්‍යාපනය හා සමාන අධ්‍යාපනයකි. රෝමානු පුරවැසියන්ට තිබූ සෑම වරප්‍රසාදයක්ම හා සෑම අයිතිවාසිකමක්ම ඔහු භුක්ති වින්දේය. (ක්‍රියා 21:37-40; 22:3, 28) මේ නිසා ඔහුට ධනවත් මෙන්ම ප්‍රසිද්ධ පුද්ගලයෙකු වීමට හැකියාව තිබිණ. එහෙත් ඔහු, ‘මට ලාභව තිබුණු යම් යම් දේම ක්‍රිස්තුස් නිසා අලාභයයි සිතීමට පැමිණියෙමි. ඒවා කුණුයයි සලකමි. එසේ කරන්නේ මම ක්‍රිස්තුස් ලබාගන්නා පිණිසය’කියා පැවසුවේය. (පිලිප්පි 3:7, 8) පාවුල් එවැනි ප්‍රකාශයක් කළේ මන්ද?
තාර්සස්හි සාවුල් ලෙසත්, “ලබ්ධි මාර්ගයට අයිති” අයට පීඩා කරන්නෙකු ලෙසත් කලින් ප්රකටව සිටි පාවුල්ට නැවත නැඟිටුණාවූ යේසුස්ගේ මහිමාන්විත දර්ශනයක් දකින්න සැලැස්වූ විට, ඔහු ඇදහිලිවන්තයෙකු බවට පත් විය. (ක්‍රියා 9:1-19) දමස්කයට යන අතරමඟදී අද්දුටු මෙම දෙයින් යේසුස් වනාහි පොරොන්දු වූ රාජ්‍යයේ අනාගත පාලකයා වන ක්‍රිස්තුස් නැතහොත් මෙසියස් බව පාවුල්ට අවිවාදයෙන් පිළිගැනීමට සිදු විය. ඉහත සඳහන් පාවුල්ගේ බලවත් ප්‍රකාශයට අනුව එමගින් පාවුල්ගේ ජීවිත ගමනේ විශාල වෙනසක්ද සිදු විය. වෙනත් අයුරකින් පවසනවා නම්, පාවුල් අවංකවම හා මුළු හෘදයෙන්ම පසුතැවිලි විය.—ගලාති 1:13-16.
ක්‍රියා 3:19, 20; එළිදරව් 2:5) පාවුල් සම්බන්ධයෙන් බලන කල, දමස්කයට යන අතරමඟදී සිදු වූ ඉතා වැදගත් දෙය නිකම් චිත්තවේගයට බලපෑ දෙයක් හැටියට හෝ ආගමට තිබූ ලැදියාව නිසා ලැබූ යම් අද්දැකීමක් හැටියට ඔහු සැලකුවේ නැත. ක්‍රිස්තුස්ව නොදැන සිටියදී ගමන් ගත් මඟෙහි නිෂ්ඵලත්වය දැකීමට ඔහුගේ ඇස් පෑදවූයේ එයයි. ක්‍රිස්තුස් පිළිබඳව අලුත ලැබුණු දැනුමෙන් ප්‍රයෝජන ලැබීම සඳහා තම ජීවිත මාර්ගය හරිගස්වාගැනීමට තමා යමක් කළ යුතු බවද ඔහුට වැටහිණ.—රෝම 2:4; එපීස 4:24.
බයිබලයේ ‘පසුතැවීම’ යන ක්‍රියාපදය පරිවර්තනය කර තිබෙන්නේ, යම් වරදක් කිරීමට ‘පෙර’ ඒ සම්බන්ධයෙන් තිබෙන ‘දැනුම’ නොව නමුත් එය කළ ‘පසු’ ඒ ගැන තිබෙන ‘දැනුම’ යන පදගතාර්ථ අර්ථයක් ඇති ග්‍රීක් වචනයකින්ය. මෙබැවින්, පසුතැවීමට නම් කෙනෙකු තම මනස, ආකල්ප හෝ අරමුණු වෙනස් කර පළමු ක්‍රියාවන් නුසුදුසු ඒවා වශයෙන් ප්‍රතික්ෂේප කළ යුතුය. (වෙනස් වූ නිසා ආශීර්වාද රැසක්
දෙවි පිළිබඳව පාවුල්ට කලින් සෑහෙන දැනුමක් ලැබුණේ ඔහු ඵරිසිවරුන්ගේ ලබ්ධියේ සාමාජිකයෙකුව සිටි නිසාය. ඔවුන්ගේ විශ්වාසයන්වලට මානව දර්ශනයන් හා සම්ප්‍රදායන් ඇතුළත් විය. ආගමික වශයෙන් අගතිසහගත හැඟීම් තිබුණ නිසා පාවුල්ගේ ජ්වලිතය හා වෑයම් යොමු වී තිබුණේ වැරදි දිශාවකටය. තමා දෙවිට සේවය කරනවායයි ඔහු සිතූ නමුත් ඇත්තෙන්ම ඔහු ඔහුටම එරෙහිව සටන් කරමින් සිටියේය.—පිලිප්පි 3:5, 6.
ක්‍රිස්තුස් ගැන හා දෙවිගේ අරමුණ තුළ ක්‍රිස්තුස්ගේ කාර්යභාරය ගැන නිවැරදි දැනුමක් ලබාගැනීමෙන් පසුව තමා යම් තේරීමක් කළ යුතු බව පාවුල්ට වැටහිණ. ඔහු ඵරිසිවරයෙකු ලෙස දිගටම ගරුනම්බු ලබමින් උසස් තත්වයක සිටිය යුතු වීද? එසේ නැතහොත් තම ජීවිත මාර්ගය වෙනස් කර දෙවිගේ අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය වූ යමක් කළ යුතු වීද? පාවුල් නිවැරදි තේරීමක් කිරීම සතුටට කරුණකි. මන්ද “මම ශුභාරංචිය ගැන ලජ්ජා නොවෙමි. අදහන්නාවූ සියල්ලන්ටම, එනම් පළමුකොට යුදෙව්වාටද එසේම ග්‍රීකයාටද, ගැළවීම පිණිස එය [දෙවිගේ] බලයව තිබෙන නිසාය” කියා ඔහු පැවසුවේය. (රෝම 1:16) පාවුල් ක්‍රිස්තුස් හා රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ජ්වලිතව දේශනා කළ අයෙක් බවට පත් විය.
වසර ගණනාවකට පසුව පාවුල් තම සෙසු ක්‍රිස්තියානීන්ට මෙසේ පැවසීය. ‘මම තවමත් ඒ දේ අත් කරගෙන ඇතැයි නොසිතමි. එක දෙයක් මට වැදගත්ය. පසුගිය දේ අමතක කර දමා, ඉදිරියෙහි තිබෙන දේ දෙසම නෙත් යොමා, ක්‍රිස්තුස් යේසුස් මගින් දෙවි දෙන්නට අදහස් කරන ස්වර්ගීය ත්‍යාගය ලබන පිණිස දිනුම් කණුව කරා මම දුව යමි.’ (පිලිප්පි 3:13, 14, නව අනුවාදය) තමාව දෙවිගෙන් ඈත් කරවන දේවල් අත්හැර දමමින් දෙවිගේ අරමුණට එකඟ වූ ඉලක්කයන් ලුහුබැඳීමට කැමැත්තක් දැක්වූ නිසා පාවුල්ට ශුභාරංචියෙන් ප්‍රයෝජන ලබාගැනීමට හැකි විය.
ඔබ කුමක් කරනු ඇද්ද?
සමහරවිට ඔබ ශුභාරංචියට සවන් දුන්නේ ළඟකදී විය හැකිය. සර්ව සම්පූර්ණ පාරාදීසයක සදහටම ජීවත් වීමේ බලාපොරොත්තුව වෙත ඔබේ සිත්සතන් ඇදී යයිද? එය එසේ විය යුත්තේ මන්දයත්, සාමයෙන් හා සුරක්ෂිතභාවයෙන් ජීවත් වෙමින් ජීවිතය භුක්ති විඳීමට අප සියල්ලන් තුළ සහජ ආශාවක් තිබෙන බැවිනි. ‘සදාකාලය ඔවුන්ගේ හෘද තුළට දමා තිබෙන’ බව බයිබලයේ පවසයි. (දේශනාකාරයා 3:11, NW) එබැවින් සමාදානයෙන් හා සන්තෝෂයෙන් සදහටම ජීවත් විය හැකි කාලයක් එළඹෙන තෙක් බලා සිටීම ස්වභාවික දෙයකි. ඉතින් රාජ්‍යයේ ශුභාරංචිය මගින් ඉදිරිපත් කරන්නෙත් එම දේමය.
කෙසේවෙතත්, එම බලාපොරොත්තුව සැබෑවක් කරගැනීමට නම්, ශුභාරංචිය යනු කුමක්ද කියා සොයා බැලීමට ඔබට සිදු වේ. ප්‍රේරිත පාවුල් මෙසේ අවවාද කළේය. ‘දෙවිගේ කැමැත්ත එනම් යහපත් වූ පිළිගත යුතු වූ සම්පූර්ණ වූ දෙය කුමක්ද කියා දැනගන්න [ඔබටම ඔප්පු කරගන්න, NW].’ (රෝම 12:2) එසේ නම්, දැනුම හා අවබෝධය ලැබීමෙන් පසු පාවුල් මෙන් ඔබත් තේරීමක් කළ යුතුය.
අනිත් අතට, ඔබේ අනාගතය සම්බන්ධයෙන් ඔබ තුළ දැනටමත් යම් විශ්වාසයන් තිබෙනවා විය හැක. සාවුල් ප්‍රේරිත පාවුල් වීමට පෙර දෙවිගේ කැමැත්ත සම්බන්ධයෙන් ඔහුට ඔහුගේම අදහස් තිබුණු බව මතක තබාගන්න. එහෙත් දෙවිගෙන් ප්රාතිහාර්යමය එළිදරව්වක් බලාපොරොත්තු වෙනවා වෙනුවට මේ සම්බන්ධයෙන් සාධාරණ ලෙස විමසා නොබලන්නේ මන්ද? ඔබෙන් මෙසේ අසන්න. ‘මනුෂ්‍යවර්ගයා හා පොළොව පිළිබඳව දෙවිගේ කැමැත්ත මොකක්ද කියලා මම ඇත්තෙන්ම දන්නවාද? මගේ විශ්වාසයන් තහවුරු කිරීමට මට ඉදිරිපත් කළ හැකි සාක්ෂි මොනවාද? දේවවචනය වන බයිබලයෙන් සෝදිසි කර බලන කල මගේ සාක්ෂි සත්‍යය බව ඔප්පු වේද?’ මේ අයුරින් ඔබේ ආගමික විශ්වාසයන් සෝදිසි කර බැලීමෙන් ඔබට යමක් අහිමි වන්නේ නැත. ඇරත් බයිබලයෙහි අපෙන් ඉල්ලා තිබෙන්නේ “සියල්ල සෝදිසිකර බලා, යහපත් 1 තෙසලෝනික 5:21) කෙසේවුවත් ඉතා වැදගත් වන්නේ දෙවිගේ අනුමැතිය ලැබීම නොවේද?—යොහන් 17:3; 1 තිමෝති 2:3, 4.
දේ තදින් අල්ලාගන්න” කියාය. එබැවින් එසේ කිරීමට අප වගබලා ගත යුතුය. (ආගමික නායකයන් සදාකාල අනාගතයක් ලබා දෙන බවට පොරොන්දු විය හැක. එහෙත් එම පොරොන්දුව බයිබලයේ ඉගැන්වීම් මත පදනම් වී නැත්නම් දෙවිගේ රාජ්‍යයේ ආශීර්වාද ලබාගැනීමට එය අපට උපකාර නොකරනු ඇත. ප්‍රසිද්ධ කන්ද උඩ දේශනාව දෙන විට යේසුස් මෙසේ තදින් අවවාද කළේය. “ස්වර්ගයෙහි සිටින මාගේ [පියාගේ] කැමැත්ත කරන්නා මිස මට: ස්වාමිනි, ස්වාමිනියි කියන සියල්ලෝම ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නෝය.”—මතෙව් 7:21.
දෙවිගේ රාජ්‍යයේ ආශීර්වාද ලබාගැනීමට නම් තම පියාගේ කැමැත්ත කරන්න කියා යේසුස් අවධාරණයෙන් යුතුව කියා සිටියේය. වෙනත් අයුරකින් කියතොත්, දෙවිගේ අනුමැතිය ලැබීමට දේවභක්තික පෙනුම නොවෙයි වැදගත් වන්නේ. ඇත්තවශයෙන්ම, යේසුස් පැවසුවේ මෙයයි. “ඒ දවසේදී බොහෝ දෙනෙක්: ස්වාමිනි, ස්වාමිනි, ඔබගේ නාමයෙන් අනාගත වචන නොකීයෙමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකෙළෙමුද? ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකෙළෙමුදැයි මට කියනවා ඇත. එවිට මම: කිසිකලෙකත් නුඹලා නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨකම් කරන්නෙනි, මා කෙරෙන් අහක්ව යන්නැයි ඔවුන්ට කියන්නෙමි.” (මතෙව් 7:22, 23) එසේ නම්, වැදගත් දේ වන්නේ, රාජ්‍යයේ ශුභාරංචිය යනු කුමක්දැයි නිවැරදිව අවබෝධ කරගෙන, ඒ අනුව ක්‍රියා කිරීමට වගබලාගැනීමය.—මතෙව් 7:24, 25.
වැල නොකැඩී එන උපකාර
වසර 100කට වැඩි කාලයක් පුරා යෙහෝවාගේ සාක්ෂිකරුවෝ දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කරමින් සිටිති. මුද්‍රිත පොත් පත් මගින් හා මුඛයෙන් ඔවුහු මුළු පොළෝතලයෙහි සැමට රාජ්‍යය පිළිබඳවත්, ඉන් ලැබෙන ආශීර්වාද පිළිබඳවත්, එමෙන්ම එවන් ආශීර්වාද ලබාගැනීමට තමන් කළ යුතු වන්නේ කුමක්ද යන්න පිළිබඳවත් නිවැරදි දැනුමක් ලැබීමට උපකාර කරමින් සිටිති.
යෙහෝවාගේ සාක්ෂිකරුවන් දේශනා කරන පණිවිඩයට ප්‍රතිචාරය දක්වන්න කියා අපි ඔබට දිරිගන්වන්නෙමු. ශුභාරංචිය පිළිගැනීමෙන් හා ඒ අනුව ක්‍රියා කිරීමෙන් දැන් පමණක් නොව නමුත් දේවරාජ්‍යය මගින් මුළු පොළොවම පාලනය කරනු ලබන අනාගතයේදීත් මහඟු ආශීර්වාද ලබාගැනීමට ඔබට පුළුවනි.—1 තිමෝති 4:8.
අත ළඟ ඇති දේවරාජ්‍යයේ ආශීර්වාද ලැබීම සඳහා දැන්ම ක්‍රියා කරන්න.
[7වන පිටුවේ පින්තූර]
යෙහෝවාගේ සාක්ෂිකරුවෝ මුද්‍රිත පොත් පත් මගින් හා මුඛයෙන් දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කරති