Skip to content

පටුනට යන්න

ඇගේ නොපසුබට උත්සාහයට ආශීර්වාද ලැබී

ඇගේ නොපසුබට උත්සාහයට ආශීර්වාද ලැබී

ඇගේ නොපසුබට උත්සාහයට ආශීර්වාද ලැබී

අවංක හෘද ඇති බොහෝදෙනෙකු කැමැත්තක් දක්වන්නේ තම ප්‍රේමණීයයන් දෙවි ගැන ඉගෙනගෙන සන්තෝෂවත් ජීවිතයක් ගත කරනවා දැකීමටයි. යමෙකු දෙවිට කැප වන විට එම තැනැත්තාගේ නැණවත් තීරණයට, වෙනත් අය, එනම් බාල මෙන්ම මහලු අයඔවුන්ගේ හැසිරීම තුළින් දායක වී තිබිය හැකියි. මෙක්සිකෝවේ නව යොවුන් දැරියක වූ කෙයාරීම් එවැනි කෙනෙකි. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ විශේෂ එක්රැස්වීම් දිනයකදී ඇය එහි සිටි සහෝදරයන්ට මෙම ලිපිය භාර දුන්නාය.

“මගේ ප්‍රීතිය හා සතුට ඔබ සමඟ බෙදාගන්න මං කැමතියි. හේතුව පවසන්නම්. මගේ දෙමාපියන් සත්‍යය ඉගෙනගෙන තිබෙන්නේ මීට වසර 18කට පෙර මම ඉපදෙන්නත් කලින්. මගේ අම්මා සත්‍යයේ දියුණු වුණා. ඊට පස්සේ මගේ මල්ලි හා මමත් දියුණුවක් ලැබුවා. මගේ තාත්තටත් ජීවනයට යන මාවතට පිවිසෙන්න සලස්වන්න කියලා අපි එක්ව යෙහෝවාට යාච්ඤා කළා. දැන් අවුරුදු 18ක් ගත වෙලා තිබෙන අතර අදදින අපට ඉතා විශේෂ දවසක්. මගේ තාත්තා බව්තීස්ම වෙනවා. හුඟ කලක් බලා සිටි මේ මොහොත එළඹීමට පෙර අවසානය නොගෙනා එක ගැන මම යෙහෝවාට ස්තුතිවන්ත වෙමි. ස්තුතියි, යෙහෝවා!”

වසර ගණනාවක් පුරා මෙම යොවුන් දැරිවියගේ පවුලේ සාමාජිකයන්ගේ මනස් තුළ 1 පේතෘස් 3:​1, 2හි අන්තර්ගත ආනුභාවය ලත් අවවාදය තිබූ බවට සැකයක් නැත. එහි මෙසේ පැවසේ. “භාර්යාවරුනි, නුඹලාගේ පුරුෂයන්ගෙන් සමහරෙක් වචනයට අකීකරුව සිටිතත්, ඔවුන් නුඹලාගේ පිරිසිදු වූ යටහත් හැසිරීම දුටුවාම වචනය නැතුව භාර්යාවන්ගේ හැසිරීම කරණකොටගෙන දිනාගන්නා පිණිස, ඔවුන්ට යටත් වෙන්න.” එමෙන්ම යොවුන් කෙයාරීම් ද්විතීය කථාව 5:​16හි වදන් ඇත්තෙන්ම අදාළ කරගත්තා. “නුඹේ දෙවි වූ යෙහෝවා නුඹට අණ කළ ලෙස නුඹේ පියාටද නුඹේ මවුටද ගෞරව කරව.” එවැනි ප්‍රතිපත්ති අදාළ කරගනිමින් ඉවසිලිවන්තව යෙහෝවා කෙරෙහි රඳා සිටීමෙන් ඇත්තෙන්ම කෙයාරීම්ට හා ඇගේ පවුලේ සාමාජිකයන්ට ආශීර්වාද ලැබිණ.