ආත්ම පරිත්‍යාගශීලී ස්වභාවයකින් සේවය කිරීම
ජීවිත කතාව
ආත්ම පරිත්‍යාගශීලී ස්වභාවයකින් සේවය කිරීම
පැවසුවේ ඩොන් රෙන්ඩෙල්
මගේ මව 1927 මිය යන විට මට වයස අවුරුදු පහයි. ඇගේ ඇදහිල්ල මගේ ජීවිතයට බෙහෙවින් බලපෑවා. එසේ වීමට හේතුව?
මගේ මව එංගලන්ත සභාවේ ප්‍රබල සාමාජිකාවක්. ඇය පළවෙනි ලෝක මහ යුද්ධයට පෙර විවාහ වූ අතර එවකට මගේ පියා වෘත්තීය සොල්දාදුවෙක්. ලෝක මහ යුද්ධය 1914 ආරම්භ වුණා. හමුදාවට සොල්දාදුවන් බඳවාගැනීමේ කාර්යයන් සඳහා පල්ලියේ වේදිකාව පාවිච්චි කිරීම ගැන මව දේවගැතිගෙන් ප්‍රශ්න කළා. ඔහු පිළිතුරු දුන්නේ “ඒ දේවල් සම්බන්ධව අනවශ්‍ය ලෙස කරදර නොවී ගෙදර යන්න” කියායි. මෙම පිළිතුරෙන් ඇය සෑහීමට පත් වුණේ නැහැ.
යුද්ධයේ තියුණුම අවධිය වූ 1917දී ඇය “මැවීම පිළිබඳ ඡායාරූප නාට්‍යය” බැලීමට ගියා. සත්‍යය ලැබුණු බව වටහාගත් ඇය විගස පල්ලියෙන් ඉවත් වී එවකට බයිබල් ශිෂ්‍යයන් යයි හැඳින්වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ ආශ්‍රය කරන්න පටන්ගත්තා. බටහිර කෝකර් නම් වූ අපේ ගමට ආසන්නයේ පිහිටි ඉංග්‍රීසි ජනපදයේ යෝවිල් නම් නගරයේ සභා රැස්වීම්වලට මව සහභාගි වුණා.
මවට ලැබුණු මෙම වටිනා බයිබල් සත්‍යය ඇගේ සහෝදරියන් තුන්දෙනා සමඟ බෙදාගත්තා. මව සහ ඇගේ සහෝදරි මිලී බයිසිකල්වලින් ගම්බද ප්‍රදේශවලට ගොස් බයිබලය පාඩම් කිරීමට ආධාරක පොත වන ශුද්ධ ලියවිලි තුළින් අධ්‍යයනය නම් පොත ජ්වලිතව බෙදා දුන් හැටි යෝවිල් සභාවේ මුල් කාලයේ සිටි සහෝදර සහෝදරියන් මට කියා තිබෙනවා. කනගාටුවකට මෙන් ඇයට ක්ෂය රෝගය වැළඳුණා. එවකට එම රෝගය සඳහා ප්‍රතිකාර සොයාගෙන තිබුණේ නැති නිසා ජීවිතයේ අවසාන මාස 18 ඇයට ලෙඩ ඇඳේ ගත කරන්නට සිදු වුණා.
ආත්ම පරිත්‍යාගී ස්වභාවය ක්‍රියාවෙන් පෙන්වීම
මේ වකවානුවේදී මගේ පුංචි අම්මා මිලී ජීවත් වුණේ අපිත් එක්ක. ඇය මවට සාත්තු කළා විතරක්
නොවෙයි, අවුරුදු හතක් වයසැති මගේ නංගි ජෝඈන්ව හා මාව ආදරයෙන් බලාගත්තා. මව මිය යෑමෙන් පසු පුංචි අම්මා අපිව බලාගන්න ඉදිරිපත් වුණා. අපිව බලාගැනීමේ වගකීමෙන් යම් තාක් දුරට හෝ නිදහස් වීමට ලැබීම ගැන තාත්තා සතුටු වූ අතර පුංචි අම්මා අපි සමඟ දිගටම ජීවත් විය යුතුයි කියා එවේලේම තීරණය කළා.අපි පුංචි අම්මට ගොඩාක් ළං වුණා. ඒ වගේම ඇය අපි සමඟ සිටීම ගැන ප්‍රීති වුණා. ඇය අපිව බලාගැනීමට තීරණය කළේ ඇයි? අවුරුදු ගණනාවකට පස්සේ ඇය අපට කිව්වා අම්මා දැමූ අත්තිවාරම ගොඩනැඟීමට, එනම් බයිබල් සත්‍යයන් මටයි නංගිටයි ඉගැන්වීමට යුතුකමක් තිබුණු නිසා ඇය එම අභියෝගය භාරගත්තා කියලා. අපේ තාත්තාට ආගම ගැන කිසි උනන්දුවක් නොතිබුණු නිසා ඇය දැනගෙන සිටියා එම වගකීම කිසිදා ඔහුගෙන් ඉටු වන්නේ නැති බව.
ඇයගේ ජීවිතය සම්බන්ධයෙන් තවත් පෞද්ගලික තීරණයක් ඇය ගෙන තිබූ බව පසුව අපට දැනගන්න ලැබුණා. එනම් අප වෙනුවෙන් වගකීම් නොපිරිහෙළා ඉටු කිරීම සඳහා විවාහ නොවී සිටීමට තීරණය කර තිබීමයි. එය ආත්ම පරිත්‍යාගශීලී ස්වභාවයේ කදිම ආදර්ශයක් නොවේද? ජෝඈනාට හා මට ඇයට කෘතඥ වීමට බොහෝ හේතු තිබෙනවා. පුංචි අම්මා අපට ඉගැන්වූ කදිම පාඩම් හා ඇයගේ විශිෂ්ට ආදර්ශය සැමදා අපේ හදවතේ රැදී තිබුණා.
තීරණ ගැනීමේ කාලය
ජෝඈනුයි මමයි අධ්‍යාපනය ලැබුවේ එංගලන්ත සභාවට අයිති ගමේ පාසැලකයි. ආගමික අධ්‍යාපනය සම්බන්ධව තීරණ ගැනීමේදී පුංචි අම්මා මුල් ගුරුවරිය සමඟ ස්ථීර අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කළා. පාසැලේ දරුවන් සියලුදෙනා පෙළගැසී පල්ලියට යන විට අපි ගෙදර ආවා. දේවගැතිවරයා පාසැලට පැමිණ ආගමික උපදෙස් ලබා දුන් විට අප ඒ අයගෙන් වෙන් වෙලා බයිබල් පද කටපාඩම් කළා. මෙම බයිබල් පද මගේ හිතට තදින් කාවැදුණු අතර ජීවිතයේ පහු කාලයේදී ඒවා ඉතාමත් ප්‍රයෝජනවත් වුණා.
මම අවුරුදු 14දී පාසැල් අධ්‍යාපනය අවසන් කළ අතර චීස් කර්මාන්තයක අවුරුදු හතරක පුහුණුවක් ලැබීමට ගියා. මම පියානෝ වාදනය කිරීමට ඉගෙනගත් අතර සංගීතය හා බාල් නැටුම් (ballroom) මගේ ප්‍රියතම විනෝදාංශ වුණා. බයිබල් සත්‍යය මගේ හෘදයේ තිබුණත් එය වෙනුවෙන් යමක් කරන්න පෙලඹීමක් ඇති වී තිබුණේ නැහැ. වර්ෂ 1940 මාර්තු මාසේ දවසක, කිලෝමීටර් 110ක් ඈතින් පිහිටි ස්වින්ඩොන්වල පැවති එක්රැස්වීමකට යෑමට වයසක සහෝදරියක් මට ආරාධනා කළා. එදා ප්‍රසිද්ධ අනුශාසනාව ඉදිරිපත් කළේ බ්‍රිතාන්‍ය කාර්යාලයේ මුලසුනභාර දේවසේවක ඇල්බට් ඩී. ෂ්‍රෝඩර්යි. මෙම එක්රැස්වීම මගේ ජීවිතය වෙනස් කිරීමට සන්ධිස්ථානයක් වුණා.
මේ අතර දෙවෙනි ලෝක මහ යුද්ධය දරුණු අතට පත් වෙමින් තිබුණේ. මම මගේ ජීවිතයත් එක්ක මොනවද කරන්නේ කියලා හිතුණා. මම නැවතත් යෝවිල්හි පිහිටි රාජ්‍ය ශාලාවේ රැස්වීම්වලට සහභාගි වෙන්න තීරණය කළා. එහි ගිය පළවෙනි රැස්වීමේදී වීදි සේවය හඳුන්වා දුන්නා. මට සත්‍යය සම්බන්ධව පුළුල් අවබෝධයක් නොතිබුණද වීදි සේවයේ සහභාගි වීමට මම ඉදිරිපත් වුණා. එදා මම වීදි සේවය කරනවා දැකලා පුදුමයට පත් වුණු මගේ යහළුවන් මට උසුළු විසුළු කළා.
වර්ෂ 1940 ජූනි මාසයේදී බ්‍රිස්ටල් නුවර මට බව්තීස්ම වීමට අවස්ථාව ලැබුණා. ඉන් මාසයකට පසු ස්ථාවර පුරෝගාමියෙක් (පූර්ණ කාලීන දේවසේවකයෙක්) ලෙස සේවය කිරීමට මම ඉදිරිපත් වුණා. පසුව මගේ නංගිත් ඇයගේ කැපවීම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් බව්තීස්ම වෙනවා දැකීම මට ඉමහත් ප්‍රීතියක් ගෙන දුන්නා.
යුධ සමයේ පුරෝගාමි සේවය කරමින්
යුද්ධය ආරම්භ වී අවුරුද්දකට පමණ පසු හමුදා සේවයට බැඳෙන්න කියා ලියකියවිලි වගයක් එවා තිබුණා. අවි ආයුධ අතට ගැනීම හා යුද්ධවලට සහභාගි වීම මගේ ආගමික මතවලට අනුව වැරදි බව සඳහන් කරමින් යෝවිල්හි ප්‍රකාශයක් මම ලියාපදිංචි කර තිබුණා. ඒ නිසා මට මේ සම්බන්ධ නඩු විභාගයකට බ්‍රිස්ටල් නුවර අධිකරණයේ පෙනී සිටින්න සිදු වුණා. මම ජෝන් වින් සමඟ විවිධ ප්‍රදේශවල a කමාර්දන්හි කළ නඩු විභාගයෙන් පසු ඩොලර් 25ක දඩයක් සමඟ මාස තුනකට සුවන්සි සිරකඳවුරේ මාව සිරගත කරනු ලැබුවා. එදා පැවති ආර්ථික තත්වය අනුව එය විශාල මුදලක් වුණා. එම මුදල ගෙවීමට බැරිවීම නිසා තවත් මාස තුනකට සිර දඬුවම් විඳීමට සිදු වුණා.
පුරෝගාමි සේවය කළා. ඒවා නම් සින්ඩෆෝර්ඩ්, ග්ලොස්ට’ෂ්යෑ, හාවර්ෆෝඩ්වෙස්ට්, කමාර්දන් සහ වේල්ස් යන ස්ථානවලය.තුන්වෙනි උසාවි කැඳවීමේදී මගෙන් ඇහුවා “ඔබ දන්නේ නැද්ද බයිබලයේ කියා තිබෙනවා ‘සීසර්ගේ දේ සීසර්ට දෙන්න’ කියලා.” මම කිව්වා “ඔව් මම දන්නවා. ඒ වගේම මම ආසයි ඒ බයිබල් පදේ ඉතුරු ටිකත් කියන්න. එනම් ‘දෙවිගේ දේ දෙවිට දෙන්න’ කියන එක. මම කරමින් සිටින්නෙත් එයමයි.” (මතෙව් 22:21, NW) සති කිහිපයකට පසු මට ලියුමකින් දන්වලා තිබුණා හමුදා සේවයට බඳවාගැනීමෙන් යෙන් මාව නිදහස් කර තිබෙන බව.
ලන්ඩන් බෙතෙල් පවුල සමඟ සේවය කිරීමට 1945 මුල් භාගයේදී මට ආරාධනාවක් ලැබුණා. ඊළඟ සීත ඍතුවේදී ලෝක ව්‍යාප්තව දේශනා සේවය සංවිධානය කළ සහෝදර නේදන් එච්. නෝර් සහ ඔහුගේ ලේකම් මිල්ටන් ජී. හෙන්ෂල් ලන්ඩන් නුවරට පැමිණියා. මිෂනාරි සේවයට පුහුණු කිරීම සඳහා ගිලියද්හි මුරටැඹ බයිබල් පාසැලට මාව ඇතුළුව තරුණ සහෝදරයන් අටදෙනෙකුව බ්‍රිතාන්‍යයෙන් තෝරාගනු ලැබුවා.
මිෂනාරි පැවරුම්
වර්ෂ 1946, මැයි 23වෙනිදා, ෆෝයීහි පිහිටි කෝර්නිෂ් තොටුපළෙන් යුධ සමයේ පැවති බඩු නැවකින් අපි පිටත් වී ගියා. වරායේ ප්‍රධානියා කපිතාන් කෝලින්ස් යෙහෝවාගේ සාක්ෂිකරුවෙක්. ඔහු අපි වරායේ වේදිකාවෙන් පිටත් වන විටම නළාව පිම්බා. එංගලන්ත වෙරළෙන් නැව ඈතට ඇදී යන විට අපි විවිධ හැඟීම්වලින් බර වී සිටියා. අත්ලාන්තික් සාගරය ඉතා රළුව තිබුණත්, දවස් 13කින් විතර අපි ආරක්ෂිතව එක්සත් ජනපදයට ළඟා වුණා.
වර්ෂ 1946 අගෝස්තු 4 සිට 11 දක්වා ප්‍රීතිමත් ජාතීන් නමැති දින අටේ ජාත්‍යන්තර දිව්‍යාණ්ඩු එක්රැස්වීමට සහභාගි වීමට ලැබීමත් අමතක නොවන අවස්ථාවක්. මෙය පැවැත්වුණේ ක්ලීව්ලන්ඩ්හි ඕහයියෝ නගරයෙයි. මෙම එක්රැස්වීමට අසූදාහක් සහභාගි වූ අතර එයින් තුන්සිය දෙදෙනෙක් විවිධ රටවල් 32කින් පැමිණ සිටි අයයි. එම එක්රැස්වීමේදී උනන්දුවෙන් අසා සිටි ජනයා සඳහා පිබිදෙව්! b සඟරාව සහ “දෙවි සැබෑ වේවා!” (සිංහලෙන් නැහැ) යන බයිබලය අධ්‍යයනය කිරීමට ආධාරක පොත මුදාහරිනු ලැබුවා.
අප ගිලියද් පාසලින් උපාධිය ලැබුවේ 1947දීයි. බිල් කොප්සන්ට හා මට ඊජිප්තුවට පැවරුම ලැබුණා. එහි යෑමට පෙර බෘක්ලින් බෙතෙල්හි රිචඩ් ඒබ්‍රහම්සන් මට කාර්යාල වැඩ සම්බන්ධයෙන් හොඳ පුහුණුවක් ලබා දුන්නා. අපි ඇලෙක්සැන්ඩ්‍රියාවට ගොඩබැස්ස අතර මැදපෙරදිග ජීවන රටාවට ඉක්මනින් හුරු වුණා. අපිට අරාබි භාෂාව ඉගෙනගැනීම අභියෝගයක් වුණා. කෙසේවෙතත් දේශනා කිරීම සඳහා සාක්ෂි දැරීමේ පත්‍රිකා (රාජ්‍ය පණිවිඩය කෙටියෙන් සඳහන්) භාෂා හතරකින් භාවිතා කළා.
පළමුවෙනි අවුරුද්ද අවසානයේ මට වීසා බලපත්‍ර අලුත් කරගැනීමට නොහැකි වීම නිසා එරටින් පිටවීමට සිදු වුණු අතර බිල් කොප්සන් අවුරුදු හතක් එහි සේවය කළා. මම ගත කළ ඒ අවුරුද්දක මිෂනාරි සේවය දෙස ආපසු හැරී බලන විට මට හැඟෙන්නේ මගේ ජීවිතයේ වඩාත්ම ඵලදායී කාලය එය බවයි. එහිදී මට සෑම සතියකම නිවාස බයිබල් පාඩම් 20කට වැඩිය පැවැත්වීමට අවස්ථාව ලැබුණා.
එදා පාඩම් කළ සමහර අය තවමත් ඇදහිලිවන්තව යෙහෝවාට සේවය කරනවා. කෙසේවෙතත්, පසුව මට ඊජිප්තුවෙන් සයිප්‍රස් බලා යෑමට පැවරුමක් ලැබුණා.සයිප්‍රසය හා ඉශ්‍රායෙලය
එහිදී මට අලුත් භාෂාවක් ඉගෙනගන්න සිදු වුණා. එනම් එම රටේ දේශීය භාෂාව වන ග්‍රීක භාෂාවයි. ඉන් ටික කාලෙකට පසු ඇන්තනි සිඩරිස්ව ග්‍රීසියට මාරු කරනු ලැබූ පසු මට සයිප්‍රසයේ වැඩ අධීක්ෂණය කිරීමට සිදු වුණා. ඒ කාලයේ සයිප්‍රස් ශාඛා කාර්යාලයෙන් ඉශ්‍රායෙලයෙත් වැඩ අධීක්ෂණය කළ නිසා අන් සහෝදරයන් සමඟ මටත් අවස්ථාව ලැබුණා කලින් කලට එහි සිටි සහෝදරයන් කිහිපදෙනාව බැහැදැකීමට.
ඉශ්‍රායෙලයට ගිය පළමු අවස්ථාවේදී අපි හායිෆා නගරයේ අවන්හලක කුඩා එක්රැස්වීමක් පැවැත්වුවා. එයට 50ක් හෝ 60ක් පමණ සහභාගි වුණා. විවිධ භාෂාවන්ට අයත් කණ්ඩායම් වෙන් කර අපි වැඩසටහන භාෂා හයකින් පැවැත්වුවා. තවත් අවස්ථාවක යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටි දර්ශනයක් පෙන්නුව අතර ප්‍රසිද්ධ කථාවක්ද පැවැත්වුවා. මෙම කතාව ඉංග්‍රීසි පුවත්පතක අගය කර තිබුණා.
ඒ කාලයේ සයිප්‍රස්වල සිටියේ සාක්ෂිකරුවන් සියදෙනෙක් පමණයි. මේ අයට ඔවුන්ගේ ඇදහිල්ල වෙනුවෙන් මහත් සටනක නියැලෙන්න වුණා. ග්‍රීක ඕතොඩෝක්ස් පල්ලියේ පූජකයන්ගේ නායකත්වය යටතේ දාමරිකයන් ඇවිත් අපේ එක්රැස්වීම්වලට බාධා කළා පමණක් නොව, ගම්බද ප්‍රදේශවල දේශනා සේවයේ යන විටත් ඔවුන් අපිට ගල් ගැසුවා. මෙය මට අලුත් අද්දැකීමක් වුණා. එවැනි පීඩාකාරි තත්වයන්ට මුහුණ දෙන විට එයින් ඉක්මනින් ඉවත් වීමට පියවරගැනීමට ඉගෙනගන්නත් අවශ්‍ය වුණා. මෙවැනි කාලයකදී තවත් මිෂනාරිවරුන්ගේ පැමිණීම ඇදහිල්ල තවත් ශක්තිමත් වීමට හේතු පාදක වුණා. ඩෙනිස් හා මේවිස් මැතිවූස්, මෙන්ම ජෝඈන් හලී හා බෙරිල් හේවුඩ් මාත් සමඟ ෆැමගස්ටාවලට ගියා. අනික් අය, එනම් ටොම් හා මේරි ගුල්ඩන් හා නීනා කොනස්ටැන්ටි (එංගලන්තයේ උපත ලැබූ සයිප්‍රස්හි පදිංචිකරුවෙක්) ලිමොසෝල්වලට ගියා. බිල් කොප්සන්වත් සයිප්‍රස් නගරයට මේ කාලයේදී මාරු කරනු ලැබූ අතර පසුව බර්ට් හා බර්ලි වෙයිසේත් එහෙට ගියා.
වෙනස් තත්වයන්ට හැඩගැහීම
වර්ෂ 1957 අග භාගයේදී, මා අසනීප වූ අතර මගේ මිෂනාරි පැවරුම කරගෙන යෑමට අසීරු වුණා. කනගාටුවෙන් වුවද මගේ සෞඛ්‍යය තත්වය ගොඩනංවාලීමට නැවත කාලයකට එංගලන්තයට යෑමට තීරණය කළා. එහිදී මම 1960 වනතුරු පුරෝගාමි සේවය කළා. මගේ නැඟණිය හා ඇගේ ස්වාමිපුරුෂයා මාව සාදරයෙන් ඔවුන්ගේ නිවසට භාරගත්තද ජෝඈනා බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ පෑවා. ඇගේ ස්වාමිපුරුෂයා හා දුව බලාගැනීමට අමතරව මම නැති අවුරුදු 17 පුරා ඇය තාත්තා හා මිලී පුංචි අම්මා වයස්ගතව රෝගාතුරව හිටියත් ඔවුන්ව ආදරයෙන් රැකබලා ගෙන තිබුණා. මගේ පුංචි අම්මාගේ ආත්ම පරිත්‍යාගශීලී පරමාදර්ශය අනුගමනය කරමින් මම තාත්තා හා පුංචි අම්මා මිය යන තුරු මගේ නැඟණිය සමඟ රැඳී සිටියා.
එංගලන්තයේ පදිංචි වීමට ඉඩ කඩ තිබුණද ටික කලකට නිවාඩු ගැනීමෙන් පසු මගේ පැවරුමට නැවත හැරී යෑමට වගකීමක් ඇති බව හැඟුණා. මාව පුහුණු කිරීම සඳහා යෙහෝවාගේ සංවිධානයෙන් බොහෝ මුදල් වියදම් කර තිබෙනවා නොවේද? මම 1972 මගේ වියදමින් සයිප්‍රස් බලා ගිය අතර එහි පුරෝගාමි සේවය කරන්න පටන්ගත්තා.
සමුළුවක් සැලසුම් කිරීම සඳහා ඊළඟ අවුරුද්දේ නේදන් එච් නෝර් පැමිණියා. මම නැවත සේවය කිරීමට පැමිණ ඇති බව දැනගත් නෝර් මාව එම මුළු දූපතේ චාරිකා සේවය සඳහා යෝජනා කෙරුවා. මම එම වරප්‍රසාදය අවුරුදු හතරක් භුක්ති වින්දා. මට වැඩිපුරම කතා කිරීමට සිදු වුණේ ග්‍රීක භාෂාවෙන් නිසා එය බියගන්වනසුලු අද්දැකීමක් වුණා.
පීඩාකාරි කාලයක්
පෝල් ඇන්ඩෘ (ග්‍රීක භාෂාව කතා කරන සයිප්‍රස් ජාතික සාක්ෂිකරුවෙක්) හා මම කයිරේනියා නගරයට නැඟෙනහිරින් සයිප්‍රසයේ උතුරු වෙරළට ඔබ්බෙන් පිහිටි කරකුමි නම් ගම්මානයේ ගෙයක් ගත්තා. සයිප්‍රස් ශාඛා කාර්යාලය පිහිටා තිබුණේ නිකෝෂියාවේ, එනම් කයිරේනියා කඳු යායට දකුණින්. මම නිකෝෂියාවේ සිටිය කාලයේ එනම් 1974 ජූලි මුල් භාගයේදී දැක්කා ජනාධිපති මකෝරියස්ගේ නිවස ගින්නෙන් දැවී යනවා. මෙය ඔහුව බලයෙන් පහ කිරීමට යොදන ලද හදිසි කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්. එතැනින් පිටවීමට ආරක්ෂාකාරි යයි හැඟුණු මොහොතක මම ඉක්මනින් ඉවත් වුණා කයිරේනියාවේ චාරිකා එක්රැස්වීමක් සුදානම් කිරීම සඳහා. ඊට දවස් දෙකකට පසු වරායට දැමූ පළවෙනි බෝම්බයේ සද්දය මට ඇහුණා. තුර්කියේ සිට හමුදා භටයින් හෙලිකොප්ටරවලින් බලෙන් රටට ඇතුල් වෙන එකත් මම දැක්කා.
මම ඉංග්‍රීසි ජාතිකයෙක් නිසා තුර්කි හමුදාව මාව නිකෝෂියා නගරයේ මායිමට ගෙනා අතර එහිදී එක්සත් ජාතීන්ගේ නිලධාරීන් මගෙන් ප්‍රශ්න ගණනාවක් ඇසුවාට පසුව අපේ ශාඛා කාර්යාලයටත් කතා කළා. ඉන්පසු, මට කාත් කවුරුත් නැති පාළු ගෙවල් හා හැමතැනම විසිරී ගිය විදුලි හා දුරකථන රැහැන් මැදින් කාගෙවත් බලයට යටත් නැති ප්‍රදේශයක් මැදින් ගමන් කිරීමට සිදු වුණා. මාව මෙතරම් බියට පත් කළ අද්දැකීමක් තවත් නැහැ. මට යෙහෝවා සමඟ අදහස් හුවමාරු කිරීමට තිබුණු අවස්ථාව අහිමි නොවීම ගැන මම කොයිතරම් සතුටු වෙනවාද! ඇත්තෙන්ම යාච්ඤාව මට ශක්තියක් වුණා.
මා සන්තක සියලු දේ මට අහිමි වුණත් මට ශාඛා කාර්යාලය වැනි ආරක්ෂා සහිත තැනක ඉන්න ලැබුණ එක මහත් සහනයක් වුණා. හැබැයි මෙම තත්වය පැවතුණේ කෙටි කාලයකටයි. දවස් කිහිපයකින් ආක්‍රමණික හමුදාවන් උතුරු දේශයේ තුනෙන් කොටසක් යටත් කරගෙන තිබුණා. බෙතෙල්හි වැඩ නතර වූ අතර අපි ලිමොසෝල් බලා පිටත් වුණා. මට එහිදී ව්‍යසනයෙන් පීඩාවට පත් වූ සහෝදරයන් 300ක් බලාගැනීමේ කමිටුවට සම්බන්ධ වී වැඩ කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. මෙහි සිටි බොහෝදෙනෙකු උන් හිටි තැන් අහිමිවූවන්.
වගකීම්වල වෙනසක්
වර්ෂ 1981 ජනවාරි මාසයේදී පාලක මණ්ඩලය ග්‍රීසියේ ඇතන්ස් නුවර තිබෙන බෙතෙල් පවුලට එකතු වෙන්න කියා මට ආරාධනා කළා. නමුත් ඒ අවුරුද්ද අවසානයේදී මම නැවතත් සයිප්‍රස් ගිය අතර එහි ශාඛා කමිටු සම්බන්ධීකරණ සහෝදරයා ලෙස කටයුතු කළා. ලන්ඩන් නුවරින් පැමිණ සයිප්‍රස්හි පදිංචි වී සිටි ආන්ත්‍රීයාස් කොන්ඩෝයෝජිස් සහ ඔහුගේ බිරිඳ මාරෝ මට “සැනසිල්ලක් ” වූවාට කිසිම සැකයක් නැහැ.—කොලොස්සි 4:11.
වර්ෂ 1984දී කලාපීය අවේක්ෂක තියඩෝ ජැරැස්ගේ බැහැදැකීමෙන් පසු, මට පාලක මණ්ඩලයෙන් ලිපියක් ඒවා තිබුණා. එහි සඳහන් වී තිබුණේ මෙසේයි. “සහෝදර ජැරැස්ගේ වැඩ නිම වූ පසු අපි කැමතියි ඔබ ඔහු සමඟ ග්‍රීසියට යනවා නම්.” මෙම වෙනසට කිසිම හේතුවක් දීලා තිබුණේ නැහැ. නමුත් අපි ග්‍රීසියට ගිය විට පාලක මණ්ඩලය විසින් තවත් ලිපියක් එවා තිබුණේ මාව ග්‍රීසියේ ශාඛා කමිටු සම්බන්ධීකරණ සහෝදරයා ලෙස පත් කර ඇති බවයි.
මේ කාලය වන විට ග්‍රීසියේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ඉගැන්වීම්වලට පටහැනිධර්මභේදී අදහස් පැතිරෙමින් පැවතුණා. නීති විරෝධී ලෙස ආගමට බඳවාගන්නවා කියා ඔවුන්ට විරුද්ධව බොහෝ චෝදනාත් එල්ල කර තිබුණා. මේ නිසා දිනපතාම යෙහෝවාගේ සේවකයන්ව අත්අඩංගුවට ගත් අතර උසාවියට ගෙන එනු ලැබුවා. මෙම පීඩාකාරි c
තත්වයන් යටතේ තම අඛණ්ඩතාවය පවත්වාගත් සහෝදර සහෝදරියන් දැනහඳුනා ගැනීමට ලැබීම මොනතරම් භාග්‍යයක්ද! ඔවුන්ගෙන් සමහරදෙනෙකුගේ නඩු විභාග කරනු ලැබුවේ මානව හිමිකම් සම්බන්ධ යුරෝපීය අධිකරණයේදීයි. මෙහිදී ලැබුණු ශුභවාදී තීන්දු ග්‍රීසියේ දේශනා සේවයට යහපත් ප්‍රතිචාර ලැබීමට ඉවහල් වුණා.ග්‍රීසියේ සේවය කළ කාල සීමාව තුළ අමතක නොවන සමුළු කිහිපයකට සහභාගි වීමට අවස්ථාව ලැබුණා. ඉන් සමහරක් පැවැත්වූයේ ඇතන්ස්, තෙසලෝනිකාව මෙන්ම රෝඩ්ස් හා ක්‍රීට් දූපත්වලයි. ඒ අවුරුදු හතර ඵලදායී හා ප්‍රීතිමත් කාලයක් වුණා. නමුත් වෙනස්කම් කිරීමට හේතු වූ කරුණු තිබුණු නිසා නැවතත් 1988දී සයිප්‍රස් බලා පිටත් වීමට සිදු වුණා.
සයිප්‍රසයෙන් ග්‍රීසියට නැවතත්
මම සයිප්‍රසයෙන් පිට වී සිටි කාලය අතරතුර එහි සහෝදරයන් නිකෝෂියාවලට කිලෝමීටර් කිහිපයක් ඈතින් තිබෙන නිසුවල අලුත් ශාඛා කාර්යාලයකට තැනක් ලබාගෙන තිබුණා. මෙම ශාඛා කාර්යාලය කැප කිරීමේ කතාව පැවැත්තුවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ බෘක්ලින් මූලස්ථානයෙන් පැමිණි සහෝදර සී. බාබර්. මට නැවත සයිප්‍රස් යන්ට හැකිවීම ගැනත් එහි තත්වය යහපත් අතට හැරී තිබීම ගැනත් මම සතුටු වුණා. නමුත් සැමදා ඒ තත්වය එසේ පැවතුණේ නැහැ.
ඇතන්ස් නගරයෙන් උතුරට කිලෝමීටර් කිහිපයක් එහායින් ග්‍රීසියේ අලුත් බෙතෙල් ගෘහයක් ගොඩනැඟීමට විධිවිධාන යොදා තිබුණා. මට ඉංග්‍රීසි හා ග්‍රීක භාෂා දෙකම පුළුවන් නිසා 1990 අලුත් ගොඩනැඟිලි ව්‍යාපෘතියට පැමිණි ජාත්‍යන්තර සහෝදරයන්ට භාෂා පරිවර්තක ලෙස කටයුතු කිරීමට ආරාධනා කරනු ලැබුවා. ග්‍රීෂ්ම කාලයේදී උදේ 6ට පමණ වැඩ කරන ස්ථානයට යන අතර ඉදි කිරීමේ අංශයේ සහෝදරයන්ට උපකාර කිරීමට පැමිණෙන සිය ගණන් ග්‍රීක සහෝදර සහෝදරියන් පිළිගැනීම වැනි කටයුතු මම අදටත් සිහිපත් කරන්නේ මහත් ප්‍රීතියෙන්. ඔවුන් දැක්වූ උද්‍යෝගය හා ජ්වලිතවත් ස්වභාවය සැමදා මගේ මතකයේ රැදී තිබේවි.
ග්‍රීක ඕතඩොක්ස් පල්ලියේ පූජකයන් හා ඔවුන්ගේ සහකරුවන් අපේ වැඩ බිමට ඇතුල් වී හිරිහැර කරන්න තැත් කළා. නමුත් යෙහෝවා අපේ කන්නලව්වලට ඇහුම්කන් දී අප ආරක්ෂා කළා. වර්ෂ 1991 අප්‍රියෙල් මාසේ 13වෙනිදා අලුත් බෙතෙල් ගෘහය කැප කරන තුරු මම එම ව්‍යාපෘතියේ රැදී සිටියා.
මගේ ආදරණීය සහෝදරියට උපකාර කරමින්
ඊළඟ අවුරුද්දේ මම එංගලන්තයට නිවාඩුවකට ගිය අතර මගේ නැඟණිය හා මස්සිනා සමඟ නතර වුණා. මම එහි ගත කළ කාලය අතරතුර මගේ මස්සිනා හෘදයාබාධ දෙකකට ගොදුරු වී මිය ගියා. මගේ මිෂනාරි සේවයට ජෝඈනා නොමසුරුව සහයෝගය දක්වා තිබුණා. සෑම සතියකම වාගේ ඇය මට ලිපි මගින් දිරිගැන්වීම් ලබා දුන්නා. එවැනි අදහස් හුවමාරු කිරීම් මිෂනාරි සේවකයෙකුට මොනතරම් ආශීර්වාදයක්ද! ඇය දුර්වල සෞඛ්‍ය තත්වයකින් පසු වූ වැන්දඹුවක් නිසා ඇයට උපකාර අවශ්‍ය වුණා. මට උපකාර කරන්න පුළුවන් කොහොමද?
ජෝඈනාගේ දියණිය තෙල්මා හා ඇගේ ස්වාමිපුරුෂයා ඒ වන විටත් ඔවුන්ගේ සභාවේ තවත් විශ්වාසවන්ත වැන්දඹුවක්ව (අපේ ඥාතියෙක්) ආදරයෙන් රැකබලා ගනිමින් සිටියේ. ඇයගේ තත්වය අසාධ්‍ය වී තිබුණා. ඒ නිසා මම යාච්ඤාපූර්වකව තීරණයක් ගත්තා නතර වී සිට නැඟණිය බලාගැනීමට. මෙම වෙනස්කම කිරීමට පහසු වූයේ නැහැ. කෙසේවෙතත් යෝවිල්හි සභාවන් දෙකෙන් එකක, එනම් පෙන් මිල් සභාවේ වැඩිමහල්ලෙක් හැටියට සේවය කිරීමට ප්‍රස්තාවක් ලැබීම ගැන මම සතුටු වෙනවා.
පිටරට මා සමඟ සේවය කළ සහෝදරයන් නිතරම ලියුම් හා දුරකථන මාර්ගයෙන් අදහස් හුවමාරු කිරීම මට දිරිගැන්වීමක් වුණා. මම නැවත ග්‍රීසියට හෝ සයිප්‍රස් යන්න කැමැත්ත පළ කළොත්, විගසම මට යෑමට ඒ සහෝදරයන්ගෙන් ප්‍රවේශ පත ලැබෙයි කියා මම දන්නවා. නමුත් දැන් මගේ වයස අවුරුදු 80යි. මගේ ඇස් පෙනීම හා සෞඛ්‍යය ඉස්සර තරම් හොඳ නැහැ. මට ඉස්සර වගේ වැඩ කරන්න බැරි එක ගැන කලකිරීමක් ඇති වුණත් බෙතෙල් ජීවිතයේ ඇති කරගත් සමහර හොඳ පුරුදු අදටත් ප්‍රයෝජනවත් වී තිබෙනවා. උදාහරණයකට මම හැමදාම උදේ කෑමට පෙර දිනපදය කියවනවා. මම අන් අය සමඟ පෑහී කටයුතු කිරීමටත් ඔවුන්ට ප්‍රේමය දැක්වීමටත් ඉගෙනගත්තා. ඇත්තෙන්ම, ඒ ගුණාංග දෙක සාර්ථක මිෂනාරි සේවයකට අත්‍යවශ්‍යයි.
මම යෙහෝවාට ප්‍රශංසා කිරීමට ගත කළ අවුරුදු 60 දෙස ආපසු හැරී බලන විට මට හැඟෙන්නේ කෙනෙකුට ලබා ගත හැකි ආරක්ෂාව හා හොඳම අධ්‍යාපනය ලැබෙන්නේ පූර්ණ කාලීන සේවයෙන් පමණයි. ‘ඔබ මාගේ බලකොටුවද මාගේ විපත්ති දවසේදී මට රක්ෂස්ථානයක්ද වූයේය’ යන දාවිත්ගේ වචන මගේ හදවතේ රැව් පිළිරැව් දෙනවා.—ගීතාවලිය 59: 16.
[පාදසටහන්වල]
a “මගේ හෘදය ස්තුතිවන්තකමෙන් ඉතිරී යනවා” යන ජෝන් වින්ගේ ජීවිත කතාව 1997 සැප්තැම්බර් 1, මුරටැඹ සඟරාවේ 25-28 පිටුවල පළ වුණා.
b කලින් හඳුන්වා තිබුණේ සැනසීම යනුවෙන්.
c මුරටැඹ 1998 දෙසැම්බර් 1, 20-21 පිටු සහ 1993 සැප්තැම්බර් 1, 27-31 පිටු; පිබිදෙව්! 1998 ජනවාරි 8, 21-2 පිටු සහ 1997 මාර්තු 22, 14-15 පිටු බලන්න (මෙම පිබිදෙව්! කලාප සිංහලෙන් පළ වී නැහැ).
[24වන පිටුවේ සිතියම්]
(මුද්‍රිත පිටපත බලන්න)
ග්‍රීසිය
ඇතන්ස්
සයිප්‍රස්
නිකෝෂියා
කයිරේනියා
ෆැමාගුස්ටා
ලිමොසෝල්
[21වන පිටුවේ පින්තූරය]
1915දී මව
[22වන පිටුවේ පින්තූරය]
1946දී මමයි (වමේ සිට හතරවෙනියා) ගිලියද් පාසැලේ අටවෙනි පන්තියේ ශිෂ්‍යයනුයි බෘක්ලින් බෙතෙල්හි වහල උඩ
[23වන පිටුවේ පින්තූරය]
එංගලන්තයට ආපසු පැමිණි පළමු අවස්ථාවේදී මිලී පුංචි අම්මා සමඟ