පාඨකයන්ගෙන් ප්‍රශ්න
පාඨකයන්ගෙන් ප්‍රශ්න
දෙමව්පියන් දෙදෙනාගෙන් එක්කෙනෙකු පමණක් යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු වන අවස්ථාවලදී දරුවන් පුහුණු කිරීම සම්බන්ධයෙන් ශුද්ධ ලියවිල්ලේ සපයන්නේ කුමනාකාරයේ මඟ පෙන්වීමක්ද?
දෙමව්පියන් දෙදෙනාගෙන් එක්කෙනෙකු පමණක් යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු නම්, දරුවන් පුහුණු කිරීමේදී මූලිකවම අදාළ වන ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්ති දෙකක් වේ. පළමුවැන්න නම් “මනුෂ්‍යයන්ට වඩා දෙවිට අප විසින් කීකරු විය යුතුයි” යන්නය. (ක්‍රියා 5:29) දෙවැන්න නම් “ක්‍රිස්තුස් සභාවේ හිසව සිටින්නා සේම පුරුෂයාත් භාර්යාවගේ හිසව සිටියි” යන්නයි. (එපීස 5:23) දෙවෙනි ප්‍රතිපත්තිය අදාළ වන්නේ සාක්ෂිකාර පුරුෂයන් සිටින භාර්යාවන්ට පමණක් නොව ඇදහිල්ලේ නැති පුරුෂයන් ඇති භාර්යාවන්ටද එලෙසින්ම අදාළ වේ. (1 පේතෘස් 3:1, 2) සාක්ෂිකාර දෙමාපියෙකු ඔහුගේ හෝ ඇයගේ දරුවා පුහුණු කිරීමේදී මෙම ප්‍රතිපත්තිය සමබරව අදාළ කරගන්නේ කෙසේද?
ස්වාමිපුරුෂයා යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු නම් පවුලට අවශ්‍ය ආත්මික හා ශාරීරික අවශ්‍යතා සපුරාලීම ඔහුගේ වගකීමයි. (1 තිමෝති 5:8) දවසේ වැඩි වේලාවක් ඇදහිල්ලේ නොමැති මව සමඟ දරුවන් කාලය ගත කළද දරුවන්ව නිවසේදී ආත්මික කාරණා සම්බන්ධව පුහුණු කිරීමටත්, ක්‍රිස්තියානි රැස්වීම්වලට රැගෙන යෑමටත් සාක්ෂිකාර පියා වගබලා ගත යුතුයි. රැස්වීම්වලදී දරුවන්ට උසස් සදාචාරමය ප්‍රමිති ඉගෙනගැනීමට හැකි වන අතර හිතකර ආශ්‍රයක් භුක්ති විඳීමටද අවස්ථාව සැලසේ.
නමුත් ඇදහිල්ලේ නොමැති භාර්යාව දරුවන්ව තමන් නමස්කාර කරන ස්ථානයට ගෙන යා යුතුයයි බල කර සිටිනවා නම් හෝ ඇගේ විශ්වාසයන් දරුවන්ට උගන්වනවා නම් කුමක් කිව හැකිද? එම රටේ නීතියට අනුව ඇයට එසේ කිරීමට අයිතිය ලැබෙනවා විය හැකියි. දරුවන් එම ස්ථානවලදී නමස්කාර කිරීමට පෙලඹෙනවාද නැද්ද යන්න රඳා පවතින්නේ පියා ඔවුන්ට දෙන ගුණාත්මක ආත්මික පෝෂණය මතයි. දරුවන් වයසින් මුහුකුරා යනවිට පියා විසින් දෙන ලද ශුද්ධ ලියවිලිමය අධ්‍යාපනය දෙවිගේ වචනය වන සත්‍යයෙහි දිගටම ගමන් කිරීමට ඔවුන්ට උපකාරයක් විය යුතුයි. තමන්ගේ දරුවන් එවැනි ස්ථාවරයක් ගන්නවා දැකීමෙන් ඇදහිල්ලේ සිටින ස්වාමිපුරුෂයා කොතරම් සතුටු වනු ඇද්ද!
මව යෙහෝවාගේ සාක්ෂිකාරියක් නම් ඇය පවුලේ මූලිකත්වයට ගරු කළ යුතු අතර තම දරුවන්ගේ සදාකාලික ශුභ සිද්ධිය ගැනද සැලකිලිමත් විය යුතුයි. (1 කොරින්ති 11:3) බොහෝ අවස්ථාවලදී ඇදහිල්ලේ නැති කලත්‍රයා තම සාක්ෂිකාර භාර්යාව දරුවන්ට යහපත් සදාචාර ගතිපැවතුම් හා ආත්මික අධ්‍යාපනයක් ලබා දීම ගැන විරුද්ධ වන්නේ නැත. මෙවැනි යහපත් දේවල් ඉගෙනගැනීම සඳහා රැස්වීම් උපකාරවත් වේ. තමන්ගේ දරුවන් යෙහෝවාගේ සංවිධානයෙන් ලබන ප්‍රයෝජනවත් අධ්‍යාපනය සම්බන්ධයෙන් තම ස්වාමිපුරුෂයාට ඒත්තුගැන්වීමට සාක්ෂිකාර මවට හැකියි. තවද සදාචාරමය අතින් දවසින් දවස දූෂ්‍ය වන ලෝකයක ජීවත් වන දරුවන්ගේ හදවත්වල බයිබලයේ සඳහන් සදාචාරාත්මක ප්‍රතිපත්ති පැලපදියම් කිරීමෙන් වන යහපත මවට උපායශීලීව පෙන්වා දිය හැක.
කෙසේවෙතත් ඇදහිල්ලේ නැති ස්වාමිපුරුෂයා දරුවන් තමාගේ ආගම පිළිපැදිය යුතුයයි තරයේ කියා සිටිනවා නම් කුමක් කළ හැකිද? සමහර විට දරුවන්ව ඔහු යන ආගමික ස්ථානවලට රැගෙන යෑමට හෝ ඔහු අදහන ආගම ඔවුන්ට ඉගැන්වීමට පුළුවන්. එසේත් නැත්නම් සමහරවිට ස්වාමිපුරුෂයා කිසිම ආගමක් පිළි නොගන්නා නිසා තම දරුවන්ටද කිසිම ආගමික අධ්‍යාපනයක් ලබා දීම අවශ්‍ය නැතැයි කියා තීරණය කිරීමට ඉඩ තිබේ. පවුලේ හිස වශයෙන් පවුල වෙනුවෙන් තීරණ ගැනීමේ මූලික වගකීම ඔහු සතුයි. a
කැප වූ ක්‍රිස්තියානි භාර්යාවක් වශයෙන් තම ස්වාමිපුරුෂයාගේ මූලිකත්වයට ගරු කළ යුතු අතර අපෝස්තුලු පේතෘස් ක්‍රියා 4:19, 20) දරුවන්ගේ ආත්මික ශුභ සිද්ධිය තකා සාක්ෂිකාර මවක් තම දරුවන්ට සදාචාර ප්‍රමිති කියා දීමට අවස්ථාවන් උදා කරගත යුතුයි. යෙහෝවා දෙවි ගැන දන්නා සත්‍යයන් අන් අයට කියා දීමට ඇය වගකීමෙන් බැඳී සිටින්නීය. එසේනම් ඇගේ දරුවන්ද මීට ඇතුළත්. (හිතෝපදේශ 1:8; මතෙව් 28:19, 20) ක්‍රිස්තියානි මවකට මෙවැනි අසීරු කාර්යයකට උර දිය හැක්කේ කෙසේද?
හා යොහන්ගේ ආකල්පයද මතක තබාගත යුතුයි. ඔවුහු කීවේ “අප ඇසූ දුටු දේ ගැන කතා නොකර සිටින්ට අපට නුපුළුවනැයි” කියාය. (උදාහරණයකට දෙවි කෙරෙහි විශ්වාසය තැබීම යන කාරණය ගැන සිතා බලන්න. පුරුෂයාගේ තහනම් නියෝගය නිසා ක්‍රිස්තියානි මවකට මෙවැනි කාරණයක් පහදා දීම සඳහා තම දරුවන් සමඟ බයිබල් පාඩමක් කළ නොහැකියි. මේ හේතුව නිසා යෙහෝවා ගැන දරුවන් සමඟ කතා කිරීමෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතුද? නැත. ඇය මැවුම්කරුවෙකු විශ්වාස කරන බවට ඇගේ දෛනික ජීවිතයෙන් පිළිබිඹු විය යුතුයි. ඇගේ දරුවන්ට මේ විෂය සම්බන්ධව ප්‍රශ්න මතු වනවාට කිසිම සැකයක් නොමැත. තම ආගමික නිදහස ප්‍රයෝජනයට ගනිමින් මැවුම්කරු සම්බන්ධයෙන් ඇගේ විශ්වාසයන් අන්‍යයන්ට මෙන්ම තම දරුවන්ටද කියා දිය යුතුයි. දරුවන් සමඟ බයිබල් පාඩමක් පැවැත්වීමට හා ඔවුන්ව නිතිපතාම රැස්වීම්වලට ගෙන යෑමට නොහැකි වූවද යෙහෝවා දෙවි ගැන දැනුම ලබා දීමට ඇයට හැකියි.—ද්විතීය කථාව 6:7.
සාක්ෂිකාරයෙකු හා ඔහුගේ හෝ ඇයගේ ඇදහිල්ලේ නැති කලත්‍රයා සම්බන්ධව පාවුල් ලීවේ මෙසේයි. “නොඇදහිලිකාර ස්වාමිපුරුෂයා තම භාර්යාව සම්බන්ධයෙන් විශුද්ධ කරනු ලැබ සිටින්නේය. එමෙන්ම, නොඇදහිලිකාර භාර්යාව ඒ සහෝදරයා සම්බන්ධයෙන් විශුද්ධ කරනු ලැබ සිටින්නීය. එසේ නොවන්නේ නම්, ඇත්තෙන්ම ඔබේ දරුවන් අපවිත්‍රව සිටිනවා ඇත. නමුත් දැන් ඔවුන් ශුද්ධය.” (1 කොරින්ති 7:14, NW) යෙහෝවා දෙවි විවාහ බන්ධනය ශුද්ධ ලෙස සලකන්නේ ඇදහිලිවන්ත කලත්‍රයා නිසාය. එසේම දරුවන්ද දෙවිගේ ඇස් ඉදිරියේ ශුද්ධ ලෙස සලකනු ලැබේ. අවසාන තීරණය යෙහෝවා සතු වූවද, ක්‍රිස්තියානි භාර්යාවක් තම දරුවන්ට සත්‍යය අවබෝධ කර දීමට ඇගේ උපරිමය කළ යුතුයි.
දරුවන් වයසින් මුහුකුරා යන විට තම දෙමව්පියන්ගෙන් ලබාගත් තොරතුරුවලට අනුව තීරණ ගැනීම ඔවුන් සතුයි. ඔවුන් යේසුස්ගේ වචනවලට එකඟව ක්‍රියා කළ හැකියි. “මට වඩා පියාටවත් මවුටවත් ස්නේහයක් පෙන්වන්නා මට සුදුසු නැත.” (මතෙව් 10:37, NW) දරුවන්ට තවත් මෙවැනි උපදෙස්ද සපයා දී තිබේ. “දරුවෙනි, නුඹලාගේ දෙමව්පියන්ට ස්වාමීන් තුළ කීකරු වෙන්න.” (එපීස 6:1) බොහෝ යෞවනයෝ සාක්ෂිකාර නොවන දෙමව්පියන්ට කීකරු වෙනවාට වඩා පීඩා හා දුෂ්කරතා මධ්‍යයෙහි ‘දෙවිට කීකරු’ වීමට තීරණය කරති. විරුද්ධවාදිකම් මධ්‍යයෙහි යෙහෝවාට සේවය කිරීමට දරුවන් තීරණය කරන විට මෙය සාක්ෂිකාර මවට හෝ පියාට කොතරම් ප්‍රීතියක් ගෙන දෙයිද!
[පාදසටහන]
a භාර්යාවක සතු නීතිමය අයිතිවාසිකම්වලට අනුව තමන් කැමති ආගමක් ඇදහීමට හා ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වීමට ඇයට අවස්ථාව තිබේ. සමහර අවස්ථාවලදී ස්වාමිපුරුෂයා කුඩා දරුවන්ව බලාගැනීමට අකමැති වන නිසා ප්‍රේමනීය මවක් ලෙස මේ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් දරුවන්වද රැස්වීම්වලට රැගෙන යයි.