Skip to content

පටුනට යන්න

වාර්ෂික රැස්වීම, 2001 ඔක්තෝබර් 6

වාර්ෂික රැස්වීම, 2001 ඔක්තෝබර් 6

වාර්ෂික රැස්වීම, 2001 ඔක්තෝබර් 6

Watch Tower Bible and Tract Society of Pennsylvaniaහි සාමාජිකයන්ගේ වාර්ෂික රැස්වීම, 2001 ඔක්තෝබර් 6වනදා, නියූ ජර්සිහි, ජර්සි නගරයේ, කෙනඩි බූලවාඩ් 2932 දරන ස්ථානයේ පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ එක්රැස්වීම් ශාලාවේ පැවැත්වෙනු ඇත. සාමාජිකයන් සඳහා පමණක් තිබෙන ප්‍රාරම්භක රැස්වීම පෙ.ව. 9:15ට ආරම්භ වන අතර, ඉන් අනතුරුව පොදු වාර්ෂික රැස්වීම පෙ.ව. 10.00ට පවත්වනු ලැබේ.

පසුගිය වසර ඇතුළත තම ලිපිනයේ යම් වෙනසක් සිදු වී තිබේ නම්, ආයතන සාමාජිකයන් දැන් ඒ සම්බන්ධයෙන් ලේකම්ගේ කාර්යාලයට දැනුම් දිය යුතුය. එවිට මේ පිළිබඳව දැනුම් දෙන ලිපි හා පෙරකලාසි ජූලි මාසය තුළ එම ලිපිනවලට යැවිය හැකියි.

වාර්ෂික රැස්වීම පිළිබඳව දැනුම් දීමේ පත්‍රය සමඟින් සාමාජිකයන් වෙත එවනු ලබන පෙරකලාසි, අගෝස්තු 1වනදාට පෙර ලැබෙන සේ සමිතියේ ලේකම්ගේ කාර්යාලයට ආපසු එවිය යුතුයි. තමන් රැස්වීමට පැමිණෙනවාද නැද්ද යන වග සඳහන් කරමින්, සෑම සාමාජිකයෙකුම මෙම පෙරකලාසිය පුරවා, නොපමාව ආපසු එවිය යුතුයි. මෙම කාරණය සම්බන්ධයෙන් එක් එක් පෙරකලාසියේ සඳහන් වන තොරතුරු නිශ්චිත විය යුතුය. මන්ද පැමිණෙන්න යන්නේ කවරෙකුද යන වග තීරණය කරනු ලබන්නේ මෙම තොරතුරු මත බැවිනි.

සමිතියේ විධිමත් ව්‍යාපාර රැස්වීම සහ වාර්තා ඉදිරිපත් කිරීම්ද ඇතුළුව සම්පූර්ණ සැසිවාරයම ප.ව. 1:00ට හෝ ඉන් මද වේලාවකට පසුව අවසන් වේයයි අපේක්ෂා කෙරේ. දහවල් සැසිවාරයක් නොතිබෙනු ඇත. සීමිත ඉඩ ප්‍රමාණයක් තිබෙන බැවින්, ඇතුල් විය හැක්කේ ප්‍රවේශ පත්‍ර සතු අයට පමණයි. මෙම වාර්ෂික රැස්වීම දුරකථන මාර්ගයෙන් වෙනත් ශ්‍රවණාගාරවලට සම්බන්ධ කිරීමට කිසිදු විධිවිධානයක් යොදන්නේ නැත.