දේව ප්‍රතිපත්ති ඔබට ප්‍රයෝජනවත් විය හැක
දේව ප්‍රතිපත්ති ඔබට ප්‍රයෝජනවත් විය හැක
සතුන් ක්‍රියා කරන්නේ ඉවෙන් බව ඔබ නොඅනුමානවම දනියි. බොහෝ යන්ත්‍ර නිමවා තිබෙන්නේ නියමයන්ට අනුව ක්‍රියා කිරීමටයි. එහෙත් ඇත්තෙන්ම මිනිසුන්ව මවා තිබෙන්නේ ප්‍රතිපත්ති මගින් පාලනය වීමටයි. එය එසේමයි කියා ඔබට නිසැක විය හැක්කේ කෙසේද? සැබවින්ම, සියලු ධර්මිෂ්ඨ ප්රතිපත්තිවල මූලාරම්භකයා වන යෙහෝවා ප්‍රථම මිනිසාව මැවූ අවස්ථාවේදී මෙසේ ප්‍රකාශ කළේය. “අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ.” මැවුම්කරු ආත්මයකි. අපට මෙන් ඔහුට භෞතික ශරීරයක් නොමැති නිසා අප ඔහුගේ “ස්වරූපයෙන්” මවා තිබෙනවා යන්නෙන් අදහස් කරන්නේ ඔහුගේ යහපත් ගුණාංග තරමක් දුරට විදහාපාමින් අපට ඔහුගේ පෞද්ගලිකත්වය පිළිබිඹු කළ හැකි බවයි. ප්‍රතිපත්ති අනුව තම ජීවිත හැඩගස්වා ගැනීමට මිනිසාට හැකියාව තිබේ. එනම් හරි වැරැද්ද පිළිබඳව නීති සංග්‍රහයක් කියා ඔවුන් සලකන දේට අනුව ක්‍රියා කිරීමට ඔවුන්ට හැකියි. යෙහෝවා මෙම ප්රතිපත්තිවලින් බොහෝමයක් ඔහුගේ වචනය තුළ වාර්තා කර තිබේ.—උත්පත්ති 1:26; යොහන් 4:24; 17:17, 18අ.
‘ඒත් බයිබලයේ ප්‍රතිපත්ති සියගණනක් තියෙනවනේ. ඉතින් මම නං හිතන්නෑ ඒ ඔක්කොම දැනගන්න පුළුවන් වෙයි කියලා’ යයි කෙනෙක් පැවසිය මතෙව් 22:37-39හි ඔබට එය දැකිය හැකියි. මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ආඥා සහ ඒ හා සමානව දිව යන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් බලන කල සමහර ඒවා අනික් ඒවාට වඩා වැඩි වැදගත්කමකින් යුක්තයි කියා යේසුස් එහි පෙන්වා දුන්නේය.
හැකි බව ඇත්තයි. කොහොමනමුත් මේ කාරණය ගැන සිතා බලන්න. සෑම දේව ප්රතිපත්තියක්ම ප්‍රයෝජනවත් වුවත්, සමහර ඒවා අනික් ඒවාට වඩා වැදගත්කමක් උසුලයි.වඩා වැදගත්කමක් උසුලන ප්‍රතිපත්ති මොනවාද? බයිබලයේ සඳහන් ප්‍රධාන ප්‍රතිපත්ති, යෙහෝවා සමඟ තිබෙන අපේ සබඳතාවට කෙළින්ම බලපාන ඒවායි. අප මේවා හෘදයට කාවද්දාගන්නවා නම් මැවුම්කරු අපේ හොඳ නරක පිළිබඳ දිශා දර්ශකය ක්‍රියා කරවන ප්‍රධාන බලපෑම බවට පත් වන්නේය. ඊට අමතරව, අන්‍යයන් සමඟ අපේ සබඳතාවලට බලපාන ප්රතිපත්තිද තිබේ. මමත්වය යන්න කොයි ආකාරයකින් හැඳින්වුවත් මෙම ප්‍රතිපත්ති අදාළ කරගැනීම මමත්වයෙන් මිදීමට උපකාරයක් වේ.
බයිබලයේ තිබෙන ඉතා වැදගත් සත්‍යයන් අතුරෙන් එක් සත්‍යයක් ගැන දැන් අපි සලකා බලමු. එම සත්‍යය කුමක්ද? එය අපට බලපාන්නේ කෙසේද?
“මුළු පොළොවට මහෝත්තමයාණන්”
යෙහෝවා අපේ ශ්‍රේෂ්ඨ මැවුම්කරු සහ සර්ව බලධාරි දෙවි බව ශුද්ධ ලියවිල්ලේ පැහැදිලිව පෙන්වා තිබේ. කෙදිනකවත් ඔහුට සමාන වීමට හෝ ඔහුගේ තැන ගැනීමට කිසිවෙකුට නොහැක. මෙය බයිබලයේ වාර්තා කර ඇති ප්‍රධාන සත්‍යයකි.—උත්පත්ති 17:1; දේශනාකාරයා 12:1.
ගීතාවලිය පොතේ ලේඛකයෙකු යෙහෝවා ගැන මෙසේ පැවසුවේය. ‘ඔබ පමණක් මුළු පොළොවට මහෝත්තමයාණන්ය.’ පුරාණයේ සිටි දාවිත් රජ මෙසේ කීවේය. “රාජ්‍යයත්, [යෙහෝවා], ඔබට අයිතිය, ඔබ සියල්ල කෙරෙහි හිස මෙන් උසස්ව [සිටින්නේය].” එමෙන්ම ප්‍රොපේතවරයෙකු ලෙස ප්‍රසිද්ධත්වයක් ඉසිලූ යෙරෙමියා මෙසේ වාර්තා කිරීමට පෙලඹුණේය. ‘යෙහෝවා, ඔබට සමාන වූ කිසිවෙක් නැත; ඔබ උතුම්ය. ඔබගේ නාමය පරාක්‍රමයෙන් උසස්ව තිබේ.’—ගීතාවලිය 83:17; 1 ලේකම් 29:11; යෙරෙමියා 10:6.
අප එදිනෙදා ජීවිතයේදී දෙවි සම්බන්ධයෙන් වූ එම සත්‍යයන් අදාළ කරගත යුත්තේ කෙසේද?
ඇත්තෙන්ම අපේ ජීවිතයේ සියල්ලටම ඉහළින් තැබිය යුත්තේ කාවද යන්න පැහැදිලියි. ඔහු නම් අපේ මැවුම්කරු මෙන්ම ජීවනදායකයායි. එසේ නම්, අප වෙත අවධානය ඇදගැනීමට තිබෙන නැඹුරුවාව ප්‍රතික්ෂේප කිරීම සුදුසු නොවන්නේද? සමහරෙකු තුළ එම නැඹුරුවාව අන්‍යයන්ට වඩා බලවත්ව තිබිය හැකියි. මේ සම්බන්ධයෙන් මඟ පෙන්වීමක් ලබා දෙන ඥානවන්ත ප්රතිපත්තිවලින් එකක් වන්නේ “සියල්ල [දෙවිගේ] ගෞරවය පිණිස කරන්න” යන්නයි. (1 කොරින්ති 10:31) ප්‍රොපේත දානියෙල් මේ සඳහා කදිම ආදර්ශයක් සැපයීය.
බබිලෝනියේ නෙබුකද්නෙශර් රජ සිහිනයක් දුටු විට කැළඹී එහි අර්ථය දන්වන්නැයි කියා සිටි අවස්ථාවක් පිළිබඳව ඓතිහාසික වාර්තාව අපට පවසයි. අනික් අයට පැහැදිලි කිරීමට නොහැකි වූ අවස්ථාවේ රජුට දැනගැනීමට අවශ්‍යව තිබූ දේ දානියෙල් හරියටම කීවේය. දානියෙල් මේ සම්බන්ධයෙන් තමන්ටම ප්‍රශංසාව ලබාගත්තාද? නැත. ඔහු ප්‍රශංසාව හා ගෞරවය දුන්නේ ‘ස්වර්ගයෙහි සිටින රහස් එළිදරව් කරන දෙවිටයි.’ දානියෙල් කීවේ “මටත් මේ රහස එළිදරව් වුණේ ජීවත්ව සිටින සියල්ලන්ට වඩා මට ප්‍රඥාව තිබෙන නිසා නොව” කියාය. දානියෙල් ප්‍රතිපත්ති ගරුක මිනිසෙකි. එමනිසා දෙවිගේ නෙත් හමුවේ ඔහු “බොහෝ ප්‍රේම ලද්දෙක්ය” යනුවෙන් දානියෙල් පොතේ විස්තර කර තිබීම පුදුමයක් නොවේ.—දානියෙල් 2:28, 30; 9:23; 10:11, 19.
ඔබ දානියෙල්ව අනුකරණය කරනවා නම් ඔබට ප්‍රයෝජන ලැබෙනු ඇත. දානියෙල්ව අනුගමනය කිරීමට මූලික විය යුතු සාධකය චේතනාවයි. ඔබ කරන දේවල් සඳහා ගෞරවය හිමි විය යුත්තේ කාටද? ඔබේ තත්වය කුමක් වුවත් පරමාධිපති ස්වාමීන් යෙහෝවාය යන ඉතා වැදගත් ප්‍රතිපත්තියට එකඟව ක්‍රියා කිරීමට ඔබට හැකියාව තිබේ. ඔබ එසේ කරනවා නම් ඔහුගේ නෙත් හමුවේ ඔබ “බොහෝ ප්‍රේම ලද්දෙක්” වනු ඇත.
අන් මනුෂ්‍යයන් සමඟ සබඳතා පවත්වන විට අපට මඟ පෙන්වීමක් ලැබිය හැකි ප්‍රධාන ප්‍රතිපත්ති දෙකක් දැන් අපි සලකා බලමු. ආත්මාර්ථකාමිත්වය පැතිර පවත්නා බැවින් මෙම ක්ෂේත්රය විශේෂයෙන්ම අභියෝගාත්මක එකකි.
“යටහත්කමින්”
තමන් ගැන පමණක් තකන අය ලෙහෙසියෙන් සෑහීමට පත් වන්නේ නැත. ඔවුන්ගෙන් වැඩිදෙනෙකුගේ ආශාව සුඛෝපභෝගි ජීවිතයක් ගත කිරීමට වන අතර ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ එය මේ මොහොතේම ලබාගැනීමයි. ඒ නිසා ඔවුන් සිතන්නේ නිහතමානිකම නිවටකමක් කියායි. එමෙන්ම ඉවසීම විදහාපෑ යුත්තේ තමන් නොව අන්යයන්ය යන අදහස ඔවුහු දරති. කුමක් හෝ කර ඉදිරියට යෑමයි ඔවුන්ගේ බලාපොරොත්තුව. ඔබද විකල්ප ක්‍රමයකින් ඔවුන් මෙන් හැසිරීමට ඉඩ තිබේයයි කියා ඔබට සිතෙන්නේ නැද්ද?
දෙවිගේ සේවකයන්ට සෑම දිනකම එම ආකල්පය ඇති අය සමඟ කටයුතු කිරීමට සිදු වන නමුත් තමන්ට බලපෑමක් වීමට එයට ඉඩ නොදිය යුතුය. ‘පිළිගනු ලබන්නේ ආත්ම ප්‍රශංසාව සොයන්නා නොව දේව [යෙහෝවාගේ] ප්‍රශංසාව ලබන්නා’ යන ප්‍රතිපත්තිය මේරූ ක්‍රිස්තියානීහු පිළිගනිති.—2 කොරින්ති 10:18, නව අනුවාදය.
පිලිප්පි 2:3, 4හි [න. අ.] ඇති ප්‍රතිපත්තිය අදාළ කරගැනීම උපකාරයක් වනු ඇත. එම පදය ඔබට දිරිගන්වන්නේ ‘පක්ෂවාදිකමෙන්වත් පුහුමාන්නයෙන්වත් කිසිවක් නොකරන්න. එකිනෙකා තම තමාට වඩා අන් අය උතුම්යයි යටහත්කමින් සිතන්න’ කියාය. එවිට ඔබ ‘ඔබේම යහපත පමණක් නොසොයා, අනුන්ගේ යහපත ගැනද’ සලකා බලනු ඇත.
තමන් ගැනම සුදුසු ආකල්පයක් ඇතුව සිටි, තමන්ගේ වටිනාකම සම්බන්ධයෙන් මනා තක්සේරුවක් කළ තැනැත්තෙකි ගිඩියොන්. ඔහු පුරාණ හෙබ්‍රෙව්වරුන් අතර සිටි විනිශ්චයකාරයෙකි. ඔහු ඉශ්රායෙලයේ නායකයා වීමට අරඇන්දේ විනිශ්චයකාරයන් 6:12-16.
නැත. නමුත් එම තනතුර දැරීමට ඔහුව නම් කළ විට තමා ඊට සුදුස්සෙකු නොවන බව ඔහු පවසා සිටියේය. “මාගේ පවුල මනස්සේහි ඉතා දිළිඳු පවුලය, මමද මාගේ පියාගේ ගෙයි ඉතාම කුඩා තැනැත්තා වෙමියි” කියා පැහැදිලි කළේය.—එපමණක් නොව, යෙහෝවා ගිඩියොන්ට ජයග්‍රහණය ලබා දුන් පසු එප්‍රායිම්හි මිනිස්සු ඔහු සමඟ උරණ වූහ. ගිඩියොන් ප්‍රතික්‍රියා කළේ කෙසේද? ලැබූ ජයග්රහණයෙන් ඔහුගේ වැදගත්කම දැක්වීමට ඔහු උඩඟු ලෙස ක්‍රියා කළාද? නැත. මෘදු උත්තරයක් දීමෙන් ඔහු විපත්තියකින් ගැළවුණේය. “නුඹලා කළ දේට සම වෙන්ට මට කරන්ට පුළුවන් වුණේ කිමෙක්ද?” කියා ඇසුවේය. එලෙස ගිඩියොන් යටහත්කමින් ක්‍රියා කළේය.—විනිශ්චයකාරයන් 8:1-3.
ගිඩියොන් සම්බන්ධ සිද්ධීන් සිදු වූයේ ඈත අතීතයේදී බව ඇත්තයි. එහෙත්, එම සිද්ධීන් සලකා බැලීම වටින්නේය. ගිඩියොන්ට තිබුණේ අද පොදුවේ දක්නට තිබෙන දෙයට වඩා හාත්පසින්ම වෙනස් ආකල්පයක් බව ඔබට පෙනී යයි. ඔහු ඊට එකඟව ජීවත් වූ අතර එය ඔහුට ප්‍රයෝජනවත් විය.
දැන් දක්නට තිබෙන තමන් කෙරෙහිම යොමු වී සිටීමේ ආකල්පය නිසා තමන්ගේ වටිනාකම පිළිබඳ තම දෘෂ්ටිය විකෘති විය හැකියි. මැවුම්කරු හා අන්‍යයන් සමඟ සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් බලන කල අපේ වටිනාකම පිළිබඳව නියම තක්සේරුවක් කරමින් බයිබල් ප්‍රතිපත්ති එම විකෘතිභාවය නැති කර දමයි.
බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීම මගින් මමත්වයේ ප්රවණතාවන් ජයගැනීමට අපට හැකියි. තවදුරටත් අප හැඟීම් හෝ පෞද්ගලිකත්වයන් මගින් පාලනය වන්නේ නැත. අප වැඩි වැඩියෙන් ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති ඉගෙනගන්නා විට ඒවා පිහිටෙවූ තැනැත්තාව වඩාත් හොඳින් දැනහඳුනා ගැනීමට අපට හැකි වේ. ඇත්තෙන්ම, බයිබලය කියවන විට දේව ප්‍රතිපත්ති පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්වීමට දරන වෑයම අපතේ නොයයි.—කොටුව බලන්න.
හුදෙක් ඉවෙන් පමණක් ක්‍රියා කරන සත්වයන්ට වඩා උසස් ලෙසයි යෙහෝවා මිනිසුන්ව මවා තිබෙන්නේ. දෙවිගේ කැමැත්ත අනුගමනය කිරීමට දිව්‍යමය ප්‍රතිපත්ති අදාළ කරගැනීම ඇතුළත් වේ. මෙලෙස හොඳ නරක පිළිබඳ අපගේ දිශා දර්ශකය නියම අතට ගමන් කිරීමට සැලැස්විය හැකියි. එය දෙවි විසින් ගෙනෙනු ලබන නව ක්‍රමයට ඇතුල් වීමට මඟ පාදන දිශා දර්ශකයකි. පොළොව පුරා “ධර්මිෂ්ඨකම වාසය කරන” අලුත් ක්‍රමයක් ඉතා ළඟදීම අපේක්ෂා කිරීමට බයිබලය අපට හේතු සපයයි.—2 පේතෘස් 3:13.
[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]
උපකාරවත් වන බයිබල් ප්‍රතිපත්ති කීපයක්
පවුල් කවය තුළ.
“කිසිවෙකු තමාගේ ම වාසිය නොසොයා අසල්වාසියාගේ යහපත සෙවිය යුතු ය.”—1 කොරින්ති 10:24, න. අ.
“ප්‍රේමය . . . තමාගේම කාරණා සොයන්නේ නැත.”—1 කොරින්ති 13:4, 5.
“එසේ වී නුමුත් නුඹලා එක් එක්කෙනාත් තම තමාට මෙන් තම තමාගේ භාර්යාවට ප්‍රේම කරන්න.”—එපීස 5:33.
“භාර්යාවෙනි, . . . නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටින්න.”—කොලොස්සි 3:18.
“නුඹ ජනිත කළ නුඹේ පියාගේ බස් අසන්න; නුඹේ මෑණියන් මහලු වූ කල ඈ සුළු නොකරන්න.”—හිතෝපදේශ 23:22.
පාසැලේදී, රැකියාවේදී හෝ ගනු දෙනුවලදී.
‘හොර තරාදිය පිළිකුලක්ය; . . . දුෂ්ටයා වංචාකාර ලාභයක් සම්බ කරගන්නේය.’—හිතෝපදේශ 11:1, 18.
“සොරකම් කළාවූ අය තවත් සොරකම් නොකෙරේවා. ඒ වෙනුවට, . . . තමාගේ අත්වලින් යහපත් වැඩක් කරමින් වීර්ය කෙරේවා.”—එපීස 4:28.
“යමෙක් වැඩ කරන්ට කැමති නැත්නම් ඔහු කෑම නොකා සිටීවා.”—2 තෙසලෝනික 3:10.
“නුඹලා කරන කොයි දෙයක් නුමුත් මනුෂ්‍යයන්ට නොව [යෙහෝවාට] මෙන් සිතෙන් [මුළු ආත්මයෙන්, NW] කරන්න.”—කොලොස්සි 3:24.
‘අපි සියල්ලේදී යහපත් ලෙස හැසිරෙන්ට ආශාවෙන් සිටින්නෙමු.’—හෙබ්‍රෙව් 13:18.
ධනය කෙරෙහි තිබිය යුතු ආකල්පය.
“වස්තු උපයාගන්ට ඉක්මන්වෙන්නා නිර්දෝෂකමින් දුරු වෙන්නේය.”—හිතෝපදේශ 28:20, NW.
‘රිදීයට ඇලුම්වෙන්නා රිදීයෙන් තෘප්තියට නොපැමිණෙයි.’—දේශනාකාරයා 5:10.
ආත්ම ගරුත්වයේ තක්සේරුව.
“මනුෂ්‍යයන්ට තමුන්ගේම ගෞරවය සෙවීම ගෞරවයක් නොවේ.”—හිතෝපදේශ 25:27.
‘නුඹේම මුඛය නොව වෙන කෙනෙක් නුඹට ප්‍රශංසා කෙරේවා.’—හිතෝපදේශ 27:2.
“නුඹලා එකිනෙකා සුදුසු තරමට වඩා තම තමා ගැන උතුම් කොට [නොසිතන්න].”—රෝම 12:3.
“කිසිත් නොවන කෙනෙක් තමා වැදගත් කෙනෙක්යයි සිතන්නේ නම්, ඔහු තමාම රවටාගනියි.”—ගලාති 6:3.
[5වන පිටුවේ පින්තූරය]
දානියෙල් දෙවිට නිසි ගෞරවය දුන්නේය
[7වන පිටුවේ පින්තූරය]
දේව ප්‍රතිපත්තිවලට අනුව අන්‍යයන් සමඟ කටයුතු කිරීම ප්‍රසන්න සබඳතා පවත්වාගැනීමට සහ සතුටට දායක වෙයි
[7වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
U.S. Fish & Wildlife Service, Washington, D.C./Robert Bridges