“ප්‍රංශ වැසියෙනි නිදහස ඔබෙන් ගිලිහී යන්නේද?”
“ප්‍රංශ වැසියෙනි නිදහස ඔබෙන් ගිලිහී යන්නේද?”
“නිදහස, මා ප්‍රිය කරන නිදහස” යනු “ලා මාසෙයියේස්” නම් වූ ප්‍රංශ ජාතික ගීයෙහි පද පෙළකි. නිදහස අගය නොකරන කෙනෙකු මෙලොවෙහි නැති තරම්ය. කෙසේවෙතත්, මෑතකදී නිදහසට තර්ජනයක් එල්ල වන ආකාරයේ සිද්ධීන් කිහිපයක් ප්‍රංශ වැසියන්ගේ සැලකිල්ලට භාජන වී ඇත. මෙයට ප්‍රතිචාරයක් වශයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් විශේෂ පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කළ අතර එය 2000 නොවැම්බර් 3වන සිකුරාදා දිනයෙහි ප්‍රංශය පුරාම බෙදාහරින ලදි. “ප්‍රංශ වැසියෙනි, නිදහස ඔබෙන් ගිලිහී යන්නේද?” යන මැයෙන් යුත් මෙම පත්‍රිකාවේ පිටපත් මිලියන 12ක් පමණ ඔවුහු බෙදාහැරියහ.
ආගමික නිකායන්ට එරෙහිව කටයුතු කරන විවිධ සංවිධාන මෙන්ම දේශපාලනඥයන් දැන් වසර කිහිපයක් පුරාම ප්‍රංශයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ප්‍රහාර එල්ල කර තිබේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් පෞද්ගලිකව, සභා හා ජාත්‍යන්තර මට්ටමෙන් සාක්ෂිකරුවන්ට නොයෙකුත් ගැටලුවලට මුහුණ දීමට සිදු වී ඇත. කෙසේවෙතත් 2000 ජූනි 23වන දින, ප්‍රංශයේ මහා පරිපාලන අධිකරණය (කොන්සෙයි දේතා) විසින් පෙරළියකට මඟ පාදන තීන්දුවක් දෙන ලදි. කලින් පහළ උසාවි 31ක පැවැත්වූ නඩු විභාග 1,100කදී ගත් තීරණ එම තීන්දුව මගින් ස්ථිර විය. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාරය ප්‍රංශ ව්‍යවස්ථාවට කිසිම අන්දමකින් විරුද්ධ නොවන බවත්, අනිත් ආගම් සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තියට අනුකූලව ඔවුන්ගේ රාජ්‍ය ශාලා සඳහාද බදු අය නොකළ යුතු බවත් එම මහාධිකරණය විසින් තීන්දු කරන ලදි.
කෙසේවෙතත්, ප්‍රංශයේ මුදල් අමාත්‍යාංශය මෙම තීන්දුව තුට්ටුවකටවත් මායිම් නොකර යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් දිගින් දිගටම බදු අය කරයි. නීතික පිළිවෙතට අනුව ආගමික ආයතනවලින් බදු අය නොකළත්, මෙම අමාත්‍යාංශය ප්‍රංශයේ සභා 1,500ක සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් හා ඔවුන් සමඟ ඇසුරු කරන අය පිරිනමන සම්මාදම්වලින් සියයට 60ක බද්දක් අය කරයි. මෙය මතභේද බොහොමයකට තුඩු දී ඇති කාරණයකි.
කලින් සඳහන් කළ විශේෂ පත්‍රිකාව බෙදාහැරීමේ වැඩ පිළිවෙළ සංවිධානය කළේ, සාක්ෂිකරුවන්ට විරුද්ධව ගෙන ඇති මෙම තීරණය නීතිය උල්ලංගනය කිරීමක් බව පෙන්වා දීමට හා බදු ගෙවීම a
අනිවාර්යය කිරීමේ හා ආගමික නිදහසට තර්ජනයක් එල්ල කරන නීති පැනවීමේ ඇති අවදානම හෙළි කිරීමටය.කාර්ය බහුල දිනක්
ඇතැම් සභාවල සාක්ෂිකරුවෝ පෙරවරු 2 සිටම දුම්රිය ස්ථාන, කර්මාන්ත ශාලා සහ ගුවන් තොටුපොළවල් අසල මෙම පත්‍රිකාව බෙදාහැරීමට පටන්ගත්හ. පෙරවරු 6 වන විට පැරිස් නගරය පුරාම සාක්ෂිකරුවන්ව දැකගත හැකි විය. ජනාකීර්ණ ස්ථානවල සිටි ස්වේච්ඡා සේවකයන් 6,000දෙනෙක් පමණ රැකියා සඳහා යන මඟීන්ට පත්‍රිකා බෙදාහැරියහ. මෙහිදී හමු වූ එක් තරුණියක් අදහස් දැක්වූයේ මේ ආකාරයටයි. “ඔයගොල්ලන් ආගමික නිදහස වෙනුවෙන් කරන මේ දේ හරිම හොඳයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට විතරක් නෙවෙයි අනිත් අයටත් එයින් යහපතක් වෙයි කියලා මං හිතනවා.” මාර්සෙයියේස්හි සාක්ෂිකරුවන් 350දෙනෙක් පමණ වීථිවල සහ මෙට්‍රෝ උමං දුම්රිය ස්ථාන අසල පත්‍රිකා බෙදාහැරියහ. පැයක්වත් ගතවීමට කලින් ජාත්‍යන්තර ගුවන්විදුලි සේවාව ඔස්සේ දැනුම් දුන්නේ, යෙහෝවාගේ සාක්ෂිකරුවන් ජනයා වෙත පැමිණෙන බවය. යුරෝපයේ මානව අයිතිවාසිකම් පිළිබඳ අධිකරණය පිහිටි ස්ට්‍රාස්බර්ග්හි ප්‍රධාන දුම්රිය ස්ථානයේ සිටි ජනයා පත්‍රිකාවක් ලබාගැනීම සඳහා පෙළ ගැසී ඉවසිලිවන්තව බලා සිටියහ. අපේ විශ්වාසයන්ට එකඟ නොවුවත් තමා අපේ නඩු විභාගය ගැන උනන්දුවක් දක්වන බවත්, අපේ සටන සාධාරණ එකක් බවත් එක් නීතිඥයෙක් පැවසුවේය.
පෙරවරු 8ට ඇල්පයින් කඳුකරයේ පිහිටි නගරයක් වන ග්රෙනෝබ්ලවලට ධාරානිපාත වරුසාවක් කඩා හැළුණද සාක්ෂිකරුවන් 507දෙනෙක් එහි සෑම වීථියකටම ගොස් පත්‍රිකාව බෙදාහැරියහ. ඔවුහු නිවසින් නිවසට ගොස් ලියුම් පෙට්ටි තුළටද පත්‍රිකා දැමූහ. වාහනවලින් ගමන් කරමින් සිටි අය සාක්ෂිකරුවන්ව දැක තම වාහන නවතා පත්‍රිකා ඉල්ලාගත්හ. පෙරවරු 9ට බටහිර දිශාවේ පිහිටි පොයිටියේ නගරයට දුම්රියෙන් පැමිණ සිටි අයට ඒ වන විටත් පත්‍රිකාව ලැබී තිබුණ අතර ජර්මානු දේශ සීමාව අසල පිහිටි මූලූස්හිද පත්‍රිකා 40,000ක්ම බෙදාහැර තිබිණ.
පෙරවරු 10 වන විට බොහෝ සභාවන් තම පත්‍රිකාවලින් අඩකට වැඩි ප්‍රමාණයක් ජනයාගේ අතට පත් කිරීමට සමත් වී තිබිණ. දවස ගෙවී යත්ම කිහිපදෙනෙකු සමඟ හොඳ සංවාදයන් පැවැත්වීමට හැකි වූ අතර පත්‍රිකාව ප්‍රතික්ෂේප කළේ අතළොස්සක් පමණි. ස්විට්සර්ලන්තයේ දේශ සීමාවෙන් කිලෝමීටර් 80ක් පමණ ඈතින් පිහිටි බෙසැන්සොන්හිදී බයිබලය ගැන වැඩි විස්තර දැනගැනීමට කැමැත්ත පළ කළ තරුණයෙක් දෙවි දුක් වේදනාවලට ඉඩ දෙන්නේ ඇයිද යන්න ගැන ප්‍රශ්න කළේය. ඔහු සමඟ කතා කරමින් සිටි සාක්ෂිකරුවා එම විෂය වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා ළඟපාත රාජ්‍ය ශාලාවකට එන මෙන් ඔහුට ආරාධනා කළ අතර දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? යන විවරණිකාව භාවිත කරමින් ඔහු සමඟ බයිබල් පාඩමක් ආරම්භ කළේය.
බොහෝ සාක්ෂිකරුවෝ දහවල් 12ට දිවා ආහාරය සඳහා ලැබෙන විවේක කාලයේදී පැයක් හෝ දෙකක් දේශනා සේවයෙහි හවුල් වූහ. පත්‍රිකා බෙදාහැරීම සවස් වෙන තෙක් නොනවත්වාම කරගෙන ගිය අතර සභාවන් බොහොමයක් එය නතර කළේ සවස තුනට හෝ හතරට පමණය. ෂැම්පේන් නිෂ්පාදනය කරන රෙයිම්ස් නගරයෙහි සිටින කලක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ ආශ්‍රය කළ හෝ ඔවුන් සමඟ බයිබලය පාඩම් කළ ඇතමෙකුට පත්‍රිකාව කියවන්න ලැබිණ. කිහිපදෙනෙක්ම සභාව සමඟ නැවත ඇසුරු කිරීමට තම කැමැත්ත පළ කළහ. බොර්ඩෝහි නිවාස බයිබල් පාඩම් තුනක් ආරම්භ කෙරිණ. එම නගරයේම, පුවත්පතක් ලබාගැනීම සඳහා කඩේකට ඇතුල් වූ සාක්ෂිකාරියක දුටුවේ කවුන්ටරයේ පත්‍රිකා ගණනාවක් ගොඩගැසී ඇති බවය. කලින් සාක්ෂිකාරියක්ව සිටි කඩේ අයිතිකාරිය පත්‍රිකාව කොතරම් අගය කළාද කිවහොත් ඡායා පිටපත් සාදා එය බෙදාහැරීමට පටන්ගෙන තිබුණාය!
නොර්මැන්ඩිවල ල’ආව්ර්හි රෙපරමාදු භක්තික ස්ත්‍රියක්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සම්මාදම්වලට බදු අය කරන බව ගුවන් විදුලියෙන් දැනගත් විට පුදුම විය. ඇය පත්‍රිකාව සතුටින් භාරගත් අතර එවන් අසාධාරණයන්ට එරෙහිව කතා කිරීම ගැන සාක්ෂිකරුවන්ට
ප්‍රශංසා කළාය. පස්වරු 7:20 වන විට මෙම විශේෂ වැඩ පිළිවෙළ ගැන ලියොන්ස්හි ප්‍රාදේශීය රූපවාහිනි ප්රවෘත්ති සේවය මෙසේ සඳහන් කළේය. “අදදින උදෑසන ජනයා වැහි බිඳුවලින් බේරීමට සමත් වුණත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පත්‍රිකාවලින් නම් බේරීමට කිසිවෙකු සමත් නොවීය!” සාක්ෂිකරුවන් දෙදෙනෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳවූ අතර මෙම විශේෂ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ අරමුණ ඔවුහු පැහැදිලි කර දුන්හ.රැකියාවන්හි නිරත වන සාක්ෂිකරුවෝද වැඩ අවසන් වූ පසු නිවෙස් කරා ගමන් කරන මඟීන්ට පත්‍රිකා බෙදාහරිමින් හා ලියුම් පෙට්ටි තුළට පත්‍රිකා දමමින් තම සහයෝගය දැක්වූහ. අවසාන වශයෙන් පත්‍රිකා බෙදාහරිනු ලැබුවේ රාත්‍රි 11ට සිනමා ශාලාවලින් පිට වී එමින් සිටි පෝර්සලීන් නිෂ්පාදනයට ප්‍රසිද්ධ බ්‍රෙස් හා ලිමෝජ්හි නගර වාසීන්ටය. ඉතිරි වූ පත්‍රිකා එකතු කරනු ලැබූ අතර ඒවා පසුවදා උදෑසන බෙදාහරිනු ලැබීය.
ලද ප්‍රතිඵල
“අපේ සතුරෝ හිතං ඉන්නේ එයාලාට අපේ ස්ථාවරය බිඳින්න පුළුවන් කියලා. හැබැයි ඒකේ අනිත් පැත්ත තමයි වෙන්නේ” කියා එක් සාක්ෂිකරුවෙක් පැවසීය. බොහෝ සභාවල සිටින සාක්ෂිකරුවන්ගෙන් සියයට 75ක් පමණ පැය 10ක්, 12ක් හෝ 14ක් වැය කරමින් මෙම වැඩ පිළිවෙළට තම සහයෝගය දැක්වූහ. උතුරු ප්‍රංශයේ පිහිටි හෙම්හි, රාත්‍රි වැඩ මුරයේ යෙදුණ එක් සාක්ෂිකරුවෙක් උදෑසන පහේ සිට සවස තුන දක්වාම පත්‍රිකා බෙදාහැරියේය. එම නගරයට ආසන්නව පිහිටි ඩනැන්හි මුල්ම සභාව පිහිටවනු ලැබුවේ 1906දීය. එම සභාවේ සාක්ෂිකරුවන් 75දෙනෙක් සිකුරාදා දිනය තුළදී සමස්තයක් ලෙස පැය 200ක් වැය කරමින් පත්‍රිකා බෙදාහැරියහ. මහලු විය, ශාරීරික ආබාධ හා දුෂ්කර කාලගුණ තත්වයන් වැනි බාධා හමුවේ පවා තම සහයෝගය දැක්වීමට අදිටන් කරගත් අයද සිටියහ. උදාහරණයකට ල මැන්හි, 80 ගණන්වල පසු වන සාක්ෂිකරුවන් තුන්දෙනෙක් ලියුම් පෙට්ටිවලට පත්‍රිකා දැමීම සඳහා පැය දෙකක් වෙන් කළහ. රෝද පුටුවකට සීමා වූ සාක්ෂිකරුවෙක් පවා දුම්රිය ස්ථානයක් ඉදිරිපිට පත්‍රිකා බෙදාහැරියේය. අක්‍රියාශීලීව සිටි ප්‍රචාරකයන් බොහෝදෙනෙකු මෙම විශේෂ වැඩ පිළිවෙළට හවුල් වීම ප්‍රීතියට තවත් කාරණයකි!
මෙම දිනයේදී යෙහෝවාගේ නාමයට විශාල සාක්ෂියක් දැරීමට හැකි වූ බවට සැකයක් නැත. විවිධ තරාතිරම්වල සිටින මිනිසුන්ට පත්‍රිකා ලැබුණ අතර ඔවුන්ගෙන් බහුතරයක්ම සාමාන්‍යයෙන් නිවසේදී හමු විය නොහැකි අයයි. මෙම වැඩ පිළිවෙළින් සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් රැකීමට වඩා වැඩි යමක් ඉටු වූ බව බොහෝදෙනෙකුගේ මතය විය. බොහෝදෙනෙකු එය සැලකුවේ ප්‍රංශයේ ජනයාට තමන්ගේ හෘදය සාක්ෂියට හා ආගමික විශ්වාසයන්ට එකඟව නිදහසේ කටයුතු කිරීමට තිබෙන අයිතිය රැකගැනීම සඳහා දැරූ ප්රයත්නයක් හැටියටයි. මහජනයා මෙම ප්රයත්නය කොතරම් අගය කළාද කිවහොත් සමහරෙක් තම මිතුරන්ට, වැඩපොළේ සගයන්ට හා නෑයන්ට දීම සඳහා තවත් පත්‍රිකා ඉල්ලා සිටියහ.
ප්‍රංශයේ සිටින සාක්ෂිකරුවන් යෙහෝවාගේ නාමය ප්‍රකාශ කිරීමට හා රාජ්‍ය කටයුතු වෙනුවෙන් නැඟී සිටීමට ලද ප්‍රස්තාව සලකන්නේ ඉමහත් භාග්‍යයක් වශයෙනි. (1 පේතෘස් 3:15, NW) “සියලු ආකාර භක්තියෙන් සහ සන්සුන්කමින් සමාදානවූ නිශ්චල ජීවිතයක් [දිගටම] ගත [කිරීමට]” ඔවුන්ට හැකි වන ලෙසත්, ඔවුන්ගේ ස්වර්ගික පියාණන් වන යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීමට තව දහස් ගණනක් ඔවුන් හා එක් වන ලෙසත් ඉල්ලමින් ඔවුහු මුළු හදින්ම යාච්ඤා කරති. —1 තිමෝති 2:1.
[පාදසටහන]
a ආගම හේතුවෙන් විඳීමට සිදු වන අසාධාරණයන්ට එරෙහිව මේ හා සමාන වැඩ පිළිවෙළක් 1999 ජනවාරි මස දියත් කෙරිණ. මුරටැඹ සඟරාවේ 1999 අගෝස්තු 1 කලාපයේ 9වන පිටුව හා 2000 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොතෙහි 24-26 දක්වා පිටු බලන්න.