විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබුවෝ
විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබුවෝ
“කොංගෝ ජනරජයේ සංවර්ධනය උදෙසා දායක වූ පුද්ගලයන්ට හෝ සංවිධානයන්ට” කොංගෝ සහ අප්‍රිකානු පුවත්පත් කලාවේදීන්ගේ සංගමය විසින් මෙම සම්මානය ප්රදානය කරනු ලබයි.
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනවල අඩංගු දැනුම “කොංගෝ ජනයන්ගේ අභිවෘද්ධියට දායක වී තිබෙන නිසා” වසර 2000 නොවැම්බර් 17වනදා එම විශිෂ්ටතා සම්මානය යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට පිරිනැමීය.
කිංශාසා නගරයේ පළ වන පුවත්පතක එම සම්මානය යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට පිරිනැමීම ගැන මෙසේ අදහස් දක්වා තිබුණි. “යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරනු ලබන මුරටැඹ සහ පිබිදෙව්! සඟරා හෝ පොත් පත් නොකියවපු කොංගෝ වැසියෙක් නොමැති තරම්. මෙම සඟරා ජීවිතයේ සෑම අංගයක් කෙරෙහිම සමීප බැල්මක් හෙළයි.” “එදිනෙදා ජීවිතයේ ගැටලු සමඟ කටයුතු කරන්නේ කෙසේද” කියාත් “වර්තමාන සිදුවීම්වලට හේතුව කුමක්ද” කියාත් මෙම සඟරා තුළින් පෙන්වා දෙන බව එම පුවත්පතෙහි තවදුරටත් සඳහන් විය. පිබිදෙව්! සඟරාවේ සෑම කලාපයක්ම “දේශපාලනය සම්බන්ධයෙන් මධ්‍යස්ථව සිටින අතර එක් ජාතියක් තවත් ජාතියකට වඩා උසස් කර නොසලකති.” මීට අමතරව එම ප්‍රකාශන “වර්තමානයේ පවතින නොපනත් ලෝකය පහ කර සාමය සහ සුරක්ෂිතභාවය රජයන ලෝකයක් ඇති කරන බවට මැවුම්කරු දී ඇති පොරොන්දුව කෙරෙහිද විශ්වාසයක් ගොඩනඟමින් සිටියි.”
කොංගෝ සහ අප්‍රිකානු පුවත්පත් කලාවේදීන්ගේ සංගමය පිළිගත් ආකාරයට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන කොංගෝ ජනයාගෙන් වැඩි පිරිසකට ප්‍රයෝජනවත් වී තිබෙන බව සනාථ වී ඇත. භාෂා සිය ගණනකින් ප්‍රකාශයට පත් කෙරෙන ඔවුන්ගේ බලාපොරොත්තුවේ පණිවිඩය ඔබටත් ප්‍රයෝජනදායක විය හැක.
එම සඟරා ලබාගත හැක්කේ කෙසේද කියා දැනගැනීමට පහත සඳහන් විස්තරය බලන්න.