ඝාතනය කරනු ලැබූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව අනුස්මරණය කෙරේ
ඝාතනය කරනු ලැබූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව අනුස්මරණය කෙරේ
වර්ෂ 2002 මාර්තු 7වන දින බටහිර හංගේරියාවේ කොර්මෙන්ඩ් නගරයේදී පලකයක් විවෘත කරනු ලැබීය. එමගින් සමරන ලද්දේ 1945දී නාට්සිවරුන් විසින් ඝාතනය කරනු ලැබූ යෙහෝවාගේ සාක්ෂිකරුවන් තිදෙනෙකුවයි.
මෙම පලකය සවි කර තිබෙන්නේ හුන්යාඩි මාර්ගයෙහි පිහිටා ඇති ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ මූලස්ථානය ලෙස වර්තමානයේ භාවිත කෙරෙන ගොඩනැඟිල්ලේ බිත්තියේයි. ඝාතනය සිදු වූයේ මෙම ස්ථානයේදීයි. මෙම පලකය කැප කළේ, ‘වර්ෂ 1945 මාර්තු මස හමුදා සේවය ප්‍රතික්ෂේප කළ නිසා ඝාතනයට ලක් වූ ක්‍රිස්තියානින්ව සැමරීමටය. ආන්ටාල් හනිච් (1911-1945), බර්ටාලාන් සාබො (1921-1945), ජෑනොෂ් සොන්ඩොර් (1923-1945).’
එම ඝාතනය සිදු කරන ලද්දේ දෙවන ලෝක මහා යුද්ධය අවසන් වීමට මාස දෙකකට පෙරයි. මෙම ක්‍රිස්තියානින්ව ඝාතනය කරනු ලැබුවේ මන්ද? හංගේරියානු පුවත්පතක (Vas Népe) සඳහන් වුණේ මෙවැන්නකි. “හිට්ලර් ජර්මනිය පුරා තම බලය තහවුරු කළ පසු යුදෙව්වරුන්ට පමණක් නොව ඇදහිලිවන්ත යෙහෝවාගේ සාක්ෂිකරුවන්ටත් වධ හිංසා කිරීමට, ගාල් කඳවුරුවල දැමීමට සහ තම විශ්වාසයන් අත් නෑරිය අයව ඝාතනය කිරීමට පවා පියවර ගත්තේය. . . . වර්ෂ 1945 මාර්තු මාසයේදී හංගේරියාවේ බටහිර පළාතේ දරුණු ලෙස භීෂණය රජයමින් තිබුණා. . . . යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව රටින් පිටුවහල් කිරීමත් ඝාතනය කිරීමත් මෙම භීෂණයන්ට ඇතුළත් වුණි.”
පලකය විවෘත කිරීමේ වැඩසටහන කොටස් දෙකකින් සමන්විත විය. පළමුවන අංගය බාට්යන්යි මාළිගාවේ රංග ශාලාව තුළ පැවැත්විණ. එහිදී ආරාධිත කථිකයන් ලෙස බුඩපෙස්ට්ස්හි නාට්සි සමුලඝාතන පිළිබඳ තොරතුරු සපයන මධ්‍යස්ථානයේ ප්‍රධානියා වන මහාචාර්ය සාබොච් සීටා, මානව හිමිකම්, සුළුතර කණ්ඩායම් සහ ආගමික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කමිටු සාමාජික ලස්ලෝ ඩෝනාක් සහ ඝාතනය ඇසින් දුටු එම ගමේ ඉතිහාසඥයෙකු වන කල්මන් කෝම්යාචි සහභාගි විය. නගරාධිපති යෝසෙප් හොනිෆි විසින් පලකය විවෘත කරනු ලබන අවස්ථාව වන වැඩසටහනේ දෙවෙනි අංගයට සහභාගි වීම පිණිස රැස්වීමට පැමිණි සිටි 500කට අධික පිරිස නගරය හරහා පා ගමනින් ගියේය.
ජෑන් සොන්ඩොර් (ජෑනොෂ් සොන්ඩොර්) ලියූ අවසන් ලිපියෙහි තම ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ගෙන් ඔහු අයැද සිටියේ දුක් නොවන ලෙසයි. ඔහු මෙසේ ලියා තිබුණි. “එළිදරව් 2:10 යොහන් ලියපු දේ තවමත් මගේ මනසේ රැඳී තිබෙනවා. එහි කියන්නේ, ‘මරණය දක්වා විශ්වාසවන්තව සිටින්න’ කියායි. . . .මම මැරෙන්නේ සත්‍යය නිසයි. වැරදිකාරයෙක් හැටියට නෙමෙයි. ඒ නිසා ගෙදර ඉන්න අයට දුක් වෙන්න එපා කියන්න.”
[32වන පිටුවේ පින්තූරය]
බර්ටාලාන් සාබො
[32වන පිටුවේ පින්තූරය]
ආන්ටාල් හනිච්
[32වන පිටුවේ පින්තූරය]
ජෑන් සොන්ඩොර්