මරණය පිළිබඳ ඔබේ දෘෂ්ටිය කුමක්ද?
මරණය පිළිබ ඔබේ දෘෂ්ටිය කුමක්ද?
අපිට මොනතරම් හොඳ ශරීර සුවයක් තිබුණත්, කෙතරම් ධනසම්පත් තිබුණත් අපේ දෛනික දිවියේ යම් දිනක මරණය නමැති රුදුරු රකුසා අපව බිලිගනියි. පාර පනින ඊළඟ මොහොතේදී හෝ යහනේ වැතිරෙන ඊළඟ තත්පරයේදී අප ඉන් පහර ලැබිය හැකියි. වර්ෂ 2001 සැප්තැම්බර් 11වනදා නිව් යෝක් නගරයේ හා වොෂිංටන් ඩී. සී.හි සිදු කළ ත්‍රස්තවාදී ප්‍රහාරවලින් හටගත් ව්‍යසනවලින් යම් සත්‍යයක් පැහැදිලි වේ. එය, මොන ජාතියට, වර්ගයට, පාටට අයිති වුණත් බාල මහලු සැවොම “අන්තිම සතුරා” වන මරණයට ගොදුරු වන බවට වූ සත්‍යයයි. සමහරවිට දහස් ගණනක් එයට ගොදුරු වීමට ගත වන්නේ විනාඩි කීපයක් පමණි.—1 කොරින්ති 15:26.
එසේ වුවත් මරණය මිනිසුන්ව ආකර්ෂණය කරගන්නා බවද පෙනෙන්න තිබෙනවා. විශේෂයෙන්ම අතිමහත් ජනකායක් බිහිසුණු තත්වයන්වලදී මියයෑම ඇතුළු මරණය පිළිබඳ වාර්තා මෙන් වෙන කිසි වාර්තාවක් වැඩිපුර පුවත්පත් අලෙවියට හෝ රූපවාහිනි තිරය වෙතට මිනිසුන්ව ඇදගැනීමට සමත් වී නැති බව කිව හැකියි. යුද්ධ, ස්වාභාවික විපත්, අපරාධ හෝ ලෙඩ රෝග නිසා මියයනවා වුවත් එම වාර්තා ඇසීම ජනයාට එපා වෙන පාටක් නම් පේන්න නැහැ. උසස් මෙන්ම කීර්තියක් උසුලන පුද්ගලයන් මියගිය විට ජනයා හඬා වැලපෙමින් පුදුමසහගත ලෙස තම හැඟීම් ප්‍රකාශ කරන ආකාරයෙන් මරණය ගැන ඔවුන් කොතරම් සැලකිලිමත් වෙනවාද කියා මනාව පැහැදිලි වේ.
මේ හැම සත්‍යයයි. ජනයා අන්‍යයන්ගේ මරණ ගැන කුතුහලයෙන් සිටිනවා පමණක් නොව ඒ ගැන අමුතුම උනන්දුවකුත් දක්වනවා. එහෙත් තමන්ගේම මරණයට මුහුණ දෙන්න සිදු වූ විට, ඒ ගැන සිතීමට පවා ඔවුන් බිය වෙනවා. අපි හැමෝම පාහේ කතා කරන්න අකමැති විෂයක් තමයි අපේම මරණය.
මරණය නිසා ව්‍යාකූල වී ඇද්ද?
අපේම මරණය ගැන සිතීම අමිහිරි දෙයක් වන අතර එම සිතුවිල්ල සැමදා එලෙසම පවතීවි. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ දෙවි අප තුළ සදහටම ජීවත් වීමේ ආශාව තබා තිබෙන නිසයි. පරණ සිංහල බයිබලයේ දේශනාකාරයා 3:11 පවසන්නේ ‘ඔහු ලෝකයද [නොහොත්, සදාකාලයද, පාද සටහන] ඔවුන්ගේ සිත්වල තබා තිබේ’ කියායි. මේ නිසා මරණයේ නිත්‍යභාවය සමඟ එකඟ විය නොහැකි වීමේ අභ්‍යන්තර ගැටුමක් හා ඒ පිළිබඳ ව්‍යාකූලබවක් මිනිසා තුළ තිබේ. මෙම අභ්‍යන්තර ගැටුමට සාර්ථකව මුහුණ දීමට හා නොමැරී ජීවත් වීමේ ස්වාභාවික ආශාව සන්සිඳුවාගැනීමට මිනිසුන් විවිධ විශ්වාසයන් ඇති කරගෙන සිටී. ආත්මයේ අමරණීයභාවයේ සිට නැවත ඉපදීම දක්වා වූ ධර්මයන් රැසක් ඊට ඇතුළත් වේ.
කොහොමවුණත්, මරණය සිත්වේදනාව හා තැතිගැන්ම ඇති කරවන්නක් වන අතර මරණ බිය කා තුළත් තියෙන දෙයක්. එමනිසා පොදුවේ මිනිස් සමාජය තුළ මරණයට මුහුණ දීම දුෂ්කර දෙයක් වීම පුදුමයට කාරණයක් නොවෙයි. ධනය හා බලය පසුපස හඹා යෑමට කැප කළ ජීවිතයක ඇති නිෂ්ඵලත්වය මරණය මගින් පැහැදිලිවම හෙළි වෙයි.
මරණය සිදු වන්නේ හුදකලාවේද?
අතීතයේදී, නිදන්ගත රෝගයකින් පෙළුණු හෝ මාරාන්තික ලෙස තුවාල ලැබූ පුද්ගලයෙකුව සාමාන්‍යයෙන් මියයෑමට ඉඩහරිනු ලැබුවේ තමන්ගේම උත්පත්ති 49:1, 2, 33) එවැනි අවස්ථාවලදී පවුලේ අය එකට රැස් වන අතර දරුවන්වද සංවාදයට හවුල් කරවාගනියි. මෙය සෑම පවුල් සාමාජිකයෙකු තුළම තමන් තනි වී නැතැයි යන හැඟීම ඇති කරයි. එමෙන්ම සියලුදෙනාම වගකීමේ හැඟීමකින් යුතුව ක්‍රියා කිරීමෙන් හා එක්ව දුක්වීමෙන් සහනයක්ද ලැබෙයි.
නිවසේ හුරු පුරුදු අය හා ප්‍රේමනීයයන් අතරේ සිටියදීයි. බයිබල් කාලවලදී බොහෝවිට සිදු වූ එම දේ අදත් ඇතැම් සංස්කෘතීන්වල දක්නට ලැබෙයි. (ඇතැම් සමාජවල සිදු වන්නේ ඊට සම්පූර්ණයෙන්ම පටහැනි දෙයක්. ඒවා තුළ මරණය ගැන කතා කිරීම තහනම්. එය දුක්මුසු හැඟීම් ඇති කරවන්නක් හැටියටයි සලකන්නේ. ළමයින්ව පවා ඈත් කරන්නේ එය ඔවුන්ට “දරන්න බැරි දෙයක්” වේවි යන අදහසිනුයි. අදදින මැරෙනවා කියන එක අතීතයට වඩා හුඟක් ආකාරවලින් වෙනස් දෙයක්. එමෙන්ම බොහෝවිට මරණය සිදු වන්නේ හුදකලාවෙයි. කරදරයක් නැතුව, තම පවුලේ සාමාජිකයන්ගේ ප්‍රේමනීය සැලකිල්ල ඇතුව නිවසේදීම මියයන්න හුඟදෙනෙක් කැමති වුණත් ඔවුන්ට නපුරු යථාර්ථයකට මුහුණ දෙන්න සිදු වෙයි. බලන්න භය හිතෙන ආකාරයකට නවීන වෛද්‍ය උපකරණ හැම පැත්තෙන්ම සවි කර සිටින රෝගියා රෝහලක මියයන්නේ සාමාන්‍යයෙන් හුදකලාවේ වේදනා විඳිමිනුයි. අනිත් අතට, වාර්ගික ශෝධනය, සාගතය, ඒඩ්ස් රෝගය, සිවිල් යුද්ධය හෝ අධිදරිද්‍රතාව වැනි දෑට ගොදුරු වී දසදහස් ගණන් දෙනා මියයන්නේ කාටත් නොදැනිමයි.
සිත යොමු කළ යුතු විෂයක්
මරණය ගැන සිතා බැලීම වැරදියි කියලා බයිබලයේ කියන්නේ නැහැ. ඇත්තෙන්ම දේශනාකාරයා 7:2 අපට පවසන්නේ “මංගල්‍ය ගෙදරට යෑමට වඩා වැලපීමේ ගෙදරට යෑම හොඳය. මක්නිසාද එය සියලු මනුෂ්‍යයන්ගේ අන්තිමය වේ. ජීවත්ව සිටින්නා ඒක සිතට ගන්නවා ඇත” කියායි. අපේ හිතවතෙක් මියගිය විට අපි දෛනික කටයුතුවලින් ඈත් වෙලා ජීවිතය මොනතරම් කෙටිද කියා කල්පනා කිරීමට පෙලඹිය හැකියි. එසේ කිරීම අපට ඔහේ නිරර්ථක ජීවිතයක් ගත නොකර වඩාත් අර්ථවත් ජීවිතයක් ගත කිරීමට උපකාරවත් විය හැකියි.
මරණය පිළිබඳ ඔබේ දෘෂ්ටිය කුමක්ද? ඔබේ ජීවිතයේ කෙළවර සම්බන්ධයෙන් ඔබට ඇති වන හැඟීම්, ඔබ දරන විශ්වාසයන්, ඔබේ බලාපොරොත්තු හා ඇති වන බිය ගැන ඔබ සෝදිසි කර තිබෙනවාද?
ජීවිතයේ ස්වභාවය ගැන වගේම මරණයේ ස්වභාවය ගැනත් පැහැදිලි කිරීමට හා තේරුම්ගැනීමට මිනිසාට හැකියාවක් නැහැ. මේ සම්බන්ධයෙන් විශ්වාසදායක පැහැදිලි කිරීමක් කළ හැකි එකම තැනැත්තා අපේ මැවුම්කරුයි. ඔහු “ජීවනයේ උල්පත” වන අතර “මරණින් මිදෙන මාර්ග අයිති වන්නේ” ඔහුටයි. (ගීතාවලිය 36:9; 68:20) පුදුමයට කරුණක් මෙන් පෙනුණත්, දෙවිගේ වචනයේ උපකාරයෙන් මරණය ගැන ඇතැම් ජනප්‍රිය විශ්වාසයන් පිළිබඳව පිරික්සුමක් කිරීම සහනදායී මෙන්ම දිරිගන්වනසුලු එකක් වෙයි. මරණය සියල්ලේ නිමාව නොවන බව එමගින් හෙළි වේවි.
[4වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
මියයෑමට ඇති ඉඩ කඩ අපේ ජීවිත වඩාත් අර්ථවත් ලෙස ගත කිරීමට අපට රුකුලකි