Skip to content

පටුනට යන්න

“දැන් මම දන්නවා මගේ ලෙඩේ ගැන”

“දැන් මම දන්නවා මගේ ලෙඩේ ගැන”

“දැන් මම දන්නවා මගේ ලෙඩේ ගැන

ටෝකියෝ නගරයේ විසූ එක් මනුෂ්‍යයෙකුට 2000 දෙසැම්බර් 1වෙනිදා මුරටැඹ කලාපයේ පළ වූ ජීවිත අද්දැකීමක් කියවීමෙන් පසු හැඟුණේ ඒ ආකාරයටයි. එම ලිපියේ මාතෘකාව “හෙට කුමක් වේදැයි ඔබ දන්නේ නැත” යන්නයි. එහි විස්තර කර තිබුණේ කලින් මිෂනාරි සේවය කළ සහෝදරයෙක් පෙළුණු උන්මාද විෂාද සයිකෝසියාව (manic depressive psychosis) නමැති රෝගී තත්වය ගැනයි.

මෙම පුද්ගලයා මුරටැඹ සඟරාවේ ප්‍රකාශකයන් වෙත ලියා දැන්වූයේ මෙසේයි. “මේ ලිපියේ තිබූ සියලුම රෝග ලක්ෂණ සීයට සීයක් මම අද්දකිනවා. ඒ නිසා මම මනෝ චිකිත්සක රෝහලකට ගිය අතර එහිදී දැනගන්න ලැබුණේ මා උන්මාද විෂාදයෙන් පෙළෙන බවයි. මාව පරීක්ෂණයට ලක් කළ වෛද්‍යවරයා පුදුම වී පැවසුවේ, ‘මේ රෝගය තියෙන අය ඔවුන් ඒ රෝගයෙන් පෙළෙනවා කියලා දැනගන්නේ කලාතුරකින්’ කියලයි. නමුත් මට නම් මගේ රෝගී තත්වය බරපතළ වෙන්න කලින් එය නිශ්චය කරගැනීමට අවශ්‍ය උපකාරය ලැබුණා.”

ලොව වටා වෙසෙන මිලියන සංඛ්‍යාත ජනයා මුරටැඹ සඟරාවෙන් හා ඒ හා අත්වැල් බැඳ යන පිබිදෙව්! සඟරාවෙන් විවිධාකාර ප්‍රයෝජන ලබා තිබෙනවා. මෙම සඟරා, තොරතුරු සම්භාරයක් සපයන අතර ඒවා කියවීමෙන් තෘප්තියක් ලැබෙන බව බොහෝදෙනෙකුගේ අද්දැකීමයි. මුරටැඹ සඟරාව භාෂා 141කින් මුද්‍රණය වන අතර පිබිදෙව්! සඟරාව භාෂා 86කින් ප්‍රකාශිතයි. ඔබටත්, මුරටැඹ හා පිබිදෙව්! සඟරා නොකඩවා කියවීමෙන් වින්දනයක් ලබාගත හැකියි.