බුද්ධිමත් තීරණයක් ගැනීමේදී . . .
බුද්ධිමත් තීරණයක් ගැනීමේදී . . .
නිදහස් කැමැත්ත අප දෙවිගෙන් ලද ත්‍යාගයකි. එය නොතිබෙන්ට අපත් රොබෝ යන්ත්‍රත් අතර වෙනසක් නොතිබෙනු ඇත. එපමණක්ද නොව, අපව පාලනය කරගැනීමට කිසිදු අයිතියක්ද අපට නොතිබෙනු ඇත. අනිත් අතට, නිදහස් කැමැත්ත ඇතුව සිටින අපි වෙනත් ආකාරයේ අභියෝගවලට මුහුණ දෙන්නෙමු. ජීවිත ගමනේ විවිධ මංපෙත් පසු කරන විට නානාවිධ තීරණ ගැනීමට අපට සිදු වන්නේ නිතැතින්මය.
දිනපතා අප ගන්නාවූ බොහෝමයක් තීරණ බරපතළ ඒවා නොවේ. එනමුත්, රැකියාවක් හෝ විවාහයක් හා සම්බන්ධව ගැනෙන තීරණයක් මගින් කෙනෙකුගේ මුළු අනාගතයම තීරණය කෙරෙන බැව් නොකිවමනාය. එමෙන්ම, අප ගන්නා වෙනත් තීරණද අන් අයගේ ජීවිතවලට බලපාන බව අපි දන්නෙමු. උදාහරණයක් හැටියට, දෙමාපියන් ගන්නාවූ ඇතැම් තීරණ ඔවුන්ගේ දරුවන්ට බලපාන බව අපි අද්දැක ඇත්තෙමු. අනික් අතට, අප ගන්නා තීරණ බොහොමයක් වෙනුවෙන් දෙවිට ගණන් දිය යුතු බව ඔබ දැන සිටියාද?—රෝම 14:12.
උදව්වක් අවශ්‍යද?
බුද්ධිමත් තීරණ ගැනීම සම්බන්ධයෙන් මිනිසා සතුව ඇත්තේ ඉතාම දුර්වල වාර්තාවකි. මිනිස් ඉතිහාසයේ එන මුල්ම තීරණවලින් එකක ප්‍රතිඵලයද අතිවිනාශකාරි යමක් විය. එපායැයි දෙවි ඉතා පැහැදිලිව තහනම් කර තිබූ ගසක ගෙඩියක් කෑමට ඒව නමැති මුල් ස්ත්‍රිය තීරණය කළාය. ආත්මාර්ථකාමි චේතනා පිටුපස වැටුණු ඇගේ තේරීම දෙවිට අකීකරු වීමට තම ස්වාමිපුරුෂයාවද පොලඹවාගැනීම දක්වා දුර දිග ගියේය. එම තීරණයේ ප්‍රතිඵලයක් හැටියට මුළු මහත් මිනිස්වර්ගයාම ගැඹුරු ආගාධයකට ඇද වැටුණේය. ඉන් පාඩමක් ඉගෙන නොගන්නා වත්මන් මිනිසා, ඍජු ප්‍රතිපත්ති වෙනුවට ආත්මාර්ථකාමි චේතනා තම තීරණවලට මුල් ගල් කරගනිති. (උත්පත්ති 3:6-19; යෙරෙමියා 17:9) එහෙත් අපට අපේ සීමා මායිම්, බැරි පුළුවන්කම් පෙනෙන්ට පටන්ගන්නේ බැරෑරුම් තීරණයක් ගැනීමට සිදු වන විටය.
ඒ නිසා, ජීවිතයේ ඉතා වැදගත් තීරණ ගනිද්දී මිනිස් මනසට වඩා ඉහළ බුද්ධියක් ගැන සිතීමට සමහර මිනිසුන් පෙලඹීම අරුමයක් නොවේ. නෙබුකද්නෙශර් නමැති බබිලෝනීය රජෙකුට යුද්ධයක් අතරමඟදී ගැනීමට සිදු වූ තීරණයක් ගැන බයිබලයෙහි සැකෙවින් වාර්තා කර තිබේ. ඔහු රජෙකු වුවත්, ‘පේන ඇසීමේ’ නැතහොත් ආත්ම ලෝකයෙන් විමසීමේ අවශ්‍යතාවෙන් පෙළුණේය. වාර්තාව කියන්නේ, ඔහු “ඊගස් සොලවා, තෙරාඵීම් රූප කරණකොටගෙන විභාගකර, අක්මාව බැලුවේය” කියාය. (එසකියෙල් 21:21) අදදින තත්වය ඊට වෙනස්යැයි ඔබ සිතනවා නම් ඔබ වැරදිය. ආත්ම ලෝකයෙන් උදව් උපකාර ලබාගැනීමට සාස්තරකාරයන්ගේ, ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ගේ සහ වෙනත් නානාප්‍රකාර දේවල නියැලෙන්නන්ගේ ප්‍රමාණය ගිනිය නොහැක. අනාගතය ගැන මොවුන් සතු දැනුම මොනතරම් මුළාකරවනසුලුද කියා මොවුන්ගේ සරණ පතන අය නොදනිති.—ලෙවී කථාව 19:31.
එහෙත්, නොවරදින නිවැරදිභාවයකින් යුතුව බුද්ධිමත් තීරණ ගැනීමට ඉතිහාසය පුරාම මිනිසාට උදව් කළ කෙනෙක් සිටී. ඔහු වෙන කවුරුත් නොව දෙවි යෙහෝවාය. උදාහරණයක් හැටියට, පුරාණ කාලයේදී දෙවි තෝරාගත් ජාතිය වූ ඉශ්රායෙල්වරුන්ට අතිශයින් වැදගත් වූ තීරණ ගැනීමට සිදු වූ විට, ඔහු පරිශුද්ධ පස ඇට විශේෂයකැයි සලකන ඌරීම් සහ තුම්මීම් සැපයීය. ඌරීම් සහ තුම්මීම් මාර්ගයෙන් යෙහෝවා ඉශ්රායෙල්හි විසූ වැඩිමහල්ලන් ඇසූ ප්‍රශ්නවලට ඍජුවම උත්තර ලබා දෙමින්, දේවකැමැත්තට එකඟව තීරණ ගැනීමට ඔවුන්ට උපකාර කළේය.—නික්මයාම 28:30; ලෙවී කථාව 8:8; ගණන් කථාව 27:21.
දැන් අපි වෙනත් උදාහරණයක් සලකා බලමු. මිදියන්වරුන්ට විරුද්ධව ඉශ්රායෙල් හමුදාව මෙහෙයවන ලෙස යෙහෝවා ගිඩියොන්ට කී විට, එවන් බරපතළ වගකීමක් භාරගන්නවාද නැද්දැයි තීරණය විනිශ්චයකාරයන් 6:33-40; 7:21, 22.
කිරීමට ඔහුට සිදු විය. යෙහෝවා තමාට උදව් කරන බවට සහතිකයක් ඔහුට වුවමනා විය. ඔහු යෙහෝවාට යාච්ඤා කරමින් ආශ්චර්යවත් ලකුණක් ඉල්ලුවේය. රාත්රියේදී එළියේ දමා තිබූ බැටළු ලොම් මිටියක් පින්නෙන් පෙඟී යද්දී, ඒ අවට පොළොව වියළිව තිබිය යුතුය. පසුදා රාත්රියේදී මුළු පොළොවම පින්නෙන් නැහැවී තිබියදී ලොම් මිටිය වියළිව තිබිය යුතුය. එයයි ගිඩියොන් ඉල්ලූ ලකුණ! යෙහෝවා ඉතා කාරුණිකව ඔහුට එය කර දුන්නේය. ප්‍රතිඵලය කුමක් වීද? ගිඩියොන් නිවැරදි තීරණය ගත්තේය. දෙවිගේ අනුබලය ඇතුව ඔහු ඉශ්‍රායෙල්ගේ සතුරන්ව නැත්තටම නැති කර දැමුවේය.—අපේ කාලය ගැන කුමක් කිව හැකිද?
තම සේවකයන්ට බැරෑරුම් තීරණ ගැනීමට සිදු වන විට, ඔවුන්ට උදව් කරන්න යෙහෝවා දැන් වුවත් කැමැත්තෙන් සිටින්නේය. ඒ කෙසේද? හරි තීරණය කුමක්දැයි දැනගැනීම සඳහා ගිඩියොන් මෙන් අපද ‘ලොම් පරීක්ෂණයක’ යෙදිය යුතුයැයි මින් අදහස් කෙරේද? මේ සිද්ධිය සලකා බලන්න. එක්තරා යුවළකට තමන් ශුභාරංචිය දේශනා කරන්නන්ගේ වැඩි අවශ්‍යතාවක් පවතින ප්‍රදේශයකට ගොස් සේවය කරනවාද නැද්දැයි තීරණය කිරීමට අවශ්‍ය විය. එය ස්ථිර කරගැනීමට ඔවුහු පරීක්ෂණයක් කළහ. එය මෙසේය! යම් මිලකට නිවස විකුණන බව ඔවුහු දැන්වූවෝය. සඳහන් කළ මිලට හෝ ඊට වැඩි ගණනකට නිශ්චය කරගත් දිනයේදී විකිණුණොත්, එයින් අදහස් කරන්නේ ඔවුන් සේවය සඳහා යා යුතු බවය. නිවස විකිණීමට නොහැකි වූවොත්, ඊට දෙවිගේ අනුබලය නැති බව නිගමනය කෙරුණි.
දින ගෙවී ගියේය. නිවස විකිණුණේ නැත. මෙයින් ඇඟවූයේ අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක මොවුන් සේවය කරනවාට යෙහෝවා අකමැති වූ බවද? යෙහෝවා අප වෙනුවෙන් දේවල් කරනවා හෝ නොකරනවා කියා එතරම් ඒකාන්ත ආකාරයකින් සිතීම තරමක් දුරට පූර්ව නිගමනයකට එළඹීමකැයි පැවසිය හැක. එහෙත්, තම කැමැත්ත ඔහුගේ සේවකයන්ට දැන්වීමට යෙහෝවා කිසිම දෙයක් කරන්නේ නැතැයි කියා හෝ යම් ආකාරයකින් මැදහත් වෙන්නේ නැතැයි කියා පැවසීමටද අපට හැකියාවක් නැත. (යෙසායා 59:1) කෙසේවෙතත්, අප විසින් ගත යුතු බරපතළ තීරණ යෙහෝවා මත පටවා, ඔහුගේ මැදහත් වීමක් අපේක්ෂා කිරීමට නම් අපට කිසිම අයිතියක් නැත. යෙහෝවාගෙන් ආශ්චර්යවත් ලකුණු නොලබා ජීවිතයේ බොහෝ තීරණ ගැනීමට පසු කාලයේදී ගිඩියොන්ට සිදු වූ බව අමතක නොකරන්න!
එසේ වුවත්, තීරණ ගැනීමේදී දෙවි තම මඟ පෙන්වීම ලබා දෙන බව බයිබලයෙහි සඳහන් වේ. අපේ කාලය ගැන එහි මෙසේ කියැවේ. “ඔබ මාර්ගයෙන් දකුණට හෝ වමට හෝ හැරී නොමඟ යන විට, ‘මෙන්න හරි මාර්ගය, මෙහි ඇවිදින්නැ’යි කියන හඬක් ඔබට පිටුපසින් ඇසෙනු ඇත.” (යෙසායා 30:21, නව අනුවාදය) අපට වැදගත් තීරණ ගැනීමට සිදු වන විටදී, ඒවා දෙවිගේ කැමැත්තට එකඟද නැද්ද කියා මෙන්ම ඒවා දිව්‍ය ප්‍රඥාව පිළිබිඹු කරනවාද නැද්ද යන්න සොයා බැලීම ඉතාම උචිතය. එය සොයා බලන්නේ කෙසේද? දෙවිගේ වචනය කියවා කරුණු සොයා බැලීමෙන් සහ එය ‘අපේ පාදයන්ට පහනක් සහ මාවතට එළියක්’ කරගැනීමෙනි. (ගීතාවලිය 119:105; හිතෝපදේශ 2:1-6) මෙය කිරීම සඳහා බයිබලය මත පදනම් නිවැරදි දැනුම ලබාගැනීමේ පුරුද්ද අප වර්ධනය කරගත යුතුය. (කොලොස්සි 1:9, 10, 12) යම් තීරණයක් ගැනීමට සිදු වන විට, එම කාරණයට අදාළ සෑම බයිබල් ප්රතිපත්තියක්ම හොඳ අවධානයෙන් යුතුව ගවේෂණය කිරීම අත්‍යවශ්‍යය. “වඩා වැදගත් දේවල් කෙරෙහි සැලකිලිමත් වීම” [NW] සඳහා එවන් ගවේෂණයකින් අපට හැකියාව ලැබෙනු ඇත.—පිලිප්පි 1:10, 11.
යෙහෝවා අපට ඇහුම්කන් දෙනවා යන්න සැක නොකර, ඔහුට යාච්ඤාපූර්වකව කතා කිරීමත් අනිවාර්ය දෙයකි. අපට ගැනීමට සිදු වී තිබෙන තීරණ සහ ඒ සඳහා තිබෙන විකල්ප ගැන අපේ ආදරණීය ස්වර්ගික පියාට පැවසූ විට සිතේ පවතින බර අඩු වන බව ඔබ අද්දැක තිබේද? ඉන්පසු, නිවැරදි තීරණය ගැනීමට අවශ්‍ය කරන මඟ පෙන්වීම ඔහු අපට ලබා දෙන බවට ස්ථිර වීමට අපට හැකිය. බොහෝ අවස්ථාවලදී, අප වැටී සිටින තත්වයට අදාළ බයිබල් ප්‍රතිපත්ති යාකොබ් 1:5, 6.
යෙහෝවා ශුද්ධාත්මයේ උපකාරයෙන් අපට මතක් කර දෙනවා පමණක් නොව, ඊට අදාළ බයිබල් ප්‍රතිපත්තියක් වඩාත් හොඳින් වටහාගැනීමටද අපට උදව් කරයි.—අපේ තීරණ ගැන කතා බහ කර සාකච්ඡා කළ හැකි සභාවේ මේරු ක්‍රිස්තියානීන්වද යෙහෝවා සපයා දී තිබේ. (එපීස 4:11, 13) කෙසේවෙතත්, අනිත් අයගෙන් උපදෙස් ගැනීමේදී අපට කැමති අදහස කෙනෙකුගේ මුවෙන් පිට වන තුරු එක් එක්කෙනාගෙන් කරුණු විමසා, එවැනි අදහසක් පිට වූ ගමන්ම ඔහු කී දේ කිරීමේ ප්රවණතාවෙන්ද අප වැළකී සිටිය යුතුය. මෙහිදී, රෙහොබොවම්ගේ අවාදර්ශය මතක් කරගන්න. ඔහුට ඉතා බැරෑරුම් තීරණයක් ගැනීමට සිදු වූ විට, ඔහුගේ පියා යටතේ සේවය කළ වැඩිමහල්ලන්ගෙන් ප්‍රායෝගික උපදෙස් ඔහුට ලැබුණද, ඔහු ක්‍රියාත්මක කළේ ඔහුගේම වයසේ තරුණයන් දුන් උපදෙස්ය. ඔවුන්ගේ උපදෙස් ක්‍රියාත්මක කළ ඔහු ඉතාම අඥාන තීරණයක් ගත් අතර, එහි ප්‍රතිඵලය වූයේ ඔහුගේ රාජ්‍යයෙන් විශාල කොටසක් ඔහුට අහිමි වී යෑමය.—1 රාජාවලිය 12:1-17.
උපදෙසක් ලබාගැනීමේදී, ජීවිතයේ අද්දැකීම් ලබා ඇති, බයිබලය ගැන හොඳ අවබෝධයක් තිබෙන, හරි ප්‍රතිපත්තිවලට ගෞරවාදරයක් දක්වන අය වෙත යන්න. (හිතෝපදේශ 1:6; 11:14; 13:20) හැකි නම්, ඊට අදාළ ප්‍රතිපත්ති සහ ඔබේ ගවේෂණයෙන් ලද තොරතුරු හොඳින් මෙනෙහි කිරීමට කාලය ගන්න. ඔබ කාරණා යෙහෝවාගේ දෘෂ්ටියෙන් දකින්න පටන්ගනිද්දී, හරි තීරණය කරා ඔබ පිය මනින බව ඔබට පෙනී යනු ඇත.—පිලිප්පි 4:6, 7.
අප ගන්නා තීරණ
සමහර තීරණ ක්ෂණිකව ගත හැකි අතර වැඩි කාලයක් වැය කිරීමට අවශ්‍ය නැත. දේශනා කිරීම නතර කරන්නැයි අණ කළද, තමන් විසින් යේසුස් පිළිබඳ ශුභාරංචිය දිගටම දේශනා කරමින් සිටිය යුතුයැයි ප්‍රේරිතයෝ දැන සිටියහ. එබැවින් මිනිසුන්ට වඩා දෙවිට කීකරු වීමට ගත් තීරණය ඔවුහු වහාම යුදෙව් මන්ත්‍රණ සභාවට දැන්වූහ. (ක්‍රියා 5:28, 29) නමුත්, නිශ්චිත මෙන්ම ඍජු බයිබල් පදනමක් නැති කාරණාවලදී, ඒ ගැන සිතා බැලීමට වැඩි කාලයක් යෙදවීමට සිදු විය හැක. එසේ වුවත්, හොඳම තීරණයට එළඹීමට බයිබල් ප්‍රතිපත්ති අපට නැණ නුවණ ලබා දෙයි. උදාහරණයක් හැටියට, අදදින පැතිර පවතින විනෝදාස්වාදයන් යේසුස්ගේ කාලයේ තිබුණේ නැති බව කවුරුත් දන්නා දෙයකි. එහෙත්, යෙහෝවාව සතුටු කරන්න කුමක් කළ යුතුද කියාත් ඔහුව අසතුටට පත් කරවන්නේ කුමන දේවල්ද කියාත් සක්සුදක් සේ පැහැදිලිව පවසන බයිබල් ප්‍රතිපත්ති අපට ඇත. එසේ නම් යම් ක්රිස්තියානිවරයෙකු සැහැසියාවට, දුරාචාරයට හෝ කැරලිකාරකමට පොලඹවන විනෝදාස්වාදයන් පසුපස හඹා යයි නම්, ඔහු ගෙන තිබෙන්නේ ඉතාම නරක තීරණයක් බව කිව යුතුය.—ගීතාවලිය 97:10; යොහන් 3:19-21; ගලාති 5:19-23; එපීස 5:3-5.
සමහර අවස්ථාවලදී ඒ තීරණයත් මේ තීරණයත් දෙකම හරියි කියා ඔබට හැඟී ගොස් තිබේද? අවශ්‍යතාව වැඩි ප්‍රදේශයකට ගොස් සේවය කිරීම ආශීර්වාද රාශියක් ගලා එන උතුම් වරප්‍රසාදයක් බව නොකිවමනාය. එහෙත්, යම් හේතුවක් නිසා එසේ නොකර, ඔබේම සභාව සමඟ වැඩ කිරීමට තීරණය කිරීමේද වරදක් නැත. එනමුත්, ඇතැම් අවස්ථාවලදී යෙහෝවා කෙරෙහි අපේ භක්තියේ ගැඹුර කොතරම්දැයි පෙන්වීමට හෝ අපට ජීවිතයේ වැඩියෙන්ම වටින්නේ කුමක්දැයි තීරණය කිරීමටද අවස්ථා එළඹේ. එවන් අවස්ථාවලදී, අපේ නිදහස් කැමැත්ත පාවිච්චි කරමින් අපේ හද ගැබේ සැබෑම සැබෑ ස්වරූපය පිළිබිඹු කිරීමට යෙහෝවා අපට ඉඩහරින්නේය.
අප ගන්නා තීරණ අන් අයගේ ජීවිතවලට නිතරම වාගේ බලපෑම් කිරීම නවතනු බැරිය. උදාහරණයක් හැටියට, මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ තිබූ නානාප්‍රකාර තහංචිවලින් මිදීමට හැකිවීම ගැන මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීහු අමන්දානන්දයට පත් වූහ. ව්‍යවස්ථාවේ හැටියට පවිත්‍රය නැතහොත් අපවිත්‍රයයි කී ආහාර කනවාද නොකනවාද යන්න ගැන පෞද්ගලිකව තීරණය කිරීමට ඔවුන්ට හැකි විය. කෙසේවෙතත්, එක් එක්කෙනාට තම තමන්ගේ පෞද්ගලික නිදහස පාවිච්චි කිරීමේ අයිතිය තිබුණත්, අන් 1 කොරින්ති 10:32, න. අ.) අන් අයව බාධාවට පත් කිරීමට හෝ පැකිලවීමට ඇති අපේ අකමැත්ත සමබර තීරණයක් ගැනීමට අත්වැලක් මෙනි. ඇරත්, අසල්වැසියාට ප්‍රේම කිරීම දෙවෙනි උතුම්ම ආඥාව බව අපට මතක් කර දිය යුතු නැත!—මතෙව් 22:36, 39.
අයගේ හෘදය සාක්ෂියද තකන ලෙස ඔවුන්ට දිරිගන්වා තිබුණි. “බාධාවට හේතුවක් නොවන්න” කියා පාවුල් දුන් උපදෙස අද අප ගන්නා විවිධාකාර තීරණවලටද අදාළ කරගැනීම මැනවි. (තීරණයේ ඵලවිපාක
බයිබල් ප්‍රතිපත්ති මත පදනම් දැනුමත් අවංක හෘදය සාක්ෂියත් මෙහෙයවමින් ගනු ලබන තීරණයක් දිගු කාලීනව බලන කල කිසිදා වැරදීමට නුපුළුවන. එහෙත් යම් දේවල් වර්තමානයේදී තාවකාලිකව කැප කිරීමට පවා සිදු විය හැකිය. යේසුස් පිළිබඳ ශුභාරංචිය දිගටම දේශනා කිරීමට තමන් ගෙන ඇති තීරණය ගැන ප්‍රේරිතයන් යුදෙව් මන්ත්‍රණ සභාවට පැවසූ විට, හොඳටම කස පහර කන්ට ඔවුනට සිදු විය. (ක්‍රියා 5:40) ෂද්‍රක්, මේෂක් සහ අබේද්-නෙගෝ යන හෙබ්‍රෙව්වන් තිදෙනා නෙබුකද්නෙශර් තැනූ රන් රූපයට නමස්කාර නොකිරීමට ගත් තීරණයේ ප්‍රතිඵලය මාරාන්තික විය හැකි බව ඔවුන් නොදැන සිටියා නොවේ. මරණයට පවා මුහුණ දීමට බොහෝවිට ඉඩ ඇති බව ඔවුහු දැන සිටියහ. එහෙත්, තමන්ට යෙහෝවාගේ පූර්ණ අනුමැතිය සහ ආශීර්වාදය ලැබෙන බව ඔවුහු සහසුද්දෙන්ම දැන සිටියෝය.—දානියෙල් 3:16-19.
අප හෘදය සාක්ෂියට එකඟව තීරණයක් ගත් පසු යම් ගැටලුවලට මුහුණ දේ නම් ඒ ගැන කලබල වීමට අවශ්‍ය නැත. ගත් තීරණය වැරදිය කියාද නොසිතන්න. හැම පැත්තෙන්ම සිතා බලා කිරා මැන ගත් තීරණයකට වුවද “කාලයත් හදිසි කාරණාත්” හේතුවෙන් යම් ආකාරයකින් බලපෑමක් සිදු විය හැකිය. (දේශනාකාරයා 9:11) ඊටත් වඩා, අප ගත් තීරණයට කොතරම් දුරට ඇලී සිටිය හැකිදැයි බැලීමට යෙහෝවා එවන් දුෂ්කරතාවන්ට ඉඩ දෙනු ඇත. ආශීර්වාදයක් ලබාගැනීම සඳහා දේවදූතයෙකු සමඟ මුළු රැයක් පුරා පොරබැදීමට යාකොබ්ට සිදු විය. (උත්පත්ති 32:24-26) හරි තීරණයක් ගෙන ඊට එකඟව වැඩ කරමින් සිටිද්දී එවන් දුෂ්කරතාවන්ට මුහුණ දීමට අපටද සිදු විය හැක. අපේ තීරණ දෙවිගේ කැමැත්තට එකඟව ගත් විට, ඒ සමඟ පැමිණිය හැකි දුෂ්කරතා ජයගැනීමට ඔහු අපට උපකාර කරන බවටත්, අවසානයේදී ඔහු අපට ආශීර්වාද කරන බවටත් නිසැක වන්න.—2 කොරින්ති 4:7.
ඉතින්, ජීවිතයේ වැදගත් තීරණයක් ගැනීමට සිදු වන විට, ඔබේම නුවණෙහි නොපිහිටන්න. ඊට අදාළ බයිබල් ප්‍රතිපත්ති හොඳින් සොයා බලන්න. ඒ කාරණාව ගැන යෙහෝවා සමඟ කතා කරන්න! හැකි සෑමවිටම මේරු ක්‍රිස්තියානීන්ගෙන් ඒ ගැන විමසා බලන්න. නිර්භීත වන්න. දෙවි ඔබට දී තිබෙන නිදහස් කැමැත්ත වගකීමෙන් යුතුව හසුරුවන්න. මෙසේ, ඔබේ හෘදය යෙහෝවා ඉදිරියේ අවංක බව පෙන්වමින් බුද්ධිමත් තීරණයක් ගන්න!
[28වන පිටුවේ පින්තූරය]
වැදගත් තීරණයක් ගැනීමට පෙර දෙවිගේ වචනය විභාග කර බලන්න
[28, 29වන පිටුවේ පින්තූර]
ඔබට ගැනීමට තිබෙන තීරණ ගැන යෙහෝවා සමඟ කතා කරන්න
[30වන පිටුවේ පින්තූරය]
බරපතළ තීරණ සම්බන්ධයෙන් මේරු ක්‍රිස්තියානීන් සමඟ සාකච්ඡා කළ හැකිය