Skip to content

පටුනට යන්න

“ප්‍රස්තාව අල්ලාගන්න” ඔබ කැමතිද?

“ප්‍රස්තාව අල්ලාගන්න” ඔබ කැමතිද?

“ප්‍රස්තාව අල්ලාගන්න” ඔබ කැමතිද?

“නුඹලා ඥානය නැත්තන්මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රවේසමෙන් හැසිරෙන්ට බලාගෙන, දවස් නපුරු බැවින් ප්‍රස්තාව අල්ලාගන්න” කියා පළවන ශත වර්ෂයේ එපීසයේ සිටි ක්‍රිස්තියානීන්ට ප්‍රේරිත පාවුල් අවවාද කළේය. (එපීස 5:15, 16) මෙවැනි අවවාදයක් දීම අවශ්‍ය වූයේ ඇයි? මෙම ප්‍රශ්නයට පිළිතුරු සොයාගැනීමට නම් එම පුරාණ නගරයේ සිටි ක්‍රිස්තියානීන් මුහුණ දුන් තත්වයන් ගැන අවබෝධයක් ලබාගත යුතුය.

එපීසය ඉතා ධනවත් නගරයක් වුවත් අන්තයටම ගිය දුරාචාර ක්‍රියාවලින්, නොනවත්වා සිදු වන අපරාධවලින් සහ විවිධ භූතවාදි ක්‍රියාවලින් එය පිරී පැවතුණි. එපමණක්ද නොව, ක්‍රිස්තියානීහු කාලය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ දර්ශනවාදී මතවල බලපෑම සමඟද පොරබදිමින් සිටියහ. එපීසයේ සිටි ක්‍රිස්තියානීන් නොවන ග්‍රීක්වරු කාල ප්‍රවාහය එක් දිශාවක් ඔස්සේ ගමන් ගන්නා දෙයක් බව විශ්වාස කළේ නැත. ඔවුන්ට ග්‍රීක් දර්ශනවාදයේ උගන්වා තිබුණේ, ජීවිතය කෙදිනකවත් අවසානයකට පත් නොවන දෙයක් බවත් එය චක්‍රයක් මෙන් නැවත නැවතත් ඇති වන දෙයක් බවත්ය. එනම් යම් කිසි පුද්ගලයෙකුට එක් ජීවිත චක්‍රයදී අසංවර ලෙස ජීවත් වී නැවතත් අලුත් ජීවිත චක්‍රයක් ආරම්භ කළ හැකි බවය. මෙවැනි චින්තනයන් නිසා යෙහෝවාගේ කාල සටහනට අනුව සිදු වන දිව්‍යමය විනිශ්චය ඇතුළු අනෙකුත් සියලුම සිද්ධීන් ගැන එපීසයේ සිටි ක්‍රිස්තියානීන් උදාසීන ආකල්පයක් දැරීමට පෙලඹුණා විය හැක. ඒ නිසා කාලය සම්බන්ධයෙන් කතා කිරීමේදී පාවුල් “ප්‍රස්තාව අල්ලාගන්න” කියා දුන් උපදේශය උචිත විය.

තවද පාවුල් මෙහිදී කතා කළේ නිකම්ම කාලය ගැන නොවේ. යම් නියමිත අරමුණක් ඉටු කරගැනීම සඳහා නැණවත් ලෙස වැය කරන කාලයක් නැතහොත් නිශ්චිත කාල සීමාවක් යන අර්ථයක් ගෙන දෙන ග්‍රීක් වචනයක් ඔහු එහිදී භාවිත කළේය. එපමණක්ද නොව දිව්‍යමය දයාව හා ගැළවීම ලබාගැනීමට ප්‍රස්තාව විවෘතව තිබූ එම කාලපරිච්ඡේදය ඔවුන්ගෙන් ගිලිහී යා හැකිව තිබූ බැවින් ප්‍රස්තාව විවෘතව ඇති ඒ කාලය හෝ අනුග්‍රහය ලබාගත හැකිව තිබූ එම කාලය ඥානවන්තව භාවිත කරන ලෙස පළවන ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන්ට පාවුල් අවවාද කරන්නට විය.—රෝම 13:11-13; 1 තෙසලෝනික 5:6-11.

අපද ජීවත් වෙන්නේ ඒ හා සමානව ප්‍රස්තාව අල්ලාගත යුතුව තිබෙන කාල වකවානුවකයි. මෙම කාලය ගෙවීයන නිසාත් එය යළි ලබාගත නොහැකි වන නිසාත් අද ලෝකයා අපට පිරිනමන තාවකාලික සැපත හඹා යන්නේ නැතුව අනුග්‍රහය ලබාගත හැකිව තිබෙන මෙම කාලය ක්‍රිස්තියානීන්ට ඥානවන්තව යොදාගත හැක. එනම් “දේව භක්තික හැසිරීම” පිළිබිඹු කරමින් මැවුම්කරු වන යෙහෝවා සමඟ ඇති සම්බන්ධතාව ශක්තිමත් කරගත හැක.—2 පේතෘස් 3:11NW; ගීතාවලිය 73:28; පිලිප්පි 1:9, 10.