මුළු මහත් ලෝකයක්ම විනාශ වුණා!
මුළු මහත් ලෝකයක්ම විනාශ වුණා!
ඔබ අවට තිබෙන ලෝකය දෙස බලන්න. එහි නගර, නානාප්‍රකාර සංස්කෘතීන්, විද්‍යාත්මක දියුණුව හා බිලියන ගණනින් යුත් ජනගහනය දෙස බලද්දී එය කිසිදා නොසෙල්වෙන ස්ථාවර තැනක්යයි සිතීමට ඔබ පෙලඹෙන්නේ නැද්ද? මේ වත්මන් ලෝකය කවදා හෝ නැත්තටම නැති වී යයි කියා ඔබට සිතන්නවත් පුළුවන්ද? ඇත්තෙන්ම එවැනි දෙයක්සිතින් මවාගැනීම අපහසු කාර්යයක් විය හැකියි. කොහොම වුණත්, මේ ලෝකයට කලින් තවත් ලෝකයක් පැවතුණු බවත් එය සහමුලින්ම විනාශ වූ බවත් විශ්වාසවන්ත මූලාශ්‍රයක සඳහන් වෙනවා කියා ඔබ දැන සිටියාද?
අප මෙහිදී කතා කරමින් සිටින්නේ නොදියුණු ගෝත්‍රිකයන් ජීවත් වූ ලෝකයක් ගැන නෙවෙයි. විනාශ වූ එම ලෝකයේ ජීවත් වුණේ ශිෂ්ට සම්පන්න, කලා ශිල්පවලින් නිපුණ වූ, විද්‍යාත්මක දැනුම තිබූ ජනයායි. ඔවුන් තමුන්ටම කියා නගර පවා ගොඩනඟාගෙන තිබුණා. එහෙත් බයිබල් වාර්තාවට අනුව, කුලදෙටු ආබ්‍රහම්ගේ උපතට අවුරුදු 352කට කලින්, දෙවෙනි මාසයේ 17වනදා එක විගසම ජලගැල්මක් පැමිණි අතර ඒ මුළු මහත් ලෝකයම විනාශ වී ගියා. a
ඒ වාර්තාව නිවැරදි එකක්ද? ඇත්තෙන්ම එවැනි දෙයක් සිදු වුණාද? වත්මන් ලෝකය පැවතීමට කලින් ඉතා දියුණු තත්වයක තිබූ ඉපැරණි ලෝකයක් විනාශ වී ගියාද? ඇත්තෙන්ම එසේ විනාශ වුණා නම් එයට හේතුව කුමක් වූවාද? එම ලෝකයේ විසූ ජනයාට වැරදුණේ කොතැනද? ඒ වගේම එම විනාශයෙන් අපට උගත හැකි පාඩමක් තිබෙනවාද?
ඉපැරණි ලෝකයක් සැබවින්ම විනාශ කරනු ලැබුවාද?
ඇත්තෙන්ම එවන් තැතිගන්වනසුලු විනාශයක් සිදු වුණා නම් එය මිනිසාගේ මතකයෙන් මුළුමනින්ම මැකී නොයන බව නිසැකයි. ඒ නිසා බොහෝ රටවල ඒ විනාශය පිළිබඳ යම් මතක සටහන් අදටත් තිබෙනවා. එය සිදු වූ නිශ්චිත දිනය ශුද්ධ ලියවිලිවල වාර්තා කර තිබීම උදාහරණයකට ගන්න. ඉපැරණි දින දර්ශනයට අනුව දෙවෙනි මාසය දිව යන්නේ අදදින ඔක්තෝබර් මස මැද භාගයේ සිට නොවැම්බර් මස මැද භාගය දක්වා දිව යන කාලයට සමාන්තරවයි. ඒ අනුව දළ වශයෙන් බැලූ විට එම මාසයේ 17වනදා වැටුණේ නොවැම්බර් පළමුවෙනිදාටයි. එහෙමනම්, ඒ කාලය තුළදී බොහෝ රටවල වසරක් වසරක් පාසා මළවුන් වෙනුවෙන් උත්සව සමරන්නේ අහම්බෙන් නොවිය යුතුයි.
මිනිසුන්ගේ පරම්පරාගත සම්ප්‍රදායන් තුළත් ජලගැල්ම පිළිබඳ සාක්ෂි සොයාගත හැකියි. සෑම ඉපැරණි ශිෂ්ටාචාරයකම වාගේ තම මුතුන්මිත්තන් සමස්ත ලෝක ජලගැල්මකින් බේරී ජීවත් වුණ බවට කියැවෙන පුරාවෘත්ති තිබෙනවා. අප්‍රිකාවේ පිග්මි ගෝත්‍රිකයන්, යුරෝපයේ කෙල්ට්වරුන්, දකුණු අමෙරිකාවේ ඉන්කාවරුන් මෙන්ම ඇලස්කාවේ, ඉන්දියාවේ, උතුරු අමෙරිකාවේ සමහර ප්‍රදේශවල, ඕස්ට්‍රේලියාවේ, චීනයේ, නවසීලන්තයේ, මයික්‍රොනීසියාවේ, මෙක්සිකෝවේ සහ ලිතුවේනියාවේ වෙසෙන ජනයා අතර මේ හා සමාන ඉපැරණි කතන්දර අසන්න ලැබෙයි. තවත් මෙහි සඳහන් නොවූ බොහෝ තැන්වලත් මේ පිළිබඳව අසන්න ලැබෙනවා.
කාලයාගේ ඇවෑමෙන් මෙම පුරාවෘත්තිවලට ලුණු ඇඹුල් එකතු වුණ බව පිළිගත යුතු වුවත් ඒ සියල්ලකම වාගේ එක හා සමාන තොරතුරු කිහිපයක් ඇතුළත් වී තිබීමෙන් ඇඟවෙන්නේ ඒවා එකම මූලාශ්‍රයකින් පැමිණි බවයි. දුෂ්ටකම හේතුවෙන් දෙවි කෝපයට පත් වෙනවා, ඔහු විශාල ජලගැල්මක් ඇති වෙන්න සලස්වනවා, මිනිස්වර්ගයා විනාශ වෙන නමුත් ධර්මිෂ්ඨ සුළු පිරිසක් ගැළවෙනවා. මිනිසාව හා සතුන්ව ගළවාගැනීමට මේ සුළු පිරිස යාත්‍රාවක් සාදනවා. ගං වතුර හිඳී ඇද්දැයි බැලීම සඳහා යාත්‍රාවේ සිටින පක්ෂීන්ව නිදහස් කරනවා. ගමන අවසානයේදී නැව කන්දක් මතුපිට නවතින අතර බේරුණු අය ඉන් පිටතට පැමිණි පසු පූජාවක් ඔප්පු කරනවා යනාදිය මෙම තොරතුරුවලට ඇතුළත් වෙනවා.
මෙයින් ඔප්පු වන්නේ කුමක්ද? මෙම පුරාවෘත්ති තුළ එක හා සමාන තොරතුරු තිබීම අහම්බෙන් සිදු වුණායයි කිව නොහැකියි. ඒ සියල්ලකම පාහේ තිබෙන තොරතුරු එකට ගත් කල, සෑම මනුෂ්‍යයෙකුම පැවත එන්නේ සමස්ත ලෝක විනාශයකට මඟ පෑදූ ජලගැල්මකින් බේරී ජීවත් වූවන්ගෙන් කියා පැවසෙන ඉපැරණි බයිබල් වාර්තාව සැබෑ බව ඉන් ඔප්පු වෙනවා. ඒ නිසා ඇත්තෙන්ම සිදු වුණේ කුමක්ද කියා දැනගැනීම සඳහා අපට පුරාවෘත්ති හෝ මිථ්‍යා ප්‍රබන්ධ වෙත යන්න අවශ්‍ය නැහැ. බයිබලයේ හෙබ්‍රෙව් ලියවිලි තුළ අද දක්වාම සුරක්ෂිතව තබා ඇති එම වාර්තාව අපට කියවන්න පුළුවන්.—උත්පත්ති 6-8 පරිච්ඡේද.
ජීවයේ මූලාරම්භය දක්වා ආපස්සට දිව යන දේවානුභාවයෙන්
ලියූ ඉතිහාස වාර්තාවක් බයිබලය තුළ සොයාගත හැකියි. කොහොම වුණත්, මෙය නිකම්ම ඉතිහාස වාර්තාවක් නොවන බවට සාක්ෂි තිබෙනවා. එහි පළ කර තිබෙන නොවරදින අනාවැකි හා අසමසම ප්‍රඥාව මගින් පැහැදිලි වන්නේ එහි සඳහන් කර ඇති ලෙසම, මනුෂ්‍යවර්ගයා සමඟ දෙවි අදහස් හුවමාරු කරන මාර්ගය බයිබලය බවයි. මිථ්‍යා ප්‍රබන්ධවල මෙන් නොව, බයිබලයේ ඉතිහාස වාර්තාවල නම් ගම්, දිනයන්, පෙළපත් වාර්තා හා භූගෝලීය විස්තර පවා ඇතුළත් කර තිබෙනවා. ජලගැල්මට පෙර තිබූ ජීවන රටාව ගැන හොඳ විස්තරයක් සපයනවාට අමතරව එහි පැහැදිලි කර තිබෙනවා මුළු මහත් ලෝකයක්ම එක විගසම නැති වී ගියේ මන්ද කියා.ජලගැල්මට පෙර විසූ සමාජයට වැරදුණේ කොතැනද? ඊළඟ ලිපිය තුළ එම ප්‍රශ්නයට පිළිතුරක් සැපයීමට බලාපොරොත්තු වෙනවා. අද පවතින ශිෂ්ටාචාරයේ අනාගතය කොයිතරම් ස්ථිර එකක්ද කියා කල්පනා කරන අයට මෙම ප්රශ්නය සලකා බැලීමේ වැදගත්කම ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.
[පාදසටහන]
[4වන පිටුවේ වගුව]
(මුද්‍රිත පිටපත බලන්න)
ජලගැල්ම පිළිබඳ ලෝ වටා ඇති පුරාවෘත්ති
රට සමානතා 1 2 3 4 5 6 7 8 9 10
ග්‍රීසිය 7 ◆ ◆ ◆ ◆ ◆ ◆ ◆
රෝමය 6 ◆ ◆ ◆ ◆ ◆ ◆
ලිතුවේනියාව 6 ◆ ◆ ◆ ◆ ◆ ◆
අෂූරිය 9 ◆ ◆ ◆ ◆ ◆ ◆ ◆ ◆ ◆
ටැන්සානියාව 7 ◆ ◆ ◆ ◆ ◆ ◆ ◆
ඉන්දියාව - හින්දු 6 ◆ ◆ ◆ ◆ ◆ ◆
නවසීලන්තය - මවුරි 5 ◆ ◆ ◆ ◆ ◆
මයික්‍රොනීසියාව 7 ◆ ◆ ◆ ◆ ◆ ◆ ◆
අ.එ.ජ. වොෂිංටන් - යකීමා 7 ◆ ◆ ◆ ◆ ◆ ◆ ◆
අ.එ.ජ. මිසිසිපි - චොක්ටෝ 7 ◆ ◆ ◆ ◆ ◆ ◆ ◆
මෙක්සිකෝව - මිචෝකාන් 5 ◆ ◆ ◆ ◆ ◆
දකුණු අමෙරිකාව - කෙච්වා 4 ◆ ◆ ◆ ◆
බොලිවියාව - චිරිගුවානෝ 5 ◆ ◆ ◆ ◆ ◆
ගයනාව - අරවක් 6 ◆ ◆ ◆ ◆ ◆ ◆
1: දුෂ්ටකම හේතුවෙන් දෙවි කෝපයට පත්වීම
2: ජලගැල්ම මගින් විනාශයක් පැමිණවීම
3: දෙවිගෙන් ආඥාවක් ලැබීම
4: දිව්‍ය අනතුරු ඇඟවීමක් ලැබීම
5: මිනිසාගෙන් සුළු පිරිසක් ගැළවීම
6: යාත්‍රාවක් තුළ බේරී ජීවත් වීම
7: සතුන් බේරීම
8: පක්ෂීන් හෝ වෙනත් සතුන්ව පිටතට යැවීම
9: කන්දක් මතුපිට ගමන අවසන් වීම
10: පූජාවක් ඔප්පු කිරීම