Skip to content

පටුනට යන්න

පදක්කමක් දිනාගත් රාජ්‍ය ශාලාව

පදක්කමක් දිනාගත් රාජ්‍ය ශාලාව

රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව

පදක්කමක් දිනාගත් රාජ්‍ය ශාලාව

ෆින්ලන්තයේ පරිසරය පිළිබඳ අමා-ත්‍යාංශය මගින් 2000 වසර “ගෙඋයන් නිර්මාණය කිරීමේ වසර” ලෙස නම් කරන ලදි. මෙහි එක් සංවිධායකයෙක් කියා සිටියේ, “ගෙඋයන් නිර්මාණය කිරීම සම්බන්ධව මෙවන් වසරක් නම් කිරීමට මූලික හේතුව වන්නේ, අපගේ එදිනෙදා ජීවිතයට හා අපගේ සුභසාධනයට හරිත පැහැති වටපිටාවකින් ඇති වන බලපෑම අප සියල්ලන්ටම මතක් කිරීමට” බවයි.

වර්ෂ 2001 ජනවාරි 12දා ෆින්ලන්තයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ගෙඋයන් නිමැවුම් ශිල්පය පිළිබඳ ෆින්ලන්ත සංගමයෙන් ලිපියක් ලැබිණි. මෙම ලිපියෙන් කියා තිබුණේ ටිකුරිලාහි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාව අවට පරිසරය ඉතා උත්කර්ෂවත් අන්දමින් නිර්මාණය කර තිබූ නිසාත් එහි ගෙවත්ත ඉතා මනරම් අන්දමින් පිළිවෙළකට සකස් කොට තිබූ නිසාත් වර්ෂයේ හොඳම ගෙඋයන් නිර්මාණය සඳහා වූ පදක්කමක් එම රාජ්‍ය ශාලාවට ලැබී තිබෙන බවයි. “වසන්ත සහ සීත ඍතුවේදී එම ශාලාවේ ගෙවත්තේ සාමාන්‍ය පෙනුම නිර්මාණශීලීව, ඉතා අලංකාරව හා උසස් තත්වයෙන් පැවති” බව එම ලිපියේ වැඩිදුරටත් පවසා තිබුණි.

ෆින්ලන්තයේ ටෙම්පරේහි රොසෙන්ඩාල් හෝටලයේදී ඒ සඳහා වූ පදක්කම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට පිරිනමන ලද අතර, ඊට වෘත්තිකයයෝ හා ව්‍යාපාරිකයෝ 400ක් පමණ සහභාගි වූහ. ෆින්ලන්තයේ ගෙඋයන් නිර්මාණ ශිල්පය පිළිබඳ ෆින්ලන්ත සංගමය නිකුත් කරන ලද පුවත් වාර්තාවක මෙසේ කියැවිණි. “රටේ විවිධ පළාත්වල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවල් සෑමවිටම ඉතා අලංකාර ලෙස සැලසුම් කර තිබේ. ඒ අසලින් යන එන ඕනෑම කෙනෙකුගේ සිත් ඊට ඇදී යයි. ටිකුරිලාහි රාජ්‍ය ශාලාව විශිෂ්ට ගණයේ බිමකට කදිම උදාහරණයකි. එම ගොඩනැඟිල්ල සහ ඒ අවට විශාල වත්ත ඉතා කදිමට ගැළපෙයි.”

ෆින්ලන්තයේ තිබෙන රාජ්‍ය ශාලා 233න් බොහොමයක් වට වී ඇත්තේ ඉතා අලංකාර ගෙවත්තකිනි. කෙසේවෙතත් මෙම ස්ථාන සැබවින්ම අලංකාර වන්නේ ඒවා සැබෑ නමස්කාරයේත් බයිබල් අධ්‍යාපනයේත් මධ්‍යස්ථාන වන නිසාය. ලොව පුරා වෙසෙන මිලියන හයකට වඩා වැඩි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට රාජ්‍ය ශාලාවක් විසිතුරු ලෙස හෝ චාම් ලෙස ගොඩනඟා තිබුණත් එය ප්‍රිය මනාප දැකුම්කලු ස්ථානයකි. ඔවුන් ඉතා උනන්දුවෙන් ඒවා බලාගෙන, නඩත්තු කරන්නේ ඒ නිසයි. ඔබේ ප්‍රදේශයේ සිටින සියල්ලන්ට රාජ්‍ය ශාලාවේ දොරටු විවෘතය!