Skip to content

පටුනට යන්න

“ඇත්තෙන්ම දෙවි මිනිසුන්ව නිරයේ පුලුස්සනවාද?”

“ඇත්තෙන්ම දෙවි මිනිසුන්ව නිරයේ පුලුස්සනවාද?”

“ඇත්තෙන්ම දෙවි මිනිසුන්ව නිරයේ පුලුස්සනවාද?”

“ඔබ දේවධර්මය ඉගෙනගන්නවාද?”

එම ප්‍රශ්නයෙන් ජොඑල් හා කාල් පුදුමයට පත් විය. නියූ යෝක් බෘක්ලින්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථානයේ ස්වේච්ඡා සේවකයන් වූ මෙම යෞවනයෝ දෙදෙනා ළඟපාත පොත් සාප්පුවක පොත් බලමින් සිටියහ. ජොඑල් බයිබල් සූචි සෝදිසි කරමින් සිටි අතර කාල් දේවසේවයේදී ඇති වූ සුහද සංවාදයක් ඔහුට විස්තර කරමින් සිටියේය. මෙම සංවාදයෙන් කොටසක් ඒ අසල සිටි තැනැත්තෙකුගේ සවනට වැකුණු අතර ඔහු ඔවුන් කරා පැමිණියේය.

කෙසේවුවත්, මෙම තැනැත්තාට වුවමනා වී තිබුණේ එම යෞවනයන් දෙදෙනා දේවධර්මය ඉගෙනගන්නවාද යන්න දැනගැනීමට වඩා ඔහු හා සම්බන්ධ යමක් දැනගැනීමටය. ඔහු මෙසේ පැහැදිලි කළේය. “මම යුදෙව්වෙක්. යුදෙව්වන් යේසුස්ව ප්‍රතික්ෂේප කළ නිසා මාව නිරයේ පුලුස්සයි කියලා මගේ ක්‍රිස්තියානි මිතුරන්ගෙන් සමහරු මට කියලා තියෙනවා. මේක මගේ හිතට මහ වදයක්. ප්‍රේමනීය දෙවිකෙනෙක් ඒ වගේ දඬුවමක් දෙන එක සාධාරණ නෑ නේද? ඇත්තෙන්ම දෙවි මිනිස්සුන්ව නිරයේ පුලුස්සනවාද?”

තමන් ගැඹුරින් බයිබලය අධ්‍යයනය කළ බව ජොඑල් සහ කාල් මෙම අවංක මිනිසාට පැවසූහ. මළ අය සිහි නැති තත්වයක සිටින බවත්, ඔවුන් නැවත නැඟිටීමක් බලාපොරොත්තුවෙන් නිදන්නාක් මෙන් මරණයේ සැතපී සිටින බවත් ඔවුහු ඔහුට ශුද්ධ ලියවිලි පදවලින් පෙන්වූහ. මෙබැවින්, ඔවුන් වධ වේදනා විඳින්නේ හෝ නිරාගින්නක වේදනා විඳින්නේ හෝ නැත. (ගීතාවලිය 146:3, 4; දේශනාකාරයා 9:5, 10; දානියෙල් 12:13; යොහන් 11:11-14, 23-26) එලෙස ඔවුන් විනාඩි 45ක් පුරා සංවාදයෙහි යෙදුණු පසු, එම තැනැත්තා ජොඑල්ට හා කාල්ට ඔහුගේ ලිපිනය දී මේ විෂය සම්බන්ධයෙන් වැඩි විස්තර දන්වන්නැයි ඉල්ලා සිටියේය.

නිරය ගින්නෙන් වධ විඳිනු ලබන ස්ථානයක් නම්, එතැනට යවන්න කියා කොයියම් කෙනෙකු හෝ ඉල්ලා සිටීද? එහෙත්, කුල ජ්‍යේෂ්ඨයෙකු වූ යෝබ් තම දුඃඛිත තත්වයෙන් මිදීමේ බලාපොරොත්තුවෙන් මෙසේ ඉල්ලා සිටියේය. “ඔබ මා නිරයෙහි ආරක්ෂා කොට තබා ඔබේ උදහස පහ වන තුරු මා එහි සඟවා තබනවා නම් මම කැමැත්තෙමි.” (යෝබ් 14:13, ඩුඑ වර්ෂන්) පැහැදිලිවම, යෝබ් නිරය දැවෙන ස්ථානයක් බව විශ්වාස කළේ නැත. ඒ වෙනුවට, ඔහු එහි ආරක්ෂාව පැතුවේය. මරණය පැවැත්මෙන් තොර තත්වයක් වන අතර, බයිබලයේ සඳහන් නිරය මිනිස්වර්ගයාගේ පොදු මිනීවළ වේ.

අප මියයන විට අපට සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳව හා ඉන්පසු තිබෙන්නේ කුමන බලාපොරොත්තුවක්ද යන්න පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට ඔබ කැමති නම්, මතු සඳහන් වන පරිදි දන්වා එවන්න කියා ඔබට සාදරයෙන් ඇරයුම් කරන්නෙමු.