Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

කොලොස්සි 1:16හි පවසන්නේ, “සියල්ල [දෙවිගේ පුත්‍රයා] තුළ මවනලද්දේය; සියලු දේ [ඔහු] කරණකොටගෙනද [ඔහු] උදෙසාද මවා තිබේ” කියායි. යේසුස් “උදෙසා” සියල්ල මවා තිබෙනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

යෙහෝවා තම ඒක ජාතක පුත්‍රයාව මැවීමෙන් අනතුරුව තම ප්‍රධාන කර්මාන්තකරු හැටියට අන් සියලු දෙයක්ම මැවීමට ඔහුව හවුල් කරගත්තේය. (හිතෝපදේශ 8:27-30; යොහන් 1:3) මැවිල්ල දැක පුත්‍රයා කොතරම් ප්‍රීති වන්න ඇද්ද කියා අපට සිතාගැනීමට පුළුවන. එසේ නම්, සියල්ල මවා ඇත්තේ පුත්‍රයාට ප්‍රීතිය ගෙන දීම ‘උදෙසාය’ කියා පැවසිය හැක.

දෙමව්පියන් තමන් බිහි කළ දරු දැරිවියන් නිසා ප්‍රීතියක් ලබන බව නොකිවමනාය. බයිබල් හිතෝපදේශයක ‘පියාව ප්‍රීතියට පත් කරන පුත්‍රයෙකු’ [NW] ගැන කතා කරන්නේ එනිසාය. (හිතෝපදේශ 3:12; 29:17) ඒ හා සමානව ඉශ්‍රායෙල්වරුන් දෙවිට පක්ෂපාතව කටයුතු කළ අවස්ථාවලදී ඔවුහු යෙහෝවාගේ සිත සතුටට පත් කළෝය. (ගීතාවලිය 44:3; 119:108; 147:11) ඉතිහාසය පුරා තමාට ඇදහිලිවන්තව සේවය කර ඇති ජනයාගේ පක්ෂපාතකම හේතුවෙන්ද ඔහු ප්‍රීති වෙයි.—හිතෝපදේශ 12:22; හෙබ්‍රෙව් 10:38.

එසේ නම්, දෙවි තම හවුල් වැඩකරු වන යේසුස්ට ඔහුගේ අත්වැඩවලින් ප්‍රීතියක් අත් කරගැනීමට සැලැස්වීම සුදුසු දෙයක් නොවේද? හිතෝපදේශ 8:31හි පවසන ආකාරයට, පුත්‍රයා “වාසයට යෝග්‍යවූ ලෝකය ගැන සන්තෝෂවෙමින්, මනුෂ්‍ය පුත්‍රයන් සමීපයෙහි [ප්‍රීති විය].” කොලොස්සි 1:16හි “සියලු දේ [ඔහු] කරණකොටගෙනද [ඔහු] උදෙසාද මවා තිබේ” යනුවෙන් පවසන්නේ මේ අර්ථයෙනි.—අකුරු ඇල කළේ අපය.