Skip to content

පටුනට යන්න

දෙමව්පියෙනි ඔබේ දරුවන්ගේ අවශ්‍යතා සපුරාලන්න

දෙමව්පියෙනි ඔබේ දරුවන්ගේ අවශ්‍යතා සපුරාලන්න

දෙමව්පියෙනි ඔබේ දරුවන්ගේ අවශ්‍යතා සපුරාලන්න

විශේෂයෙන් දරුවන්ට හරි මඟ පෙන්වීම හා ප්‍රේමනීය හික්මවීම අවශ්‍ය වන්නේ දෙමව්පියන්ගෙන්. බ්‍රසීලයේ එක් උපදේශිකාවක් වන ටානියා සාගුරේ මේ සම්බන්ධව මෙසේ කීවාය. “සෑම දරුවෙකුම විනෝදය පසුපස යෑමේ නැඹුරුවාවක් දක්වයි. ඒ නිසා දරුවන්ට යම් යම් තහංචි පැනවීම අවශ්‍යයි. මෙය කළ යුත්තේ දෙමව්පියන් විසිනි. ඔවුන් මේ දේ නොකළහොත් දරුවන්ව පාලනය කිරීමට නොහැකි වේ.”

කෙසේනමුත්, නිදහසට ඉඩ දී ඇති සමාජ ක්‍රම තුළ ඉහත උපදෙස පිළිපැදීම දෙමව්පියන්ට අසීරු වී තිබේ. මේ සඳහා දෙමව්පියන්ට උපකාර ලබාගත හැක්කේ කොහෙන්ද? “දරුවෝ [යෙහෝවා] දෙන උරුමයක්” බව දේවභයැති දෙමව්පියෝ පිළිගනිති. (ගීතාවලිය 127:3) ඒ නිසා ඔවුහු දරුවන් ඇති දැඩි කිරීමේදී දේවවචනය වන බයිබලයේ උපදෙස් අනුගමනය කරති. උදාහරණයකට හිතෝපදේශ 13:24හි පවසන්නේ “ඉපල පාවිච්චි නොකරන්නා තම පුත්‍රයාට වෛර වන්නේය; එහෙත් ඔහුට ප්‍රේමවෙන්නා කල් තබා ඔහුට දඬුවම් කරන්නේය” කියායි.

බයිබලයෙහි, “ඉපල” පාවිච්චි කිරීම යනුවෙන් අදහස් කරන්නේ ශාරීරිකව කරන දඬුවම පමණක්ම නොවේ. දරුවා හරි මාර්ගයේ යැවීමට ගන්නා ඕනෑම ආකාරයේ හික්මවීමක් එයට ඇතුළත්ය. බොහෝවිට දරුවන්ගේ හිතුවක්කාර ක්‍රියාකලාපය වෙනස් කිරීමට වාචික හික්මවීම ප්‍රමාණවත් විය හැක. හිතෝපදේශ 29:17හි පවසන්නේ “නුඹේ පුත්‍රයාට දඬුවම් කරන්න, එවිට ඔහු නුඹට නිශ්චලභාවය දෙන්නේය” කියායි.

නොමනා ගති ලක්ෂණ ඉවත් කරගැනීමට දරුවන්ට ප්‍රේමනීය හික්මවීම අවශ්‍යයි. ඍජුව නමුත් කාරුණිකව දෙන මෙම නිවැරදි කිරීම් දෙමව්පියන් දරුවන් කෙරෙහි සැලකිලිමත් වන බවට සාක්ෂියකි. (හිතෝපදේශ 22:6) එමනිසා, දෙමව්පියෙනි, බයිබලයේ සඳහන් ප්‍රායෝගික උපදෙස් හිතට ගෙන කටයුතු කරන්න. එතුළින් ඔබට යෙහෝවා දෙවිව සතුටු කිරීමට හැකි වන අතර ඔබේ දරුවන්ගෙන් ගෞරවයද දිනාගත හැකි වේ.