Skip to content

පටුනට යන්න

‘දෙවිගේ වචනය බලවත්ය’

‘දෙවිගේ වචනය බලවත්ය’

රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව

‘දෙවිගේ වචනය බලවත්ය’

හිරු කිරණෙන් නැහැවුණු ජැමෙයිකාව කැරිබියන් දූපතකි. එහි වැඩිදෙනෙකු අතර බයිබලය ප්‍රචලිතය. ඇත්තෙන්ම, සෑම නිවසකම පාහේ කිං ජේම්ස් වර්ෂන් බයිබලය සොයාගත හැකි අතර සමහරෙකු ‘දෙවිගේ වචනය ජීවමාන හා බලවත්’ බව අද්දැක තිබේ. (හෙබ්‍රෙව් 4:12) ජීවිත වෙනස් කිරීමට මෙම බලයට හැකි බව මතු දැක්වෙන අද්දැකීමෙන් පෙන්වයි.

ක්ලීව්ලන්ඩ් නමැත්තා සේවය නිම කර නිවසට පැමිණි අවස්ථාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් ඔහුගේ නිවසට පැමිණියේය. ශුද්ධ ලියවිලිවලින් කාරණා කීපයක් සාකච්ඡා කළ පසු සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති බයිබල් ආධාරකය ඔහුට දී සාක්ෂිකරුවා පිටව ගියේය. දෙවිගේ වචනයට තම ජීවිතය තුළ මෙතරම් බලපෑමක් ඇති කරන්න බලයක් තිබෙන බව ඒ වන විට ක්ලීව්ලන්ඩ් දැන සිටියේ නැත.

දිනකට තුන් වතාවක් යාච්ඤා කිරීමට පුරුදු වී සිටි ක්ලීව්ලන්ඩ් නිවැරදි ලෙස දෙවිට නමස්කාර කරන මාර්ගය සොයාගන්න උපකාර කරන්නැයි දෙවිගෙන් ඉල්ලා සිටියේය. තම දෙමාපියන් නමස්කාර කළ ආකාරය නිවැරදි නොවන බව ඒත්තුගත් ක්ලීව්ලන්ඩ් වෙනත් ආගම් ගැනද සෝදිසි කර බැලූ නමුත් ඉන් අධෛර්යයට පත් විය. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන අසා තිබුණත් ඔවුන් ළඟත් සත්‍යය තිබේදැයි යන සැකය ඔහු තුළ පහළ වුණි. පසුබෑමකට ලක්ව සිටියත් තම නිවසට පැමිණි සාක්ෂිකරුවා සමඟ බයිබලය පාඩම් කිරීමට ක්ලීව්ලන්ඩ් එකඟ විය. මන්ද? ඇත්තෙන්ම, ඔහුට වුවමනා වූයේ සාක්ෂිකරුවන් වැරදි බව ඔප්පු කිරීමටයි!

ස්ත්‍රීන් දෙදෙනෙකු සමඟ තමන් ඇති කරගෙන තිබූ දුරාචාර සබඳතා දෙවිට අප්‍රසන්න බව නොබෝ කලකින් ක්ලීව්ලන්ඩ් ඉගෙනගත්තේය. (1 කොරින්ති 6:9, 10) දෙවන පාඩම අවසන් කළ පසු, එම ස්ත්‍රීන් සමඟ ඇති කරගෙන තිබූ සබඳතා නැවැත්විය යුතුයි යන අධිෂ්ඨානය ගැනීමට ඔහු චිත්ත ධෛර්යය වඩවාගත්තේය. එමෙන්ම ඔහු රාජ්‍ය ශාලාවේ පැවැත්වෙන ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑමද ඇරඹීය. එහෙත් එය තවත් පරීක්ෂණයකට මඟ පෑදීය.

ක්ලීව්ලන්ඩ්, ඔහුගේ ගමේ පාපන්දු කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු වූ නිසා නිතරම තරඟවලට සහභාගි වීමට සිදු වූ හෙයින්, රැස්වීම්වලට යෑමට එය බාධාවක් විය. ඔහු කුමක්ද කළේ? තම කණ්ඩායමේ සෙස්සන්ගෙන්, පුහුණුකරුගෙන් හා මිතුරන්ගෙන් දැඩි පීඩනයක් එල්ල වුවත් පාපන්දු කණ්ඩායමෙන් ඉවත් වීමට ක්ලීව්ලන්ඩ් තීරණයක් ගත්තේය. ඔව්, ඔහුගේ යහපතටම හේතු වෙමින් ඔහු තුළ දේවවචනයේ බලය ක්‍රියාත්මක වීමට පටන්ගතී!

ක්ලීව්ලන්ඩ් තම බයිබල් දැනුම අන්‍යයන්ට දීමට පටන්ගත් අවස්ථාවේ යළිත් දෙවිගේ වචනයේ බලය විද්‍යමාන විය. (ක්‍රියා 1:8) එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔහු කලින් සිටි ක්‍රීඩා කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට සහභාගි වීමට පටන්ගත්හ. ක්ලීව්ලන්ඩ් ශුභාරංචියේ ප්‍රචාරකයෙකු වීමට සුදුසුකම් ලැබූ පසු අන්‍යයන්ට උපකාර කිරීමට දේවවචනය යොදාගැනීමෙන් දේවසේවයේදී මහත් ප්‍රීතියක් ලැබුවේය.

දෙවිගේ වචනයේ බලයෙන් දිගටම ජ්වලිතවත් වූ ක්ලීව්ලන්ඩ් අවසානයේදී වතුර බව්තීස්මයෙන් යෙහෝවාට තම කැපවීම සංකේතවත් කළ අතර, සභාවේ පූර්ණ-කාලීන දේවසේවකයෙකු හා සභා සේවකයෙකු ලෙස සේවය කිරීමේ වරප්‍රසාදයද ලැබීය.

ජැමෙයිකාවේ මෙන්ම ලොව පුරා වෙසෙන දසදහස් ගණනක් දෙවිගේ වචනය ඇත්තෙන්ම ‘ජීවමාන මෙන්ම බලවත්’ බව අද්දැක තිබේ.

[8වන පිටුවේ සිතියම⁄පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

ජැමෙයිකාව

[හිමිකම් විස්තර]

සිතියම හා ලෝක ගෝලය: Mountain High Maps® Copyright © 1997 Digital Wisdom, Inc.