Skip to content

පටුනට යන්න

නොමැකෙන මතක සටහන්

නොමැකෙන මතක සටහන්

නොමැකෙන මතක සටහන්

සෑම වසරකම යෙහෝවාගේ සාක්ෂිකරුවෝ තම රටවලදී ක්‍රිස්තියානි එක්රැස්වීම් හා සමුළු සඳහා එක්රැස් වෙති. ඔවුන් එසේ රැස් වන්නේ ආත්මිකව ගොඩනංවන උපදෙස් ලබාගැනීමට හා එකිනෙකාගේ ඇසුර භුක්ති විඳීමටය. එපමණක්ද නොව ඔවුන්ගේ රැස්වීම්වල දක්නට තිබෙන වෙනත් දේවල්ද අමුත්තන් තුළ නොමැකෙන මතක සටහන් ඇති කළ හැක.

උදාහරණයක් වශයෙන්, 1999 ජූලි මාසයේදී මොසැම්බික්හි සිටින සාක්ෂිකරුවන් දහස් ගණනක් “දෙවිගේ අනාවැකිමය වදන්” නමැති දිස්ත්‍රික් සමුළුවට විවිධ ස්ථානවල එක්රැස් වූ අතර එහිදී දවස් තුනක් පුරා දිරිගන්වනසුලු දේවලින් පෝෂණය විය. ඔවුන්ගෙන් වැඩිදෙනෙකු මෙලෙස සමුළුවකට පැමිණියේ පළමු වතාවටය. වේදිකාවෙන් ඉදිරිපත් කළ වචන සවනට වැකීමෙන් පමණක් නොව නමුත් ඔවුන් අවට තිබූ යම් දේවල් දැකීමෙන්ද ඔවුන් තුළ හොඳ හැඟීමක් ඇති විය.

මපුටෝ එක්රැස්වීම් ශාලාවට පැමිණ සිටි කෙනෙක් මෙසේ පැවසීය. “මගේ ජීවිත කාලෙටම මම ඒ වගේ ලස්සන තැනක් දැකලා නැහැ! නාන කාමරවල සබන් හා කණ්ණාඩි තිබුණා විතරක් නෙවෙයි ඒවායින් නැවුම් සුවඳකුත් විහිදුණා. හරිම සන්සුන් වාතාවරණයක් තිබුණා. දරුවෝ ගහගත්තෙවත්, බැණගත්තෙවත් නැහැ. කවුරුවත් පොරකෑවෙත් නැහැ! යෞවනයන් සිනාමුසු මුහුණින් එකිනෙකාව දිරිගන්වමින් කතාබහේ යෙදිලා ඉන්නවා මම දැක්කා. හැමෝම විනීතව ඇඳ පැළඳගෙන ඉන්නවා දැකීමෙනුත් මා තුළ පෙලඹීමක් ඇති වුණා. ඊළඟ වතාවේදී මම මගේ දරුවන්වත් එක්කගෙන එනවා. ඒ වගේම අපි මේ සමුළුවට සහභාගි වෙන්න ඕන කියන එක මගේ මහත්තයටත් ඒත්තුගන්වනවා.”

ඇත්තෙන්ම, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ අවංකකම, පක්ෂපාතිත්වය හා ශාරීරික පිරිසිදුකම අන්‍යයන් නොදැක සිටින්නේ නැත. සාක්ෂිකරුවන් වෙන අයට වඩා වෙනස් වන්නේ මන්ද? එසේ වන්නේ ඔවුන් බයිබලයෙන් ඉගෙනගන්නා දේ අදාළ කරගැනීමට සැබෑ වෑයමක් දරන නිසාය. මෙම වසරෙහි, ඔවුන්ගේ සමුළුවලදී හෝ රාජ්‍ය ශාලාවල පැවැත්වෙන සතිපතා රැස්වීම්වලදී ඔවුන් සමඟ එක්රැස් වී මෙය සැබෑවක්ද කියා ඔබේ දෑසින්ම දැකබලා නොගන්නේ මන්ද?

[32වන පිටුවේ පින්තූරය]

සැම්බියාව

[32වන පිටුවේ පින්තූරය]

කෙන්යාව

[32වන පිටුවේ පින්තූරය]

මොසැම්බික්