ප්‍රතිපත්ති පිළිබඳ ඔබේ තේරීම
ප්‍රතිපත්ති පිළිබඳ ඔබේ තේරීම
ඔබ ප්‍රතිපත්ති ගරුක පුද්ගලයෙක්ද? නැතහොත් ආචාර ධර්ම යල් පිනූ ඒවා ලෙස සලකන කෙනෙක්ද? සැබෑ දෙය වන්නේ, සෑම කෙනෙකුම තම තමන්ට වැදගත් කියා හැඟෙන යම් ප්‍රතිපත්ති මාලාවක් අනුගමනය කිරීමයි. ද නිව් ෂෝට ඔක්ස්ෆර්ඩ් ඉංග්ලිෂ් ඩික්ෂනරියට අනුව ප්‍රතිපත්ති යන්න නිර්වචනය කළ හැක්කේ “හරි වැරැද්ද තීරණය කිරීමේ පෞද්ගලික නීති සංග්‍රහයක්” යනුවෙනි. ප්‍රතිපත්ති අපේ තීරණවලට බලපාන අතර අපේ ජීවන ගමන් මඟද එමගින් තීරණය වෙයි. දිශා දර්ශකයක් ලෙස ක්‍රියා කිරීමටද ප්‍රතිපත්තිවලට හැකියි.
උදාහරණයක් වශයෙන්, යේසුස් තම අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටියේ මතෙව් 7:12හි තිබෙන රන් අණ පවත්වන්න කියායි. “එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් යමක් කරනවාට නුඹලා කැමතිද නුඹලාත් එසේම ඔවුන්ට කරන්න.” කොන්ෆියුෂියස්ගේ අනුගාමිකයෝ ලයි සහ ජෙන් (ශිෂ්ටකම හා ගුණවත්කම) නමැති ප්‍රතිපත්ති පවත්වති. එම ප්‍රතිපත්තිවලට කරුණාවන්තකම, නිහතමානිකම, ගෞරවය දැක්වීම හා පක්ෂපාතිත්වය යන ගුණාංග ඇතුළත්ය. එපමණක් නොව ධාර්මික නොවන පුද්ගලයන් පවා හැසිරෙන්නේ යම් ප්‍රමුඛතා හෝ මාර්ගෝපදේශයන්ට අනුවය.
කුමනාකාරයේ ප්රතිපත්තිද?
කෙසේවෙතත්, හොඳ මෙන්ම නරක ප්‍රතිපත්ති තිබිය හැකි බව අප මතක තබාගත යුතුය. උදාහරණයක් හැටියට, ඉකුත් දශකය හෝ ඊට ටික කලකට පෙර සිට මමත්වය යනුවෙන් හැඳින්වෙන ගුණාංගයෙන් කටයුතු කිරීමට පෙලඹී ඇති සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට තිබේ. බොහෝදෙනෙකු මෙම වචනය නොදන්නවා විය හැකියි. නැතහොත් තමන්ට එය අදාළ නැතැයි ඔවුන්ට හැඟිය හැකියි. එහෙත් නොදැනුවත්වම ඔවුන් අනුගමනය කරමින් සිටින්නේ මමත්වයේ ක්‍රියාකලාපයකි. මමත්වය යනු හැසිරීමේ උසස් ප්‍රමිති අත්හැර දමා හැසිරීම සම්බන්ධයෙන් තමා විසින්ම පිහිටුවාගනු ලැබූ නීති සංග්‍රහයකට අනුව ක්‍රියා කිරීමයි. එසේ නිර්වචනය කළත් නොකළත් මමත්වය යනු ආත්මාර්ථකාමිත්වය විදහාපෙන්වීමකි. බොහෝවිට එය විදහා දක්වන්නේ ද්‍රව්‍යමය දේ පසුපස අනුවණ ලෙස හඹා යෑමෙනි. චීනයේ රූපවාහිනි සංස්ථාවේ විධායක නිලධාරියෙකු පවසා සිටියේ “අපට තිබෙන්නේ ප්‍රතිපත්ති දෙකයි. එකක් උවමනා කරන දේවල් හිතේ හැටියට ලබාගැනීම, අනිත් එක මුදල් රැස් කිරීම” කියායි.
කාන්දමක් මෙන් ක්‍රියා කිරීමට මමත්වයට හැකියි. කාන්දමක් දිශා දර්ශකයකට බලපාන්නේ කෙසේද? මේ දෙක එක ළඟ තිබෙන විට දිශා දර්ශක කටුව ගමන් කළ යුතු දිශාවෙන් වෙනත් දිශාවකට හැරී යා හැකියි. මෙලෙසින්ම, මමත්වය නිසා අන් සියල්ල අබිබවා පුද්ගලයාගේ ආශාවන් නැඟී සිටින බැවින් කෙනෙකුගේ සදාචාර දිශා දර්ශකය හෝ නිවැරදි හැසිරීම පිළිබඳ නීති සංග්‍රහය වැරදි දිශාවකට හැරිය හැකියි.
මමත්වය යනු අලුතෙන් බිහි වූ යමක් නොවන බව දැනගැනීමෙන් ඔබ පුදුම වනු ඇද්ද? මෙම ගුණාංග මුලින්ම ඉස්මතු වුණේ ඒදන් උයනේදීය. එය සිදු වූයේ අපේ මුල් දෙමාපියන් ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මැවුම්කරු විසින් පනවා තිබූ ප්‍රමිතිවලින් පිට පැන්න නිසයි. එවිට ඔවුන්ගේ හොඳ නරක පිළිබඳ දිශා දර්ශකය වෙනස් විය. ආදම් සහ ඒවගෙන් පැවතෙන මනුෂ්‍යයන්ද එලෙසම ක්‍රියා කර ඇති අතර මෑතකදී ඔවුන්ගේ එම ක්‍රියා කලාපය “මමත්වය” යනුවෙන් නම් කෙරිණ.—උත්පත්ති 3:6-8, 12.
එම ආකල්පය පැතිර යන බව විශේෂයෙන් දක්නට තිබෙන්නේ “කටයුතු කිරීමට අසීරු අර්බුදකාරි කාලවල්” [NW] මගින් සනිටුහන් වන ‘අන්තිම දවස්වලදීයි.’ බොහෝ මිනිස්සු ‘තමුන්ටම 2 තිමෝති 3:1-5.
ප්‍රේම කරති.’ එසේ නම්, මමත්වයේ ආකල්පය අනුකරණය කිරීමට අප තුළත් බලපෑමක් ඇතිවීම පුදුමයක් නොවේ.—සමහරවිට ඔබ ඕලෆ් නම් තරුණයාගේ අදහසට එකඟ වනු ඇත. ඔහු යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ යුරෝපීය ශාඛා කාර්යාලයට මෙසේ ලීවේය. “සදාචාරමය පැත්තෙන් අවංකව කටයුතු කරන එක හරිම අමාරු වැඩක්. විශේෂයෙන්ම යෞවනයන් වන අපිට බයිබල් ප්‍රමිතිවලට ඇලී සිටීමේ අවශ්‍යතාවය ගැන කරුණාකර නිතරම මතක් කරලා දෙන්න.”
ඕලෆ් කතා කළේ අවබෝධාත්මක දෘෂ්ටියකින් යුතුවයි. බාල මහලු සැමට උසස් ප්‍රමිති අනුව හැසිරීමට උපකාර කරන්න දේව ප්‍රතිපත්තිවලට හැකියි. මමත්වය යනුවෙන් හඳුන්වන දෙයින් වැළකී සිටීමට උපකාර කිරීමටද ඒවාවලට හැකියි. බයිබල් ප්රතිපත්තිවලින් ඔබට උපකාරය ලැබිය හැකි ආකාරය සම්බන්ධයෙන් තව කරුණු උගනීමට ඔබ කැමති නම් කරුණාකර ඊළඟ ලිපිය කියවා බලන්න.
[4වන පිටුවේ පින්තූර]
අන්‍යයන්ගේ අවශ්‍යතා කෙරෙහි අදදින බොහෝදෙනා කිසි සැලකිල්ලක් නොදක්වති