යෝග නිකම්ම ව්‍යායාම් පමණක්ද නැතහොත්. . .?
යෝග නිකම්ම ව්‍යායාම් පමණක්ද නැතහොත් . . .?
සිහින් නිරෝගී සිරුරක්! මෙය අද කාගෙත් සිහිනයකි. මේ හේතුව නිසා බොහෝදෙනෙක් ශාරීරික අභ්‍යාස පුහුණු මධ්‍යස්ථාන කරා රොක් වෙති. එපමණක්ද නොව බටහිර ලෝකයේ දහස් ගණනක් නැඟෙනහිර යෝග කලාවට යොමුවීමටද මෙය හේතුවක් වී ඇත.
මානසික පීඩනය, අවපීඩනය සහ අපේක්ෂාභංගත්වය වැනි දේ නිසාවෙන් පීඩා විඳින මිනිස්සු යෝග ව්‍යායාම්වලින් සහනයක් සහ විසඳුමක් පතති. විශේෂයෙන්ම 1960 දශකයේ හිපිවරුන් සහ නිදහස් සරල ගති පැවතුම් ප්‍රිය කළ අය සංඛ්‍යාවෙන් වැඩි වූ විට, පෙරදිග ආගම් සහ ඔවුන්ගේ ගුප්ත වත්පිළිවෙත් බටහිර රටවල් පුරා පැතිර ගියේය. යෝග ව්‍යායාම්වලට කිට්ටු නෑකමක් කියන ලෝකෝත්තර භාවනාව චිත්‍රපට නළු නිළියන් සහ රොක් සංගීතකරුවන් අතරද ප්‍රචලිත වී තිබේ. යෝග කලාව දිනෙන් දින ජනප්‍රියත්වයට පාත්‍ර වෙන නිසා මෙයින් ඇති වන යහපත සහ අයහපත පිළිබඳව අප තුළ ප්‍රශ්න මතු වෙයි. එනම් ‘එය සිහින් නිරෝගී සිරුරක් සහ මානසික සුවයක් ලබා දෙන හුදෙක් ව්‍යායාම් පමණක්ද? ආගමික දේවලට සම්බන්ධ නොවී එය කළ හැකිද? ක්‍රිස්තියානීන්ට එය සුදුසුද?’ යන්නයි.
යෝග කලාවේ පසුබිම
“යෝග” යන වචනයේ, එක්සත්කම හෝ සබඳතාව නැතහොත් එකම බන්ධනයක් යටතට ගෙන ඒම, එකට සම්බන්ධ කිරීම හෝ හික්මවීම යන අරුත් ගැබ් වී තිබේ. හින්දු භක්තිකයෙකුට නම් යෝග යනු පරමාත්මය සමඟ බැඳීමට මහෝපකාරි වෙන ශිල්පයක් හෝ ක්‍රියාකාරකම් පාලනය කිරීමේ ක්‍රමවේදයක් වේ. එය “ශරීරයේ, මනසේ සහ ආත්මයේ සියලුම බලයන් දෙවියන් හා බන්ධනය කිරීම” ලෙසද විග්‍රහ කර තිබේ.
යෝග ඉතිහාසය දිග හැරෙන්නේ ඉන්දු නිම්නයෙනි. වර්තමානයේදී එම කලාපය හඳුන්වන්නේ පකිස්ථානය ලෙසයි. විවිධ යෝග ආසන අනුව වාඩි වී සිටින මිනිස් රූප අඹා තිබෙන ගල් එහි සම්බ වී තිබේ. පුරාවිද්‍යාඥයන් කියා සිටින්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ආරම්භය ක්‍රි.පූ. තුන්වන සහ දෙවන සහස්‍රය අතර මැද එනම් මෙසපොතේනියානු සංස්කෘතික කාල වකවානුවට වැටෙන බවයි. මෙම ස්ථාන දෙකින්ම සොයාගත් පුරා වස්තුවල දෙවි කෙනෙකුව නියෝජනය කරන සත්ව අං පැළඳ සතුන් පිරිවරා ගෙන සිටින මිනිසෙකුගේ රූප සම්බ වී ඇත. ඉන් නිරූපණය කෙරෙන්නේ “බලවත් උත්පත්ති 10:8, 9) නමුත් යෝගි ක්‍රමයට අනුව වාඩි වී සිටින රූප, යෝග කලාවේ සහ සතුන්ගේ දෙවි වන ශිව දෙවියන්ගේ රූපය බව හින්දුවරුන්ගේ මතයයි. මෙම දෙවියන්ට නමස්කාර කිරීමේදී බොහෝවිට ලිංග රූපයක් භාවිත කෙරේ. එක් ග්‍රන්ථයක (Hindu World) යෝග පිළිබඳව අර්ථකථනය කළේ මෙසේයි. “එය තපස් රැකීමේ ක්‍රම පිළිවෙතකි. එය ආර්ය යුගයටත් පෙර සිට තිබූ පෞරාණික සංකල්ප හා වත්පිළිවෙත්වල අවශේෂයකි.”
දඩයක්කාරයෙක්” වූ නිම්රොද් විය හැක. (යෝග ක්‍රම මුලින්ම පරම්පරාවෙන් පරම්පරාවට ගෙන ගියේ වාචිකවය. ඉන්පසු ඉන්දියානු යෝගිවරයෙක් වන පතාංජලී එම ක්‍රම සවිස්තරාත්මකව යෝග සූත්‍ර ලෙස ලේඛනගත කළේය. මූලික යෝග උපදෙස් අඩංගු ග්‍රන්ථය ලෙස තවමත් පිළිගනු ලබන්නේ එයයි. පතාංජලී පවසන පරිදි යෝග යනු “කායික සහ චෛතසික ස්වභාවය වැනි මිනිස් ස්වභාවයේ විවිධ පැති පාලනය කිරීම තුළින් පරිපූර්ණත්වය කරා එළඹීමට කරන විධිමත් ව්‍යායාමයකි.” යෝග කලාවේ ආරම්භයේ සිට වර්තමානය දක්වා නැඟෙනහිර රටවල්වල තිබෙන ආගම් තුළ යෝගවලට විශේෂිත ස්ථානයක් හිමිව ඇත. මෑත යුගයේ විශේෂයෙන් හින්දු ධර්මය, ජෛන ධර්මය සහ බෞද්ධ ධර්මය තුළ එය දක්නට ලැබේ. යෝග ව්‍යායාම්වල නිරත වෙන සමහරෙකුගේ විශ්වාසය වී තිබෙන්නේ මෙහි නිරත වීමෙන් ඔවුන්ට මෝක්ෂයට නැතහොත් සංසාරයෙන් මිදී පරමාත්මය හා එක් වී විමුක්තිය ලබාගැනීමට හැකි වෙන බවයි.
නැවතත් අප අසන ප්‍රශ්නය මෙයයි. ‘යෝග ව්‍යායාම්, කිසිම ආගමකට සම්බන්ධ නොවී නිරෝගී ශරීරයක් සහ සාමකාමි මනසක් ලබා දීමට ඉවහල් වෙන ව්‍යායාම් පමණක් ලෙස ව්‍යවහාර කළ හැකිද යන්නයි.’ එහි ඉතිහාසය දෙස බැලූ විට නම් පිළිතුර නැත විය යුතුය.
යෝග ව්‍යායාම් ඔබව රැගෙන යන්නේ කොයිබටද?
යෝග ව්‍යායාම්වල අරමුණ පුද්ගලයෙකුව අධි මානුෂික ආත්මයක් සමඟ “බන්ධනය” කිරීම තුළින් ඔහුට අධ්‍යාත්මික අද්දැකීමක් ලබා දීමයි. මෙහිදී ඉස්මතු වෙන ගැටලුව නම්, එය සම්බන්ධකම් පවත්වන්නේ මොන ආත්මය සමඟද යන්නයි.
එක්තරා ග්‍රන්ථයක (Hindu World) කතුවරයා වන බෙන්ජමින් වෝකර් යෝග ව්‍යායාම පිළිබඳව අදහස් දක්වන්නේ මෙසේයි. “එය සමහරවිට ආදි කාලයේ ඉන්ද්‍රජාලමය පූජා ක්‍රමයක් විය හැකියි. ඒ වගේම තවමත් එහි ගුප්තවාදය සහ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වල ආභාසය ගැබ් වී තිබේ.” නමුත් හින්දු දර්ශනවාදීන්ගේ විශ්වාසය වන්නේ යෝග ව්‍යායාම් මගින් අද්භූත බලයක් ලැබෙන බවයි. එසේ වුවත් යෝග ව්‍යායාම් කිරීමෙහි පරම ඉලක්කය එයද නොවෙයි කියා ඔවුහු කියා සිටිති. හිටපු ඉන්දීය ජනාධිපතිවරයෙකු වූ ආචාර්ය එස්. රාධාක්‍රිෂ්ණන් ඉන්දියානු දර්ශනය (Indian Philosophy) නමැති ග්‍රන්ථයේ මෙසේ ප්‍රකාශ කර ඇත. “ඉරියව් මගින් ශරීරය දමනය කිරීම හේතුවෙන් කෙනෙක් අධික ශීත හා උණුසුම නොදැනෙන තත්වයට පත් වේ. . . . යෝගිවරයෙකුට දුර ඈත දැකීමටත් ඇසීමටත් හැකියි. . . . සාමාන්‍ය සන්නිවේදන ක්‍රම යොදා නොගෙන කෙනෙකුට තවත් කෙනෙකු සමඟ අදහස් හුවමාරු කරගැනීමටද පුළුවන. . . . ඒ වගේම ඔහුට තම ශරීරය අදෘශ්‍යමාන කරගත හැකියි.”
යෝගිවරයෙක් ඇන උඩුකුරු අතට හොබවා ඇති ඇඳක නිදා සිටින හෝ ගිනි අඟුරු උඩ ඇවිදින ආකාරය දකින කෙනෙකුට එය රැවටීමක් ලෙස පෙනීමට පුළුවන් වගේම වෙනත් කෙනෙකු එය විහිළුවක් ලෙසටත් දැකිය හැකියි. නමුත් පැය ගණන් තනි කකුලෙන් සිටගෙන ඉර දිහා එක එල්ලේ බලා සිටීම මෙන්ම හුස්ම පාලනය කිරීම තුළින් වැලි යට පැය ගණන් සිටීම වැනි දේවල් ඉන්දියාවේ සාමාන්‍ය දසුන් වේ. අවසිහියෙන් සිටි අවුරුදු තුනහාමාරක කුඩා දැරියක් කිලෝග්‍රෑම් 750ක් බර වාහනයක් තම උදරය උඩින් යෑමට සැලැස්වූ බව වර්ෂ 1995 ජූනි මස ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා නමැති පුවත්පත වාර්තා කළේය. ඇය කිසිම අනතුරක් නොමැතිව ප්‍රකෘති සිහියට පැමිණියේ සෙනඟව මවිතයට පත් කරවමිනුයි. “එය තමයි නියම යෝගි බලය” කියා වාර්තාව තවදුරටත් සඳහන් කළේය.
සාමාන්‍ය මනුෂ්‍යයෙකුට නම් මෙවන් දේ සිතාගැනීමටත් නොහැකියි. ඒ කෙසේවෙතත් මෙම කැපී පෙනෙන ක්‍රියාකාරකම් මගින් කියාපාන්නේ කුමක්ද කියා ක්‍රිස්තියානියෙකු සිතා බැලිය යුතුයි. මේ දේවල් “මුළු පොළොවට මහෝත්තමයාණන්” වන යෙහෝවා දෙවිගේ අනුමැතියෙන් සිදු වෙන දේවල්ද නැතිනම් වෙනයම් මාර්ගයකින් සිදු වෙන දේවල්ද? (ගීතාවලිය 83:17) මීට බයිබලයේ පැහැදිලි පිළිතුරක් ලබා දෙයි. ඉශ්‍රායෙල්වරුන් කානානිවරුන් පදිංචිව සිටි පොරොන්දු දේශයට ඇතුල් වීමට අත පොවන දුරින් සිටියදී යෙහෝවා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෝසෙස් මාර්ගයෙන් මෙසේ පැවසීය. “ඒ ජාතීන්ගේ පිළිකුල් ක්‍රියාවල හැටියට කරන්නට ඉගෙන නොගන්න.” කුමනාකාරයේ “පිළිකුල්” ක්‍රියාද? ‘පේන කීම, නිමිති බැලීම, ශාස්ත්‍ර කීම, මායාව’ වැනි දේවල් නොකිරීමට මෝසෙස් අවවාද කළේය. (ද්විතීය කථාව 18:9, 10) මෙවන් ක්‍රියා භූතමය හා පව්කාර මාංසයේ ක්‍රියා නිසා දෙවිට ඒවා පිළිකුල්ය.—ගලාති 5:19-21.
ක්‍රිස්තියානීන්ට සුදුසු නැත
ඉහත සඳහන් තොරතුරු සමඟ ශාරීරික අභ්‍යාස පුහුණුකරුවන් එකඟ නොවුණත් යෝග නිකම්ම නිකම් ශාරීරික ව්‍යායාම් පමණක්ම නොවෙයි. යෝගි ගුරු කෙනෙකු යටතේ යෝග ශිල්ප ක්‍රමය හදාරන නවක සිසුන් දෙදෙනෙකුගේ අද්දැකීම එක් ග්‍රන්ථයක (Hindu Manners, Customs and Ceremonies) සඳහන් වූයේ මෙසේයි. “මම පුදුම බලයක් යොදලා මගේ හුස්ම අල්ලගෙන හිටියා. කලන්තේ හැදෙන්න ඔන්න මෙන්න තියෙද්දී තමයි මම හුස්මගත්තේ. . . . හිරු පායා තිබූ එක දවසක මට දීප්තිමත් සඳක් පෙනුණා. ඒක පැත්තෙන් පැත්තට යනවා වගේයි පෙනුණේ. තවත් අවස්ථාවක දවල් වරුවේ ඝන අන්ධකාරය මාව වසාගත්තා වගේ මට දැනුණා. මේ සිහින ගැන මගේ ගුරාට . . . කිව්වාම ඔහු හුඟාක් සතුටු වුණා. . . . වැඩි දවසක් යන්න කලින් මීට වඩා පුදුම දනවන දේ අද්දකින්න පුළුවන් වේවි කියා ඔහු මට සහතික කළා” කියා එක් සිසුවෙක් සඳහන් කළේය. දෙවෙනි සිසුවා සඳහන් කළේ “හැමදාම ඇස් පිල්ලන් ගහන්නේ නැතුව හරි මම ඉන්න ස්ථානය මාරු කරන්නේ නැතුව හරි මට අහස දිහා බලාගෙන ඉන්න කියලා මගේ ගුරා මට කිව්වා. . . . සමහර වේලාවන්වල ගිනි පළිඟු අහසේ දිස් වෙනවා මම දැක්කා. තවත් අවස්ථාවක ගිනි බෝල සහ උල්කාපාත වැනි දේවල් දැක්කා. මගේ වෑයමේ ප්‍රතිඵල ගැන ගුරා ගොඩක් සතුටු වුණා.”
මෙම අසාමාන්‍ය සිදුවීම් තුළින් කියාපාන දේ ගැන යෝගි ගුරුවරුන්ගේ අදහස වන්නේ ඒවා අද්දකින කෙනෙකු යෝගි ව්‍යායාම්වල නියම අරමුණ කරා යන මාර්ගයට පිවිස ඇති බවයි. ඇත්තෙන්ම යෝග කලාවේ අවසන් ප්‍රතිඵලය මෝක්ෂය නැතහොත් යම් පරමාත්මයක් සමඟ බැඳීමයි. එය “මනසේ ඉබේටම සිදු වෙන ක්‍රියාවලිය සිතාමතාම නැවැත්වීම” ලෙසත් විස්තර කර තිබේ. ක්‍රිස්තියානියෙකුගේ ඉලක්කය වන මතු සඳහන් උපදෙසට එය පටහැනියි. එහි පවසන්නේ “නුඹලාගේ ශරීරයන් ජීවමාන වූ, ශුද්ධ වූ, දෙවි විසින් පිළිගත හැකි වූ යාගයක් කොට ඔප්පු [කරන්න]. . . . එය නුඹලාගේ ආත්මික සේවය වේ. නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවිගේ කැමැත්ත එනම් යහපත් වූ පිළිගත යුතු වූ සම්පූර්ණ වූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත් කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන” ලෙසයි.—රෝම 12:1, 2.
කුමනාකාරයේ ශාරීරික ව්‍යායාමයක්ද තෝරගන්නේ කියන එක පෞද්ගලික කාරණයකි. නමුත් ක්‍රිස්තියානීන් ශාරීරික ව්‍යායාමයක් වේවා, කෑම බීම වේවා, ඇඳුම් පැළඳුම්, විනෝදාංශ හෝ වෙනයම් දෙයක් වේවා එය දෙවිත් සමඟ තිබෙන සබඳතාව විනාශ කර දැමීමට හේතුවක් කරගන්නේ නැත. (1 කොරින්ති 10:31) නිරෝගී සෞඛ්‍යයක් සඳහා ශාරීරික ව්‍යායාම්වල නිරත වෙනවා නම් භූතවාදයට සහ ගුප්තවාදයට සම්බන්ධ නැති ව්‍යායාම් ඕනෑ තරමක් තෝරාගැනීමට තිබේ. බොරු ආගමට සම්බන්ධ ක්‍රියාකාරකම්වලින් ඈත්වීමෙන් අපට පරිපූර්ණ ශාරීරික සහ මානසික සෞඛ්‍යයක් ලබා දෙන දෙවිගේ ධර්මිෂ්ඨ නව ක්‍රමයේ ආශීර්වාද භුක්ති විඳීමට ප්‍රස්තාව උදා වේ.—2 පේතෘස් 3:13; එළිදරව් 21:3, 4.
[22වන පිටුවේ පින්තූර]
බොහෝදෙනෙක් භූතවාදයට සම්බන්ධ නැති ශාරීරික ව්‍යායාම්වල නිරත වී සිටිති