පාඨකයන්ගෙන් ප්‍රශ්න
පාඨකයන්ගෙන් ප්‍රශ්න
ක්‍රිස්තියානි අවේක්ෂකයෙක් දිවි නසාගත් කෙනෙකුගේ අවමංගල්‍ය කතාවක් ඉදිරිපත් කිරීම සුදුසුද?
දිවි නසාගත් පුද්ගලයෙකුගේ අවමංගල්‍ය කතාව පිරිසිදු හෘදය සාක්ෂියක් ඇතුව තමාට ඉදිරිපත් කළ හැකිදැයි ක්‍රිස්තියානි අවේක්ෂකයෙක් පෞද්ගලිකව තීරණය කළ යුතුයි. ඔහු තීරණය ගැනීමේදී පහත සඳහන් ප්‍රශ්න ගැන සැලකිලිමත් විය යුතුයි. යෙහෝවා දෙවි දිවි නසාගැනීම සලකන්නේ කෙසේද? එය ඇත්ත වශයෙන්ම සිය දිවි හානි කරගැනීමක්ද? සිය දිවි හානි කරගැනීමට මානසික හෝ චිත්තවේගීය තත්වයක් බලපෑවාද? ඔහු ජීවත් වන ප්‍රදේශයේ දිවි නසාගැනීම සලකන්නේ කෙසේද?
ක්‍රිස්තියානීන් වශයෙන් අප සැමෝම දිවි නසාගැනීම සම්බන්ධව යෙහෝවා දෙවි දරන ආකල්පය දැනගැනීමට කැමතියි. යෙහෝවා මිනිස් ජීවිත සලකන්නේ ඉතා වටිනා මෙන්ම පරිශුද්ධ දෙයක් හැටියටයි. (උත්පත්ති 9:5; ගීතාවලිය 36:9) කෙනෙක් හිතාමතා තම ජීවිතය නැති කරගැනීම මිනි මැරීමක් වන නිසා එය දෙවි ඉදිරියේ අප්‍රසන්න දෙයකි. (නික්මයාම 20:13; 1 යොහන් 3:15) මෙම කාරණය දිවි නසාගත් කෙනෙකුගේ අවමංගල්‍ය කතාව දීම නුසුදුසු බව අඟවයිද?
ඉශ්‍රායෙලයේ සාවුල් රජ ගැන සිතා බලන්න. පිලිස්තිවරුන් සමඟ කළ අවසාන සටනේදී තමාගේ ජීවිතය අහිමි වන බව දැනගත් සාවුල් ඔහුගේ සතුරන්ගේ අතින් අකාරුණික ලෙස මරුමුවට පත් වනවා වෙනුවට ඔහු “තමාගේ කඩුව රැගෙන එය පිට වැටුණේය.” පිලිස්තිවරුන්ට සාවුල්ගේ මිනිය සම්බ වුණු විට ඔවුහු එය බෙත්-ෂාන්හි පවුරට සවි කර එල්ලා තැබුවෝය. පිලිස්තිවරුන් සාවුල්ට කළ දේ ගැන යාබෙෂ්-ගිලියද් වැසියෝ දැනගත් කල පවුරෙන් මළකඳ රැගෙන දවා දැමූහ. ඔවුහු දැවුණු මළකඳෙන් ඇට රැගෙන වැළලූ අතර ඉශ්‍රායෙලයේ මළාවූ කෙනෙක් වෙනුවෙන් කරන සිරිතට අනුව ශෝකය ප්‍රකාශ කිරීම වස් දවස් සතක් නිරාහාරව සිටියෝය. (1 සාමුවෙල් 31:4, 8-13; උත්පත්ති 50:10) යාබෙෂ්-ගිලියද්හි වැසියන් සිදු කළ දේ දැනගත් විට යෙහෝවාගේ අභිෂේක ලත් තැනැත්තා වූ දාවිත් මෙසේ පැවසුවේය. “ඔබගේ ස්වාමියා වූ සාවුල්ට ඔබ මේ කරුණාව පෙන්වා ඔහු තැන්පත් කළ බැවින් යෙහෝවාගෙන් ඔබට ආශීර්වාද වේවා. දැන් යෙහෝවා ඔබට කරුණාවත් සැබෑකමත් පෙන්වන්නේය.” (2 සාමුවෙල් 2:5, 6) සාවුල් රජුගේ අවමංගල්‍ය චාරිත්‍ර කිරීම සම්බන්ධයෙන් යාබෙෂ්-ගිලියද්වරුන්ව ශුද්ධ ලියවිල්ලේ හෙළා දැක නැත. නමුත් වෙනත් අවස්ථාවකදී වැරදි ක්‍රියා කරන්නන් වෙනුවෙන් එවැනි අවමංගල්‍ය චාරිත්‍ර නොකිරීම පිළිබඳවද සලකා බලන්න. (යෙරෙමියා 25:32, 33) සාවුල් පිළිබඳ වාර්තාව කෙරෙහි අවධානය දෙමින් දිවි නසාගත් කෙනෙකුගේ අවමංගල්‍ය කතාව දීම සුදුසුද යන වග සලකා බැලීමට ක්‍රිස්තියානි අවේක්ෂකයෙකුට හැක.
අවමංගල්‍ය කතාවක් දීමේ පරමාර්ථය ගැනද අවේක්ෂකයෙකුට සිතා බැලිය හැක. අමරණීය ආත්මයක් විශ්වාස කරන අනෙකුත් ජනයා මෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් මිය ගිය තැනැත්තාව මරණින් පසු වෙනත් ස්ථානයකට යැවීමේ වැරදි අදහසින් අවමංගල්‍ය කටයුතු සිදු කරන්නේ නැත. මෙම අවමංගල්‍ය කතාව දෙන්නේ මිය ගිය තැනැත්තාගේ ප්‍රයෝජනයට නොව ඒ ගැන සොවින් තැවෙන ඔහුගේ නෑදෑ හිතවතුන්ට සැනසීමක් දීම සඳහාත්, එහි පැමිණ සිටින සියලුදෙනාට මළ අයගේ තත්වය සම්බන්ධව සාක්ෂියක් දීම සඳහාත්ය. (දේශනාකාරයා 9:5, 10; 2 කොරින්ති 1:3-5) අවමංගල්‍ය කතාවක් ඉදිරිපත් කිරීමට හේතු වන තවත් සාධකයක් නම් ජීවිතයේ අස්ථිරභාවය ගැන සියලුදෙනාටම මතක් කර දීමයි. (දේශනාකාරයා 7:2) දිවි නසාගත් කෙනෙකුගේ අවමංගල්‍ය කටයුතු සිදු කරන විට කතාවක් දීමෙන් මෙම පරමාර්ථයන් ඉෂ්ට කරගත හැකි වෙයිද?
ඔහු දැන දැනත් යෙහෝවාගේ කැමැත්තට එරෙහිව සිය දිවි හානි කරගත් කෙනෙක්ය කියා සමහරුන් සිතිය හැක. සෑම අවස්ථාවකදීම මෙසේ සිතීමට ප්‍රමාණවත් සාක්ෂි තිබේද? එය ක්ෂණිකව ඇති වූ හැඟීමක් නිසා සිදු වූ දෙයක් නොවිය හැකිද? තවත් සමහර අය දිවි නසාගැනීමට තැත් කර පසුව එම අදහස සිතින් අයින් කරගත හැක. එහෙත් කෙනෙක් මියැදුණාට පසු ඔහු කළ දේවල් සම්බන්ධව ඔහුට පසුතැවිලි වීමට අවස්ථාවක් නැත.
බොහෝ දිවි නසාගැනීම්වලට හේතු වී තිබෙන්නේ මානසික හා චිත්තවේගීය ආබාධයි කියා මතක තබාගැනීම වැදගත් කාරණයකි. ඔවුන් ඇත්තටම දිවි නසාගැනීම්වලට ලක්වූවන් ලෙස හැඳින්විය හැක. සමහර සංඛ්‍යා ලේඛනවලට අනුව දිවි නසාගැනීම්වලින් සියයට 90ක්ම සිදු වන්නේ මානසික,
චිත්තවේගීය හෝ යම් දෙයකට ඇබ්බැහි වීම වැනි හේතූන් නිසයි. එවැනි මානසිකත්වයක් නිසා සිය දිවි හානි කරගන්නා අයට යෙහෝවා දෙවි සමාව දෙයිද? යෙහෝවාගේ ඇස් ඉදිරියේ දිවි නසාගත් පුද්ගලයා කර ඇත්තේ සමාව ලැබිය නොහැකි වරදක්දැයි අපට විනිශ්චය කළ නොහැක. එමනිසා දිවි නසාගැනීමට හේතු වූ වාතාවරණය හා වෛද්‍ය පසුබිම සැලකිල්ලට ගෙන එම තැනැත්තා වෙනුවෙන් අවමංගල්‍ය කතාවක් ඉදිරිපත් කරනවාද නැද්ද යන වග ක්‍රිස්තියානි අවේක්ෂකයෙකුට තීරණය කළ හැකියි.තවත් සලකා බැලිය යුතු කරුණක් තිබේ. තමා ජීවත් වන ප්‍රදේශයේ දිවි නසාගැනීම සලකන්නේ කෙසේද හා එම තැනැත්තාගේ මරණය සම්බන්ධයෙන් අන් අයගේ ආකල්පය කෙබඳු එකක්ද? තම ප්‍රදේශයේ පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවේ හොඳ නාමය ගැන අවධානයෙන් සිටින වැඩිමහල්ලෝ මෙම කාරණය ගැන වඩාත් විමසිලිමත් වෙති. එම ප්‍රදේශයේ දිවි නසාගැනීම් සම්බන්ධව තිබෙන පොදු ආකල්පය හා විශේෂයෙන්ම එම පුද්ගලයාගේ දිවි නසාගැනීම ගැන ජනයා දරන ආකල්පය සලකා බැලීමෙන් පසු සමහරවිට ප්‍රසිද්ධියේ හෝ රාජ්‍ය ශාලාවේ එම අවමංගල්‍ය කතාව නොපැවැත්වීමට වැඩිමහල්ලන් තීරණය කළ හැක.
කෙසේ නමුත් ක්‍රිස්තියානි අවේක්ෂකයෙකුට අවමංගල්‍ය කටයුතුවල මූලිකත්වය ගෙන කටයුතු කිරීමට ආරාධනාවක් ලැබුණොත් පෞද්ගලික දැන හැඳුනුම්කම් මත ඔහුට එසේ කළ හැකියි. ඔහු එසේ කිරීමට එකඟ වූවොත් නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන නිශ්චිතව සඳහන් නොකිරීමට අධිෂ්ඨාන කරගත යුතුයි. මිය ගිය තැනැත්තා නැවත නැඟිටීද නැද්ද යන වග කිව හැක්කේ යෙහෝවා දෙවිට පමණයි. මිය ගිය තැනැත්තාගේ අනාගත බලාපොරොත්තුව රැඳී තිබෙන්නේ යෙහෝවාගේ හස්තයේය. කෙසේවෙතත් මළවුන්ගේ තත්වය සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් සත්‍යයන් ගැන පැවසීමටත් පවුලේ අයට සහනයක් ලබා දීමටත් අවේක්ෂකයෙකුට හැකියි.